නවගත්තේගම ගුරුවරික දන ගැස්වීයැයි කියන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇප ලබා එළියට පැමිණීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ ඔහු සමග ආනමඩුව නගරය වටේ චාරිකාවක යෙදුණේය.
අනතුරුව අයියානායක දේවාලයට ගොස් පොල් ගැසුවේය.
මේ අතර ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය ද අධිකරණය අසළ සිට පෙළපාළියෙන් නගරය බලා යන්නට ආහ.
පොලිසිය හා කැරලි මර්දන පොලිසිය මාර්ග බාධක දමා ඔවුන්ගේ ගමන නතර කිරීමට උත්සාහ ගත්තේය.
(ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ)
(ඡායාරූපය ජූඩ් සමන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද සාප කලේ? (අ)
මෙයාලගේ පොල් මෙයාලටම වැදියන් (නි)
පොල් නොවෙයි ගල් ගහන්නයි තිබුනේ. (අ)
ගහපු පොල් වැඩි දවසක් නොගිහින් තමුන්ටම වදීවි. (අ)
අනේ අපේ සංගමය නම් ගියේ පෙළපාලි නම් නෙවි අපි ගියේ පොල් කැලි ටික අහුලන්න (අ)
දෙවියෝ කාගේ පැත්ත ගනීද කියල දන්නේ නම් නෑ. අපි මේක දෙවියන්ට බාරදීල ඉඳිමු. (අ)
මේ වගේ අයටත් දෙවියෝ බලනවද ? (අ)
දෙවියන් දන්නවා සිදුවුණ සහ සිදුවිය යුතු සැම දෙයක්ම (නි)
ආණමඩුවේ ඉන්නේ පිරිමිද? මෙයා පාරේ යනකම් බලන් හිටියද? ලැජ්ජයි .. (නි)
මේ මිනිහට තමන්ගේ දුවගේ අනාගතේ වටිනාකම තේරෙන්නේ නැති හැටියක්.(අ)
මැර දේශපාලනය අගය කරන නුගත් ජනතාව. කවද හෝ සත්‍ය තේරුම් ගනිත් වා. මේ වගේ දේශපාලකයන්ට නැවත කරලියට ඒම වැලක්වීමට බුද්ධිමත් ජනතාව තීරණයක් ගතයුතුයි.(අ)
බණ්ඩාරනායක යුගයේදී මේ රටේ පංචමහා බලවේගය ලෙස පම්පෝරි ගැසූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ප්‍රජාව දේශපාලකයනුත් සමගම රටම සාපයක් වී තිබෙන හෙයින් ලංකාව අනාථවී ඇත්තේ මේ රටේ දෙවිවරුනුත් අසරණ කරමින් බව පැහැදිලියි.(අ)
මන්ත්‍රීතුමා සහ ඔහුගේ හෙන්චයියලගෙන් ගුරුවරිය ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද? (අ)
වැහි දවස් නිසා පොල් ගැසීම සෙම්,පිත් රෝග වලට බලපානවා.ඊට වඩා හොඳ ගෝල,බාල ආදීන් සමග ගල් ටිකක් ගැසුවා නම්...(අ)
මොක්කු පොල් ගැහුවත් ,දයාබර ගුරු මාතාවනි,තෙරුවන් සරණින් ඔබට කිසිම විපතක් සිදු නොවේවා! දුර රටක සිටියත් සැමවිට අප ඔබ සමග (නි)
මෙවැනි පිලිලයන් සමාජයෙන් කොන් කරනු වෙනුවට, පුම්බන පාක්ෂිකයන් විසින් මුළු සමාජයටම කරන්නේ මහත් වරදකි.තමන්ට ලැබෙන බත් පැකට් එකට, බෝතලේට ,හිතවත්කමට ඡන්දය දීම නිසා පළාතම ගද ගසන බව මොවුන්ට නොතේරේද? දැන්වත් තමන්ට ලැබෙන දේ ගැන විතරක් නොහිතා පුද්ගලයාගේ අධ්‍යායාපන සුදුසුකම්, මිනිස්කම් ,සමාජ දර්ශනය ආදී දේ ගැන සිතා ඡන්දය පාවිච්චි කරන්නට අපේ සමාජය දැනුවත් කරමු. (නි)
අනේ මගේ කට අවුස්ස ගන්න එපා (නි)
