IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇමැති ජීවන් දෙසට වතුර බෝතල් පියාඹයි

තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා මොරටුව උද්ඝෝෂණය කරන වඩු කාර්මිකයන් හමුවට ගිය නමුත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

 විරෝධතාකරුවෝ ඔහු සිටි දෙසට වතුර  බොතල් විසි කරන්නට වුහ. බොතලයක් දෙකක් ඔහු ළගටම වැටුණහ. මේ අතරතුර පොලීසිය පැමිණ වාහන විකල්ප මාර්ග වලට යොමු කළේය. එහෙත් ගාලු පාරේ තද බදට බොහෝ දුරට පැවැතිණි.

උද්ඝෝෂකයෝ කුරුස හන්දිය දක්වා ගමන්  කරමින් සිටියහ.

 

 

 



අදහස් (0)

ඇමැති ජීවන් දෙසට වතුර බෝතල් පියාඹයි

ඉම්රාන් Thursday, 25 July 2013 01:03 PM

ස. දිසානායක , ඔයා කියන එක සීයට සීයක්ම නිවැරදියි. අපි බෝතල් ප්‍රහාර නෙමෙයි මොන විදිහට මෙයාලට බැන්නත් අනිතිමට අපි චන්දෙ දෙන්නෙත් මෙයාලටමයි. (නි)

:       0       0

මුණසිංහ Wednesday, 24 July 2013 06:16 PM

මොරටුවේ ලී බඩු අන්තිමයි. පාවිච්චියට නෙමෙයි ලස්සනට තියා ගන්නවත් හොද නැහැ. (අ)

:       0       0

දිනේෂ් Thursday, 25 July 2013 05:26 AM

මොනවා වුනත් ජීවන් කියන්නේ මැර ඇමතියෙක් නෙවෙයි. හරි හිත හොද මිනිහෙක්. මම දන්නා තරමට එයා ගමන් බිමන් යන්නෙත් බොඩි ගාඩ් ලා නැතිවයි. හරිම සිම්පල් මනුස්සයෙක්. එයා වගේ කෙනෙකුට මෙහෙම කරන එක හරි නැහැ.(නදී)

:       0       0

පී.ඩී.විදානගේ Wednesday, 24 July 2013 06:49 PM

මේවට ජීවන් මොනවා කරන්නද මිනිසුන්නට සල්ලි නැහැ වැඩිපුර ලීබඩු ගන්න, අනිත් එක්ක වැඩිපුර මිනිසු දැන් ඉන්නේ කුලියට, පොඩ්ඩක් ලී බදු තිබුනම ඇති, මොරටුවේ හද සමහර ලී බදු වංචාවෙන් හදන්නේ (අ)

:       0       0

චාමල් Wednesday, 24 July 2013 06:50 PM

එල එල (අ)

:       0       0

උපාලි Thursday, 25 July 2013 06:40 AM

මාත් අහුවෙලා තියෙනවා අටවපු මොරටු ලී බඩුවලට. මෙතන අදහස් දාල තියෙන වැඩි දෙනෙක් බාල බඩුවලින් බැටකාපු අය බව පේනවා. උසස් තත්වයේ බඩු හදල හොඳ මිලක් ගන්නවා වෙනුවට මේ මිනිස්සු මොකද කරන්නේ, ප්‍රශ්නේ විසඳන්න ආපු ඇමතිට ගහනවා, හූ කියනවා. ඒ වඩු බාස්ලගේ මොලේ ගැන මං පුදුම වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ අමාත්‍යංශයට අයත් නොවී තිබියදීත් මේ ප්‍රශ්නෙ විසඳන්න උත්සාහයක් දරපු මනුස්සයට ගහපු එක හොඳයි කියල අදහස් දාපු කට්ටියගේ මොලේ ගැන නම් මං පුදුම වෙනවා. (නදී)

:       0       0

සමදරා ආරියදාස Wednesday, 24 July 2013 07:05 PM

මහා පදුම ලස්සණ මිනිහෙක්.(අ)

:       0       0

ගාමිණී මහින්ද Thursday, 25 July 2013 07:41 AM

මොනවා කලත් අන්තිමේදී තෙමෙන්න වෙන්නේ අපේ පොලිසියේ මහත්වරුන්ට තමයි. (අ)

:       0       0

අමිල Wednesday, 16 October 2013 11:02 PM

වතුර බෝතලෙන් ගහලා බේරුණා ඇති (නි)

:       0       0

සරත් Thursday, 25 July 2013 07:43 AM

උද්ඝෝෂොණයක් කරමුද? (අ)

