ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මුහුදු අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට ඇප දීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් ද රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක් ද නියම විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් ඔහුගේ වැඩිමල් සොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අධිකරණයට පැමිණියේය. ඇප දෙනතුරු සැකකරුවෝ කුඩුවේ රඳවනු ලැබ සිටියහ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු,හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල,හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක,ඇවන් ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති,හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ,හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රැන්සිස් ජයරත්න සැකකරුවෝ වෙති.
එතෙර ගොස් සිටි දෙවැනි සැකකරු වන සුජාතා දමයන්ති ජයරත්න වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා තර්ක කරමින් අල්ලස් කොමිසමේ ලිඛිත අවසර නොමැතිව නඩු පැවරිමට නොහැකි කීවේය. එය නීති විරෝධි බවත් ඔහු කියා සිටියේය. සෙසු සැකකරුවන්ගේ නිතිඥවරුන් ද කියා සිටියේ කොමිසමේ ලිඛිත අවසරයක් නොමැතිව තම සේවාදායකයනට නඩු පැවැරිම නිතිවිරෝධි බවයි.
තම අසනීප වෙනුවෙන් එතෙර යාමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,හිටපු මේජර් වඩුගේ ප්‍රනාන්දු හා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාපති අවසර ඉල්ලා සිටියහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විත්තියට හා පැමිණිල්ලට නියෝග කළේ තම විරෝධතා ලිඛිතව ගොනු කරන ලෙසයි. එතෙර යාමට අවසර ඉල්ලු තිදෙනා සම්බන්ධයෙන් ලබන 3 වැනි දා තීරණයක් ගන්නා බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය. නඩුව දෙසැම්බර් 1 වැනි දා ට කල් තැබිණි.
සැකකරුවන් 8 දෙනාගේ ඡායාරූප













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහයෝගයට හිරගෙයටත් එකටම යන්න වෙයි (ම)
මේ පවුලම අපිට අප්‍රසන්නයි (නි)
කෝටි 1.14 ක් කියන්නෙත් එච්චර ලොකු මුදලක්ද? (බ)
අය්යා මල්ලි සහෝදර කමට තමයි අපේ රටේ මිනිස්සු ඊර්ෂ්‍යයා කළේ . මොකද ඔවුන්ට එවන් සහෝදර බැදීමක් නැති නිසා (බ)
වැරදි ඇති ඒත් කළ හොඳ වැඩගැන සිතුවොත් නේද හොඳ (බ)
ගෝඨාභයට අත තියල බලපල්ලකො මොකද වෙන්නේ කියල (බ)
ගෝඨාභය මැතිදුනි ඔබට රට බාරයි ! තෙරුවන් සරණයි ! (බ)
අදහස් දාන සමහර අය ගැන හිතාගන්න අමාරුයි. මේ අය නිසා තමා ලංකාවක් තියෙන්නේ (නි)
කොන්දක් තියෙන සැබෑ නායකයෙක්. මේ වගේ චෝදනා වලට මෙතුමා වට්ටන්න බැහැ. සතරවරම් දෙවිවරු රකිනවා මෙතුමාව!! (නි)
අපොයි අසරණ ජනතාවගේ සල්ලි. මේවට දඬුවම් ස්වභාව ධර්මයෙන්ම ලැබෙයි. (නි)
මේ තුමා රටට කරපු අසීමිත කැප කිරීමට මල් තියලා වදින්න වටිනවා. බුදු සරණයි මැතිදුනි ! (ර)
වරදක් කර ඇත්නම් කෙනා කවුරු උනත් නිසි දඩුවම් දිය යුතුමයි. (ර)
මේකෙනුත් දේශපාලන වාසි ගන්න හදනව වගේ... (ර)
රත්තරන් පිහියකින් ගැහුවත් කැපෙනවා මහත්තයො... (ර)
දිනිඳු ඇයි මොනවා කරන්නද.? (ර)
මේ මිනිසුන් නිසා දියුණු වේගන ආපු සියලුම දේවල් හතුරෝ කඩා ඉහිරෙව්වා..? ඇවන්ට්ගාඩ් එක කියන්නේ කොටි ගානක ආදායම් රටට ලැබෙන ආදායම් මාර්ගයක්. (ර)
රට ත්‍රස්ත වාදීන්ගෙන් නිදසස් කර දුන් වීරයනෙනි, කෙලෙහිගුණ නොදත්තෝ ඔබට ගරහති. සත්තිය ජයගනී. ඔබට ජය. (ර)
දිනිදු, මම මේ නොදන්නා කමට අහන්නේ. අත තිබ්බොත් මොකද කරන්නේ ? (ර)
මහා බැංකුවේ වංචාව කෝටි 500යි (බ)
ගෝඨාභය සහ සේනාධිපති මැතිදුන්නි,ජනතාව ඔබ සමගයි. යහපාලකයින් කෙසෙල් ගහට කොටන දවස වැඩි ඈතක නොවේ. අර ඡන්ද 5000ක් ගත්ත එකාටත් කෝටි 7ක වාහනයක්? (බ)