දැන් ඉතින් හිමින් සැරේ මස දෙක තුනක් ගිහින් මිනිස්සුන්ට අමතක උනාට පස්සේ ඇමති කමකුත් එක්ක පළාත් සබාවට පත් කරන්නයි තියන්නේ. (දී)
දන ගස්සල පොල් ගෙඩිය ඔලුවට ගහන්න තිබුනේ. පස්සෙන් යන කටුකන කට්ටියට පේන්න එක්ක (දී)
පොල් ලෙලි ගස්සවන්න ඕනේ කරපු වැඩේට. (දී)
පොල්ගහන්න මතක් උනේ වැඩ දෙල් උනාට පස්සෙද. (දී)
පොල් ගහල තියන්නේ අපල දුරු කරගන්නද? ගුරුවරියට සාප කරන්නද? (දී)
මන්ත්‍රී මොන නෙයියාඩගමක් නැටුවත් ඒ හැම එකේම ප්‍රතිපල තමන්ගෙම දරුවා පසුපස එනවා කියන එක අමතක කරලා ඉන්නේ.(නදී)
ඇයි ඔය පිටිපස්සේ යන යට ආදාර කරුවෝ කියන්නේ. ඒ නම හොද වැඩියි. මන් නම් කියන්නේ වන්දි බට්ටයෝ, බත්බැලයෝ, එහෙයියෝ, ගොට්ටකාරයෝ, සපත්තු ලෙවකන්නෝ, කියන කියන අතට නැමෙන්නෝ වගේ වචන. එහෙම නැතිනම් මේ තරං දෙයක් කරපු හරකෙක්ව පිලි අරන් නගරේ වටේ යාවිද.(නදී)
පොල් ගැහුවට කමක් නැහැ. ඕව වදින්නේ ඔය තවත් පස්සෙන් යන කට්ටියට . තව ගුරුවරුන්ට දන ගහන්න වේවි (දී)
පොල් ගැහුවයි කියල කල වරද නිවැරදි වෙන්නේ නැනේ,,, මේ මිනිස්සු ඉතිරි ගෞරවයත් නැතිකරගන්න දඟලන හැටි,,, (දී)
බත් පැකේට් ආධාරකරුවන් . (දී)
මේ වගේ මොලේ නැති අයද රටේ පරිපාලනයට අත ගසා ඉන්නේ? (අ)
ලංකාවේ මඩු ගානේ ඉන්න හොර දෙවිවරු, සත්ත්‍ය දෙවියන් නොවෙයි. මල යක්ෂයෝ, කුම්බන්න්ඩයෝ හා පිසචයෝ විතරයි. ඒවාට නමස්කාර කරන මිනිසුත් ඒ වගේම තමයි (අ)
දේශපාලකයෙක් කිවොත් අසුචි කාපන් කියලා එකත් කයි.... එහෙම රටක් මේක. (අ)
මේ වගේ වැරදි කරපු අයව පෙලපාලියෙන් අරන් යන මේ මිනිස්සු පුත්තම් බූරුවොද මං අහන්නේ.(නදී)
අහිංසක ගුරු මවට දෙවියන්ගේම පිහිටයි!(නදී)
කාටද මේ චැලේන්ජ් කරන්නේ. අර අහිංසක ගුරුවරියටද , ජනාදිපතිතුමාටද ?(නදී)
දෙවියන්ටම පෙනේවි දැන් කව්ද හරි කව්ද වැරදි කියලා.(නදී)
මේ ගහන පොල් මේ වගේ දේශපාලන සත්තුන්ගේ පස්සෙන් යන අයටම වැදේවා කියලා සාදු කාරයක් දෙන්න.(නදී)
අනේ තාමත් මෝඩ මිනිස්සු පස්සෙන් යනව නේ? (නි)
ලජ්ජා නැති රටක්. (දී)
පොල් ගණන් කාලේ මොනවාද මේ කරන්නේ (දී)
මොනවාද මේ විකාර වැඩ (දී)
මොකද්ද පොල් ගහන්න හේතුව (දී)
ඔබගේ ප්‍රර්තනාවන් ඉෂ්ට වේවා! ගුරුතුමිය ආරක්ෂා කරත්වා! (දී)
පළාත් සභා වලට පොලිස් බල තල තිබුනොත් මේ පළාත් මන්ත්‍රී වරු කෙසේ එම බලය භාවිතා කරයිද? සින්හලුනේ දැන්වත් මොලේ පාවිච්චි කරල වැඩ කරනු. මොළයක් තියෙන මිනිසෙකුට පළාත් සභා වලට පොලිස් බල තල දුන්නොත් වෙන දේ සිතා ගන්න මේ සිද්දිය හොදටම ප්‍රමාණවත්. (දී)
අලුත්ම වැඩේ , මොන තරම් වරදවල් කලත් කමක් නැහැ, අන්තිමේ පොල් ගෙඩියක් ගැහුවානම් ඔක්කොම ඉවරයි (දී)
විහිලු කාරයෝ වගේ වැඩ කරන්න එපා මහත්තයෝ (දී)
මේවා කාට කියන්නද විහිලු මේවා (දී)
ඔබ තුමාට දෙවියන්ගේම පිහිටයි ! (දී)
වට තිර මළුවේ පුදසුන ගිලිහී දෙවියන් නැත දෙවොලේ.(නදී)