:       0       0

පුෂ්ප කුමාර Thursday, 25 July 2013 07:46 AM

මොරටු ලීබඩු වල තියෙන්නේ හොර වැඩම තමයි බාල ලී දාලා තේක්ක පාට ගාලා මිනිසුන්ට රවටල දෙන්නේ මම පුටු වගයක් ගත්තා හරහා වැටුනගමන් ඇන්ද කඩලා ගීයා. අනිත් ඒවා දැන් ගුල්ලෝ ගහනවා .මේවගේ ප්‍රමිතියක් බලන්න කවුරුත් නෑ (අ)

:       0       0

කැනඩා දිසා Thursday, 25 July 2013 08:00 AM

සිනමාවේ මල් කුමාර උනාටත්,මොරටු ජනතාවගේ චන්ද ටිකක් ගත්තත් ,ඔයා තාම මොරටු වඩු කාර්මිකයන් හරිහැටි හදුනා ගත්තේ නැහැ . ඔය පෙන්නුවේ පොඩි ළමුන්ගේ සෙල්ලමක් පමණයි . ඒකත් වතුර බෝතල් සෙල්ලම . එක පොඩි දෙයක් , කොහොමද ඔයාව වඩු බැංකුවේ මුනින් තියල යතු ගාන සෙල්ලම පෙන්නුවොත් ,බලාගෙන ප්‍රවේශමෙන් (අ)

:       0       0

අකිල Wednesday, 24 July 2013 07:34 PM

එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් ඉදිරියේදී. (අ)

:       0       0

ගුණේ Wednesday, 24 July 2013 07:36 PM

ඔතනටඅර ඇමති තුමා ගියානම් වඩුවන්ගේ අත් කකුල් ගලවල පුටු මේස හදන්න තිබුන. (අ)

:       0       0

මංජු Wednesday, 24 July 2013 11:52 AM

මේ දවස්වල ගං වතුර නිසා වැඩි වතුර ඔහොම ඉවත් කරනවා ඇති (අ)

:       0       0

අනුර නාවලපිටිය Wednesday, 24 July 2013 08:06 PM

මේවා හොද නැහැ එතුමත් ඇමති කෙනෙක් එයාගේ ගරුත්වය තියන්න ඕනේ නේද (අ)

:       0       0

ගාමිණී Thursday, 25 July 2013 08:59 AM

ඉදිරියට ඔය ඇමතිලට ගමට යන්න බැරි වෙන බව පේනවා. දැන් මිනිස්සුන්ට ඇත්ත තේරිලා. ඔය ලකුණු දාගන්න ඇවිත්.(නදී)

:       0       0

සුනෙත් Friday, 26 July 2013 06:54 AM

උණූසුම් පිළිගැනීමක් (නි)

:       0       0

චන්දි Saturday, 27 July 2013 11:22 AM

ඇත්තටම ,කනගාටු දායක සිදුවීමක්. පත්තරේකින් වත් ජීවන් ගැන නරක දෙයක් දැකල අහල නැහැ මේ මිනිස්සුන්ට මොලයක් නැති මෝඩ රැලක්. (ස)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 12:06 PM

උණුසුම් පිළිගැනීමක් (නි)

:       0       0

කුමාර Friday, 26 July 2013 07:06 AM

වැඩේ කැතයි (නි)

:       0       0

කුමාර Friday, 26 July 2013 07:04 AM

වැඩේ කැතයි (නි)

:       0       0

නදී Wednesday, 24 July 2013 12:14 PM

ඇයි ඒ ? (නදී)

:       0       0

මෙරින් Wednesday, 24 July 2013 08:35 PM

අපරාදේ මෙර්වින් සිල්වා මහත්තයාව අරින්න තිබුනේ. (අ)

:       0       0

ස. දිසානායක Thursday, 25 July 2013 09:16 AM

ඇමති තුමා ගස් වටේ කැරකි කැරකී රගපාන්න දක්ෂ බව පිළිගන්නවා. ඒත් දේශපාලනය සම්බන්ධයෙන් කටයුතු කරන්න, උපදෙස් දෙන්න තවම මෝරලා මදි වගේ. (නදී)

:       0       0

නදීෂා ගුනවර්දන Monday, 29 July 2013 09:55 AM

ඒහෙම හරි මැදිහත් වෙච්ච මිනිහට සලකපු විදියනම් හරි නෑ. මෙහෙම කොහොමද විසඳුම් හොයන්නේ. (දී)

:       0       0

මිචෙල් Wednesday, 24 July 2013 03:50 PM

ප්‍රතිචාර හොඳයි , සුභ අනාගතයක්! (නි)

