ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය වෙනස් කරන්න ඕනේ (දී)
නියම වීරයෙක්. මෙවැනි දේශපාලනග්‍යන් තමා අපට අවශ්‍ය. (දී)
පොලිසිය හමුදාව නැද්ද (දී)
ඇමති තුමා මෙවන් දේවල් වලට අනුබද්ද වෙලා ප්‍රශ්නේ විසදනවා අපි ඒක දන්නවා (දී)
ලංකාවේ ලොකු ප්‍රශ්නයක් උනොත් ඇමති තුමා මැදිහත් වෙනවා (දී)
මෛත්‍රී කරන්න එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (දී)
කොහොම උනත්,ගොඩක් අවබෝදයෙන් තීරණ ගන්න ඕන වෙලාවක්. (දී)
ඉතින් මොකටද අපට පොලිසියක්? (අ)
මේ ප්‍රශ්න වල,අග මුල හොයන්නේ නැතිව විසදුම් දෙන්න බෑ (අ)
මොනවා උනත් මර්වින් ඇමතිතුමා කරපු දේ හරි. පොඩි සොක්කන් මරා ගනිද්දී ලොකු ලොක්කන් මර නින්දේ ... තමන්ගේ ආගම ජාතිය රැක ගන්න ඕනේ තමන් විසින් මිසක් වෙන ආගම ජාතින් මර්දනය කරලා නෙමෙයි (අ)
අනේ හොඳයි
වේවා ශාන්ති නොවේවා කේන්ති.!(අ)
මේක හරිම හොඳ වැඩක්, මෙයාට කොට්චර කට්ටිය බැන්නත් මෙයා රටටම ආදර්ශයක්. (අ)
ගමේ ආරක්ෂාව හා නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
නිවැරදි තීරණයක් ඔබතුමා අරන් තියෙන්නේ සන්තෝසයි (දී)
ජනතාව හා රට ආරක්ෂා කරන්න ඔබ සැමදා ගන්නේ නිවැරදි තීරණ (දී)
ඇමති තුමා මේ කල ක්‍රියාව අගය කරනවා (දී)
කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න අයට මේකට මැදිහත් වෙන්න තිබුනා.පස්සේ හරි මර්වින් ඇමති තුමා මැදිහත් වීම අගේ කරනවා මමත් කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කෙනෙක් හැටියට (දී)
දේශපාලක මහත්වරු මේ සම්භන්ධව අරන් තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද (දී)
පිල්ලේ නෝනට විතරයි මේවා කියන්ඩ තියෙන්නේ!..පරක්කු වෙලා ඇවිල්ල මොනවා රකින්නද ? (නදී)
මර්වින් ඇමතිතුමනි ඔබව අගයමි. සියළු ආගමික නායකයින්, දේශපාලනික නායකයින්, රාජ්‍ය නිධාරීන් හා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළයුතු මොහොත උදාවී ඇත. (දිල්)
ජාතින් අතර සහජීවනය ඇති කර රටට සේවයක් කිරීමට ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටත් අල්ලාහ් දෙවියන්ගේ පිහිටත් ලේබෙවී . (දී)
රතුපස් වල ප්‍රශ්නයට ද , මෙතුමා කැපවී කටයුතු කළා... (දී)
ඔබ හරි ඇමති තුමනි (දී)
ඇමති තුමා ආදර්ශමත් වැඩක් තමයි කරලා තියෙන්නේ (දී)
අහිංසාවාදය අගයන බෞද්දයෙක් ලෙස ඔබ තුමාගේ ක්‍රියාව අගය කරනවා (දී)
බොහොම ස්තුති මෙතන අදහස් දාපු ඔක්කොම සිංහල සහෝදර යන්ට මට හරිම සන්තොසි මෙතන ඉන්න ඔක්කොමල ගාව තියන්නේ හොද අදහස් හොද ගතිගුණ , මේක තමයි අපිට ඕන (දී)