ඇප ලැබූ පලාත් සභා මන්ත්‍රී දන ගසයි කියා වාර්ථා කරන්නේ කවදාද කියලයි මම නම් බලා සිටින්නේ (නි)
පොල් ගෙඩිය ඔලුවටම ගහගත්තා නම් හරි මොලේ පැදෙන්න. (නි)
මෙයා දැන් පළාත් සභා මන්ත්‍රී නෙමේ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කෙනෙක් . එයා නැවත කරලියට ඒම වැලක්වීමට බුද්ධිමත් ජනතාව තීරණයක් ගතයුතුයි. (නි)
මේ අය දෙවියන් ලඟට ගියේ මොනවා කියන්නද? (නි)
නීල්, ඔබ බණ්ඩාරනායක ඉන්න කාලේ හිටියද?ඒ කාලේ සිංහල බෞද්ධයට තිබුන තැන ගැන දන්නවද? බණ්ඩාරනායක මහතා එන්න කලින් සිංහල බෞද්ධ අපි අපේම රටේ තුන්වන පන්තියේ රටවැසියෝ. ඒ බව ඔබ දැනගෙන සිටියද? (නි)
ගල් ගහන්න තියෙන්නේ ගෙවල් වලට ගියාට පස්සෙ. (නි)
ගහගන්න පොල්ගෙඩිය ඔළුවේ.(නදී)
මෙයා පොල් ගහන විට මෙයාට පොල්ලෙන් ගහන්නයි තිබුනේ. මෙයාලා පිටුපස යන කොටසකුත් ඉන්නවනේ. මේ පිටුපස යන අය ඉන්තුරු මේ රටට සෙතක් වෙන්නේ නැත.(නදී)
වටේ ඉන්න මිනිස්සු දැක්කහම, මට මගේ රට ගැන දුකයි. මගේ රටේ මිනිස්සු මෙච්චරට නුගත්ද? මෙච්චර අවස්ථාවාදීද?. කවදා මෙරටේ මිනිස්සු ඇත්ත දැන ගනියිද, ඇත්ත වෙනුවෙන් කතා කරයිද (නි)
මිට කලින් කට්ටිය මිරිසුත් ඇඹරැව මොකද උනේ මෙයාටත් පොල්ගැහුවත් ඒකම තමා (අ)
'මේ මිනිහට තමන්ගේ දුවගේ අනාගතේ වටිනාකම තේරෙන්නේ නැති හැටියක්.' මේගොල්ල තමයි රටේ අනික් අයගේ අනාගතය හදන්න යන්නේ. (නි)
පොල්ගහලා වැඩක් වෙයිද? (නි)
ගුරු දෙවියන්ට තලා උඩ දෙවියන් වදින මෙතුමා ඉල්ලන් කන්න යන්නේ, හැබැයි පුතෝ උඩ දෙවියන්ගෙන් නම් ඇප ලැබෙනේ නැහැ හොදේ (නි)
මන්ත්‍රී ඒ වෙලාවේ නම් ඉදලා තියෙන්නේ ගල් ගහලා කියන්නේ...ඇත්තද? (නි)
දේශපාලුවන්ට පොල් ගහන එකත් විහිළුවක් වෙලා. මොකටද ගහන්නේ කියලවත් දන්නේ නැතිව ඇති (නි)
දෙවියනි ඔබත් මෙසේනම් මා කාට මේ දුක පවසම්දෝ? ඔබ මට දුන් මේ කදුලැල් ඇයි තවම නොහදුනන්නේ? (නි)
මෙයාගේ පස්සේ යන අයට මොලයක් නැද්ද? (නි)
සිංහලයාගේ ඇස් ගෙඩි වලට හෙන වැදුනේ මීට හුඟක් ඉස්සර. පුංචි වාසියක් වෙනුවෙන් සුද්දන්ට වගේම ප්‍රභාකරන්ටත් රටම පාවා දුන්න අය හැමදාමත් හිටියා. (නි)
මේවට තමයි කියන්නේ *නරි නාටක *කියලා. (නි)
අනේ අනිච්චන් , පව් දෙවියෝ ! (නි)
මේ මන්තිරිතුමෝ, ඔබලා වැනි අයය දිහා දෙවියෝ බලන්නේ නැහැ. පොල් නෙවෙයි නුඹලාට ගල් ගහන්න වටින්නේ. (නි)
පොල් ගහන්න නෙමෙයි, පොල් ගාවන්න ඕනෑ ඔය වගේ වැඩ කරන මිනිස්සුන්ට. (නි)
නියම මන්ත්‍රීලා , මගේ ලංකාවට වගේම ගුරුවරුන්ටත් දෙවිපිහිටයි. (නි)
මේ අහිංසක පළාත් සබැ මන්ත්‍රී මහතාට කරපුඅසාධාරනයට පොල්ගැසිමෙන් වැඩක් ම වේවා. . දෙවියන්ගේ පිහිට ආවේශය ප්‍රයෝගික පහසුකම් ඇති වේවා . මේවට දෙය්යොත් සාක්කි . අනේ කාලේ , වනේ වාසේ කිව්වලු . (අ)