මේ පළි ගැනීමේ මෝඩ ක්‍රියාවලිය නිසා රටේ ජනතාව මේ ආණ්ඩුව සමග කලකිරිලා කියල පොලිස් ඔත්තු සේවය වත් කියල දෙන්නේ නැද්ද. කොහොමද සමූපාකාර ඡන්ද ප්‍රතිපල. එ්කෙන්වත් ඉගෙන ගන්න බැරිද? (බ)
පෙරුමාල්ට වගේ වත් මේ රටේ මිනිසුන්ට හිතුනොත් ටිකක් හරි ඉස්සරහට යන්න තිබුණ.මේකේ පාඨක අදහස් කියෙව්වා නම් ඇති මේ රටට වෙලා තියෙන විනාසය තෙරුන් ගන්න. (අ)
අර්ජුන, ඔය අයියයි මල්ලියි නොහිටින්න අදත් අපි කොටි බෝම්බෙට බයේ නෙවෙයිද ඉන්නේ නැත්නම් ඔයාට නම් කොටින්ගෙන් කරදරයක් වුනේ නැද්ද. (බ)
අද මේ ව්‍යාපාරය ඉන්දියාව අත්පත් කරගෙන ඉවරයි..රජයට නිසි ලෙස බදු ගෙවාගෙන පවත්වාගෙන ගිය මේකේ මොනවහරි අඩුපාඩුවක් තිබ්බනම් නිවැරදි කරගෙන යන්න තිබ්බා.දැන් කට්ටියට සතුටු ඇති..(බ)
වතුර උතුරන තුරු දිය හැලියේ නටන කකුලුවනි තව පාරක් බෝම්බයක් පුපුරනකම් නටාපල්ලා.(බ)
සිරි ඔබත් දෙවැනි සික්ෂා පදය කැඩු ගොඩට. අනේ පවු. දිනිදු ! ගොටාභය දැන් තටු සිදුනු කොකෙක් වගේනේ (අ)
වැරදි තියෙනවා ඇති... නමුත් මේ මිනිසුන්ට පින්සිදුවන්න ට අද මේ රට සැවොම මහපාරේ මරණ බිය නැතිව යන බව කෙලෙහි ගුණ නොදත් සිංහලයන් අමතක කරලා. (ර)
වියාපාරය හොයාගත්ත මනුස්සයාවම පොඩ්ඩක් පාඩු උනා කියලා ඇතුලට දානවා... (ර)
ලොකු ලොකු පම්පෝරි ගැහුවට හැමෝටම ලෙඩනේ බලන් ගියාම, ලොකු ලොක්කන්ට තියෙන ලෙඩක් නේ මේක , නිතිය මේ ගැනත් හොයලා බලන්න ඕන, මේක සෙල්ලමක් කරගෙන දැන් නම්. (ර)
රුපියල් බිලියන් 11.4 කියන්නේ රුපියල් කෝටි 1140. සමහරු ඒක දන්නෙත් නැතුවයි කමෙන්ට් කරන්නේ. පුද්ගලික වාසියට මෙතරම් මුදලක් අව බාවිතා කිරීම අප වගේ දුප්පත් රටක කොතරම් ලොකු අපරාදයක්ද.? (ර)
යහපාලනයට පින්සිදු වන්නට වැරදී කරපු අය රිමාන්ඩ් වෙනවා , අඩුම ගානේ , එකත් දකින්න ලැබිම සතුටක්. (ර)
නඩුවක් වැටෙන්නම ඕනේ මේ ගොල්ලන්ට තියෙන අසනීප බලාගන්න. (ර)
වැරදි කල අය කුඩුවට නගිද්දී අහක ඉන්න අයට පුදුම කැක්කුමක් තියෙන්නේ? හරියට ගැරඩින්ට භූමිතෙල් ගෑවුනා වගේ. (ර)
නිතිය කාටත් එක සමානබව දැන් තේරෙනවද.? (ර)
මම ගෝඨාභය මහතාට ගරු කරන්නෙකි. එතුමා කරපු වැඩ කන්දරාව මම අද භුක්ති විඳිමි. කෘතගුණ වෙමි. අද මේ පලිගැනීම් මාලාවේ බූමරංගය අනික් අතට හැරෙන්නට තියෙන කාලය මෙවැනි මෝඩ ක්‍රියා ප්‍රතිපත්තිනිසා වැඩි කාලයක් නොමැති වෙන බව නම් පෙනිගෙන යන්නේය. (ර)
මේ වගේ විශාල වංචාවල් දැක දැකත් මේ අය වෙනුවෙන් කිබුල් කදුළු හෙලන අය ඉන්නවනේ. අපිට තියෙන ප්‍රශ්නේ ඇප දිදී නඩු කල් දාන එකයි. යහපාලනයේ දුර්වලකම එතනයි.(ර)
පෙරුමාල් ගණන් දන්නේ නැහැ වගේ.? (ර)
නිදහස් රටක් අපට දුන් ඔබට, අපි හැමදාමත් ගරු කරනවා. (ර)
අපේ රටේ යුද්ධය ඉවරකළා කියලා රටේ තියන හැම සම්පතක්ම තමන්ගේ බූදලේ කියලා හිතලා වැඩකරන්න දෙන්න බැහැ. අනෙක් කාරණේ තමයි යුද්ධය ඉවරකළේ අපි හැමෝම කරපු සාමුහික කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට මිසක්, එක පවුලක් විතරක් නිසා නෙමෙයි.
එයා ගෝඨාභය වුණා කියලා නීතියට ඉහළින් නැහැනේ (නි)
ඇයි යහපාලනේ අය අල්ලන්නේ නැද්ද? (නි)
පීරිස්, අදහස් පළකරන්න කලින් මොළේ පාවිච්චි කරන්න. රාජ්‍ය ආයතනයක් පාඩු ලැබුවා කියන කරුණ යටතේ කෙනෙක් හිරබාරයට ගත්තොත්, අර දියවන්නාවට යවන්න කෙනෙක් නැතිවේවි. විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා පවුල් 3000 කට වඩා අද මහපාරේ. රටට කෝටි ගණනක විදේශ විනිමය නැතිවෙලා. ගෝඨාභයව ඇතුළට දාන්න කාටද උවමනා කියලා හැමෝම දන්නවා (නි)
රූපවතී, රටේ නීතිය බල්ලට දාලා ඒගොල්ලෝ විතරක් හම්බකර ගත්තහම රුපවතීලට පුදුම සතුටක්නේ තියෙන්නේ (නි)
මෙතන ගෝඨාට පන්දම් අල්ලන අයගේ කොන්ද පණ නැතුව වෙන්න ඇති. මේ අයියලා මල්ලිලා රට කෙරුවේ රණවිරුවෝ වගේ දුක් විඳගෙන නොවේ. ශීතල කාමර වල ඉඳගෙන, රජසැප ලබමින්, රාජ්‍ය ආරක්ෂාව ලබමින්, ඉතා ඉහළ වැටුපක් ගනිමින්. ඒ කරලත් රටේ හැම සතයක්ම වංචා කළා. අපේ රටේ නීතිය හොඳටම පන මදි. (නි)