මෙයාව පොදු අපේක්ෂක කරලා දාන්නකෝ (නදී)
මමත් බෞධයෙක්! විදෙස් සංචාරකයෝ ලංකාවට එන්න පටන් ගත්ත විතරයි. එක එක්කෙනා මොකක් හරි කලබලයක් ඇති කරනවා. ශුවර් එකටම කොහෙන් හරි ඩොලර් කැපිල්ලක් ඇති. (නදී)
ඇමති තුමනි, හරි දේ කරලා වැරදි අණට පිටුපාලා සිංහල මුස්ලිම් ජනතාව අතර සාමය සමගිය ඇති කරන්න තියෙන බාදා නැති කරලා හැමට සමගියෙන් ජීවත් වෙන්න පසුබිම සලසලා දෙන්න. හැමදාම මේ රටේ ජාතින් අතර වෛරය අසමගිය වපුරන්න ඉඩ දෙන්න බැහැ. ජාත්‍යන්තරය අපි ගැන කොහොමද හිතන්නේ මෙහෙම ගියොත්. (නදී)
අපට ඕනේ මෙවැනි නායකයින් (නදී)
සාමය අගය කරමු ... ! (නදී)
හොද තීරණයක්?(දිල්)
දැන්වත් ඇස් ඇරපල්ලා (නදී)
සියලුම වර්ගයේ ජාතිවාදී සංවිධාන මුසුලීම් සිංහල දෙමල කුමක් හෝ වේවා තහනම් කල යුතුයි . රජය මෙය කරන්නේ නැත්නම් මහා ජනතාව බුද්දිමත් විය යුතුයි (දී)
ජනතාව මේ ක්‍රියාව වැරදියට හිතන්න එපා(දී)
මේ වගේ ප්‍රශ්න ගහල තරවටු කරලා මෙල්ල කරගන්න බැහැ.සාමකාමිව කතාබස් කරලා විසද ගත යුතු ප්‍රශ්න. (දී)
අනේ මන් දා. මට පිස්සු වගේ (දී)
සෑම විශේෂ අවස්ථාවකදීම මෙන් විපතකදීම මාධ්‍යයක් හැටියට අපේ දුක, සතුට බෙදාගැනීමට ලැබෙන්නේ ලංකාදීප එසැන පුවත් මගින්. මේ සිදුවීම කිසිවිටක, කිස්දිනක අපි කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයක්. අපේ පාසල් සමයේ මාගේ මිතුරු මිතුරියන් සමඟ එකට බෙදාගත්තු ඒ මිහිරි ළමාවිය මොනතරම් සුන්දරද. අපි කිසි විටක ආගම් වශයෙන් වෙන්වෙලා හිටියේ නැත. මාත් මාගේ තවත් මිතුරෙකු හැරෙන්න අනෙක් සියලු සහෝදර - සහෝදරියන් සිංහල වුවත් අපි අතර තිබුණු එම බැඳීම ඉතාමත් ශක්තිමත්ව තිබුනා. පාසල් නිවාඩු කාලයේ ලිපි මගින් එකිනෙකාගේ දුක සැප විමසන්නත් වගබලා ගත්ත. ඒ මිතුදම ඒ බැඳීම තමා මේ විනාශ වන්නේ. භාණ්ඩයක් මිලට ගන්න පෙර මුදලාලි මොන ආගමේද කියල අහල දැනගන්න තරම් ඉරණමකට මුහුණ පෑමට සිදුවෙලා අද. මාගේ හිතේ තිබෙන වේදනාවට ප්‍රතිකාර ලැබෙන්නේ මේ පලවී තිබෙන ධනාත්මක අදහස් වලින්. සමගිය බලය වේ. අපි සමගි වෙන්න ගහ මරාගෙන කසිවක් අපිට ලබාගන්න බැහැ. අහිංසක මිනිසුන් නොමඟ යවා අපි සියලු දෙනා අපේ වටිනා ආගම් හා ආගමික නායකයින්ගේ අනුශාෂනා මත යහපත් දිවියක් මෙලොව ගතකරන්න ශක්තිය ධර්යය ලැබේවා. (නදී)
ආගම හරි හැටි ඉගෙන ගන්න කව්රුත් නැ. හැබැයි ආගම වෙනුවෙන් ප්‍රචණ්ඩව හැසිරෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. මම කියන්නේ පොදුවේ, හොදේ (නදී)
අන්න ඇමතිතුමාගේ හොඳ වැඩක්. අපි අගය කරනවා. හැබැයි එතන ගිහින් අර ඊයේ පෙරේදා කියපු ඒවා වගේ ඒවා කියන්න එපා හොඳේ. ඔබට ජය !! (අ)