ලංකාවේ දේශපාලකයන්ගේ ගති පැවතුම් බලගත්තා නේද? පක්ෂයක පාට ගැන හිතලා ඡන්දය දුන්නු මොලේ නැති මිනිසුන්ට හොඳ පාඩමක් මේක. (නි)
මෙහෙමත් කල යාද පලු වීර ගස් යට.... (නි)
මේ වගේ මිනිස්සුත් එක්ක දේවාල ගානේ යන්න මිනිස්සු ඉන්නවනේ මේ රටේ?පොල් ගෙඩියෙන් ගහන්න ඕන මන්ත්‍රීගේ ඔලුවට ජරා වැඩ කරනවට (දී)
මේවට පස්සෙන් යන පිරිවර ඇස් පෙනෙන අන්දයෝ. (දී)
එතුමාට වෙන කරන්න වැඩක් නැහැනේ (දී)
මිනිස්සුන්ගෙන් තවත් බැනුම් අහන්න කල වැඩක් ද කොහෙද (දී)
මෙයා යක්ෂයෙක් නොවෙයි කියලා තව කෙනෙක් කියනවා, එහෙනම් මෙයා රාක්ෂයෙක් හො පරාක්ෂයෙක් විය යුතුයි (අ)
එකක් ඔලුවටම ගහගත්තා නම් තමයි හරි ! (නි)
මේවා බලන්න ඕනෑ ලොකු ලොක්කෝ මිසක් දෙයියෝ නෙමෙයි (නි)
පොල් ගැහුවට දෙවියෝ බලයිද? (නි)
පේනවද රටක සමාජයක් දුෂණය වූ තරම? කරපු දේ අනුමත කරන්නත් ලැජ්ජාවක් නැතිවුණ මිනිස්සු ඉන්න සමාජයක් දැන් තියෙන්නේ. (නි)
ලබන ආත්මෙදිවත් මෙවන් පහත් වැඩක් නොවීමට මගේ මොලේ පෑදේවා කියලා වෙන්න ඇති පොල් ගැහුවේ ..... (නි)
මේ මොන විකාරයක්ද? ගුරු මැඩම් කෙනෙක්ව දන ගස්සපු මෙයා එක්ක යන අය මොන්ටිසෝරියකටවත් ගිය කට්ටියද? අනේ මන්දා සල්ලි වල බලේ... (නි)
දුව කොටට අදීනවට ආසා ඇති. (නි)
හෘද සාක්ෂිය මියැදෙමින් සිටිද්දී සත්‍යතාවය කවදා පණ ලබා නැගිටීවිදැයි අපට නම් කිව නොහැකිය. මෙම සිද්ධිය දෙපිරිසගේ හෘද සාක්ෂියන් වෙත එල්ල කළ මරු ප්‍රහාරයකි. අගතියට පත් කෙනාගේ පාර්ශවය දැන් අගතියට පත් කළ බව කියන කෙනා වෙනුවෙන් පෙලපාලි යති. කව්ද හරි කව්ද වැරැදි ? පලමුවන හෝ දෙවැනි පාර්ශවයද? නැතිනම් තුන්වන පාර්ෂවය වන අපිද? (නි)
මෙයාගේ ඔළුවට ගහන්න තිබුනේ පොල්ගෙඩියෙන්.(නදී)
මෙයාට පොල් ගස්සන්න තිබුනේ අර ගුරුවරියගේ කුස්සියට එක්කන් ගිහින් දඬුවමක් හැටිය මිස්ගේ හිරමනෙන් . අනේ මෙහෙමත් මෝඩ රැලක්. (නි)
මේව දැක්කම රටේ ප්‍රධානියට තමයි ශාප කරන්න හිතෙන්නේ.(නදී)
දැන් ඉතින් ගුරුවරිය ඉඳලා ඉවරයි... (නි)
දැන් ලංකාව පාලනය කරන්නේ මේ වගේ අයද? (නි)
වටේ ඉන්න අයටත් හු ..... ලජ්ජා නැති අයටත් හු .... (නි)
ගහට නැගපු එකාටත් කියන්න කරන්න දේවල් තියෙනවනේ... (නි)
මේ වගේ රට ගොන්නු ටිකක්. ඇයි මෙහෙම මේ වගේ කෙනෙක් පස්සේ යන්නේ. (නදී)
මේ පොල් ගැහුවේ ජනතා නියෝජිතයන්ට එරෙහිවද? නැත්නම් පක්ෂ නියෝජිතයන්ට එරෙහිවද? (නි)
අපිට පොල් ගහන්න ඕනි .. මෙයාලවගේ අය පත් කලාට ..(අ)
ඔලුව පාවිච්චි කරන්න පුරුදුවෙන්නත් එක්ක පොල්ගෙඩිය ඔලුවේ ගහන්න තියෙන්නේ. (නි)
මෙයාව බාර ගන්න ගෙදරින් ගිහින් නැද්ද?......කෝ දැන් අම්මි,සහ දුව? (නි)
මේකේ දාල තියෙන අදහස් දැක්කම හිතෙනවා දේශපාලුවෝ රටට කොපමණ විනයක් කරලද කියලා. (නි)
බාරේ හැටියට නම් දිග රෙදි ඇදගෙන පොල් ගැහුවම දෙයියෝ පළි ගහනවලු. (නි)
මේ වගේ අයට ඡන්දෙ දෙන අයටයි ගහන්න ඕනෑ (නි)
