IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇබොට් - ස්කොට්ට ‘සරණාගත හිසරුදාව‘

ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයන් 200 කට වැඩි දෙනෙක් සහිත බෝට්ටු දෙකක් පසුගියදා කොකෝස් හා ක්‍රිස්මස් දූපත් අසලදී ඕස්ට්‍රේලියා නාවික හමුදාව හා මුහුදු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ අතර සරණගතයින් 43 සහිත යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවුක හමුදාවට භාරදීමෙන් පසුව ශ්‍රී ලංකා අධිකරණය වෙත යොමු කර ඇත.

සරණාගතයන් ආපසු ශ්‍රී ලංකාවට හරවා යෑවීමට ඕස්ට්‍රේලියා රජය පියවර ගැනීමත්, අගමැති ටෝනි ඇබොට් සහ ඇමති ස්කොට් මොරිසන් මෙය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවීමත් ඕස්ට්‍රේලියා ස්වේච්ඡා සංවිධාන දැඩිව හෙලා දකියි. මේ අතර ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය තම රජය මෙන් ම ශ්‍රී ලංකා රජයත් දැඩි විවේචනයට භාජනය කිරීමට පටන් ගෙන ඇත. පවතින තත්ත්වයන් හොදින් තේරුම්ගත් ඕස්ට්‍රේලියා විදේශ කටයුතු ඇමතිවරයා සරණාගතයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

පසුගියදා විසා ලබා නොදීම හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන මිය ගිය ශ්‍රී ලංකීක දෙමළ ජාතික 28 හැවිරිදි ලියෝ සීමන් පිල්ලෛ තරුණයාගේ අවසන් කටයුතු වලට ද සහභාගී විමට ඔහුගේ දෙමාපියන්ට අවස්ථාව දී තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් ද අගමැති ටෝනි ඇබොට් සහ විදේශ කටයුතු ඇමති ස්කොට් මොරිසන් දැඩි විවේචනයට ලක් වී ඇත.



අදහස් (0)

ඇබොට් - ස්කොට්ට ‘සරණාගත හිසරුදාව‘

ජයන්ත Wednesday, 09 July 2014 02:09 PM

මේ බෝට්ටුවෙන් එන ලංකාවේ අයට මනුස්සකමට උදව කරන්න ගිහින් අපිටත් හොඳ හොඳ හිස කැක්කුම් හැදිලා තිබෙනවා (නි)

:       0       0

රුවන් Wednesday, 09 July 2014 03:00 PM

ජාත්‍යන්තර සම්මුතිය කොහොම නමුත් ඕනෑම රටකට මේ දේවල් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. දැන් මෙහෙත් රැකියා ප්‍රශ්න . පුරවැසි දීමනා කප්පාදු වෙලා. වෙන එකක් තියා අබාධිතයන්ටත් ඔන්න මොනවා හරි වැඩක් කරන්න කියලා. එහෙම එකේ එන එන පාරට භාර අරගෙන මේ උදවිය හුරතල් කරන්න අමාරු බව ජාත්‍යන්තර බලධාරීන් තේරුම් ගන්න ඕන.

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 July 2014 08:05 AM

පමාවෙලා හරි මේ ගමන් බිමන් කොහොමහරි නවත්වලා මිනිසුන්ට රටේ යහතින් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදන එක බලධාරින්ගේ වගකීමක්. (නි)

:       0       0

සමන්ති Wednesday, 09 July 2014 03:16 PM

මෙහෙ චීන්නු මාල විකුනනවා .ඉන්දියානුවන් සාස්තර කියනවා . මේඅය සංචාරක බලපත්‍ර වලින් එන අය වියයුතුයි. (අ)

:       0       0

බිමල් Thursday, 10 July 2014 08:56 AM

සෙනරත් මහතාණෙනි හොඳම ක්‍රමය පහසු නම් නැහැ. නමුත් එය නීත්‍යානුකූලයි. අපවාද අනවශ්‍ය කරදර වලින් තොරයි. ඔබ ට පුළුවන්, ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතු සඳහා ලියාපදිංචි නියෝජිතයෙකු කොළඹදී හමුවෙන්න . ඔබේ අධ්‍යාපනික සහ වෘත්තීය පළපුරුද්ද , ඉංග්‍රීසි දැනුම ආදිය සුදුසු මට්ටමේ නම් ඔවුන් ඔබේ විසා කටයුතු භාර ගනීවි. නමුත් යම් වියදමක් නම් දරන්න සිදුවෙනවා. අර බෝට්ටු කාර තැරව් කරුවන්ට දුන්නක් මෙන් නෙවෙයි. විසා ගාස්තු සහ සේවා ගාස්තු ආදී වශයෙන්. විසා ලැබෙන කාලය කාටවත් නිශ්චිතව කියන්න බැහැ.. අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි ඔබට කොන්ද කෙලින් තියාගෙන බය නැතිව මෙහි එන්න පුළුවන් වංචා හොර බොරු නැතිව ඔබ නීතියට අනුව ගත් විසා නිසා. (ස)

:       0       0

භානු Thursday, 10 July 2014 09:07 AM

පෙරේරා මහතාගේ කියමනට මට හිනා වෙලා පන ගියා. ස්තුතියි මාව හිනැස්සෙව්වාට. (ස)

