ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ නිලංගා සේනානායක මහත්මිය සමත් වූවාය. ඇය අද දිවයිනට පැමිණියාය.
රටවල් 30 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය මැලේෂියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්විණි.
තරගාවලියේ හොදම නිරූපිකාවට හිමි සම්මානය දිනා ගැනීමටද නිලංගා සමත්වූවාය.
කළුතර පදිංචිව සිටින නිලංගා 32 හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනෙකුගේ මවකි. ඇය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිත් නුලක් එහෙම බැදලා ඉන්නේ. ලිං ගෙම්බෝ බලන්නේ ගවුම කොට එක දිහා. සරල කෙනා විතරයි දකින්නේ ලස්සන (නි)
මුද්ද දැම්මොත් බැඳලා කියලා දැනගන්නවනේ.(නදී)
කොට ගවුමක් නිසා පළාත් සභා මන්ත්‍රී රිමාන්ඩ් වුනා. නුඹේ ගවුම දුටවානම් ඉවරයි කෙල්ලේ.(නදී)
ලෝකේ මෙයාට වැඩිය ලස්සන ගැණු ඇත්තේම නැද්ද ?(නදී)
කළු වුනාට දැකුම්කලුයි හරියට මං වගේ. රටට ආඩම්බරයි නමුත් අපේ සංස්කෘතියට මේ වගේ දේවල් ගැලපෙනවද? තරහ වෙන්න එපා මම අහපු දේ හරිද වැරදිද කියල මට බැනල හරි ලියන්න පුළුවන්! (දී)
ඔබට උණුසුම් සුභපැතුම් (දී)
ලංකාවත් දැන් ඉන්දියන් වෙලා ඉවරයි.ඉන්දියාවට ඕනෑ දේ කරලා,ඉතිහාසයත් අපිට අමතක කරලා.පුංචි රෙදි කෑල්ලක් ඇදපු අපිට දැන් රෙදි මීටර් 6ක් ඕනෑ. (නි)
කොට ගවුම ලංකාව වැනි උෂ්ණ රටකට ඉතාම හොදයි.සාරිය අපිට අයිති නැත. නිතර දහඩිය දමන නිසා ගොඩක් රෙදි ඇන්දම හොද නැහැ (නි)
අම්ම කෙනෙක්ගේ මුහුණ තියෙනවා. ලස්සනත් තිබෙනවා. සාරියක් හෝ ඔසරියක් හෝ දිග ගවුමක් ඇන්දා නම් වටිනාකම කියන්න බැහැ. (නි)
ලස්සන නම් නැහැ පෙනෙන්නේ - ඉස්සර වගේමයි හිතෙන්නේ (නි)
පිරිත් නුලත් බැදගෙනද තරඟයට හිටියේ? (නි)
දැක්කම ආසා හිතෙනවා මටත් (නි)
මීට කලින් ඔයාලා මේවා දැකලා නැත්ද? නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න.(නදී)
තව සේනානායක කෙනෙක් දිනුවා. හෙට අනිද්දා මෙගා නාට්‍යයකට ආරාදනා ලැබේවි (නි)
සුභපතනවා ඔබට
ඔබ හරි ලස්සනයි. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. (ත)
