IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඇමැති මර්වින්ට, පුතාට භද්‍රකාලි පිහිට පතති

ඇමැති මර්වින් සිල්වාට හා ඔහුගේ පුත් මාලකට එරෙහිව කුමන්ත්‍රණය කරතියි කියන අයට එරෙහිව කැලණි කාන්තා බල මණ්ඩලය හලාවත මුන්නේෂ්වරම් හා භද්‍රකාලී දේවාලවල දී දේව කන්නලව් කර පොල් ගැසීය.

කුමන්ත්‍රණකරුවනට දඩුවම් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

කැලණි කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි දමයන්ති පෙරේරා ප්‍රමුඛ පිරිසක් මේ වතාවත්වලට සහභාගී වූහ.

මුන්නේෂ්වරම් බිලි පූජාවට ගෙනවුත් සිටි එළුවන් සහ කුකුළන් සමූහයක් ඇමැති මර්වින් සිල්වා 2011 සැප්තැම්බර 11 වැනිදා නිදහස් කරගෙන ගියේය.

භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජක මහේන්ද්‍රන් එම සිද්ධිය සිහිපත් කරමින් ‘ඇමැතිතුමාට එන්න කියන්න. අපි තරහා නැහැ. එතුමාගේ අපල උපද්‍රව දුරු කිරීමට අපි දෙවියන්ට පූජාවක් පවත්වන්නම්‘ යනුවෙන් පැවසීය.

 

 



අදහස් (0)

ඇමැති මර්වින්ට, පුතාට භද්‍රකාලි පිහිට පතති

අමිල කටුනායක Friday, 28 June 2013 07:14 PM

කකුළුවා නටන්නේ සැළියේ දිය රත්වන තුරු පමණයි (නි)

:       0       0

සිසිර Friday, 28 June 2013 07:27 PM

ගෑනු ඔතන දේවාලේ හෝදන වතුර බොනවා. කපුවා ඇතුලේ මොනවා කරනවද කව්ද දන්නේ? (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 29 June 2013 09:28 AM

කාන්තා බලමණ්ඩලයට කරන්න තිබුනේ ඕක නොවෙයි , (අ)

:       0       0

සමන් Saturday, 29 June 2013 04:54 PM

කාන්තා බල මන්ඩලය ඔය ඔක්කොම එකතු වෙලා පොල් ලෙලි ගැහුවා නම් ඔයිට වඩා හොදයි.(නදී)

:       0       0

මොහෙමඩ් Saturday, 29 June 2013 10:46 AM

අනේ මාලක පුතාට යක්ෂය ආවේශ කරන්න එපා . ඔහොම ඉන්න දෙන්න.(නදී)

:       0       0

සරත් ඩූ Friday, 28 June 2013 08:53 PM

මේවා පත්තරවල දන්නා තරම් වැදගත් නැහැ පොඩි වාසියක් තියෙන්නේ පත්තර වලට මොකද අන්දරේගේ කතා අහන්න මිනුස්සු ටිකක් කැමති නිසා?(නදී)

:       0       0

බණ්ඩාර කුවෙට් Saturday, 29 June 2013 11:15 AM

දමයන්ති පෙරේරා කියන්නේ ඇමැතිතුමාගේ ලෙක්ම් කෙනෙක් බද්‍රකාලී මෑණියන්ට දුක හිතෙයි අහිංසක මිනිස්සු (අ)

:       0       0

මිගිද Friday, 28 June 2013 09:23 PM

කොල්ලයි,බල්ලයි හැම එකාම යනවා දේවාල වලට. එක්කෝ ප්‍රතිවාදියාට අවැඩක් සිද්දකරන්න නැත්නම් තමන්ට හොදක් කොරගන්න . ඕවට දෙවියෝ ඕනේ නැහැ. දෙයියෝ කරන්නේ මෝඩයෝ කියන දේද? කොන්ද පන නැති මිනිස්සු යනවා දෙයියෝ හම්බවෙන්න. දෙයියෝ කොහෙද ඉන්නේ. ගස් උඩද ,ගස් යටද. නි .පොලිස් ලොක්කා ආශීර්වාද ගන්නවා හාමුදුරුවන්ගෙන්. කලින් එක්කෙනත් කොරා එහෙම. දැන් කොහෙද ඉන්නේ. වැඩක් උනාද? 'තමන්ට තමන් විශ්වාස කරන්න', ඒ හොදටම ඇති. දෙවියොයි හාමුදුරුගොල්ලයි ඔහේ හිටපුවාවේ.(නදී)

