වැලිවේරිය නගරයේදී යුද හමුදාව හමුදාව සමග ඇති වු ගැටුමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඉරිදා (04) සවස මිය ගිය ගම්පොළ උඩහේන්තැන්නේ පදිංචිව සිටි නිලන්ත පුෂ්ප කුමාරගේ (29) මුලික මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය අද (05) දහවල් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදු කෙරිණි.
මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත් ඩෙන්සිල් ලොයිඩ් ග්‍රේ මහතා මෘත ශරීරාගාරයට පැමිණ මුලික පරික්ෂණයක් පැවැත්වීය.
වැඩබලන මහෙස්ත්‍රාත්වරයා මෘත ශරීරය පරික්ෂා කිරිමෙන් අනතුරුව කියා සිටියේ හිසේ පමණක් තුවාල සිදු වී ඇතිබවත් ශරීරයේ වෙනත් කිසිදු ස්ථානයක බාහිර තුවාල ,තැලීම්, සිරීම් නොමැති බවත්ය.
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත සිරුර යොමු කරන ලෙසත් අනතුරුව වෛද්‍ය වාර්තාව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පරීක්ෂණ කටයුතු අවසන් කිරිමෙන් අනතුරුව මෘත ශරීරය ඔහුගේ බිරියට භාර දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
බියගම වෙලද කළාපයේ සේවය කළ නිශාන්ත ඉකුත් බ්‍රහස්පතින්දා (1) වැලිවේරීය ප්‍රෙද්ශයේ සිය නවාතැන් පොළෙහි සිට රාත්‍රි සේවය සදහා සේවා ස්ථානයට යෑමට වැලිවේරිය නගරයට පැමිණි අවස්ථාවේ මෙසේ ප්‍රහාරයට ලක් වී ඇත.
කොළඹ ජාතික රෝහලේ සිහිසුන්ව දින තුනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු පෙරේදා (03) සවස ඔහු මිය ගියේය. ඔහු එක් දරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! උද්ගෝෂණය කරපු කෙනෙක් නැහැනේ.මැරුණ සියල්ල පාරේ ගිය අය.මොනවද මේ හතර බිරි කතා.පාරවල් වහගෙන ලොකුකම් පාලා, දැන් අහිංසකයෝ වෙලා සියල්ලෝම. වතුර ඉල්ලන්න කාටත් අයිතියක් තියෙනවා. එහෙත් ප්‍රධාන මාර්ගයක බලය අතට ගන්න කාටද අයිතියක් තියෙන්නේ. (නි)
අනේ ටිකිරි මහත්තයෝ,ඔයා අරාබි වසන්ත ගැන කතා කරන කෙනෙක් නේද? (නි)
අනේ නිමල් මහත්තයෝ, අපිට පව් නොදී 40 පැනලා නම් ගිහින් කන්නාඩි කුට්ටමක් ගන්න.ඔයාට පේන විදියටම අපිටත් පෙනෙන්න ඕනෑද? තිලක් ඩුබායි මහත්තයෝ, පිස්සුවෙන් එනවද මෙහෙට. ඔයා මර බියේ ගැහි ගැහි..ඔහෙටම වෙලා ඉන්න.ඔයා ආවත් වැඩක් නැහැ.මෙහෙ පාරවල් ඔක්කොම ඔයා කියපු ඔයාට ඕනෑ විදියට උද්ඝෝෂණ වලට බදු දීලා තියෙන්නේ.ඔයාට කටුනයකම ඉදලා නිවාඩුව අවසන් වෙලා යන්න පුළුවන්. (නි)
අසේල , ඔබ ලංකාවේද? මේ මිනිස්සු ඉල්ලීම් ඉල්ලලා සතියකට පසුවයි පාරට බැස්සේ. වතුර කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් (නි)
මහේස්ත්‍රාත්ට පුලුවන්ද වෛද්‍ය වරයාගේ ජොබ් එක කරන්න?