ඇමති තුමා මැදිහත් වෙනවා මෙවැනි නායකයින් සිංහල මුස්ලිම් ජනතාව අතර සාමය සමගිය ඇති කරන්න ඕනේ ඇමති තුමා අගය කරමු (අ)
දෙකක් කඩතොළු සදා දෙනු ඇත කැලණියේ සහෝදරයා (අ)
කැලණියේ මහා විරයණනි . සියල්ලෝම මර නින්දේ පසුවෙද්දී රටබෙරගැනීමට ඉදිරිපත් උන ඔබට අපගේ ප්‍රණාමය . කවදාහෝ මේ රටේ පලකය විය යුත්තේ ඔබයි (අ)
නියමයි (අ)
කොහොමහරි කමක් නැහැ ජාතිවාදී අරගල නැතිව ප්‍රශ්නය විසන්දුනොත් . යුද්දයෙන් පසුව වත් අපිට සැනසීමක් ඕන. (දී)
ගරු ඇමතිතුමාට මම ඉතාමත් ගරු කරනවා ඔය කළ ක්‍රියාවට. ඉතාම වැදගත් හොඳ දෙයක් ඔබ තුමා කරලා තියෙන්නේ. ඔබ තුමා ගැන කවුරු මොනවා කීවත් අපි දන්නවා ඔබ තුමා ගැන. මේ වගේ අවස්ථාවක ඉදිරිපත් වෙන්නේ ඔබ තුමාම පමණයි. ඔබ තුමාට ජයෙන් ජයම වේවා තවත් දීර්ග කාලයක් ජනතාවට සේවය කරන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. ඔබ තුමාට බුදු සරණයි ! (නදී)
බුද්ධාගම මොකක්ද කියල ඉගෙනගත්ත කෙනෙක් කවදාවත් අවිහිංසා වැඩ වලට සම්බන්ද වෙන්නේ නැහැ . මුස්ලිම්වරු අතරෙත් ඉන්නවා අමුතු අදහස් නිසාම ජාති අතර එකමුතුවට විරුද්ධ වෙන කොටසක්. මේක දෙගොල්ලම අවබෝධ කරගත්තොත් ලංකාවට හොඳ කාලයක් යාවි. නැත්නම් රටම ආපස්සට යාවි. (නදී)
කීයක් විතර සාක්කුවට වැටුනද දන්නේ නැහැ (නදී)
පුලුවන්නම් මේ තක්කඩි අල්ලලා ගස් බදින්නකෝ ! (අ)
අපිට ඔහොම වුණා නම් මෙහෙම ඒවි නේද (අ)
එතකොට හාමුදුරුවන්ට ගහපු එක හරිද (අ)
ලංකාවේ ගොඩක් අයගේ ආගම තියෙන්නේ ඇඟේ. සිතේ , මනසේ තියාගෙන ඉන්නේ වයිරය ක්‍රෝධය. මර්වින් ඇමති තුමාට සියලු දෙනාගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් බව පේනවා. (නදී)
මෙතුමාගේ ක්‍රියාව රටටම ආදර්ශයක්. එත් මෙතුමා ආවේ කාගේ නියෝජිතයෙක් විදිහටද දන්නේ නෑ (අ)
අපේ ඇමතිවරු මර නින්දේ සාමය ඇතිකරන්නට ඉදිරිපත් වූ මර්වින් සිල්වා ඇමති තුමාට අපගේ ප්‍රණාමය පුදකරමි. (අ)
කව්රු මොනවා කිව්වත් මර්වින් ඇමති තුමා ඔබට මගේ ආචාරය පුද කරමි (නදී)
කෝ මේ ඉහල පෙලේ බලවතුන් ? ලෝකේ ලොකුම ඇමති මණ්ඩලය ඉන්දෙද්දී රටේ ප්‍රශ්නයක් දුර දිග යන්නේ නැතිව බේරා ගන්න අසමත් වීම හරිම පුදුමයි. (නදී)
පුද්ගලයෙක් නීතිය අතට අරන් මේකද ප්‍රශ්න විසදන ක්‍රමය. පුද්ගල මැදිහත්වීම කිසි දේකට අවශ්‍ය නැහැ. පොදු නීතියක් තිබේ නම්. ශ්‍රී ලංකාවට මොකද මේ වෙන්නේ ? (නදී)
මහා රජ දුටුගැමුණු රජතුමා වගේ ඇමතිතුමා අලුත් ගම ජනතාව සමග සිටීම සාමය අගයන සියලුදෙනාගේම ප්‍රසංසාව හිමිවිය යුතුය (අ) .