:       0       0

ටිකිරි Friday, 28 June 2013 10:20 PM

දමයන්ති පෙරේරා කියන කෙනාගේ ෆොටෝ එකකුත් පල කරන්නකෝ. (නි)

:       0       0

නවරත්න Saturday, 29 June 2013 11:54 AM

පොල් ගහන්න තවත් කවුරුවත් නැද්ද (අ)

:       0       0

තිලක් Friday, 28 June 2013 10:26 PM

මෙචචර කල් සමස්ත ජනතාවම සතුටු වුනේ ප්‍රේමදාස සහ ප්‍රබාකරන් මැරුණම විතරයි. ඒත් ඉදිරියේදී ඊට වැඩි විනාසයක් කරන අය මැරුණු දවසට ඔය දෙන්නටම වඩා රටම සතුටු වෙනවා. බලන්න බොරුද කියලා.(නදී)

:       0       0

රත්නසිරි Friday, 28 June 2013 03:36 PM

අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.(නදී)

:       0       0

සඳරුවන් Friday, 28 June 2013 03:40 PM

(මදුවා මන්චතී බාලෝ යාව පාපන්ච පච්චතී-යදාච පච්චතී පාපන් අතබාලෝ දුක්ඛං නිගච්චතී). පව් කරනකොට මිහිරියි, විපාක විඳිනකොට මිහිරි නෑ. කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. ඒක යක්ෂයන්ට ප්‍රේතයන්ට,දෙවියන්ට,බ්‍රහ්මයන්ටවත් වලක්වන්න බෑ. ලොව්තුරා බුදුන්ටත් කර්මය පඩිසන් දුන්නනම් පෘතක්ජන අපි ගැන කවර කතාද?(නදී)

:       0       0

වරුණ Friday, 28 June 2013 03:49 PM

මහා කෝවිලේ පූසාරි නම් ඇමති තුමා එක්ක තරහ වෙලා ඉන්නේ ඒ නිසා පුතාට පිහිට ලබා දේවිද දන්නේ නේ?(නදී)

:       0       0

රත්න Friday, 28 June 2013 03:51 PM

"යකෙකුට" පිහිට වෙන්නේ "යක්කු"ම තමා. (නදී)

:       0       0

ජගත් Friday, 28 June 2013 03:52 PM

"කුළඟන" සමිතියේ නෙමෙයි නේ? (නදී)

:       0       0

ජීවන් Friday, 28 June 2013 03:56 PM

පොල් ටික ඔය ඔලුගෙඩිවලම ගහ ගත්තානම් නරකද? (ත)

:       0       0

පොන්සේකා Friday, 28 June 2013 03:57 PM

බද්‍ර කාලි මෑණියනි පරෙස්සම් වෙනවනම් දැන් හොදේ (අ)

:       0       0

අමාලි සිල්වා Friday, 28 June 2013 03:59 PM

යක්කුන්ට කඩේ යන්නෙත් යක්කුම තමා . මර්වින් සිල්වා මහතාට සහ ඔහුගේ පුතාට සියලුම යකුන්ගේ පිහිටාදරය ලේබෙව පතමි . (අ)

:       0       0

චානක Saturday, 29 June 2013 12:38 PM

මිත්‍යා දුෂ්ටික අඩු බුද්දියෙන් හෙබි තුන්වන ලෝකයේ රටවලට තමා වෛ වාරණ දෙවිගොල්ලන් බැහැල මිනිසුන්ව ගොනාට අන්දවන්නේ....දියුනු රටවලට මේ වගේ ලේ උරා බොන,ඔවු ඔලු,අතපය තිබෙන එකම දෙවියෙක්වත්වත් බහින්නේ නැහැ ....මිනිසුනේ හිතට වහල් නොවී බුද්ධියටතැන දෙන්න. (අ)