මම නම් කියන්න මෙයාගේ වරදක් නැහැ කියලා. අපි එයාව ආරක්ෂා කරගන්න ඕනෑ. කවුද දන්නේ ගුරුතුමිය පෞද්ගලික තරහක් පිරිමැහුවද කියලා (නි)
වැස්සකටවත් ඉස්කෝලේ පැත්ත පලාතෙවත් නොගිය කට්ටිය වෙන්නැති මේ.. (නි)
පොල් නෙමේ ගල් ගහන්න ඕනේ (අ)
කහපාට රෙදි ඇඳගෙන ඉන්න උදවියත් ඉන්නේ සහයෝගය දෙන්න.ආදාර්ශවත් උදවිය .අනේ මෙහෙමත් අදර්මිෂ්ට මිනිස්සු. (නි)
මේ මිනිස්සු මන්ත්‍රීලා වුනාට වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ වගෙයි. කොසොල් කුමරු තල හොරෙන් කාපු වරදට දිසාපාමොක් ආචාරීන් දඬුවම් කරපු කතාව මෙයාට කව්රුහරි කියල දෙන්න. (නි)
ඔය පොල්ගෙඩියෙන් තමන්ගෙම ඔලුවට ගහගත්තනම් හරි (අ)
රටට යන කල ගැන හිතාගන්න පුළුවන්. මේ කෙනාට තමන්ගේ දරුවාගේ අනාගතය ගැනවත් හිතන්න තිබුනා. මම පාසෙලෙන් අස්වෙලා දැනට අවුරුදු 22 වෙලත් අදටත් අපිට ඉගැන්නු ගුරුවරයෙක් දැක්කොත් මම නම් දන ගහලා වැදලා කතා කරලා තමා එන්නේ. (නි)
ලගදීම ඔය ගුරුතුමියම කියාවී එයයි වැරදි වැඩේ කලේ කියලා. (නි)
පාරෙ බැහැලා යන්න පුලුවන්ද දැන්? පස්සෙන් එන අයටත් ලජ්ජා නැති හැටි? (නි)
මෙපමණ සාක්ෂි තිබෙද්දිත් මේ නඩුව ඉවරයක් නොවෙන්නේ මොකද? (නි)
ඔලුව කළුගලේ ගහගත්තට පස්සේ මක්කටෙයි පොල් ගහන්නේ ? (නි)
මේ මොන පිස්සුවක්ද? ආපහු කූඩුවට යන්න වත්ද? හාමුදුරුවොත් ලග ඉන්නේ. අනේ අනිච්චං.(නදී)
ආරිය සිංහල ඇදුමටත් උතුම් සිංහලකමටත් නිගා කරන මේ වගේ අයට හොද දඩුවමක් දෙන්න ඕනෑ. එහෙම කළොත් නම් රටත් ගොඩ ..අපිත් ගොඩ ! (නි)
පොල් ගහල හෙන වදින එකෙන් බේරෙන්න පුලුවන්ද?උසාවියෙන් ඇප ගත්තට දෙවියන් ගෙන නම් ගැලවෙන්න වෙන්නේ නෑ. (අ)
කොච්චර පොල් ගැහුවත් දෙවියන්ට වැඩක් නැහැ. කව්ද හරි කියලා දෙවියෝ දන්නවා.එදාට ඔය සුදු පිරුවට ගැලවෙනවා. ලංකාදීපයට අපගේ ගෞරවය පුදකරනවා (නි)
ඕනෑම වැරදිකාරයෙක් වටේ මේ රටේ මෝඩ මිනිස්සු කොච්චර ඉන්නවද කියලා දැන් හිතෙනවා. අර අකුරැස්සේ කෙනා නිදහස් කරන්න මිනිස්සු පෙළපාලි ගියා, අහවලා ආපු දවසෙත් මහා සෙනගක් හිටියා.දැනුත් කොච්චර සෙනගක් ඉන්නවද? මේව අපේම මිනිසුන්ගේ වැරදි.මේ රට හදන්න බැහැ. (නි)
ඔබට ජයම වේවා! (නි)
පොල් ගහන්න තිබ්බේ ගෙදර ගිහින් දුවගේ කොට ගවුමටනේ (නි)
අපිට බැරිද එයාට පොල් ගහන්න? (නි)
මිනිසුනේ, මොවුන්ට ගල් ගසාපියව්! නුඹලාට පව් නැත. (නි)
ඔය ගෝල බාලයෝ , වැඩිදවසක් එයා වටේ රගදෙන්නෙ නැහැ. තවම ටිකක් මන්ත්‍රී රස්නේ ඇදුමේ ගෑවිලා තියනවනේ. ඒකයි. (නි)
පොල් ගහන්නේ තිබුනේ කොටට ඇදගෙනනේ. ඇයි මෙහෙම ආවේ? (නි)
ලංකාවේ මෝඩයෝ වැහි වැහැලා. දුකයි. කරන්න දෙයක් නැහැ. (නි)
දැන් ඉතින් අර අහිංසක ගුරුතුමියට මොනවා වේවිද දන්නේ දෙවියෝම තමා.... (නි)
මේ වගේ දේශපාලඥයන්ගේ පස්සෙන් යන අයට පොල් ගෙඩි වලින් ඔලුව පැලෙන්න ගහන්න හිතෙනවා මට (නි)