බන්දුල තමුන්ගේ ඇස් පොට්ටද මනුස්සයෝ
මොකද මේ ලංකාවේ අහිංසක මිනිස්සු නිකරුනේ මැරෙන්නේ
අන්තර්ජාලයෙන් මැරුන සහ මැරෙන්න සිටින අසරණයන්,අතුරුදහන් වුන ගණන ගැන මුළු ලෝකෙටම කියලා ඉවරයි. ඒත් ලංකාවේ ඉන්න දම්මික පෙරේරා වගේ මෝඩයෝ දන්නේ නැහැ ඒවා.සුබ අනාගතයක් (නි)
කල්පනී, මම මගේ නිවාඩුව ගත කරන්න කියලා ලංකාවට යන ටිකට් එක අතට ගත්තට පස්සේ මට ලොකු බියක් ඇති වෙනවා.ඉස්සර අපි මොන තරම් සතුටකින්ද අවුරුද්දකට සැරයක් ලංකාවට ආවේ. හරිම දුකයි රටට වෙන විනාශය ගැන. (නි)
මේ අහිංසකයාගේ මරණයට වගකිවයුතු පාර්ශවයන්ට හොදක් නම් වෙන්න එපා (නි)
කරපු, අණදීපු, මෙහෙයවපු, හැමෝම මේවාට වන්දි ගෙවිය යුතුයි (නි)
අසේල මහත්තයෝ,ඕවා ගණන් ගන්න එපා. ඔක්කොම අහිංසකයෝ.අපි ගිහින් පාර හරස් කරලා හමුදාවට ගල් ගහලා තියෙන්නේ.ඔන්න ඔහේ එහෙමවත් හිතා ගමු. (නි)
මොන පරික්ෂණය තිබුණත් දැන් වැඩක් නැහැ, වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. (නි)
කරපු, අණදීපු, මෙහෙයවපු, හැමෝටම වැහි නැති හෙණ ඉල්ලනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැ දරුවා. (නි)
හැමතැනම ලංකාවේ මිනිමැරුම් වෙනවා. සතුන් මෙන් මිනිසුන් ඝාතනය කරනවා. ලංකාවට මානව හිමිකම් ගැන කතා කිරීමට අයිතියක් තියනවද.... (නි)
කොළඹ ජාතික රෝහලේ සිහිසුන්ව දින තුනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු මියගිය බියගම වෙළද කලාපයේ සේවය කළ නිශාන්ත මහතාට නිවන් සුවය! ඔහුගේ බිරියට හා දරුවන්ට, ඥාතින්ට සාතිශය සංවේගය පළකර සිටිමි. (නි)
අනේ මන්ද , මැරුණු ය,මැරෙන්න ඉන්න ය,තුවාල වෙච්ච ය ඔක්කොම අහිංසකයෝ.. මහා පාර හාරස නොකරපු, පොලු කැල්ලක් නොදැකපු මේ අය අහිංසකයෝ..එතකොට මේ පාර හරස් කරලා හමුදාවටත් ගල් ගැහුවේ, වැලි බෝතල් පැට්‍රල් බෝම්බ ගැහුවේ එතකොට අපි ගිහින් වෙන්නඇති..(දී)
මෙහෙම යනකොට මිනිස්සුන්ට නිදහස් අදහස් කියන්න ,ලියන්න තහනම් වේවි. මාධ්‍යවේදියෝ තමයි අන්තිමට බැට කන්නේ. මෙහෙම දෙයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. රජය මේ මරණ ගැන කිසිම ප්‍රකාශයක් නොකළ එක ගැන බොහොම කණගාටුයි. බහුතර ජනතාව මේක අනුමත කරන්නේ නැහැ. (නි)
මේ අහිංසකයාගේ මරණයට වගකිවයුතු පාර්ශවයන්ගේ හැම එක්කෙනෙක්ම විනාශ වෙන්න දෙවියනේ
අවම බලය පාවිච්චි කරන්නේ ඔලුවට තුවල වන සේ වෙඩි තැබීමෙන්ද? මම මෙහෙම අසන්නේ ඉස්සර අපිට බැරිම වුණොත් දණහිසෙන් පහළට වෙඩි තබන්න කියලා ඉගැන්වූ නිසයි (නි)
වෙඩි තිබ්බ අයට දැනටමත් අවශ්‍ය සංග්‍රහ ලැබිලා ඇති... (නි)
ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ අහිංසකයා කිසිදෙයක් දන්නේ නැහැ කියලා. අපේ රට ඇත්තටම ජීවත් වෙන්න සුදුසු තැනක් නොවේ. මෙහි ඉපදීම ,අයිතීන් උදෙසා හඬ නැගීම මරණය හෝ ඒ හා සමාන අනතුරු සිදුවියහැකි දෙයකි. (නි)
ප්‍රසිද්දියේ දෙනෝදාහක් ඉදිරියේ මරල වෙඩිතියල දානවා මාද්‍ය වලින් පෙන්නුවට පස්සේ තව මොන පරීක්සනද අයුබෝන්?වෙඩි තිබ්බ අයව අල්ලනවා කියලද?
විරුද්ද මත දරන්නන් සමුල ගාතනය ලංකාවේ නව සංකල්පයද?
හමුදාව සමග ගැටුමක් මේ තරුණය ඇති කරගත්තේ නෑ
දැන් ඉතින් ඕක බෙදාගෙන කන්න අහිංසක මිනිසු නේද .....