:       0       0

සෝපාක Wednesday, 24 July 2013 12:19 PM

උණුසුම් පිළිගැනීම සිතල කරන්න වතුර එවන්න ඇත්තේ (නි)

:       0       0

ඉන්දික Wednesday, 24 July 2013 12:24 PM

ලී බඩු වල මිල තීරණය කරන්නේ කවුද? බඩු වල කොලිටි එක අපි දන්නේ නැද්ද? කොලිටි එක අඩු වුනාම මිනිස්සු ගන්නේ නැහැ. ඒකට උද්ගෝෂණ කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

අනන්ද Wednesday, 24 July 2013 09:17 PM

ජීවන් චිත්‍රපටයක් එකක් කියල හිතුවද? ඇති ඔයින් ගියා (අ)

:       0       0

ශාන්ත Wednesday, 24 July 2013 09:24 PM

දැන් මෙයාලා මොනවද මේ ඉල්ලන්නේ? (නි)

:       0       0

සංජීව Wednesday, 24 July 2013 12:30 PM

ඉන්දික නිවැරදියි. හදන බඩු වල තත්වය අන්තිමයි ඒ උනාට ඉල්ලනේ උපරිම මිල.(නදී)

:       0       0

විජේ Wednesday, 24 July 2013 09:47 PM

දැන් වැඩිපුර පාවිච්චි වෙන්නේ ප්ලස්ටික්නේ. ඉතින් ලී බදු විකිනෙන්නේ නැහැ. (අ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 24 July 2013 10:00 PM

ජනතාව දන්න නිසා තමයි උණුසුම් විදියට පිලි අරගෙන තිබෙන්නෙ (නි)

:       0       0

සිරිසේන මුදලාලි Wednesday, 24 July 2013 12:43 PM

මේවා ස්ට්‍රයික් කරලා, වතුර බෝතල් ගහලා විසදන්න පුළුවන් ඒවා නෙමෙයි (නි)

:       0       0

ප්‍රසාදිනි Friday, 26 July 2013 11:01 PM

මේවා කඩාකප්පල් කාරින්ගේ වැඩ. (නි)

:       0       0

මධුර Friday, 26 July 2013 11:15 PM

මිනිස්සු ගැනනම් කතා කරලා වැඩක් නැහැ.ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක නෙමෙයි කරන්නේ (නි)

:       0       0

අසේල ඕමානය Friday, 26 July 2013 08:57 AM

මේ පැතිවල ඉන්න සමහරක් මිනිස්සු ගැනනම් කතා කරලා වැඩක් නැහැ.ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නේ නැහැ තමන්ගේ ගතිය පෙන්වනවා. පේනවනේ හුවේ තරම.නුගත්කම ලොවට පෙන්වන ජාතියක්. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 25 July 2013 11:09 AM

කණගාටුව මොන වැඩේ කළත් මිනිස්සු අන්තිමේ මෙයාලටම ඡන්දෙ දෙන එකයි. ගහන්න ඕනෑ වතුරෙන් නෙමෙයි, ඡන්දෙන්. (නි)

:       0       0

මොහාන් Thursday, 25 July 2013 11:10 AM

ඔය හෝටල් ගැහිල්ල නිසා තමා මොරටුවේ මිනිසුන්ට සල්ලි මදිවුනේ (නි)

:       0       0

ඔරන් Thursday, 25 July 2013 11:17 AM

ලංකාවේ මිනිස්සු අතේ හොඳට සල්ලි තියෙනවා. බැංකු වලට දාන්නෙත් නැහැ. ඒ ෂුවර් නැති හින්දා. මේක බලාගන්න පුළුවන් පාරේ තියෙන වාහන ටික දැක්කමයි , සීසන් එකට ඇඳුම් ගන්න ඉන්න පෝලිම දැක්කමයි. හැබැයි බාල දේවල් සල්ලි දීලා ගන්න තරම් මෝඩ නැහැ. බලන්නකෝ මොරටු ලී බඩු වල හැටි ගොඩක් බාලයි දැන්. (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 24 July 2013 04:34 PM

වතුර බෝතල් එකකින් දෙකකින් ප්‍රහාරයක් ආවට තාම ජනතාව අතරට යන්න පුළුවන් එක ගැන ජීවන් ඇමතිතුමා සතුටු විය යුතුයි (නි)

:       0       0

ධම්ම Wednesday, 24 July 2013 01:19 PM

බලෙන් නොවේ මොළෙන් ජනතාවට අමතන්න ඇමැතිතුමා.එවිට යහපත් ප්‍රතිචාර ලැබෙවි. (අ)