අහෝ දුකකි, කොම්බුවකි, කොමාවකි, තිතකි, ඉරකි, ප්‍රශ්නර්ත්යකි .(අ)
පොල් ගෙඩියෙන් ගැහුවා නම් හරි, පස්සෙන් යන පිරිවරටත් එක්ක. (නි)
මෙය පොල් ගහලා දෙයියන්ගෙන් මොවද දන්නේ නැහැ ඉල්ලන්නේ? තමුන්ව හිරේට යවපු අය හැදී ගෑවිලා යන්න කියලද? ඇත්තටම දෙයියන්ට මේවා පේනවා නම් කොච්චර ශෝක්ද අනේ? (නි)
දැන්වත් තමන්ට ඉගැන්නුව ගුරුවරු මතක් කරලා හැදෙන්න බලන්න නැත්නම් දරුවන්ට තමයි පාරේ බැහැලා යන්න බැරිව යන්නේ.(නදී)
ශාපයක්දෝ දෙවියන්ගේ ශාපයක්දෝ ...? දෙවිවරු ඉන්නවා නම් මේ ලංකාවේ මේ වගේ අයගේ හිස පැලෙන්නෙත් ඔය පොල් පැලෙනවා වගේම තමා.වැරදි කර කර දේවාල ගානේ ගිහින් දේශපාලුවෝ පොල් ගහන එකම මේ රටට ශාපයක් වෙලා තියෙන්නේ. (නි)
නියම බුදු දහමට අනුව ජීවත් වෙනවානම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනදී පේනවා මේ මනුස්සයා කොයිතරම් මිත්‍යාදෘෂ්ථීකද කියලා. බුදු දහමේ දෙවීවරූ නෙමේ ඔය.ඔය හින්දු දෙවිවරු.පංච ශීලයට අනුව ජීවත්වෙලා අඩුම තරමින් පෝයට අටසිල් සමාදන් වෙනවා නම් සම්‍යයක් දෘෂ්ථීක දෙවීවරු අපි පිහිට ඉල්ලුවත් නැතත් අපිට පිහිට වෙනවා. ධම්මේ හවේ රක්කතී ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි.මේ මිනිසුන් ගැන හරි දුකයි. (නි)
මේ වගේ අයට අපියි පොල් ගහන්න ඕනෑ. (නි)
පස්සෙන් යන මේ වගේ හෙන්චයියලව පුනරුත්ථාපනය කරන්න වැඩපිලිවෙලක් කුමන ක්‍රමයකින් හෝ ක්‍රියාත්මක කලයුතුයි. නැත්නම් මෙරටට කවදාවත් නැගිටින්න බැහැ (නි)
අනේ අයියනායක දෙවියනේ, අපි බුලත් හුරුළු දීලා දණගහල වැදපු ගුරු පරපුරේ කෙනෙකුට දුන්න මේ දඬුවමට ඔය පොල් ගහපු අයටම දඬුවම් දෙන්න දෙවියනේ, දිනහතක් යන්න කලින් (නි)
අනේ මේ ඉන්නේ නවගත්තේගම ජනතාවද කියලා මට නම් සැකයි. හැදිච්ච ළමයිගේ නැහැදිච්චි දෙමවිපියෝ ටිකක්නේ මේ ඉන්නේ.(නදී)
පොල්ගෙඩිය ගහන්න ඕන මුගේ ? (අ)
මන්ත්‍රීතුමා ඔයිට වඩා හොඳ නැද්ද තමුන්ගේ ඔළුව කළු ගලක ගහගතාත්නම් (අ)
මෙයාව හිරේ යැව්වේ තමන්ගේම දු තමයි. පොල් ගහන්නේ ඒකටද? (නි)
පොල්ගෙඩිය නොවී ගලේ ගහන්න තිබුනේ තමාගේම ඔලුව.මොකද මොලය පැදෙන්න. (අ)
ඔය පොල් ගෙඩිය ගහ ගන්නවා (අ)
මේක බරපතල වැරදි ආදර්ශයක්. මන්ත්‍රීව පිළිගත් මිනිසුන්ටත් දඩුවම් දෙන්න ඕනෑ. මේ මිනිසුන් මොනවා කරන්නද බලාපොරොත්තු වෙන්නේ? මොනවද රටට දෙන ආදර්ශ? (නි)
අහෝ මගේ රට, අහෝ මගේ පාසැල, අහෝ රට තුල දළුලා වැඩෙන මන් දබුද්දික දේශපාලනය, අහෝ ඒ පසුපස යන මන්ද බුද්දික ජනතාව අනේ අපි කවදාක මේ අඳුරින් එලියට එන්නද ?(නදී)
අනේ මේ පස්සෙන් යන අය සේරම ස්කොලේ ගියපු නැති කට්ටිය වෙන්න ඇති.(නදී)
පොල්ගෙඩිය නොවේ ගලේ ගහන්න තිබුනේ තමාගේම ඔලුව. මොකද මොඩ රැලක් දැක්කා කාලේකට පස්සසේ. මේ රට ගැන හරිම දුකයි.(නදී)
ඔය තුන්වෙනි පිංතුරේ ෆොටෝ ගහන කෙනා මොන වගේ කෙනෙක්ද ?(නදී)