ලංකාවේ දරු දෙදෙනෙකුගේ මවක් ඇඳගෙන ඉන්න හැටිද මේ? මේවා සිංහල බෞද්ධ සංස්කෘතියට සම්පුර්ණයෙන්ම පටහැනියි. හරිනම් මෙයා ඇදගෙන ඉන්න තිබ්බේ එක්කෝ සාරියක්, නැත්තන් රෙද්දෙයි හැට්ටෙයි. (නි)
නංගි, දැන් ඔබ වඩාත් නිහතමානී වෙන්න. ලස්සන තව දුරටත් රැකගන්න බලන්න. (නි)
ෆස්රුල් ගෆූර්, ඔසරි අඳින්නේ ගුරුවරියෝ විතරක් නොවෙයි. ගුරුවරියෝ අඳින්නේ රැකියාවට යන්න සුදුසු ඔසරි. රජයේ සේවය කරන මම වගේ ගොඩක් කාන්තාවෝ සාරි ඔසරි තමා අඳින්නේ. ගෙදරට ඔසරි අඳින මම වගේ කිහිප දෙනා චීත්ත හෝ තුනී රෙදිවලිනුයි ගෙදරදී ඔසරි අඳින්නේ. උත්සව අවස්ථාවලට සුදුසු ඔසරි වෙනයි. ඒවා මිල අධිකයි. මේ අවස්ථාවට ගැලපෙන්නේ එහෙම ඔසරියක්. ජාතික ක්‍රිකට් කාන්තා කණ්ඩායම රට යද්දී එද්දී ඔසරි අඳින්නේ ඇයි ක්‍රීඩා ඇඳුම අඳින් නැතුව. කොට ගවුමක් ඇන්දා කියල ගැනියක් රූප සුන්දරියක් වගේ පෙනෙනවානම් මහපාරේ දාස් ගානක් රූ රැජිනල ඉන්නවා. මෙයා වුනත් රූ රැජින කියල නොකිය ඡයාරූපය විතරක් දැක්කනාම් සාටකය නැතුව මෙයා රූ රැජිනක් වගේ පෙනෙනවද? ඔබට ඔසරි ගැන අවබෝදයක් නැති එක සාධාරණයි, ඔබේ කාන්තාවන් අබායා අඳින නිසා.(නදී)
ඉරිසියාකාරයෝ කියන ඒවා ඔයා ගනන් ගන්න එපා. ඔය කෙල්ලෝ ඉරිසියාවට ඔහොම කියන්නේ. ඔයාට මගෙන් සුභ පැතුම්.(නදී)
මොන ලස්සනක්ද ? අපරාදේ මම ඔය තරගේ ගැන දැනගන හිටියේ නැහැ නේ. (අ)
මේ කුමාරිහාමි, ගෙදරට ඔසරිය ඇදගන ඉන්න හැමෝටම බැහැ. රෙදි යාර 6 කින් ඔසරිය අදිනකොට, ගවුම් 3 ක් මසාගන්න පුළුවන්.රැකියාවට යනකොට අනිවාර්යන්ම සාරිය, ඔසරිය අදින එක වැදගත්. තමන්ගේ රටේ ගෞරවය තියන්න නම් රට නියෝජනය කරන අවස්ථාවක සිංහල ඇදුම අදින එක රටට ගෞරවයක්.ක්‍රීඩිකාවෝ පවා රටකට යද්දී ඔසරිය,සාරිය ඇදගන යනවා දැකලා තියනවා. (නි)
ගවුම දිගට ඇන්දා නම් කවදාවත් එයාට දිනන්න බැරිවේවි. ඒකය් මොඩ්ලින් නීතිය.ජාත්‍යන්තර නීතියට අනුව ඔය තැනට එන්නට අදියර දෙක තුනක්ම තියෙනෙවා,එහෙව් එකේ ඔය ඇඳලා තියෙන කොටක් ගැන කතාකරනවා . (නි)
උසට අදින්න ඕනිනම් ඉන්දියාවට යන්න පුලුවන්. මේක ලංකාව. තෙතමනය තියෙන රටක් ,රෙදිගොඩක් ගන්න ගොඩක් මුදල් වියදම් කරන වෙලාවේ කොට ගවුමක් ඇදලා ඒ වැඩේ කරගන්න පුලුවන්නම් මුදලුත් ඉතුරුයි. අදින්න යන වෙලාවත් ඉතුරුයි ලස්සනත් හොදයි. ඇඟ වැහෙන්න අඳින්න නීති රීති දැම්මේ වික්ටෝරියා රැජිනිය. මම නම් ලංකාවේ ඉන්නේ අමුඩේ ගහගෙන තමයි.(නදී)