:       0       0

ක්වින්ටස් Wednesday, 24 July 2013 01:17 PM

හබැයි පනින අයත් ඉන්නවා (අ)

:       0       0

අශෝක Thursday, 25 July 2013 11:26 AM

මෙන්න ඔබට මහජනයාගෙන් ලැබෙන උපහාර (නි)

:       0       0

අස්මිත් Wednesday, 24 July 2013 11:25 PM

මිනිසුන් ලග සල්ලි තිබුනොත් නේද ලී බඩු හරි වීදුරු බඩු හරි ගන්නේ.රට වටේ තියෙන උකස් බඩු කඩවල් වල කැරකිලා අද ජනතාව ජීවත් වෙන්නේ.සල්ලිකාරයෝ ලොකු තැන් වලින් ලී බඩු ගන්නේ.අනික මොරටුවේ වුනත් බාල බඩු තමයි වැඩියෙන් දැන් හදන්නේ,හොද බඩු පරිබෝගිකයින් වඩු බාස්ලා,ලී බඩු හදන තැන් වලට ගිහින් අමුද්‍රව්‍ය හොයලා බලලයි ගන්නේ.මේ බලපෑම් කිරීම් උද්ගෝෂණ අනුමත කරන්න බැහැ.බාල ලී බඩු වලට රැවටුන හා පාඩු විදපු ජනතාව හුගක් ඉන්නවා.ජනතාවට උහුලන්න බැරි ප්‍රශ්න පොදිගැහිලා උද්ගෝෂණ කරන්න බැරි ජීවිතයක් ගත කරන්නේ,වඩු බාස්තුමන්ලත් අසරණයි. නමුත් පොදුවේ ජනතාවට සෙතක් මෙයින් ලද හැකිද? (නි)

:       0       0

අමිළ කටුනායක Wednesday, 24 July 2013 01:26 PM

වතුර ආචාර මුරය.(නදී)

:       0       0

සලනි Wednesday, 24 July 2013 11:28 PM

මොනවා වුනත් ඒ කළ වැඩේ නරකයි. එතුමා ඇමති කෙනෙක්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 24 July 2013 01:31 PM

මෙහෙමත් මිනිස්සු තවමත් ලංකාවේ ඉන්නවනේ? (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 24 July 2013 01:29 PM

පාරම්පරික ,ඉතාමත් දක්ෂ වඩු කාර්මික පිරිසක් මොරටුවේ ඉන්නේ.මොරටුවේ නිෂ්පාදන තමයි මරදානේ ලී බදු සාප්පුවල අලෙවි කරන්නේ.තේක්ක අල්මාරිය දෙපැත්තේ මොණරු දෙන්නෙක් කැටයම් කරලා නිසා මට එයට හිත ගියා. නමුත් අල්මාරිය හෙලවෙනවා.මොකද ඒ කියලා අහපුවිට අයිති නෝනා කියනවා පොලව බැලන්ස් නැති නිසා තමයි හෙලවෙන්නේ වෙන වරදක් නැහැ කියා..... (නි)

:       0       0

නන්ද Wednesday, 24 July 2013 01:35 PM

අපරාදේ වතුර බෝතල් ටික.. (නි)

:       0       0

මදුරංග Tuesday, 30 July 2013 12:13 PM

ඔහොම බේරුණා ඇති. (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 24 July 2013 04:45 PM

ඔහොම යනකොට හොද හොද ප්‍රතිචාර ජනතාවගෙන් ලැබෙයි.(නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 24 July 2013 01:48 PM

මරු වැඩේ. තව ටික දවසකින් මේසන් බාස්ලත් උද්ඝෝෂණය කරාවී.හොදදෙයක් ජනතාවට දෙනවා නම් මොකටද උද්ඝෝෂණය කරන්නේ? ජනතාව නිකම්ම උපරිම මිලකට ගනීවි. (නි)

:       0       0

සුගන්ධි Wednesday, 24 July 2013 11:56 PM

විදුලි කණුවේ නැගල උන්න කෙනා හොදින්ද ? (නි)

:       0       0

නවීඩ් අලි කටාර් Thursday, 25 July 2013 12:03 AM

පුදුමය බෝතල් වලින් පමණක් පහර ගැසිම. (නි)

:       0       0

තාලක්-ඩුබායි Thursday, 25 July 2013 12:15 AM

සමදරා ආරියදාස, ජීවන්ව දැකල මෙහෙම නම් ඔය අරාබි ජාතික ඩුබායි මිනිස්සු දැක්කොත් කලන්තේ දාල ඇදගෙන වැටෙයි.(නදී)