පීරිස්, අද මහජන මතය පේනවා නේද සමූපකාර ඡන්ද වලින් යහපාලනය හේදිලාම යන හැටියෙන්. (නි)
පීරිස්, ලංකාවේ මීට ප්‍රථම නොතිබුන සේවාවක් ඇරඹීමේ ගෞරවය මෙතුමාට හිමිය. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ. (නි)
මොහාන්, අර්ජුන, ඔබ වෙනි කුහකයන් අප රටට ලොකු හානියක්. කෙසේවෙතත් ඔබ කුහකයන් කිව්වොත් නිවැරදියි. නමුත් අපි මහින්ද, ගෝඨා සහ කණ්ඩායම සමඟයි (නි)
අපේ රටේ කෙරෙන වැඩ දිහා බැලුවහම හරිම කණගාටුයි. රට රැකපු මිනිසුන්ට මෙහෙම අපරාධ කරනකොට අනාගතේවත් මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ කිසිදේකට (නි)
කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. ඊළඟ ඡන්දෙදි තමයි බලාගන්න පුළුවන්. (නි)
මේ අය වෙනුවෙන් අපි හෙළන්නේ කිඹුල් කඳුළු නොවෙයි ලේ කඳුළුයි. අපිට සිංහල ජාතිය ගැන ඔබට නැති කැක්කුමක් තිබෙනවා. (නි)
දිනිදු, තවමත් ඔහෙලගෙ සුදු වෑන් තියෙනවද? රට ආයෙත් නරකාදියට වැටෙන්න ඕනෑද? (නි)
සමන්, ඔබ හරි. රටේ බත් කන උදවිය දන්නේ නැහැ ඒ පව් ගෙවන්නේ තමන් සහ අනාගත දරු පරම්පරාව කියලා. (නි)
මෙයින් මොනතරම් ආදායමක් රටට ලැබුනද? (නි)
පුෂ්පකුමාර, එහෙමම කියන්න එපා. පසුගිය දශකයෙන් හරිහම්බ කරගෙන කෝටිපතියන් වුණ මිනිස්සු මොනතරම් ලංකාවේ ඉන්නවද? ඔවුන්ට ඕනෑ ඒ පාලන යුගයම තමයි. (නි)
ගෝඨාභයව එක විනාඩියකට හරි ඇතුළට යවපු එක හොඳයි. නැත්නම් සමහර මෝඩයෝ හිතාගෙන හිටියේ ගෝඨාභයට බය හින්දා මුකුත් කරන්නේ නැහැ කියලා. (නි)
ඒකාන්තයෙන්ම ඔබ මේ රටේ ජනාධිපති වෙනවාමයි (නි)
ඔහු තවම සැකකරුවෙක් විතරයි (නි)
නඩුවක් වැටෙන්නම ඕනෑ මේගොල්ලන්ට තියෙන අසනීප බලාගන්න (නි)
මේ කරදර වැඩිකල් නැහැ මැතිඳුණි. ටිකක් ඉවසලා ඉන්න. (නි)
අනේ හොරකම් කරන අයගේ තත්වය බලන්න එපා. හොරු ජනතාවගේ සල්ලි හොරකම් කරලා බේරෙන්න හදන්නේ. (නි)
පීරිස්, ඕනෑම කෙනෙක් බොරු නඩුවකට පටළවන්න පුළුවන්. ඔයාලා අඬන්නේ නැතුව බලාගෙන ඉන්න (නි)
රටක් වටිනා මේ මිනිසාට ඇයි මෙහෙම සළකන්නේ? (නි)
ඇයි මේ දුක එදා සරත් ෆොන්සේකා ගැන නොතිබුනේ? (නි)
රටට සේවයක් කළ කෙනෙකුට ගෞරව කරනවා වෙනුවට ඔහු කළ වැරදි නිවැරදි කරන්න නම් අපිට අවශ්‍ය නැහැ නිමල් ලාලිත. (නි)
මේක වංචාවක් වෙන්නේ කොහොමද කියලා හොයලා බැලුවොත් නරකද? (නි)
මෙහෙම දේවල් වෙයි කියලා කවුද හිතුවේ? (නි)
මේ අය පෞද්ගලිකව මැදිහත්වෙලා හම්බකරපු සල්ලි, රජයේ සල්ලිම කියන එක වැරදි බවයි මගේ හැඟීම. කොහොමත් ඒ මුදල් රට අැතුළට අාවනේ. තාමත් ඒ මුදල් රටට ලැබෙන්නෙ මේ අය නිසා. මේ අයට අප ණයගැතිබවයි මගේ හැඟීම. (නි)
සුනාමියෙන් අවතැන්වූ අයත් ගසාකා, පවුල් පිටින් එකතුව මහා පරිමාණයෙන් හොරකම්, වංචා, දුෂණ කළ අයත් වීරයෝ කියා සළකන අය මේ රටේ ඉන්නවා (නි)
මේ ලෙඩවෙන එකත් ලෙඩක් වෙලා දැන්. මොකක්ද දන්නෙ නැහැ අසනීපය නේද ? (නි)
මහා රෝහලේ ගෙවන වාට්ටුව මේ දිනවල වහලා නිසා බෙහෙත් ගන්න රට යන්න හදන එක අලුත් ක්‍රමය වෙලා වගෙයි. මෙයද වහාම නැවැත්විය යුතුය. මෙයාලට පමණක් වෙනම බෙහෙත්? (නි)
දිනිදු, "ඇප දෙනතුරු සැකකරුවෝ කූඩුවේ රඳවනු ලැබ සිටියහ" කියලා දැක්කේ නැද්ද? (නි)
රටට ආදායම් ගෙනා කෙනා වංචාකාරයෙක්ලු? පුදුම රටක්! (නි)
ගෝඨාබය මහතා හිටියේ නැත්නම් අදටත් හැමෝටම මරබියෙන් ඉන්න වෙන්නේ. ඔබ කළ සේවයට උපහාරය අපෙන්! අංගසම්පුර්ණ මිනිසුන් ලොව නැත (නි)
ලංකාවේ සිංහලයන්ට මුල මතක නැහැ.ගෝඨාභය මහතාට සහ අපේ අදටත් ජනාධිපතිතුමාට ජය වේවා! (නි)
පීරිස්, අපි ජනවාරි 8 වෙනිදා රට නිදහස් කරගත්තේ මිනීමරු ප්‍රභාකරන්ගේ කල්ලියට වඩා භයානක හොරු කල්ලියකින්. තවමත් වහල් මානසිකත්වයෙන් හිතන මිනිසුන්ට තවම තේරුමක් නැහැ. (නි)
යහපාලකයෝ සහ ඔවුන්ට කඩේ යන අය තීන්දුව දීලත් ඉවරයි වගේ දැනටම (නි)
මේ නීතිරීති යහපාලනයේ දැන් ඉන්න අැමතිවරුන්ට බලපාන්නේ නැත්තේ ඇයි? (නි)