පොල් ගහල පෙන්නන්න හදන්නේ තමන් නිවැරදියි කියලා. මේ වගේ අය පස්සේ යන අයටයි ඉස්සරවෙලා ඔය සාප වදින්න ඕනෑ. (නි)
අපෙ අප්පෝ! මගෙ රටට මේ මොනවද වෙන්නේ? (නි)
ගුරුතුමියට කුණුහරපෙන් බැනලා , දනගහලා තිබ්බට පොල් ගෙඩියෙන් ඔලුවට ගහගත්තා නම් මොලේ පාදගන්න තිබුනා. වටේ ඉන්න අය මොනවට පස්සෙන් යනවද?මගේ ජීවිතේට ඇහුවේ නැහැ මෙහෙම කෙනෙක් ගැන. (නි)
මන්ත්‍රීතුමාට කුඩයක් අල්ලන්න කව්රුත් නැහැ වගේ. (නි)
මෙයාලගෙත් පිටිපස්සෙන් යන අය ඉන්නවනේද? (අ)
ඔයාලා මොනවා කියනවද? ගුරුවරියමයි හිතලා දණ ගහලා තියෙන්නේ මේ අපේ සර්ට වදින්න (අ)
අන්තිම කතාව වන්නේ ගුරුතුමිය තමා විසින්ම දණ ගසාගෙන ඇති බවයි. තමා විසින්ම ගස් බැඳගන්න රාජ්‍ය සේවකයන්, තමා විසින්ම තමන්ටම ඔලුවේ පැලෙනකම් ගසා ගන්නා හමුදා මේජර් වරුන් සිටින රටේ මේකත් අරුමයක් නොවේ. ආසියාවේ නොව මුළු ලොවේම ආශ්චර්ය මෙයයි(අ).
බොදු බල සෙනග මේවට මොකද කියන්නේ, මේවා අදාල නැද්ද එයාලගේ විෂය පථයට? (නි)
අරක්කු බෝතලයටයි බත් පැකට් එකටයි කඩේ යන "වීරෝධාර ශ්‍රී ලාංකිකයින්" ඕනෑතරම් සොයා ගැනීමට පුළුවන්. ජනතාවගේ බලවත් ඉල්ලීමට කන් දීලා නොමිනේෂනුත් ලැබෙනවා ෂුවර්. මේක ශ්‍රී ලංකාව. (නදී)
, අනේ හොදා තමන්ම වැරදි කරලා තමුන්ම පොල්ල් ගහගන්නවානේ,(අ)
මෙය කියන්නේ දුව කකුල් පේන්ඩ ඇන්දට කමක් නැහැ කියලනේ.දුවට දෙවි පිහිටයි (අ)
පොල් ගහන්නේ, අනේ දෙවියනේ මාව බේරාගන්න. මම ගුරු මෑනියෙකුට අපහාස කළා. මහා අපරාධකාරයෙක් කියලා තමන්ගේ හෘද සාක්ෂිය තමන්ටම වද දෙන නිසා වෙන්න ඇති. (නි).
පොල් ගහන්න තිබුනේ දුවගේ කොට ගවුමටනේ (නි)
තමාගේ දුවව නිවැරදි මාර්ගයට ගන්න උත්සාහ නොකරන මේ වගේ පියවරු නිසා උතුම් පිතෘත්වයත් නැති වෙනවා. දේශපාලන මෝඩයෙක් උනාට කමක් නැහැ, එත් හරකෙක් කියල පෙන්වන එක තමා වැරැද්ද. රට හදන්න එපා . දුවව හද ගන්නකො හොදට. කොන්ද පන නැති මිනිස්සු ටිකක් පස්සෙන් යන්නේ අරක්කු බෝතලයක් ගන්න හිතාගෙන , දවල් කෑම එක ගන්න ඕන නිසා. (අ)
මෙයා පොල් ගහන්න යනකොට උගේ පස්සෙන් යන්නෙ උගේ අතේ ගහන බත් බැලයො සෙට් එක වෙන්න ඇති. (අ)
මුන් ආදාර කරුවන් නෙමේ රට කන හිගන්නන්. මේ හිගන්නන් ඉන්න කන් මේ දේශපාලනේ ගොඩ ගන්න බැහැ.(නදී)
ආනන්ද ආර්, මෙයා පොල් ගහන්නේ, මිනීමරුවෝ හොරු ස්ත්‍රී දුෂකයෝ ඔක්කොම කරපු වැරදි නොදැක්කා වගේ ඉදලා මං ගුරුවරියක් දනගස්සපු එකට විතරක් මෙහෙම කලේ ඇයි කියලා හිතට වද දෙන නිසා වෙන්න ඇති. (නි)
පොල් ගහන්න ඕනේ මෙයාගේ දුවගේ ඔලුවට.(නදී)
මන්ත්‍රීගේ පිටිපස්සෙන් යන ආධාර කරුවන්ට කියන්නේ කටු කන බල්ලෝ කියලා.(නදී)
මේ මට කව්රුහරි දන්නවනම් කියන්න ඔය මෝඩ මනුස්සයා ඉස්කෝලේ ගිහින් තියනවද කියලා. ඔය කියන ගැහැණු ළමයත් කොහොම කෙනෙක්ද කියා.(නදී)