නියමයි!(නදී)
හරියට මීට කලින් කොට ගවුම් ඇන්ද කෙල්ලෝ දැකලා නැහැ වගේනේ කට්ටියගේ කතාව (නි)
මාටින්,ගවුම ඇන්දත් උයද්දී දාඩිය දානවනේ. කඩේ උයන අයටත් දාඩිය දානවනේ.ඉව්වට කන්න හිතෙන් නැත්තම් ඔබේ නෝනට සාරිය වෙනුවට මේ නංගි වගේ ඇදලා උයන්න නොකියන්නේ ඇයි? කඩෙන් කන්න ආසා නිසා නේද? නෝනව නාවන්න.එතකොට ගද යයි. නමුත් එයාට අපහාස කරන්න එපා. මම ඔබේ නෝනව අගය කරනවා ගෙදරට ඔසරි අඳින කෙනෙක් හැටියට. මේ නංගිගේ වගේ තියා එක ගවුමක්වත් මට නැහැ. සැමියා මම ගවුම් අඳිනවට අකමැතියි.මම ගවුමක් ඇදලා උයන්න ගියොත්නම් එයා කඩෙන් කයි. (නි)
ඔබට සුභ පැතුම්! (නි)
මදැයි මෙයා මෙහෙම හරි ඇදගෙන ආවා හෙළුවෙන් එන්නේ නැතිව. ලංකාවේ සමහර රුපවාහිනී වල පෙන්නපු තරග වල කුමාරියෝ කොහොමද හිටියේ.(නදී)
අනේ කුමාරිහාමි, එයාට එහෙම හොද නම් ඔයාට මොකෝ. අපේ නෝනත් සාරි ඇදගෙන උයන්නේ හවසට හරිම ගදයි දාඩිය දානවනේ. ඉව්වට කන්න හිතෙන් නෑ. ඔයත් නිකන් සාරිය වෙනුවට මේ නංගි වගේ ඇදලා උයන්න බලන්න. මහත්තයා ආයේ ජීවිතේට කඩෙන් කන එකක් නැහැ.(නදී)
කුමාරි හාමි, මෙයා රූ රැජින තරගයට සහභාගී වෙලා ලංකාවට ආවේ. එහෙදි වෙන වෙන ඇඳුම් ඇදලා මුළු ආසියාවම බැලුවා. ලංකාවට එනකොට ඔසරි ඇඳගෙන ආවොත් මෙයාව අපිට පේන්නේ රූ රැජිනක් වගේ නොවේ කොහේ හරි ගොඩේ පාසලක ගුරුවරියක් හැටියට. කියන කියන හැම දෙයක්ම යථාර්තයට ගැලපෙන්නේ නැහැ. (නි)
අනේ මන්දා මගේ පෙනීමේ අවුලක්ද කියලා. මම කන්නාඩි දෙකකුත් දානවා. හොඳටම පේනවා.නමුත් ඔය කියන තරම් ලස්සනක් මට පෙනෙන්නේ නැහැ.කොහොම වුනත් මගේ පවුල ඊට වඩා පෙනුමක් තියෙනවා කියලා මට හිතෙනවා(නි)
කොට ගවුම් ඇන්ඳාට සමාජයට හෝ සංස්කෘතියට , සදාචාරයට කිසිදු හානියක් වෙන්නේ නැත.(නි)
රෝසි ලෝක රූ රැජින. මෙයා ආසියා රූ රැජින. ආසියා රූ රැජිනට වඩා ලෝක රූ රැජින ලස්සන වෙන්නම ඕනෑනේ.(නි)
මෙවර තරගයට රෝසි ගියා නම් ආයේ දෙකක් නැහැ, එයා පළවැනියා(නි)