ඇමිති තුමාට ආරක්ෂාව දෙන්න පුලුවන් නම් කුමටද හමුදාව පොලීසි ලංකාවට අවශය නෑ නේද? (නදී)
සිංහල,මුස්ලිම් ,සියලු දෙනාගේ ප්‍රසංශාව හිමිවිය යුතුය. (නදී)
අනේ රටකට ගිය කළක් (නදී)
අපි සියලු දෙනාම ඉවසිල්ලන් වැඩ කළ යුතුයි (නදී)
මටත් අපේ ඇමතිතුමා විශ්වාසයි (නි)
අපි දන්නවා ඇමතිතුමා කාටවත් බය නැති නිර්භීත කෙනෙක් කියලා (නි)
නියමයි ! (නදී)
මම හිතනවා ඇමතිතුමාට මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් වෙයි කියලා (නි)
මොන හොඳ වැඩක් කළත් සමහරු කියන කතා නම් නතර කරන්නේ නැහැ (නි)
මොනවා වුණත් බොහොම හොඳ කොන්ද පණ ඇති ඇමතිවරයෙක් (නි)
මේ වෙලාවේ තමයි මහත්තයෝ මෙහෙම ඉදිරියට ඇවිල්ලා වගකීම භාරගන්න ඕනෑ. ඒත් කෝ මේ පැතිවල අදාල වගකිවයුත්තන්? (නි)
බලමුකෝ ඇමතිතුමා මොකද කරන්නේ කියලා (නි)
ජයවේවා ඇමතිතුමනි! (නි)
කෝ එතකොට මේ කළුතර දිස්ත්‍රික්කයේ මිනිසුන් මනාප වලින් ඡන්දදායකියන් විසින් දිනවූ අය? එයාලත් නැහැ.දෙවැනි පරපුරත් නැහැ. (නි)
අලුත්ගම ගැන දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැ (නි)
අපි ඉවසීමෙන් බලාසිටිමු මොකද වෙන්නේ කියලා (නි)
මෙවන් අවස්ථාවක ඉදිරිපත්වීම ඇත්තෙන්ම අගය කරනවා (නි)
බොහොම හොඳයි ඇමතිතුමනි (නි)
සිංහල,දමිල,මුස්ලිම්,බර්ගර්, මැලේ සහෝදරයිනි, මේ රට අප සැමගේම වස්තුවයි.අපේ නිජබිමයි.අපේ උරුමයයි.ත්‍රස්තවාදයෙන් අපි කවුරුත් බැට කෑවා. මතකයි නේද? පක්ෂය වෙනුවෙන් එදා ඉඳලා මිනිසුන්ට තේරෙන භාෂාවෙන් යමක් කළ මර්වින් සිල්වා ඈමතිතුමාට මම ගරු කරනවා. ඒ වාගේම මෙම ප්‍රශ්නයේදීත් මැදිහත් වීම ගැන සතුටුයි. පොලීසියේ හමුදාවේ මැදිහත්වීමත් සතුටුදායකයි (නි)
දැන්නම් මට අපේ රට ගැන තිබෙන්නේ ලොකු කළකිරීමක් (නි)
මෙහෙම වගකීමක් භාරගන්න අද කාලේ ඉදිරිපත් වෙන්නේ කීයෙන් කීදෙනාද? (නි)
ඔබතුමාට ජය! (නි)
මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)
ඔබතුමා ගත් තීරණය නිවැරදියි (නි)
කලකට පසු ගත් හොඳ තීරණයක්.ජයවේවා! පළාතේ දේශපාලඥයින්ට හොඳ පහරක් (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඉතා වටිනා වැඩක් (දී)