පහන නිවෙන්න යනකොටලු වැඩියෙන් එළිය දෙන්නේ. ඒ වගේ තමා යහපාලන ආණ්ඩුවත් (නි)
මේවායේ ප්‍රතිවිපාක වැඩි ඈතක නොවෙයි (නි)
මේ අය නොසිටින්න අද නඩු අහන්නවත් ලංකාවක් නැහැ (නි)
මේ මිනිස්සු නැත්නම් මේ මුදල කොහොමත් ලංකාවට ලැබෙන්නේ නැහැ (නි)
පෙරුමාල්, කෝටි 1.14 ක් කියන්නෙ එච්චර ලොකු මුදලක් නෙමෙයි . ඒ වුණාට මෙතන වංචාව රුපියල් බිලියන් 11.4 ක්. එ් කියන්නේ රුපියල් කෝටි 1140. (නි)
බිලියන 4.7 ක් ලාභ ලැබුවා කියලා ආණ්ඩුවත් පිළිගත්තා නේද? (නි)
නීතිය කාටත් පොදුය (නි)
ගෝඨා, මහින්ද කියලා නැහැ. හොරකම් කළා නම් හිරේ යන්නම ඕනෑ (නි)
උසාවියක ලොකු මිනිහෙකුට නඩුවක් තිබුණොත් හාමුදුරු කෙනෙක් වඩිනවාමයි. (නි)
ගෝඨාභය මැතිඳුනි, රට ඔබට බාරයි! (නි)
හොඳ ගැන කතා කරන්න කවුරුත් නැහැ. වැරදි ගැන කතාකරන්න තමා හැමෝම ඉන්නෙ. (නි)
මේ සල්ලි උල්පත ලංකාවට හොයා දුන්නේ මේ අයනේ. දැන් ඒකටත් වැරදිකාරයො වෙලාද? හොරු වංචාකාරයො කියලා උසාවි ගානෙ යවන්නෙ මේ අය රටට කරපු සේවය අමතක වෙලාද? (නි)
මේ අය ආණ්ඩු කරන්නේ රට බේරගත් රණවිරුවන්ට පින් සිදුවෙන්න. නැත්නම් අද අපට රටක් නැහැ. වැරදි පෙන්නාගෙන තමාගේ වැරදි වහන්න යන එක හොඳ දෙයක් නෙමෙයි. කවදාහරි කාට කාටත් දඬුවම් ලැබේවි. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත. (නි)
කළගුණ නොදන්නා ජාතියක්. අපරාදේ ඔබතුමා යුද්ධය ඉවර කළේ. මෙතන උඩුබුරන හැමෝටම පාරක් පාරක් ගානේ මැරෙන්න දෙන්නයි තිබුනේ. ගෝඨාභය මැතිඳුනි, අප ඔබ සමඟයි. (නි)
යහපාලනයට ඡන්දය දුන් මට නම් මේ විකාර දැකලම ඵපාවෙලා. මේගොල්ලො රට සංවර්ධනය කරන පාටක් නැහැ. (නි)
කූඩුවට දැමියයුත්තේ දුප්පත් මිනිස්සු විතරක් නෙමෙයිනේ (නි)
ගෝඨාභය කියන්නේ රජෙක් නොවෙයිනේ. නිකන් බොරුවට ඔහු පුම්බන්න හදන අයත් මෙතන ඉන්නවා (නි)
සරත් ෆොන්සේකා කුදලාගෙන ගියහැටි අපි දුටුවා. මෙයාව කූඩුවට දාපු එකේ වරදක් නැහැ (නි)
රජකම් කෙරුවත් කළකම් පළදේ... (නි)
සරත් ෆොන්සේකා නැත්නම් අද ගෝඨා කියලා කෙනෙක් හොයන්නත් නැහැ (නි)
අනේ! මේ මිනිසුන්ගෙන් පළිගන්න එක අැර වෙන කරන්න වැඩක් යහපාලනයට නැද්ද? මේ වෙනකොට යහපාලනයට අවුරුද්දකටත් වැඩියි. රටෙි මිනිසුන්ගෙන් පළිගන්නයි, බදු ගහන එකයි අැරුනාම වෙන මොනවද රටට කරලා තියෙන්නේ. (නි)
කෙළෙහිගුණ නැති අය ඉන්න රටක් මේක. මේ අයට මතක නැහැ බෝම්බ වලට බයේ ජීවත්වුණ හැටි (නි)
පෙරුමාල්, අදහස් ඉදිරිපත් කිරීමට පෙර පැහැදිලිව කියවන්න. එහි සඳහන්වෙලා තියෙන්නේ රුපියල් බිලියන 11.4ක් ලෙසයි (නි)
හැම දේශපාලකයාම උණ හෙම්බිරිස්සාවට වුණත් පිටරටින්නේ බෙහෙත් ගන්නේ (නි)
දැන් මෙයාලා බලන්නේ හෙමින් සීරුවේ මාරුවෙලා රට යන්න වගෙයි (නි)
සරත් ෆොන්සේකා රණවිරුවාට කළ මහ පොළව නුහුලන අපරාධය තමයි මේ කැරකිලා එන්නේ. රජකම් කළත් කළකම් පළදෙනවා මහත්තයෝ. (නි)
මෙවැනි දේ කරන අයටත් මේවායේ පළවිපාක භුක්ති විඳින්න ලැබේවි (නි)
අනේ! අපේ රට තිබුන තත්වය මතක නැති දුර්ජන අය ලියන ඒවා ගැන හරිම දුකයි. ආණ්ඩුව සල්ලි හොයන්නේ මෙහෙම වෙන්න ඇති රට ගෙනියන්න (නි)
කෙනෙකුට කරදර කිරීමෙන් හෝ කරදරයක වැටීමෙන් සතුටුවන්නෝ මානසික ආබාධ ඇත්තෝය. මෙහි අදහස් දක්වා ඇති සමහරු ඒ ගණයට වැටෙනවා. මේ පුංචි ස්වර්ණ භුමිය විනාශ නොකර පළාගියා නම් හොඳයි. මේ උන්නා වූ ටික කාලයට කළ දේ මිනිසුන් හිරේ දැමීම හා එයට මං සෙවීමයි. මෙවැනි කෙනෙහිළි කිරීම් කවදා හෝ ඒ අයටත් ලැබේවි (නි)
කවුරු කොච්චර රටට සේවය කර ඇති වුණත්, රුපියලක් හෝ රටේ මුදල් හොරකම් කර ඇත්නම් නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි (නි)
මම නම් කියන්නේ ලංකාව ඔය වගේ කෙනෙකුට දෙන්න ඕනෑ. අපි නම් ඉන්නේ රට. අපිට හානියක් නැහැ. (නි)
අපේ රටේ තිබෙන පසුගාමී වනචාරී ආකල්ප මේ බොහෝ දෙනාගේ අදහස් වලින් පෙනේ. ශිෂ්ටසම්පන්න ලෝකේ නීතියට උඩින් කවුරුවත් නැහැ. අනික මිනිහෙක් පොලීසියෙන් අල්ලලා නඩු දැම්මහම මිනිස්සු හිතන්නේ එ්ක ආණ්ඩුවේ වැඩක් කියලා. ආණ්ඩුවත් ඒවා සාධාරණීකරණය කරන්න යනවා. ශිෂ්ටසම්පන්න ලෝකේ නීතියයි දේශපාලනයයි යන්නේ මාවත් දෙකක (නි)
