නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති අධ්‍යයන අංශාධිපති යශෝධරා කදිර්ගාමර්තම්බි මහත්මියට පිහියෙන් ඇනීම සම්බන්ධයෙන් ඇසින් දුටු ආරක්ෂක සේවිකාවක ඇතුළු 15 දෙනකුගෙන් කටඋත්තර ලියා ගත් බව පොලිසිය කියයි.
ඇයට පස්වතාවක් පමණ පිහියෙන් ඇන ඇතැයි සිද්ධිය දුටුවෝ කියති.
පිහිය ද එම ස්ථානයේ දමා තිබිණි.
කළුබෝවිල රෝහලෙන් ජාතික රෝහලට මාරු කළ කථිකාචාර්යවරියට සැත්කමක් සිදු කළ බව රෝහල කියයි.
සිහිසුන්ව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන නීති ශිෂ්‍ය ශිවඥානසුන්දරම් සුරේන්ද්‍රජිත් ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මේ වගේ ආයුධ අතට ගන්නේ හේතුවක් නැතුවම නෙමේනේ. අනික දොස්තර කෙනෙක්, මොකක් හරි ලොකු අවුලක් වෙලා තියනවා. ඇදුරුතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!! (නි)
නදුනි, ඔයාගේ දෙමවුපියොත් ඔයාටත් පිහියක් එක්කද ඉස්කෝලේ ඇරියේ ? ඔයාට හොඳට සලකපු නැති ගුරුවර/ගුරුවරියන්ට කොහොමද ඔයා සැලකුවේ ? (නි)
මෙතන සිසුවාට විතරක් බනින්නේ ප්‍රස්නේ දිහා එක කෝණයකින් බලලා. ඔවැනි ආයතන වල ඉතාම අසාදාරන දේවල් සිදුවෙනවා ගුරුවරුන් ගෙන්, සමහර ගුරුවරු හරියට හිතට ගන්නවා, අහංකාර වෙනවා, ළමයිනුත් කල්පනාවෙන් වැඩ කලයුතුයි.(නදී)
වරුණ, පොඩ්ඩක් මොලය පරික්ෂා කරගත්තොත් හොදයි. වරුණ කියන්නේ හිරු සදු වගේ එකක් පමණක් තියෙන දෙයක්ද, කෙනෙක්ද, පොඩ්ඩක් පැහැදිලි මදි, වාසගම් නගර, රටවල් නැද්ද ඔයාට.(නදී)
නදුනි ..හැමවෙලීම ඔය විදිහට බලන්න එපා ..කැම්පස් එකක යම් නීති මාලාවක් තියෙනවා. එක නොදන්නා අය ඔය වගේ හැසිරෙනවා. (අ)
මේක ලොකු පලහිලවව්වක් වගේ.(නදී)
වරුණ ඔයා වරුණ-මරුන කියලා නම දාන්න. එත කොට හරි.(නදී)
සරත් මේ කතාවේ මුල බැලුවේ නැද්ද? සිසුවා පෙතිවගයක් බීලා. නැතිව ගුරුතුමියත් එක්ක ප්‍රේම පලහිලව්වක් නෙමෙයි.(නදී)
මාත් ඕකේ නීති ශිෂ්‍යයෙක්. මෙහේ නීති සිසුන්ට විශාල අසාධාරනයක් වෙනවා.නීති උපාධියක් ගන්න අවුරුදු 7-8 යනවා. හේතුව පුළුවන් තරම් බලන්නේ ශිෂ්‍යයන්ව අසමත් කරන්න. මම අහලා තියන විදිහට නීති ශිෂ්‍යයෝ 5000 ඉන්නවා ලියාපදිංචි වෙලා.අවුරුදු 7ක් 8ක් ගිහින් උපාධියක් අරගෙ මොකටද? දැන්වත් බලධාරීන්ගේ අවදානය හම්බ වුනොත්... (නි)
මම හිතන විදියට ළමයින්ට ඔය වගේ තැන්වලින් වෙන අසාධාරණ නිසා, කළකිරිලා ඒ ළමයා අනින්න ඇති (නි)