:       0       0

දම් Wednesday, 09 July 2014 06:20 PM

බෝට්ටුවෙන් ආවානම් තෙල් හා ආහාර පුරවා නැවත හරවා යවමු (දී)

:       0       0

පෙරේරා Wednesday, 09 July 2014 06:29 PM

සරණාගතයෝ මුහුදට බහින්නේ නැතුව ලංකාවේ සුපිරිලෙස හදල තියෙන පාරවල්වලට බැස්සනම් නරකද????? (දී)

:       0       0

චන්දන Thursday, 10 July 2014 09:22 AM

මිනිස්සු මොකද මේ වග දන දැනත් යන්නේ (දී)

:       0       0

සෙනරත් බණ්ඩාර Wednesday, 09 July 2014 07:43 PM

අතේ ඇඟිලි පහ වගේ තමයි අපට හම්බෙන මිනිස්සුත්. මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා අදහස් දාල තියෙන හැමෝගෙන්ම. නීති විරෝධී නොවන අයුරින් රටකට සංක්‍රමණය විය හැකි පහසු ක්‍රමයක් ඇත්නම් එය කොහොමද කියල දැනගන්න පුලුවන්ද. ඔස්ට්‍රේලියා විතරක් නෙමෙයි අනිත් හැම රටකටම. අපේ රාජ්‍ය ආයතන මගින් මිනිසුන් දැනුවත් වන ක්‍රමය ගොඩක් මදි. බොහෝ දෙනෙක්ගේ මතය වෙලා තියෙන්නේ. යුරෝපිය රටකට යන්න ලොකු මුදලක් අවශ්‍යයි කියලා. (නදී)

:       0       0

රුවන් Thursday, 10 July 2014 02:51 AM

මේ සරණාගතයින් නම් දැන් ‍බොහෝ රටවලට පුදුමාකාර හිසරදයක් (නි)

:       0       0

විදුවර Wednesday, 09 July 2014 11:41 AM

දැන් කරන්න තියෙන්නේ අපේ මිනිස්සුන්ට බෝට්ටු වලින් අපිට විරුද්ද රටවල් වලට යන්න උදව් කරන එකයි. (නදී)

:       0       0

ඇසළ Wednesday, 09 July 2014 12:51 PM

ඔය බෝට්ටු කීපයක් බ්‍රිතාන්‍ය ටයි ඇමරිකාවටයි ඇරගන්න තියනවා නම් කියල වැඩක් නැහැ. මගේ ගානේ දවසක් දෙකක් නොකා හරි ඉදල කියක් හරි දෙනවා තෙල් ගන්න කියල. (නදී)

:       0       0

දොන් Wednesday, 09 July 2014 01:15 PM

මේ රටේ මෙච්චර ආස්චර්යවල් වෙද්දී අැයි අප්පා මේ මිනිස්සු බෝට්ටු වලින් යන්නේ? (නදී)

:       0       0

කමල් Wednesday, 09 July 2014 01:20 PM

විදුවරගේ කතාව අලුත් භාෂාවෙන් නම් නියම කථාව. ඒත් ලංකාවේ එහෙම වන්නේ නෑ ලෝකයම තේරුම් ගන්නකම් ඉදිමු මේ අය පනින අරමුණ තේරුම් කර දීමට අපහසුයි නේ. කොටි හොල්මන් මොලයේ නටන අයට (නදී)

:       0       0

මනෝජ් Wednesday, 09 July 2014 01:24 PM

මේක කරන්න තිබුනේ ගොඩක් කාලයකට ඉස්සර. ඕස්ට්‍රෙිලියා ආණ්ඩුවට දැන්වත් මේක තේරුණා නම් ලොකු දෙයක්. (නදී)

:       0       0

රඛිත Wednesday, 09 July 2014 01:29 PM

බෝට්ටුකරුවන් මෙහෙට කරදරයක් වෙලා තියෙන්නේ. බොරු කියලා ඇවිල්ලා නිකම් අමාරුවේ වැටෙනවා. (නි)

:       0       0

නිලංග Wednesday, 09 July 2014 01:58 PM

හිසරදයක් නෙවෙයිද ? මෙහෙ ඉපදුන උදවියටත් දැන් රැකියා නැති වෙනවා. අනෙක මේ උදවිය සමහරු ඇවිල්ල සරණාගත විසා ගත්තට අස්සේ කිසිම වැඩක් පලක් කරන්න කැමති නැහැ . දීමනා ටික ඔක්කොම අරගෙන බිබී ඇවිදිනවා. අඩු ගණනේ ස්වෙච්චා සේවයක් ප්‍රජා සේවයක් වත් කරන්නේ නැහැ. රැකියා කරන උදවිය තව කී කලක් බදු ගෙවා ගෙවා මේගොල්ල නඩත්තු කරන්නද ? අනෙක දැන් දැන් ගොඩක් එන උදවිය ආර්ථික සරණාගත කට්ටිය බව හඳුනාගෙන තිබෙනවා. ඔය මියගිය තරුණයාගේ ප්‍රශ්නයෙත් තව පැත්තක් තිබෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 134 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 157 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 248 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 868 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 566 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 385 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site