පීරිස් වගේ උගතුන් මේ සියලුම වංචාවන් අනාවරණය කරගෙන ඇත. එ්කනිසා තමයි සියල්ල දැක්කා වගේ අදහස් දාන්නේ (නි)
අහිංසක මිනිසුන්ව සුදු වෑන් වලින් උස්සලා අතුරුදන් කරනකොට ඔයිට වඩා වේදනාවක් ඒ මිනිස්සුත් විඳින්න ඇති. අපේ රටේ නීතිය කාටත් සමානව ක්‍රියාත්මක නොවුණට දියුණු රටවල නම් ලොක්කත් සොක්කත් දෙන්නටම නීතිය සමානයි. (නි)
අනේ දෙවියනේ කොහොම හිටපු කෙනෙක්ද මේ (නි)
පිරිස් දන්නවද, ඇත්තටම ක්‍රියාකලාපයන් දෙස බැලුවම පෙනීයනවා ගෝඨාශය සරත්ට වඩා දේශපාලනයට සුදුසු පරිණත පුද්ගලයකු බව. රටේ නායකත්වයට සුදුසු කෙනෙක්. (නි)
කමක් නැහැ. ගෝඨාව විනාඩියකට හරි කූඩුවේ තිබ්බනේ. ඒක යහපාලනෙන් ලබපු ලොකු ජයග්‍රහණයක්. මොකද අවුරුදු ගණනක් දඟලලා කාටවත් බැරිවුණා ඔයවගේ දෙයක් කරන්න (නි)
රටට සත පහක් අලුතින් ගෙනෙන්න බැරිවුණා. අවුරුදු දෙකකට කිට්ටුයි. ගෙනා අයටත් ගරහනවා ඒ මදිවට! (නි)
චමින්ද, එක අහිංසක මිනිහෙක් කියන්න බලන්න සුදු වෑන් වලින් ඉස්සුව? අපි නම් අඳුරන කිසිම කෙනෙකුට එහෙම වෙලා නැහැ (නි)
මට හරි සතුටුයි මගේ යහපාලන රජය ගැන. (නි)
සමහර අදහස් ලියන අයට පොඩ්ඩක්වත් මතක නැහැ වගෙයි අවුරුදු හය හතකට ඉස්සෙල්ලා රට තිබුනේ කොහොමද කියලා. කවුරු කවුරුත් හිටියේ මොනතරම් පන බයේද? ඔය කියන සුදු වෑන් නම් අපි කවුරුවත් දැක්කේ නැහැ. (නි)
සුමුදු, ඔබගේ ශිෂ්ටසම්පන්න නීතිය ප්‍රභාකරන් මැතිතුමාට කිව්වේ නැත්තේ ඇයි. ඔවුන් ශිෂ්ටසම්පන්න වුණා නම් ගෝඨාභය ඔබ කියන ජාතියේ කෙනෙක් වෙන්නේ නැහැනේ. (නි)
සුමුදුගෙ පරම්පරාවම රට ඉන්න නිසාද අපිට කමක් නැහැ කියලා කියන්නේ. මමත් ඉන්නේ පිටරටක. එහෙත් මගේ නෑදෑයන් මිතුරන් ඉන්නේ ලංකාවේ. ඒ නිසා මට නම් ගෝඨාභය මහතා ලොකු සම්පතක්. (නි)
මම නම් හිතන්නේ යහපාලනය කෙසෙල් ගහට ඇන්න කියලා. කොකාට වාරයක් එනවමයි.(හේ)
එම පුද්ගලික ආයතනය රජයට නිසි ලෙස බදු ලෙස ගාස්තු ගෙවා ඇත..නමුත් එම ආයතනයටම පැවරිම්ම සම්බන්දයෙන් කාට හෝ ප්‍රශ්නයක් පන නැගෙන් නේ නම් එයට ඕන තරම් හේතු ඇත. අවාසනාවකට මෙම ව්‍යාපාරය අද ශ්‍රී ලන්කාවෙන් ගිලිහී හමාරය (හේ)
කුමාර , සේවය නිසයි විනාශ කරන්න හදන්නේ (හේ)
කවුද හිතුවේ මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)
මෙතැන කොමෙන්ට් දාන කාටවත් යුද්දේ කාලේදී රට තිබුන විදිය මතක නැහැ වගේ. මේ මිනිස්සු කොන්ද කෙලින් තියාගෙන යුද්දේ දිනුවා විතරක් නෙවේ රටත් ලස්සන් කළා. මොන දේ කළත් කළගුණ දන්නා බුද්ධිමත් මිනිස්සු තාමත් ඉන්නේ මොවුන් වටේ තමයි. ජනවාරි අට රැවටිලා ඡන්දෙ දීපු අයත් දැන් පසුතැවෙනවා. මෙතන සීත කාමර වල ඉඳන් කොමෙන්ට් දාන අය පොඩ්ඩක් ගම් වල ගිහින් බලන්න මිනිස්සු කියන දේවල්. (බ)
මෝඩ මිනිසුන් මෙවැනි අය වීරයන් සේ හඳුන්වා ගත්තත් නීතිය ඔවුන්ව හඳුනන්නේ නීතියට විරුද්ධව කටයුතු කළ දුෂිතයන් ලෙසයි (නි)
යුක්තිය සාධාරණය වෙනුවෙන් නඩු අහනවද, නැත්නම් ඉස්පිලි පාපිලි වල වැරදි අල්ලාගෙන හොරු දුෂකයෝ නිදහස් කරනවද කියලා අපි බලාගෙන ඉන්නවා (නි)
ගෝඨාභය මහත්මයාණෙනි, අපි අද ඔබ සමඟයි. (නි)
යහපාලන ආණ්ඩුවෙත් ඉහළ සිට පහළටම වංචාව, දූෂණය, පවුල් පාලනය. මේ අයත් ගසාකන්නේ ජනතා මුදල්ම තමයි (නි)
මොනවද මේ ආණ්ඩුව රටට කරපු වැඩ? (නි)
යහපාලනයට පුලුවන් මේ වැඩ විතරයි (නි)
අපිට මොළේ තියනවා. පාඩුවක් වුණාද ලාබයක් මිස? (නි)
අපේ ලංකාවේ මිනිසුන්ට හොඳ වැඩ වලට වඩා වැරදි මතක හිටිනවා (නි)
මෙතුමා යුද්ධය ඉවරකළ නිසා රටේ විනාශවෙන්න තිබුණු සම්පත් කොපමණ ඉතුරුවුණාද? ජනතාවගේ අාශිර්වාදය ඔබතුමාට ලැබෙනවා (නි)
සිංහලයනි, කුහකකම් අතහැර රට වෙනුවෙන් පෙරට එන්න (නි)
ඕගොල්ලෝ කියන්නේ ගෝඨාබය රට බේරගත් නිසා මොන වැරැද්දක් කළත් ගණන් ගන්න එපා කියලද.