:       0       0

මධුෂාන් Saturday, 29 June 2013 12:32 AM

ඔය පොල් ටික ගාලා, තෙල් ටිකක් හින්දලා, කරෝල කෑල්ලක් බැදගෙන කෑවා නම් හොදයි මීට වැඩිය (නි)

:       0       0

චතුර Friday, 28 June 2013 04:29 PM

මේ ගැහැනුන්ට ගෙවල් වල වැඩ නැද්ද? (නදී)

:       0       0

ජානා Friday, 28 June 2013 04:30 PM

පුසාරිතුමනි, ළඟටම එන එකේ රට ජාතිය වෙනුවෙන් ලොකු පිනක් කරගන්න. (නදී)

:       0       0

කුමාරි Friday, 28 June 2013 04:30 PM

මේ වගේ අයට දෙයියෝ පිහිටවුනත් අනුකම්පා කරලා අර අහිංසක අය ගැන බලන්නේ සක්කරයද? මේවා පොල් ගොඩියටත් අවනම්බුයි.(නදී)

:       0       0

කුමාරිහාමි Friday, 05 July 2013 04:49 PM

කාලි කියන්නෙත් කාන්තාවක්. ඇමතිගේ වැඩ අනුමත නොකලත් කාන්තාවන්ට දේවාලයට ගොස් පොල් ගහන්න ඇති අයිතිය පිළිගන්න ඕනෑ.චතුර මහත්තයෝ, ගැහැනුන්ට වැඩ තියෙන්නේ ගෙවල්වල විතරක් නොවේ. හෝදලා වතුර බොන්නේ දරුවන් ලැබීමටයි. මේ කාන්තාවන් ගියේ එහෙම දේකට නොවන නිසා හෝදලා වතුර බොන්න නැතුව ඇති. (දී)

:       0       0

බාහු Friday, 28 June 2013 04:32 PM

නෑ ජගත් මොන කුළඟනද "මරඟන සමිතිය" .(නදී)

:       0       0

නේරංජනී Friday, 28 June 2013 04:40 PM

එහෙනම් වරුණ එයට කියන්න පානදුරේ කෝවිලට යන්න කියල (අ)

:       0       0

රූපවතී Friday, 28 June 2013 04:43 PM

කාලි මෑණියෝ ලගට යන්න ලැජ්ජාවේ බැරුව වෙන්න ඇති .(අ)

:       0       0

නීල් රණා Friday, 28 June 2013 05:04 PM

1578 දී පරංගි විනාශ කල මේ දේවාලයේ පාදම මත ගොඩනැගු කතෝලික පල්ලිය බිඳ නැවත දෙවොල ගොඩනැගුවේ සීතාවක රාජසිංහ රජුයි. ඒ ඉපැරණි ඊශ්වරම් දෙවොල් පහෙන් හතරක්ම ලක්දිව පිහිටීමත් එයින් එකක් මුන්නේශ්වරම් වීමත් නිසයි. රාවණ යුගය දක්වාම මෙහි මුඛපරම්පරාගත ඉතිහාසය දිවෙන බැවින් අපේ අයියානායක දෙයියන් සමග රාම ගෙන ආ ශිව පාර්වතී සංකල්පය මුහුන් කල තැන මෙතැනයි. නමුත් ඒ ගැන රාමට දොස් කිව නොහැක්කේ ලංකාව හා රාජ්‍යත්වය පාවාදුන්නේ එක බඩවැල කඩාගෙන ආ තමන්ගේම උන් නිසයි. අද දක්වාම රාජ්‍යත්වය හිස එසවීම වළක්වන්නෙත් ඒ අයමයි. (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 28 June 2013 05:12 PM