බණ්ඩාර, ඔබ නියම බණ්ඩාර කෙනෙක් නම් කොට ගවුම් හොඳයි කියන්නේ නැහැ. සාරිය අපිට අයිති නැතත් ඔසරිය අයිතියි. උෂ්ණ හෝ සීත කාලවලට ගැලපෙන රෙදි වර්ග තියෙනවා. ඒවායින් ඔසරි ඇන්දාම අපහසුවක් නැහැ. මම අවුරුද්ද පුරාම ඔසරිය ඇඳගෙන පාරේ යනවා රස්සාව කරනවා ලිප ළඟ උයනවා වත්තේ වැඩත් කරනවා. මට නම් උෂ්ණය ප්‍රශ්නයක් වෙලා නැහැ. අනික ඔසරි පොටෙන් දාඩිය පිහදගන්නත් පුළුවන්. ඉතිහාසය බැලුවොත් හැම රටේම මිනිසා පළමුව නිරුවතින් හිටියේ. ඇඳුම් හා ජාතික ඇඳුම් නිර්මාණය වුනේ පසුකාලීනව. එහෙම කියලා දැන් නිරුවතින් ඉන්න බැහැනේ.රූ රැජින තරගෙට නාන ඇඳුම් අඳින්න ඕනෑ.එහෙත් රට නියෝජනය කරලා එද්දී ඔසරියක් ඇන්දා නම් හොඳයි. (නි)
අනෙක් කෙනා ඔයාගේ අම්මාද ? එතකොට කෝ මහත්තයා.(නදී)
මහත්තයා තමා සේනක ෆොටෝ එක ගත්තේ.(නදී)
සේනක , මයියොක්කා ගත්තා නම් පාඩුවේ ඉන්නවද ? වත්තේ දිග පළල මනින්නේ නැතුව.(නදී)
මීට වඩා ලස්සන ගැහැණු සිටියත් ඔවුන්ට තරගයට ඉදිරිපත් වීමට පවුල් වලින් හෝ සැමියන් ඉඩ දෙන්නේ නැත. මෙයාගේ සැමියා ඊර්ෂ්‍යාව නැති බිරිඳගේ දියුණුවට අත දෙන කෙනෙකි. ඔහු අගය කළ යුතුය. එහෙත් තරගයට මොනවා ඇන්දත් ආපසු එනවිට ඔසරිය ඇඳ කොණ්ඩේ බැඳගෙන ආවානම් අපිට සතුටුයි, රට නියෝජනය කළ කෙනෙක් හැටියට. (නි)
මුණ ලස්සනයි (නි)
ඔය හරිම ලස්සනයි,නංගියෝ.අපේ රටටම ආඩම්බරයක්. හැබැයි ,ඔයා නම් ආඩම්බර වෙන්න එපා හොදේ. මගේ හදපිරි සුබ පැතුම් මල් මිටක් ඔබට මෙසේ පුදමි. (නි)
මොකද ඔයාලා කොට ගවුමට මේ හැටි බය? අපේ කාලේ අපි ඇන්දේ මිනිගවුම. ඔබේ සිහින් රුව ඔය ලෙසම තබාගන්න. (නි)
රුපය,ප්‍රසිද්ධිය විනාශයට මුල වෙන්න පුළුවන්. කල්පනාවෙන් කටයුතු කරන්න. පුළුවන් තරම් නිහතමානී වෙන්න (නි)
මට වයස 29ක්. එම නිසා මම හිතුව අක්කි කිව්වොත් හරි කියලා. ළමයින් දෙන්නෙක් ඉන්න අපේ සුන්දරිගේ වයස පෙනෙන්නේ නැහැ. සමහර විට මට වඩා ොලද දන්නේ නැහැ. මටත් කවදා ලැබේද මේ වගේ සුන්දරියක කසාද බඳින්න? අහෝ දෙවියනි මා වෙත බැල්ම හෙලනු මැනවි! (නි)
ලස්සන අක්කි, සුබ පතනවා! (නි)
බලාගෙන අර මන්ත්‍රී ආවොත් දණ ගස්සයි.(නදී)
හා හා ධම්මික, ඔයා අක්කි කියන්නේ ඔයාට වයස කීයද ?(නදී)
ඇස් වහක් කටවහක් නැහැ කිව්වට ඔයා ලස්සනයි අක්කි. දරුවන් දෙන්නෙක් ඉන්නවා කියල හිතන්න බැහැ. ඔබට සුභ පතමි.(නදී)