අපිත් ඉන්නේ පිටරටක තමයි. එ් වුණාට ගෝඨාභය ගැන තියෙන්නේ පුදුම ගරුත්වයක්. අද අපි ඔය රටේ බය නැතුව පයගහන්නේ මෙතුමා නිසා බව ගොඩක් කට්ටියට අමතක වෙලා. මේක තමයි අපේ රටේ විනාශය. (නි)
ගෝඨාභය මැතිතුමනි, කළගුණදත් අප වැනි බත් කන මිනිසුන් කිසිදිනෙක ඔබ තනි නොකරන්නෙමු. ඔබගේ විශිෂ්ට නායකත්වය තුළින් බියකින් තොරව ජීවිතය විඳින්නට භාග්‍ය ලද අප සැමදා ඔබ සමඟයි (නි)
ලංකාවේ ඉන්නේ හරි අවාසනාවන්ත මිනිස්සු. කවදත් දියුණු වෙන්න බැහැ. දියුණු කරන්න හදපු මිනිහත් විනාශ කරනවා (නි)
රට බේරාගත් නායකයන්ට දෙන දුක්කරදර වලට වැඩි දවස් යන්න කලින් සනීපවෙන්න ලැබෙයි (නි)
දැන් ඕක වහලා. එන අාදායමත් නැතුව ගියා ජනවාරි 8 වෙනිදා ඉඳලා. (නි)
නීතිය කාටත් එක සමාන නිසාද, තවම එකපාරක්වත් ලොකු චෝදනා තියෙන ඇමතිවරු උසාවි නොගියේ? මේ මොනවා කළත්, කෙළෙහිගුණ තියෙන මිනිසුන් සිටිනතාක් ගෝඨාභය රටට කළ සේවය අමතක නොකරාවි. (නි)
ලොකුකමට උජාරුවට හැමෝම උසස් වර්ගයේ බල්ලෙක් අරගෙන ශාරීරික ව්‍යායාම් කරන්න ගමන් කරද්දී, සමහරු අලි පැටියෙක් එක්ක ශාරීරික ව්‍යායාම් කරන්න යනවා. නැත්නම් මිනීමස් කන මෝරු ඇති කරනවා. අපිනේ ගෙවන්නේ. (නි)
සමහරුන්ට ප්‍රභාකරන් මැරුවට දුකයි. නිදහස ලබාදුන් විරුවන්ට දඬුවම් කරනවට සන්තෝෂයි (නි)
නීතියට උඩින් කාටවත් යන්න බැහැ (නි)
රමණී, ගොඩක් අය අශිස්ටයි. කැරැල්ලක් මර්දනය කළ නිසා නීතියට උඩින් යන්න මිනිහෙකුට පුලුවන්ද?
මේ මොකක්ද සිද්ධවෙන්න යන්නේ? (නි)
මේ අය ඇතුළේ ඉන්නේ පුදුම සන්තෝෂයකින් වගේනේ. ඉතින් ඇයි තව ටිකක් ඔහොම ඉන්න දෙන්නේ නැත්තේ? තියෙන ලෙඩ ටික සනීප වෙන්නත් එක්ක ටිකක් වැඩිපුර රඳවාගෙන නඩත්තු කෙරුවට බදු ගෙවන්නන් මොකුත් කියන එකක් නැහැ (නි)
වැරදි තියෙනවා ඇති. නමුත් මේ මිනිසුන්ට පින් සිදුවන්නට අද මේ රටේ සැවොම මහපාරේ මරණ බිය නැතුව යන බව කෙළෙහිගුණ නොදත් සිංහලයන් අමතක කරලා (නි)
හරි බලමු. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙයිනේ. (නි)
බටහිර රටවල්, ජපානය කොරියාව, සිංගප්පුරුව වගේ රටවල් දියුණු වුණාට ලංකාව වගේ රටවල් දියුණු වෙන්නේ නැත්තේ මේ රටවල් වල ජීවත්වෙන මිනිසුන්ගේ කුහක ආත්මාර්ථකාමී ගති නිසා. රටක් හැටියට දියුණු වුණ ලංකාව විනාශ කරලා, රටේ දියුණුවට වැඩ කරපු මිනිස්සු හිරේ දාලා රට ආපස්සට යනකොට සතුටු වෙන මිනිස්සු ඉන්න රටක් මේක. (නි)
එදා අලිමංකඩ විනාශවුණේ කාගේ මෝඩකම නිසාද කියා අපි දන්නෙමු (නි)
මේ යහපාලනේ බොරු. මේක එක ආයතනයක් එදා රජය අවසර දීපු. හෙට ලංකාවේ සියලු පෞද්ගලික බස්වලට නඩුදායි ලංගමට පාඩු කළා කියලා (නි)
මේකේ සමහර අය මෙයාලා රට බේරගත්තා කියනවා. රට බේරගත් එකේ ප්‍රධාන කාර්යය කරපු සරත් ෆොන්සේකාට මෙයාලා සළකපු හැටි මතකනේ. අනිත් එක මේ හැමෝම වැටුප්, වරප්‍රසාද වලට වැඩ කරපු අය. ඉතින් කරන කාරිය හරියට කරන්න ඕනෑ තමයි. රට බේරුවා, අරක කළා කියලා අපේ සල්ලි හොරකම් කරන්න බැහැනේ. ඒක තේරුම් ගන්න (නි)
බලාගෙන යනකොට මේ ආණ්ඩුව මිනීවළවල් හාරන එකයි කලින් ආණ්ඩුවේ අයව හිරේ දාන එකයි ඇර කිසිම දෙයක් කරලා නැහැනේ.