ඕකනේ අපි කැම්පස් නොගියේ මල්ලියේ (නි)
දුලිප්, තුවාන් ඔබ දෙපල කියන කතා ඈත්ත වෙන්න පුලුවන්. ගුරුවරයගෙ පෑත්තෙන් විතරක් මෙ ප්‍රශ්නෙ බලන එක වෑරදියි.(නදී)
මෙහෙමත් වැඩ! (නි)
ඔයා විතරද වරුණලා ඉන්නේ ලංකාවේ, ඔයා නමට තව කොටසක් ඉන්න රට හරි, ගමේ නම හරි එක්කරගන්න.(නදී)
මම වෙච්ච දෙය අනුමත කරන්නේ නැහැ. ඒත් මමත් ඕකේ නීතිය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්.මේකේ සමහර ලෙක්චර්ස්ලගේ හැටි දැන ගන්න මේකට රෙජිස්ටර් වෙලාම බලන්න ඕනෑ. ළමයින්ටත් ආත්ම ගරුත්වයක් තියෙනවා කියල සමහරු හිතන්නේ නැහැ. (නි)
දෙන්නම එකම ජාතියෙනේ කමක් නෑ (අ)
දෙන්නාම වැරදියි. අංශාධිපතිනිය ඒක බාර අරගෙන ලකුණු අඩු කරා නම් ඉවරයි. වැඩිහිටි ශිෂ්‍යයන්ගේ මානසිකත්වය තේරුම් ගන්න ඔනෑ. එයා දොස්තර තෙනෙක් නිසා වැඩ ගොඩක් එක්ක ඇසයිමනට් කරනවා ඇත්තේ.අංශාධිපතිනියට බුද්ධිමත්ව නම්‍යශීලිව මේ ගැන පියවර ගන්න තිබුණා. එහෙම වුණානම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද විශ්වවිද්‍යාල ප්‍රජාව කියන්නේ බුද්ධිමත්ව කටයුතු කළ යුතු පිරිසක්. කොහොම වුණත් කරපු වරදට ශිෂ්‍යාට දඩූවම් කළ යුතුයි. (අ)
විවෘත විශ්ව විද්‍යාලයේ වැඩ කරන අයටත් පඩි ගෙවන්නේ රජයෙන් කියලා කුමාරිහාමි දැනගන්න. (නි)
විවෘත විශ්ව විද්‍යාලය තියෙන්නෙත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාව යටතේ බව කුමාරිහාමි දැනගන්න. (නි)
කුමාරිහාමි නමින් අදහස් පළකල අය වැරදි මතයක ඉන්නා බව සිතමි. ඔබගේ අදහස "තමන් යැපෙන්නේ සිසුන්ගේ මුදලින් බව ඇදුරන් වටහා ගත යුතුයි." මුදල් අය කරන්නේ පාඨමාලා ගාස්තු, ආයතනයේ විදුලි, ජල, වරිපනම්, ගොඩනැගිලි අලුත්වැඩියා, ආදී කටයුතු සදහාය. මේ අය කරන ගාස්තුවට වඩා වියදම් රජය විසින් ද දරණ බව ද සටහන් කරමි. සමස්ත කාර්ය මණ්ඩලයටම වැටුප් දෙන්නේ රජයයි. අනිත් කාරණාව නම් දැනටමත් පිටරට නීති උපාධිය ලංකාවේ සිට ඉගෙන ගැනීමට ලක්ෂ 8-10 වඩා මුදලක් වියදම් කරන්න සිදුවන බවය. යම් අයකු යම් කාර්ය්‍යයකට මුදල් ගෙව්වාට, නීති රීති, අනු නීති, යම් යම් ආයතන, අධ්‍යාපන ආයතන සතුව ඇත්තේ ඒ නිසාය. මුදල් දී වාහනයක් ගත්තත් ඒ වාහනයට වාර්ෂිකව රක්ෂණ ගාස්තු වාර්ෂික ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතුය. නමුත් අපට රිසි පරිදි වාහනය පැදවිය නොහැක. මාර්ග නීති වලට අවනතව ඒ කාර්ය කළ යුතුය. අපට පිළිගත් නීත්‍යානුකූල රියදුරු බලපතක් ද වාහනය හසුරවා ගැනීමට හැකියා ව ද තිබිය යුතුය.(නදී)