අර පැත්තේ සභා මන්ත්‍රී ඇප ලබා එළියට පැමිණ අයියානායක දේවාලයට ගොස් පොල් ගැසුවේය. මේ පැත්තේ මෙන්න මෙයා භද්‍රකාලී දේවාලවල දී දේව කන්නලව් කර පොල් ගැසීය. අපිට නම් අනේ පොල් ගෙඩිය ගොඩාක් වටිනවා. (අ)

:       0       0

දසුන් Friday, 28 June 2013 05:18 PM

කට්ටියට කීයක් ගෙව්වද දන්නේ නැහැ .දුර ඉදල එන්නත් ඕනනේ.මේ දවස් වල පොල් වලට හොද ඉල්ලුමක් තියනවා වගේ. (අ)

:       0       0

බමුණු Saturday, 29 June 2013 03:38 AM

මේගොල්ල නිසා තමයි අරගොල්ල පවතින්නේ. අපි නිසා නොවෙයි. (නදී)

:       0       0

නිල්මිනි Friday, 28 June 2013 05:21 PM

ඔය දමයන්ති පෙරේරා කියන කෙනත් හොද අම්මණ්ඩි කෙනෙක් තම,අම්මෝ එයාගේ ඔක්කොම යාලුවෝ මැති ඇමැති,පතල,සල්ලි කාරයෝ තමා (අ)

:       0       0

වාස් Friday, 28 June 2013 05:35 PM

අනේ මේ ගෑනුන්ට වෙන වැඩ නැද්ද. අපේ ගෙදර එළුවව් දෙනවා බද්‍ර කලි මෑණියනි කල අපරදවල්ට දඬුවම් දෙන්ඩ.(අ)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Saturday, 29 June 2013 05:25 AM

මේ වගේ දේවල්වලට දෙවියොත් උදව් කලොත්, අනේ දෙවියනේ ඔබ වහන්සේටත් ඉතින් දෙවියන්ගේම පිහිට තමා (නි)

:       0       0

සමීර Friday, 28 June 2013 05:52 PM

අපිට දැන් ගහන්න ඕනි ගල් මේගොල්ලන්ට (අ)

:       0       0

පිටබෙද්දර ජයා Friday, 28 June 2013 05:58 PM

දමයන්ති ඔයාට නම් ලොකු කුට්ටියක් ලැබිලා වගේ නේද ? බලාගෙන , පෙරේතයන්ට කඩේ ගියාම යක්කු ගල් ගහනවා හොඳේ (අ)

:       0       0

අමිල Saturday, 29 June 2013 07:10 AM

මේ දෙදෙනා හරිම 'අහිංසක' ය.(නදී)

:       0       0

ෂෙනාල් Friday, 28 June 2013 06:24 PM

මේ අයට දෙවියෝ බලයිද?(නදී)

:       0       0

චුට්ටා Friday, 28 June 2013 06:30 PM

මේ අපගේ ශ්‍රී ලංකාව.(නදී)

:       0       0

සරත් Saturday, 29 June 2013 03:09 PM

කාන්තා බල මණ්ඩලය එකතු වෙලා පොල්ගෙඩි ගැහුවා නම් දෙවියෝ බලන්න ඉඩ තිබුණා.(නදී)

:       0       0

රෝහණ Saturday, 29 June 2013 08:36 AM

නන්දලාල් මහතා හරි.(නදී)

:       0       0

සදුනි Friday, 28 June 2013 06:56 PM

මේ කාන්තාවන්ට ලැජ්ජාවක් නැහැනේ. ගෑණු කමටත් නිගාවක්. අපිටත් ලැජ්ජයි.(නදී)

:       0       0

පුබුදු Saturday, 29 June 2013 08:53 AM

හොඳ මිනිසුන් පමණි දේවල පන්සල් වලට යෙන්නේ,අනික් ය ඉරිසි පවුකාරයෝ නිසා, (අ)

:       0       0

නන්දලාල් Friday, 28 June 2013 07:02 PM

..කාලි මෑනියෝ මේ අයට ශාප නොකලොත් තමා පුදුම (අ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 888 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4026 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1445 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2446 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site