මේ වගේ තරගේකට ගියාම ලංකාවට ගැලපෙන ඇඳුම් අඳින්න බැහැ. අනික මේ 1948 නෙවේයි.(නදී)
නිලංගා සේනානායක , රෝසි සේනානයක , නම් දෙක එක සමාන වුවත් ,කීවට මොකුත් හිතන්න නම් එපා නංගී ,රෝසි තරම් ලස්සන නම් ටිකක් මදි වගේ මට පෙනෙනෙන විධියට ! (අ)
ඔබගේ ගවූම බැඳපු ගැහැනියකට ගැලපෙන්නේ නැහැ නොවේද? ගවුම දිගට අන්දලා ලස්සනට ගියානම් අපේ රටට කොච්චර හොඳද? (නදී)
අක්කේ ඔබ හරිම ලස්සනයි. ඉතින් අපි සුබ අතනවා අක්කේ. බැරි වෙලා හරි ඔබ රග පාන්න හරි ඡන්දෙ ඉල්ලන්න නම් යන්න එපා. ශ්‍රිලංකාවේ ඔබේ අනාගතේ සුබ වේවා!(නදී)
එල්.බී.ඩබ්ලිව් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙයි බලාගෙන. (ත)
ඔයා විවාහක නිසා සැමියා ගැනත් ටිකක් දැනගන්න තිබුනා නම් අපි කැමතියි (නි)
දැන් පිටරට මිනිස්සු හිතයි මේ රටේ මේ වගේ ලස්සන ගෑනු තමයි ඉන්නේ කියලා. හැබැයි ඇත්ත කතාව තමයි, මේ වගේ ලංකාවේ ඉන්නේ ලක්ෂෙකට එකයි. ලංකවේ අති මහත් බහුතරය කලුයි, කැතයි, කොටයි. (නි)
මට නම් ඇත්තටම ලස්සන නැහැ.... (නි)
ඔයා ලංකාවට ආඩම්බරයක් එම ගරුත්තවය දිගටම තියා ගන්න දේශපාලනයට යන්න එපා.(අ)
විවාහක කාන්තාවක් හැටියට අතේ මුද්දත් තිබුනන් නේද වඩා හොඳ. (ත)
කිවත් වගේ අපි දැන් 2013නේ. ඒත් අපි ශ්‍රී ලාංකීයකම නැති නොකර ගනිමු (නි)
ආඩම්බරයි මුළු ලංකාවටම (නි)
මේවා ලංකාවට ඕනෑද? මම අහන්නේ බුදුන් වැඩිය රටට ඕනෑද? බුදුන් ඉපදිච්ච රටට ඕනෑ ඇති.ඒත් අපිට මොකටද? (නි)
රෝසි තරම්ම නම් ලස්සන නැහැ. ඒත් මෙයත් ලස්සනයි (නි)
ෂා ලස්සනයිනේ අනේ. (ත)
සංජිව ඔබ හරි. ලිං මැඩියෝ අගය කිරීමක් දන්නෙ නැහැ. (නි)
මට නම් ඔය කියන තරම් ලස්සනක් නැහැ (නි)
ඔය මාර උසයිනේ. ඒ හින්දා ලංකාවේ ගවුම් ඔයාට කොටයි වගේ මට නම් පෙනෙන්නේ. ඔයා නම් ඇත්තටම හැඩයි.(නදී)
ගවුම දිගට අදින්න කියලා දණ ගහන්න වෙයිද කියලයි බය! (නි)
නුඹ හරිම ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ... (නි)
කැතේ උපත (අ)
දැන් අපේ රටේ ඉන්නන ලින් මැඩියෝ ටික මෙයාට ඔසරි අන්දන්න කතා කරනවා . (අ)
ඇයට 'නැචුරල් ලූක්' එකක් තියෙන්නේ. ඔයාට සුබ අනාගතයක්! (නි)