පැරිස් ඉන්න පීරිස්, ඔයා පහුගිය අවුරුදු දහයේම ලංකාවේ වුණ දේවල් දන්නේ නැද්ද? ෆොන්සේකා නැත්නම් ගෝඨාභය නැහැ කියන්නේ ඇයි. එ්කේ අනිත් පැත්තනේ වුණේ. (නි)
ගෝඨාභය නැති ලංකාවක් ගැන හිතන්නත් අමාරුයි (නි)
දැන්නම් සමහර අයට නින්ද යාවී. එක විනාඩියකට හරි ගෝඨාභය මහත්තයව කූඩුවට දැම්මනේ. (නි)
මට නම් හරිම සතුටුයි ගෝඨාව විනාඩියකට හරි කූඩුවේ දාපු එකට (නි)
කෙනෙක් ලියා තිබුනා ගෝඨාභයට අත තියලා බලන්නකො මොකද වෙන්නේ කියලා කියා. දැන් ඔය අත නොතියද ඇප ලැබෙනකම් කූඩුවේ ඉන්නේ? අපි කුහක නැහැ. නමුත් එහෙම කියලා රටේ මුදල් හොරාකන්න දෙන්න බැහැ නේද (නි)
රටක් වටිනා මනුස්සයෙකුට නේද මෙහෙම කරන්නේ? (නි)
දැන් මිනිස්සු රවට්ටන්න බැහැ. දැන් මිනිසුන්ට මොළේ පෑදිලා තියෙන්නේ. පේනවානේ සමුපාකාර ඡන්ද වලිනුත් යහපාලන කට්ටියට වෙලා තියෙන දේ (නි)
අපේ රටේ සමස්ත ජනතාව දෙකට බෙදිලා. ඒ ගුණමකු සහ ගුණගරුක වශයෙන්. ගුණගරුක පිරිසක් තවමත් රටේ සිටින බව මෙවන් ප්‍රතිචාර වලින් පෙනෙනවා. එය සතුටට කරුණක්. (නි)
සුමුදු, කොහෙද ඔය කියන ශිෂ්ටසම්පන්න ලෝකේ තියෙන්නේ? කොයි රටෙත් දේශපාලනේ කරන අය තමන්ගේ වැරදි වහගෙන අනුන්ගේ නැති දොස් හොයනවා. මේ සංදර්ශන පවත්වන්නේ, මහජන මුදල් වලට දැන් මොකද වෙන්නේ කියලා මිනිස්සු හිතන එක නවත්වන්න. (නි)
මේ අදහස් දාන සමහර කියන විදියට රටවල් තියා සෙල්ලම් ගෙයක්වත් පාලනය කරන්න බැහැ. ඒ අයට ඕනෑ විදියට වැඩ කරන්න නම් නීතියක් වැඩක් නැහැනේ.
කාලෙකට ඉස්සර බෝම්බ වලට බයේ බස් එකේ, කෝච්චියේ ගිය අය දැන් කියනවා මහින්දලා ගෝඨාලා හොරුලු, මිනිමරුවොලු?? (නි)
දිනිඳු, ගෝඨාට දැනටමත් අතතියලා ඉවරයිනේ (නි)
දිනිඳු, තව අත තිබ්බා විතරයි, හොඳේ (නි)
රට බේරාගත් එස්.එෆ්. ෆොන්සේකා ඇතුළු ගම්වල සොල්දාදුවෝ බියනොවී ත්‍රස්තවාදය පරාජය කළා. මෙයා ඇමරිකාවට පැන්නා. (නි)
තව ටික දවසකින් තේරෙන්න පටන්ගනී අරහේ අායෙත් වෙනම පාලනයක් පටන් ගත්තහම. අතීතය මතක නැහැ. (නි)
ලංකාවේ ගුණමකු මිනිස්සු ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ. අද මේ මිනිස්සු හිටියේ නැත්නම් තමන් හෝ තමන්ගේ ළඟම නෑදෑයෝ මිතුරෝ කී දෙනෙක් ජීවතුන් අතර නැතුව ඉන්න පුළුවන්කම තිබුනද? ඔය ක්‍රෝධය ඊර්ෂ්‍යාව තමන්ගෙන් පස්සේ ළමයින්ට නොයන්න වගබලාගත්තොත් තමයි හොඳ. (නි)
මට නම් පුදුමාකාර කණගාටුවක් ඇතිවෙන්නේ (නි)
සුමුදු, ඔබ වගේ අය ඔබ ඉන්න ඔය රටටත් ශාපයක් (නි)
රාජා, ඔබ පිටරට ඉන්න නිසා ඔබට ප්‍රශ්නයක් නැතුව ඇති. ඔහෙටම වෙලා ඉන්න. මෙහෙ ඔය අය කළදේවල් ගැන දන්නේ අපිනේ. ඔහෙට සම්පතක් නම් උන්නැහෙව ගෙන්නාගෙන තියාගන්න (නි)
යුධ සමයේ රට අත හැර පළාගියා. අයියා ජනාධිපති වුණාම ඒකෙ හය්යෙන් ආනුභාවයෙන් උන්හිටි හැටියේ වීරයෙක් වුණා. චෝදනා ඇත්තේ නිකම් බොරුවට නොවෙයිනේ. විචාර බුද්ධියක් නැති මෝඩයන්ට නම් වීරයෙක් වගේ පෙනෙන්න පුළුවන්! (නි)
බොරුවට පුම්බන්න එපා. සරත් ෆොන්සේකාට මෙතුමා අහලකින්වත් තියන්න බැහැ. මේවා දේශපාලන උප්පරවැට්ටි. අපි රැවටෙයි ඕවට (නි)
හොර සල්ලි වලින් නටන නාඩගම් දන්නෝ දනිති (නි)
අයියයි මල්ලියි තනියෙන් යුද්ධ කළා වගෙයිනේ කතාව. (නි)
මෙහි බොහෝ දෙනෙකුට වැරදුන තැනක් තිබේ. මෙම ව්‍යාපාරය පටන්ගත්තේ පුද්ගලික සමාගමක් ලෙස නොවේ. නාවික හමුදාවේ දෙයක් ලෙසය. මෙය ඉන්පසුව තමා අැවන්ගාඩ් එකට පැවරුවේ. (නි)
රටක නීතිගරුක ශිෂ්ඨසම්පන්න ජනතාවක් සිටින්නේ නම් සිතියයුත්තේ වැරදිකරුවන්ට නීතියක් මඟින් අපක්ෂපාති උපරිම දඩුවම් ලබාදීමටය. පුද්ගලයන් ගැන සිතන්නේ බොහෝවිට අවස්ථාවාදීන් විසිනි. මුල්‍ය වංචාවන්ට සහ මිනීමැරුම් චෝදනාවන්ට ලක්වුවන් අද බොහෝවිට කතාකරන්නේ තමන්ට අදාළ කරුණ නොව යුධ ජයග්‍රහණය ගැනය. ඇත්තෙන්ම එය ලැජ්ජාවට කරුණකි. රාජකාරිය එකකි. වංචාව දුෂණය තව එකකි. (නි)
දැන් වැදගත් විදියට හිරේට දානවා. නමුත් සරත් ෆොන්සේකා කුදලාගෙන ගිය හැටි අපිට මතකයි. අන්න බලන්න යහපාලනේ වැදගත්කම! (නි)
