(යොහාන් භාසුර)
ආනයනය තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය නීති විරෝධීව මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් එම තහනම් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් එසේ නොවුණ හොත් ජනතාවට තව දුරටත් වැඩි මිලට ආනයනික ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවන බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා පැවසීය.
දේශිය නිෂ්පාදනය වැඩි කිරීමට යැයි පවසමින් 2019 වසරේ නොවැම්බර් මස ඉන්දියාවෙන් මුංඇට, කහ, උඳු සහ කව්පි ආදි ආහාර ද්‍රව්‍ය කීපයක් ආනයනය අත්හිටුවූ බව කී පැරකුම් අබේසේකර මහතා එය එසේ වුවද නීති විරෝධීව එම ආහාර ද්‍රව්‍ය ටොන් ගණනනින් රට තුළට පැමිණීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වන බව ද සඳහන් කළේය.
මෙරට වෙළෙඳපොල තුළ මේ වන විට ඇති මුංඇට, කහ, උඳු සහ කව්පි ආදි අහාර ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් මෙරට නිෂ්පාදනය කළ ඒවා නොවන බවත් උත්සව සමයට අවශ්‍ය මුංඇට මිල අහස උසට ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ආහාර ද්‍රව්‍ය ආනයන තහනම ඉවත් කරන්න
de silva Saturday, 01 April 2023 11:10 AM
නිදහස් වෙළඳපොළ නැතුව කර්මාන්ත දියුණු කරන්න බැහැ.
රටවැසියා Saturday, 01 April 2023 11:12 AM
මේ මිනිස්සු තමයි රටේ දියුණුවට කටයුතු කරන්නෙ කියලා කියන්න පුළුවන් ඇත්තටම ගෝටාගේ කටයුතු අබමල් රේණුවක තරමට වත් වැඩක් නැහැ කියන්න පුළුවන් වුනත් මේ වනවිට ලංකාවෙ කහ වගාව සාර්ථකයි කියන්න පුළුවන් සිරිමාවෝ මැතිණිය ආණ්ඩුව කරද්දී රතුලූනු ආනයනය තහනම් කලා දැන් එහි සාර්තකත්වය පේනවා ඇත්තටම කරන්න ඕන හොරට ගේනවා කියන දේවල් රාජසංතක කර රෝහල් ආදියට දෙන්න ඕන වැඩිපුර තිබේනම් වෙන්දේසියේ විකුණා රජයට ආදායම් ගන්න ඕන කොහොම වුනත් දැනට පනවා ඇති තහනම් කිරීම් ඉදිරියටත් පවත්වා ගතහොත් ඉතාමත් හොදයි.
fairoosSunday, 02 April 2023 04:57 PM
අනේ ඔව් ගොඨාබේ ෆේල් නැහැ පාස්. රටට මෙච්චර වෙලත් කාලකන්නි තවත් කඩේ යන්නෙ රට විනාශ කරපු එව්වොන්ටමයි.
දන්න නිසා කියන්නෙ Saturday, 01 April 2023 11:15 AM
පගාවක් දුන්නොත් ඕන තහනම් දෙයක් ගෙනෙන්න පුලුවං.
LallaSunday, 02 April 2023 06:01 AM
ඒක ඇත්ත... කීයක් හරි නොදී නීත්‍යානුකූලව ගේන දෙයක්වත් නිදහස් කරගන්න නොදෙන අපේ රේගුව සහ වරායේ කට්ටිය පුනරුත්ථාපනය නොකර මේ රට ගොඩනගන්න බෑ.