මාරු වැඩේ බොහොම හොදයි (දී)
ඉතාමත් හොද වැඩක් ජාතිවාදේ කියන එක නැති කරලම දාන්න ඕන.මොකද ඕව නිසා තමා යුද පසුබිම් ඇති වෙන්නේ (දී)
මර්වින් සිල්වා යනු ප්‍රායෝගික දේශපාලකයෙක්. ඕනෑම ප්‍රශ්නයක් උනත් බයක් නැතිව ගුටි කන්න හරි ඉස්සරහට යන කෙනෙක් විදේශයක සිට අපි නිරතුරුවම ඔබ ගැන බලා සිටිනවා!! (දී)
ඔබ නියම වීරයෙක් (දී)
මිට කලින් ඔබතුමා ආවානම් ප්‍රශ්නේ මේ තරම් දුර දිග යන්නේ නැහැ (දී)
මර්වින් ඇමතිතුමා කාටවත් බය නැනේ...(දී)
ලංකාවේ ආරක්ෂාව නැහැ කියන එක ප්‍රශ්ණයක් නේද? වඅඩිම වියදම කරන්නේ ආරක්ෂාවට නේද? (නදී)
ලංකාව අරාජික කරන්න එපා (දී)
අනේ වාසනාවන් (දී)
මර්වින් ඇමති තුමා එඩිතර නිර්භීත සිංහලයෙක්, එතුමාට අපේ ගෞරවය . රටේ ජාතික ප්‍රශ්නවලදී මැදිහත් වෙන්න මෙතුමා හිටපු එක අපිට ශක්තියක් .(දී)
ෆස්රුල් - ගෆූර් කටාර් - කියන දේ හරියටම හරි.මමත් බුද්ධාගමේ කෙනෙක් හැටියට ඔහුගේ කතාවට සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. (දී)
ඔබතුමා ගත්තු තීරණය හොදයි නමුත් සාමය ආරක්ෂා කරන්න තනිව සටන් කරන්න වුනු එකයි හිතට දුක (දී)
නියමයි ඇමති තුමා ඔබව අගය කරනවා...ෆස්රුල්-ගෆුර් කටාර්- ඔහුගේ කතාව නියමයි (දී)
ගස් බඳියිද දන්නේ නැහැ (නදී)
කැළණියෙන් මර්වින් නම් මුස්ලිම් ඇමති වරයෙක්....(දී)
නියමයි ඇමති තුමා (නදී)
ඇමතිතුමා කරපු වැඩේ සම්පුර්ණයෙන්ම වැරදියි. ආරක්ෂාව සලසන්න ඕනේ පොලිසිය හා ආරක්ෂක අංශ. මේ වගේ හැමදේම ඇමතිවරු අතට ගන්න ගියහම හොඳ වගේම නරකත් සිදුවෙනවා. රටේ නීතියක් නැතුව ගිහින් පොලිසිය දේශපාලකයන්ගේ අතකොලු වෙනවා. මේවට හුරේ දාන්න ගිහිල්ල කණගාටුවෙන්න වෙන්නෙත් අපිටම තමයි. (නදී)
රටේ පොදු නීතියට මොකද වෙලා තියෙන්නේ? (නි)
මේ බුදුන් වැඩි දේශයක් නේද? අද මේ මොකද වෙලා තියෙන්නේ? (නි)
ඇමතිතුමාට ජයවේවා! සියලු කටයුතු සාර්ථක වේවා! (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
නලින්, ඔබ හරි. (නි)