ඡන්ද 2000ක් අරගෙන කැබිනට් ඇමති කෙනෙක් වූ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ කවුද කියලා අපි දන්නවනේ (නි)
ප්‍රභාකරන් බටහිර රටවල් අල්ලාගෙන රට දෙකඩ කරන්න හදද්දී බය නැතුව සටන් කරලා රට බේරාගත් පුද්ගලයින්ට අවමන් කරන කෙනා සිංහලයෙක් නෙමෙයි. වෙන කවුරුහරි අතේ බලය තිබුනා නම් අද ප්‍රබාකරන්ට හමුදා උත්තමාචාර! ටිකිරිලාගේ ලේ පරීක්ෂා කරලා බලමුද කොහෙන්ද මේ ගතිය ආවේ කියලා (නි)
ගෝඨාට අත තියන්න එපා. ඒ මනුස්සය නිසා තමයි ලංකාවේ දැන් ඉන්න අය බයක් නැතුව ඉන්නේ. මුල අමතක සිංහල ජාතිය ලොවෙන් වැනසී යන දිනය, වැඩි ඈතක නැහැ. (නි)
ලංකාවේ මිනිස්සු ගැන හරිම කණගාටු හිතෙනවා. මොකද මුල මතක නැහැ (නි)
බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ. කළගුණ නොදත් මකුණෝ කෑගැහුවට අපි නතර වෙන්නේ නැහැ. අපි ගෝඨා සමඟයි (නි)
මේ දැන් හැමෝම ඇවන්ගාඩ් එක තමන්ගේ බූදලේ වගේ කෑගැහුවට ඔය අදහස රජයේ එකක් නොවෙයිනේ. දැන් ඕක ආණ්ඩුවට ගත්තට පස්සේ ආදායම කොහොමද? (නි)
යුද්ධය දිනුව ගෝඨාභය මහතා ටිකිරි වගේ සමහර සිංහලයින්ට වංචාකාරයෙකි. යුද්ධයෙන් පැරදුනත් ප්‍රභාකරන් දෙමළ ජනතාවට දෙවියෙකි. මෙතැනයි සිංහලයගෙයි දමිළයගෙයි වෙනස. (නි)
සමහර අදහස් දැක්කහම ඇත්තටම පුදුම කළකිරීමක් දැනෙන්නේ (නි)
රටට සේවයක් කළ අය වැරදි වැඩ කළාම දඩුවම් දීම වැරදිද? නීතියෙන් බේරුනත් වැරදි කළ අයට සොබා දහමෙන් අනිවාර්යෙන් දඩුවම් ලැබෙනවා ..(බ)
යහපාලනයෙන් ගොඩ ගියේ තාජුදීන් හා ලසන්ත විතරයි මයේ හිතේ. (බ)
මෙතන ඉන්න ගොඩක් දෙන අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලන වාසි ගැන හිතලයි විතරයි...දියත උයනේ ,නාවල ,බෙලන්විල ,සහ ජ/පුර රෝහල අශ්‍රිතව සාදා ඇති මංතීරු වල උදේ හවස ඇවිදිමින් තමයි මේවිදිහට ගෝඨාභය මහතාට අවමන් කරන්නේ. රට වෙනුවෙන් හිතන මිනිස්සු කිසිම දිනක ගෝඨාභය මහතාට අවමන් කරන්නේ නැහැ,(බ)
බමුණු ආරච්චි ඔබ හරියටම හරි ,ඒ නිසා තමයි නිදහස් පක්ෂයේ ඉහල පුටුවල ඉන්න සමහර නායකයෝ කොටි ත්‍රස්තවාදී නායකයාට ප්‍රභාකරන් මහත්තයා කියලා ආමන්ත්‍රණය කළේ,ඒ වගේම යුද්ධය දිනුව ගෝඨාභය මහතා හොරෙක් කියලා හංවඩු ගහන්නෙත්,මේකරන්නෙම වෛරය පිරිමහ ගැනීමක් විතරයි. (බ)
රොමේෂ් කියපු දෙයට මමත් එකඟ වෙමි (බ)
ඇයි මෙයා නෙලුම් මලෙන් උපන් කුමාරයෙක්ද? වැරදිකළා නම් කවුරු වුනත් දඩුවම් ලැබෙන්න ඕනේ (බ)
නීතිය කාටත් පොදුයිලුනේ! (නි)
මේ පවුල හොරකම් කළාද නැද්ද කියල බලන්න ඇමෙරිකාවට යන්න. 2005ට පෙර සහ පසු... (නි)
ඇයි මෙයා නෙලුම් මලෙන් උපන් කුමාරයෙක්ද? මව් කුසින් ඉපදුන නිසා තමයි මෙයා සිංහල කැකුමකින් යුද්ධය දිනුවේ. නෙලුම් මලෙන් උපන් කුමාර කුමාරිකාවන් තමයි රට අවුරුදු 10 කට ප්‍රභාකරන්ට පාලනය කරන්න දෙන්න ලැහැස්ති වුණේ. (නි)
වැරදි කළා නම් කවුරු වුණත් දඩුවම් ලැබෙන්න ඕනෑ නම් මහා බැංකුවේ සිදුවුණ වංචාවටත් දඩුවම් ලැබෙන්න ඕනෑනේ (නි)
ඉසුරු දන්නා දෙයක් කතා කරන්න. 2005ට කලින් ආණ්ඩුව කරපු කාලේ ෆොන්සේකා හමුදාවේ සිටියනේ. ඒගොල්ලන්ට බැරිවුණේ ඇයි ෆොන්සේකාව ඉදිරියට ගෙන හමුදාව බාරදී යුද්ධය දිනන්න. යුද්ධය පැරදුනානම් වගකීම බාරගන්න වෙන්නේ කාටද. මහින්ද මහතාටද? ෆොන්සේකාටද? උම්මග්ග ජාතක පොත විෂය පොතක් හැටියට 1959 භාවිතා වෙද්දී මේවා ගැන අපට තර්රකානුකූලව හිතන්න පුරුදු කළ අපේ ගුරුවරුන්ට ස්තුතිවේවා! (නි)
ඔය දෙවියෝ ගැන කතාකරන කට්ටියට කියන්නේ , ලංකාව දිහා දෙවියෝ බලන නිසා තමයි හිටපු ජනපතිට ගෙදර යන්න සිදු වුනේ .(බ)
කුහක, මුල අමතක, මිසදිටු, අයන්ගෙන් ගහන රටක මොකට ඉපදුනාද කියල හිතෙනවා මේ දාල තියෙන කොමෙන්ට් දැකපුවහම. (බ)
රමණි, රම්‍ය හරි නමින් පෙනී හිටින්න. මටනම් ඔයාලගේ ප්‍රකාශ දැකපුවහම පුල්ලි මතක් වෙනවා.(බ)
චතුරි, සත්‍යපාල වැනි අය පාට කණ්ණාඩි දාගෙන වෙෙරයෙන් කතාකරන බව පේනවා. ජනවාරි 8ට කලින් ගෝඨාභය ගැන කියපු ගොඩක් දේවල් බොරු බව ඔබ වැනි අය නොදන්නව වුණාට අපිට නම් දැන් හොඳටම වැටහිලා තියෙන්නෙ. (නි)
රත්නායක මොන පාට කණ්ණාඩි දැම්මත් වපරකම යන්නේ නැහැ (නි)