මේ සිසුවට එතුමිය විභාග සදහා උදවු කරන්නෙ නැතුව ඇති. වෛද්‍ය උපාදිය ගන්න මුල ඉදලම දෙමල අය එයාට උදවු කරන්න ඇති (නි)
කුමාරිහාමි ඔබ හරි. දැන් බලන්න මන්ත්‍රීවරුන්ට වෙන්කරන මුදලින් ලංකාවේ හැම වර්ෂයකටම විශ්වවිද්‍යාල 10ක් විතර හදන්න පුළුවන්. (නි)
ශශීමාල්, කුමාර දෙදෙනා විවෘත විශ්ව විද්‍යාලයේ ඇදුරන්දැයි සැක සිතේ. රජයෙන් පඩි ගෙවන්නේ සිසුන් ගෙවන ගාස්තු ලබාගන්නෙ රජය නිසා. විවෘත විශ්ව විද්‍යාලය යනු රජයේ ආයතනයක් නිසා ගෙවන මුදල් යන්නේ රජයට. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාව යටතේ පාලනය වුණා කියන්නේ නිදහස් අධ්‍යාපනය නොවෙයි. ඔබ කියන පාඨමාලා ගාස්තු වලට ඔබේ වැටුපත් ඇතුලත් නේද? විවෘත විශ්ව විද්‍යාලයේ ඉන්නේ සල්ලි නැති සිසුන් නොවෙයි. සල්ලි ගෙවලා ඉගෙනගන්න සිසුන්. පුද්ගලික විශ්ව විද්‍යාලවල පැවරුම් ප්‍රමාද වුනොත් දඩයක් අයකරගෙන බාරගන්නවා.විවෘත විශ්ව විද්‍යාලයටත් එහෙම කළ හැකියි. (නි)
මේ වගේ සිද්දි වෙන්න තරම් විභාග වලදී ළමයින්ට අසාදාරන විදියට සලකන අවස්ථා ගැන නොදන්නා අය ඉන්නවා නම් සොයා දැනගන්න. ළමයින්ටම වැරදී කියන්න එපා. (නි)
විවෘත විශ්ව විද්‍යාලයේ එල්.එල්.බී උපාධිය කරන ළමයි වැඩි හරියක් අසමත් කරන්නේ ඇයි? ඒක හරිම අසාධාරණයි. ඒක නිසා මෙහෙම දේවල් වෙන එකට වරදක්කියන්න බැහැ. උපාධිය අවුරුදු 04 ක් වුනාට ඕක ගන්න අවුරුදු 8 ක්වත් යනවා. එතකොට ඉතින් වැඩක් නැහැ. ඒක නිසා රජය මෙය මොනවාහරි කරන්න ඕනේ. නැතිනම් මෙහෙම දේවල් ඉදිරියටත් වෙන්න පුලුවන්.(නදී)
සරත්, කට කට.... (නි)
රට පෙරටම යනවා වගේ... (නි)
මේ කථිකාචාර්යවරිය ළමයින්ට කොහොමද දන්නෙ නැහැනේ සැළකුවේ? (නි)
නදුන්, මොනවා කළත් ගුරුවරියක් ඒ. ඔයාට ඉගැන්නුවේ ගුරුවරු නෙමේද? (ත)
පිහියෙන් ඇනපු කෙනා සිහිසුන් උනේ කොහොමද. එයාටත් දඩුවම් කරලද. මේක ප්‍රේම පලහිලව්වක් වගේ.(නදී)
මෙයා ඉතා හොද ගුරුවරයෙක්.(නදී)
පහේ ශිෂත්වයෙන් සමත් අයගෙන් මෙයට වඩා දෙයක් බලාපොත්තුවෙන්න බැහැ. තමන් ගැන විතරක් හිතන ඉදිරි සමාජය ගැන සූදානමින් ඉන්න. (ත)
මේක පහුගිය දිනවල ගුරුවරියකට සහ විදුහල්පතිවරයෙකුට සිදු උන අසාධාරණයෙන් ලැබූ ආදර්ශයක් වගේ. (ත)
මොනවා උනත් උන වැඩේට නම් දුකයි. මෙයා ඇත්තටම හොද කෙනෙක්.. පිහියෙන් ඇන්න කෙනාට නිසි දඩුවම් දෙන්න ඕන නේ.(නදී)