කොසොල් රජතුමාගේ 15 වන සිහිනය භාග්‍යවතුන් වහන්ස සැමවිටම යමක් දැනගැනීඹට සිටින කපුටෙක් ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනු දුටුවා මෙහි අදහස කුමක්ද? බුදුන් : රජතුමනි අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයින් මිනීමරුවන් සොරුන් වැනි අයට පාලකයන් විසින් බලතල ලබා දෙන බැවින් ඒ අය ඉහලින් වැජබෙනවා උගතුන් බුදිමතුන්ට ඔවුන්ට යටත් වීමට සිදු වෙනවා මේ සිහිනයේ තේරුම එයයි.(නදී)
මේ වගේ අයට ඡන්ද ඉල්ලන්න අවස්ථාව දෙන්නේ කවුද? (නි)
දයාබර ගුරුතුමියනි,ඔබ අනාගත දරුවන්ට කරන සේවය අපි දනිමු. ස්ත්‍රී දුෂකයන්,කඹ හොරු,සුනාමි හොරු කරලියට පැමිණ ඇත.අද ලංකාව ඔවුන්ගේ දේපලක් බවට පත්ව ඇත. හැකි ඉක්මනින් මෙරටින් පැන යන්න බලන්න.මේ පහත් පුද්ගලයින් මෙරටින් අතුගා ගාලා දාපු දවසට නැවත පැමිණෙන්න. (නි)
ගුරුතුමියනි, ඔබ තුමියට වෙන දේ ගැන අපි දැන්මම දනිමු.හැකි ඉක්මනින් මෙම මිනීමරු දේශයෙන් පැන යන්න. (නි)
නීතියක් නැති රටේ අර අසරණ ගුරුතුමියට දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (නි)
මේ වගේ අය ඉන්න රටක මොන නීතියක්ද? යුක්තිය වෙනුවෙන් කොන්ද පන ඇතුව ක්‍රියා කරපු ඒ ගුරුතුමීගේ ආරක්ෂාව සහතික කරන්න ඕනෑ.මතකනේ මේ වගේම කෙනෙක් දවසක් රූපවාහිනියට රිංගලා රටම හිනැස්සුවා. ඒත් අවාසනාව මේ වගේ අය ඊළඟ ඡන්දෙ අත්දෙක වනලා ඡන්දෙ ඉල්ලපු ගමන් මිනිස්සු ඡන්දෙ දෙනවා. (නි)
කවුද මේ පොල් ගහන්නේ
පොල් ගහන්න ඕනෑ එයාගෙම ඔලුගෙඩියට.මෙයාට තේරෙන්නේ නැද්ද තමන්ට ලොකු දුවෙක් ඉන්නවා කියලා. අඩු ගානේ එයාගේ පවුලටවත් බැරිද තේරුම් කරලා දෙන්න. ඕවට උදව් කරන දේශපාලකයෝත් ඉන්නවනේ . රටත් කනවා පක්ෂයත් කනවා මේ වගේ අය. ඔය කියන අර සේනා මේ සේනා වලට බැරිද ගුරුතුමිය වෙනුවෙන් කතා කරන්න. ගුරුතුමියට බුදුසරණයි. ගුරුතුමියට සාදාරනය ඉටු වුනේ නැත්නම් බුදු බණත් බොරු. (නි)
ටික දවසකින් මෙයාට මන්ත්‍රීදූරය ලැබෙයි. හැමදාම වුනේ ඒකනේ. රටට පේන්න දඩුවම් දුන්නට ඕවා කෙරන්නේ ඉහළින් එන නියෝග වලින්.(නදී)
නුගත්කමයි මෝඩකමයි විලාසිතාවක් කර ගන්න එපා. (නි)
යකෝ දැන් ආණමඩුවේ හරක් බෝ වෙන තරම!(අ)
මේවට රටේ ජනතාවත් වග කියන්න ඕනෑ. ඇයි මේ වගේ අයට ඡන්දෙ දුන්නේ. ඒ නිසානේ මෙයාලා මේ විදියට වැජඹෙන්න හදන්නේ. මෙයා නම් වැස්සකටවත් ඉස්කෝලේ ගිය කෙනෙක් නෙමෙයි. තමන්ගේ අම්මව දණ ගැහුවා වගේ වැඩක් කලේ. එයා ඔය පොල් ගෙඩිය ගහ ගත්තේ එයාගේ ඔලුවටමයි. (නි)
ඔය පොල් ගෙඩිය ඔලුවේ ගහගත්තා නම් හොදයි. දුව කොටට ඇඳන් ගිහින් වැඩ වරද්දා ගත්ත දවසට තමා මේ වගේ අයගේ ඇස් ඇරෙන්නේ. (නි)
මේවා අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ..... (නි)
අනේ මෙයාට සපෝර්ට් එකට කව්රුත් නැනේ.(නදී)
පොල් ගෙඩිය ඔලුවේ ගහගත්තනම් තමා හොඳ (අ)