මම මුස්ලිම් ජාතිකයෙක්. නමුත් පාසල් කාලයේ ආගමට ඉගෙනගත්තේ බුදුදහම. මම බුදුරජාණන් වහන්සේට ඉතා ගරු කරමි. මම කිසිදා බුදු දහමට වරදක් කියන්නේ නැහැ. අද මේ වෙන දේ දකින විට දරාගත නොහැකි වේදනාවක් ඇතිවෙනවා.මගේ මවු රටේ සියලුම දෙනාට සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියා මම අල්ලාහ් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
බලනකොට අපේ ඇමතිතුමා හරි දක්ෂයිනේ (නි)
අබුද්දස්ස කාලේ මොනවාද නොවෙන්නේ? (නි)
ඔබතුමාගේ පාලනය යටතේ තියෙන ප්‍රදේශයේ ආරක්ෂාවත් බාරගන්න. එතකොටවත් අපිට මීට ටික කාලෙකට කලින් අහන්න උන ඒවා ආයේ අහන්න ලැබෙන එකක් නැහැ. හැබැයි ඇමතිතුමනි ආරක්ෂාව විතරයි නීතිය එහෙම බාරගන්න එපා. (නදී)
වැරදි අයට මොන විදියේ දඩුවම් දෙයිද කියලයි මට බය (නි)
ගස්.බැදලා හරි සාමය ඇති කරන්න ඇමති තුමා. (නදී)
අනේ හොඳයි (නි)
හොඳ අදහසක් (නි)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මර්වින් පල්ලියට ඇවිල්ල දර්ග ටවුන් ආරක්ක්‍ෂාව දෙන්න. මොන විහිලුවක්ක්ද. (අ)
මොකටද අපට පොලිසියක්? මෙයා එන්නේ සේරම අච්චාරු වුනාම..මේකත් එක විදියක චන්ඩි කමක්. රතුපස්වලටත් මෙයා ගිහින් මාධ්‍ය වල නම දැම්මා. ඒත් ඒ ප්‍රශ්ණය විසඳුවද? (නදී)
ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ඕකනේ. ලෝකේ ඉන්න හැම කෙනාම ඇඟිලි ගහන තත්වයට පරිසරය සැකසුනාම අවසානයේ වෙන්න රට කාල කන්නි වීමයි. (නදී)
අනේ මෙහෙමත් වැඩ! (නි).
ජය වේවා ඇමතිතුමා! (නි)
දැන් අපේ කට්ටිය මේකට මොකද කියන්නේ? මම නම් කියන්නේ ඇමතිතුමාට මේ දේ කරන්න පුලුවන් කියලයි (නි)
ලංකාව හරිම ලස්සන රටක් ! අපි මොනතරම් සමගියෙන් හිටියද ? අපිට අපේ රට ඇෆ්ගනිස්ථානයවත් ඉරාකයවත් කර ගන්න ඕනේ නැහැ. අපේ අනාගත දරුවෝ දුක් විඳින්න ඕනෙද? ටික දෙනෙක් කරන වැරදි හින්ද සියලු ආගම්වල නාමයෙන් සමගියෙන් ඉඳිමු. (ස)
මේ අයගේ විසකුරු සර්පයා ගැන අපි තවම හරියට දන්නේ නැහැ.(අ)
මර්වින් සිල්වා හැමවිටම නිවරදි දේ කරනවා. ඔහුගේ නිර්භීතකමට මම ආචාර කරනවා.(නදී) .
අපි දන්නවා කාගේ කාගේත් නොම්මර. දර්ගා නගරය පරිස්සමින් (නදී)
අැයි ඇමතිතුමා මේකට යන්නේ. එයාට පුළුවන්නේ ජනාධිපති තුමාට කියල නගරයේ ආරක්ෂාවට හමුදාව යවන්න.(නදී)
සුපිරි වැඩක් මර්වින් ඇමතිතුමා (නදී)
නියමයි! (නි)