මෙපමණ උගත් ,හැඩ වැඩ ඇති, කථිකාචාර්ය වරියට මේ කොලුවා මොන හිතකින් පස් වතාවක්ම පිහියෙන් ඇන්නාද ? පුදුමයි ඇමෙරිකාවේ වගේ වෙඩි නොතියාපු එක. හරිම ඛේධ ජනකයි ! මෝඩ ශිෂ්‍යයෙක් ! (නදී)
හොඳ වෙලාවට දෙමල කොල්ලෙක් ඕක කළේ. සිංහල කොල්ලෙක් කළා නම් ඕක එහෙනම් සිංහල අපි ජාතිවාදී විදිහට හංවඩු ගහනවා. තියන ප්‍රශ්ණ මදිවට.(නදී)
යශෝධරා කදිරගාමර්තම්බි මහත්මියට ඉක්මන් සුවය පතමි. උගත් කථිකාචාර්ය වරියට පිහියෙන් අනින ලද අයට ලොකු දඬුවමක් ලබා දෙන්න.(නදී)
මේ ශිෂ්‍යයා වෛද්‍යවරයෙක් නීති ශිෂ්‍යයෙක් උගත් කෙනෙක් වුනාට ඒ වගේම මෝඩ කෙනෙක්. අද ටියුෂන් කඩ අධ්‍යාපනය තුලින් බිහිවන්නේ මෙවැනි පරපුරක්. (නි)
ගුරු ගෝල සම්බන්ධය ගිහිල්ලා තියෙන දුර... (නි)
ගුණසිරි, හොද වෙලාවට දෙමළ ගුරිවරියක් වුනේ. අම්මෝ නැත්නම් මෙලහකට බොදු බල සේනා මගේ අම්මෝ ආඩවනේ මුරුගයියා.(නදී)
මේ පිරිමි ළමයා ගුරුවරියට මොනවාහරි කරදරයක්වත් කරන්න ගියාද? (නි)
විවෘත විශ්ව විදයාලයේ ඉගෙනගන්නේ මුදල් ගෙවලයි. තමන් යැපෙන්නේ සිසුන්ගේ මුදලින් බව ඇදුරන් වටහා ගත යුතුයි. ඒ.සී කාමරවල මාකින් ස්කීම් තියාගෙන නිති විභාග ලියන රටේ පැවරුමක් ප්‍රමාද වෙලා දුන්නම බාර ගන්න බැරි මොකද? අර නියෝජ්‍ය පොලිස් පතිගේ පුතාට ගහපු කෙනවෙගේ නීති සිසුවෙක් වුනානම් මෙයා එතනම කපෝතියි.(නදී)
මේ නීති වෛද්‍යවරයකු වන ශිෂ්‍යයා උගත් මෝඩයෙක් (නි)
නීතිය ආගාධයට ගිය රටක මොනවා නම් නොවේවිද? (නි)
ගුණසිරි කියන කතාව ඇත්ත , ළමය සිංහල වුනා නම් ටැමිල් නෙට් එකේ හෙඩ් ලයින් එක මේ කතාව. (නි)
යශෝධරා කදිරගාමර්තම්බි මහත්මියට ඉක්මන් සුවය පතමි.මේ ශිෂ්‍යයා උගත් මෝඩයෙක් (නි)
ළමය සිංහල වුනා නම් අම්මෝ ටැමිල් නෙට් එකේ මෙලහකට හෙඩ් ලයින් එක "මේ රට දෙමළ ගුරුවරුන්ටත් පිහියෙන් ඇන මරනවා". කදිරගාමර්තම්බි මහත්මියට ඉක්මන් සුවය පතමි. (නි)
සරත්, ඔයා කිව්ව ජාතියේ අවුලක් නෙමෙයි මේ. මේ ශිවඥානසුන්දරම් සුරේන්ද්‍රජිත් කියන අවුරුදු 40ක් විතර වන මනුස්සයා, නියමිත කාලය ඉකුත් කරලා ව්‍යාපෘති වාර්තාවක් බාර දෙන්න ගිහින්. ඒක බාර ගත්තෙ නැති තරහටයි පලි ගන්න මේ වැඩේ කොරලා කියන්නෙ.(නදී)
මේක ප්‍රේම සම්බන්ධයක් වගේ දෙයක් නිසා වුනාද? වෙන්නත් බැහැ අනේ මන්දන්නේ නැ.(නදී)
මගේ නම භාවිතා කරලා ප්‍රතිචාර දානවා කව්රු හරි. වහාම ඒක නවත්වන්න. (නදී)