බියගම නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇගළුම් ආයතනයක සේවක කළ සේවකයකු එහි යන්ත්‍ර අලුත් වැඩියා කරමින් සිටියදී යන්ත්‍රයට හසු වී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
සිද්ධීයෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
බියගම නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇගළුම් ආයතනයක සේවක කළ සේවකයකු එහි යන්ත්‍ර අලුත් වැඩියා කරමින් සිටියදී යන්ත්‍රයට හසු වී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
සිද්ධීයෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ලේ කව්ද දන්නේ නැහැ නේද? එයාගේ නමවත් දන්නව නම් දාන්න.(නදී)
ඉතාමත් කණගාටුදායක සිද්ධියක්(දිල්)
කණගාටුයි! පළමුවැනි රස්සාව වෙන්නැති (දිල්)
අප විසින් පලකළ යුත්තේ කනගාටුව නොවෙයි විරෝධය. ලෝකයේ වැඩිම කාර්මික අනතුරු වෙන්නේ ශ්‍රී ලංකාවේ. හේතුව අනතුරු වැළැක්වීමට ගත යුතු පියවරවල් ගැනීමට කර්මාන්ත කරුවන්ට බල නොකිරීමයි. (ත)
අහිංසක දෙමාපියන් මේ දුක කොහොම ඉවසන්නද මන්දා.(නදී)
මම හිතනවා වෙළඳ කලාපේ වෙන්ඩ ඇති ඕනේ මේක සිද්ද උනේ. මේක එක සිද්දියක්. මම දන්නා වෙළඳ කලාපේ එක ආයතනයක බබාල හම්බ වෙන්ට හිටපු ළමයි ගනනාවගේ බබාලව ගබ්සා උණා. පස්සේ හොයා ගත්ත හේතුව.යන්ත්‍ර වල රස්නෙට මේක උනේ. මොටරේ තියෙන්නේ බඩට කිට්ටුව. නමුත් ආයතනය කීවේ වෙන හේතුවක්. අවසානේ වහල යන්ට සිද්ද උණා. කිසිම ආයතනයක් වැඩ කරන අයගේ ආරක්ෂාව හොයන්නේ නැහැ. සම්පුර්න වැරැද්ද ආයතනයේ. කාටද මේවා කියන්නේ. (නදී)
අනේ පව් අහිංසකයා. ජීවිතේ පටන් ගත්තා විතර වෙන්න ඇති.(නදී)
අහංසක දරුවෙක්නේ. (ත)
අනතුරුවලට හේතු පුද්ගල නොසැලකිල්ල සහ ආයතනවල ආරක්ෂක ක්‍රම වේදයක් නොපැවැත්වීම.(නදී)
කෝ....හෙල්ත් ඇන්ඩ් සේෆ්ට් තිබුනා නම් මෙහෙම වනවාද? අහිංසක ජීවිතයකට ගෙදර අයට කාගේ පිහිටක්ද? (නදී)
දියුණු රටකදී මේ අනතුර සිදුවුවා නම් ආයතනයේ හිමිකරුට මහා විශාල දඩයකටත් යටත්ව, සමහර විට හිරේ විලංගුවෙත් සිටින්නට සිදු වේවි. එම රටවල තේමාව වන්නේ සියල්ලට පෙර සේවකයන්ගේ ආරක්ෂාව. .හරිම කනගාටු දායක පුවතක්.(නදී)
ඇඟලුම් යන්ත්‍රයකට හසුවී මිය යයි කියා සිතන්නත් අමාරුයි. ඇත්තටම මොකක්ද ඔය යන්ත්‍රය.(නදී)
මෙතැනදී යන්ත්‍රය ක්‍රියා කරවන්නා හරි හැටි නීති රීති අනුගමනය කර නැති බවකුයි පෙනෙන්නේ. (ස)
හරිම අවාසනාවන්ත සිද්ධියක්. ඔබට නිවන් සුව. (ස)