IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය හෙට සිට කොළඹදී

රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩාංගයේදී හෙට (31) ආරම්භ වේ. තරගාවලිය අපේ‍්‍රල් මස 6 වැනිදා අවසන් වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් කසකස්තානය සහ තායිලන්තය අතර තරගය හෙට පස්වරු 2.00 ට අරම්භ වේ. සත්කාරක ශ්‍රී ලංකා පිල සහ චීන තායිපේ පිල අතර තරගය හෙට (31) පස්වරු 4.00 සිට හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමින් සිටියි. තායිලන්ත සහ චීන තායිපේ යන කණ්ඩායම් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ පුහුණුවීම් ආරම්භ කර ඇති අතර කසකස්තාන් පිල ඊයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියේය.

නොමිලයේ තරග නැරඹීම සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය ප‍්‍රවේශපත් මේ වන විටත් පාසල්වලට යොමු කර ඇති බවත් ප‍්‍රවේශපත් නොලැබුණු පාසල් සිසුන්ට ක‍්‍රීඩාංගණයට පැමිණිමෙන් එය ලබාගත හැකි බවත් තරගාවලියේ උපදේශක ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන අන්තර්ජාතික රග්බි සම්මේලනයේ III කොටසේ පුහුණුකරු සහ විනිසුරු වැඩසහන් මේ වන විට ආරම්භ වී තිබේ.
පාසල් ක‍්‍රීඩකයන් 6200 ක් පුහුණු කිරීමේ වැඩසටහන අද (30) පානදුරේදී ආරම්භ වේ. එය කළුතර, කොළඹ, ගාල්ල, ත‍්‍රිකුණාමලය, යාපනය, අනුරාධපුරය, රුවන්වැල්ල, ඇඹිලිපිටිය, නාවලපිටිය සහ ගම්පහ යන ප‍්‍රාදේශ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.  

 



අදහස් (0)

ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය හෙට සිට කොළඹදී

සිල්වා Saturday, 30 March 2013 02:57 PM

සැපපහසුව කෑකෝ ගහලා ක්‍රීඩාවක් නරඹන්න ඕනෑ නම් තරග තියන්න ඕනෑ කොළඹ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 291 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 218 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 581 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 260 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site