:       0       0

අත්තනායක Wednesday, 24 July 2013 01:54 PM

ඇමතිතුමාව හොදින් අදුනගත්ත කට්ටියකුත් ඉන්න හැඩයි. (නි)

:       0       0

සත්‍යා Thursday, 25 July 2013 12:22 AM

මිනිස්සුන්ත ජිවත් වන්න බැහැ.රටේ ආර්ථිකය විනාශ වෙලා. ඔවුන් කල දේ හරි. (නි)

:       0       0

නෙතුමි Wednesday, 24 July 2013 01:58 PM

අවස්ථාවේ හැටියට අතේ තිබුණු දේ පාවිච්චි කරන්න ඇති මේ අය. හැමදාම දේශපාලනයේ බොරු අහලා හෙම්බත් වුනාම ඉතින් ඕවා අරුම දේවල් නෙමෙයි (නි)

:       0       0

හේරත් Wednesday, 24 July 2013 05:01 PM

වතුර නේ.... බිත්තර වගේ ප්‍රෝටීන් ආවේ නැහැනේ (නි)

:       0       0

සෝමා Thursday, 25 July 2013 12:49 AM

ගොඩක් අය තමන්ගේ ගරුත්වය නැති කරගෙන ගොඩක් කල්. (නි)

:       0       0

නිහාල් Thursday, 25 July 2013 04:23 PM

ජීවන්ට කරපු වැඩේ හරිම කැතයි.(නදී)

:       0       0

මාටින් Wednesday, 24 July 2013 02:02 PM

රිදී තිරයේ වගේ ජනතාව ඉස්සරහදී ලෙහෙසි නැහැ (නි)

:       0       0

කමිල් Thursday, 25 July 2013 10:18 PM

වැඩේ කැතයි. වතුර බිව්වනම් හොදයි.(නදී)

:       0       0

බමුණු Wednesday, 31 July 2013 01:33 PM

"මහා පුදුම ලස්සණ මිනිහෙක්.' ඉතින් ගෙදර අරන් යන්නකෝ. (ස)

:       0       0

පෙරේරා Wednesday, 24 July 2013 05:10 PM

දැන් හැම දෙයටම විරෝධතා. මේවා කඩාකප්පල් කාරින්ගේ වැඩ. මමනම් කියන්නේ මේ අයට නඩු නොදා ජන ජීවිතයට බාද කලට දඬුවම් දෙන්න ඕනි. තමන් හදන බඩු වැඩිමිලට දෙන්න ඕනි නම් හොඳට හදන්න ඕනි .(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 24 July 2013 05:37 PM

ලංකාවේ තැපැල් සේවය අන්තිමයි. ඒක ගොඩගන්න කාලය වැය නොකර වඩුවන්ගේ ප්‍රශ්න විසදන්න යන්නේ ඇයි ? අඩුම තරමේ චිත්‍රපටි කර්මාන්තය සම්බන්ධ ප්‍රශ්නයක් නම් කමකුත් නැහැ (නි)

:       0       0

ඒරාල Wednesday, 24 July 2013 02:16 PM

මොරටු බඩු ගණන් වැඩියි. වහාම මිල අඩු කරන්න. අපි දැන් ගන්නේ දම්රෝ. (නි)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 25 July 2013 02:00 AM

අනාගතයේදී දැවමය ගෘහ භාණ්ඩ භාවිතය අඩු වෙනවා, එසේ නොවුනත් ඒක කරන්න සිද්ධවෙනවා. මේ අයට විකල්ප ක්‍රමවේදයන් හෝ විකල්ප රැකියාවන් ලබා දිය යුතුයි. ජීවන් කුමාරතුංග දේශපාලකයෙක් ලෙස වැඩිය ජනතාවත් එක්ක ඉන්නවා දකින්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

සංජු Wednesday, 24 July 2013 02:20 PM

මොරටුවේ ගොඩක් ජනතාව දුක් විදිනවා....... (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 24 July 2013 02:20 PM

ඕකට යවන්න තිබුනේ මෙතුමාව නෙමෙයි (නි)

:       0       0

සංජු Wednesday, 24 July 2013 02:20 PM

කවදාවත් කරලියේ වගේ වෙන්න බැහැ....දේශපාලනයේදී (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 July 2013 05:44 PM

වඩු වැඩෙන් දිවි රකින බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මන්.(දී)

:       0       0

බන්දු Wednesday, 24 July 2013 05:52 PM

අයි දෙයියනේ වතුර බෝතල් විතරද තිබුණේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 505 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 246 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1616 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 420 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2500 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37142 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site