ඇමැති මර්වින් සිල්වාට හා ඔහුගේ පුත් මාලකට එරෙහිව කුමන්ත්‍රණය කරතියි කියන අයට එරෙහිව කැලණි කාන්තා බල මණ්ඩලය හලාවත මුන්නේෂ්වරම් හා භද්‍රකාලී දේවාලවල දී දේව කන්නලව් කර පොල් ගැසීය.
කුමන්ත්‍රණකරුවනට දඩුවම් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
කැලණි කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි දමයන්ති පෙරේරා ප්‍රමුඛ පිරිසක් මේ වතාවත්වලට සහභාගී වූහ.
මුන්නේෂ්වරම් බිලි පූජාවට ගෙනවුත් සිටි එළුවන් සහ කුකුළන් සමූහයක් ඇමැති මර්වින් සිල්වා 2011 සැප්තැම්බර 11 වැනිදා නිදහස් කරගෙන ගියේය.
භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජක මහේන්ද්‍රන් එම සිද්ධිය සිහිපත් කරමින් ‘ඇමැතිතුමාට එන්න කියන්න. අපි තරහා නැහැ. එතුමාගේ අපල උපද්‍රව දුරු කිරීමට අපි දෙවියන්ට පූජාවක් පවත්වන්නම්‘ යනුවෙන් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙදෙනා හරිම 'අහිංසක' ය.(නදී)
මේ කාන්තාවන්ට ලැජ්ජාවක් නැහැනේ. ගෑණු කමටත් නිගාවක්. අපිටත් ලැජ්ජයි.(නදී)
..කාලි මෑනියෝ මේ අයට ශාප නොකලොත් තමා පුදුම (අ) .
කකුළුවා නටන්නේ සැළියේ දිය රත්වන තුරු පමණයි (නි)
ගෑනු ඔතන දේවාලේ හෝදන වතුර බොනවා. කපුවා ඇතුලේ මොනවා කරනවද කව්ද දන්නේ? (නි)
මේවා පත්තරවල දන්නා තරම් වැදගත් නැහැ පොඩි වාසියක් තියෙන්නේ පත්තර වලට මොකද අන්දරේගේ කතා අහන්න මිනුස්සු ටිකක් කැමති නිසා?(නදී)
කොල්ලයි,බල්ලයි හැම එකාම යනවා දේවාල වලට. එක්කෝ ප්‍රතිවාදියාට අවැඩක් සිද්දකරන්න නැත්නම් තමන්ට හොදක් කොරගන්න . ඕවට දෙවියෝ ඕනේ නැහැ. දෙයියෝ කරන්නේ මෝඩයෝ කියන දේද? කොන්ද පන නැති මිනිස්සු යනවා දෙයියෝ හම්බවෙන්න. දෙයියෝ කොහෙද ඉන්නේ. ගස් උඩද ,ගස් යටද. නි .පොලිස් ලොක්කා ආශීර්වාද ගන්නවා හාමුදුරුවන්ගෙන්. කලින් එක්කෙනත් කොරා එහෙම. දැන් කොහෙද ඉන්නේ. වැඩක් උනාද? 'තමන්ට තමන් විශ්වාස කරන්න', ඒ හොදටම ඇති. දෙවියොයි හාමුදුරුගොල්ලයි ඔහේ හිටපුවාවේ.(නදී)
දමයන්ති පෙරේරා කියන කෙනාගේ ෆොටෝ එකකුත් පල කරන්නකෝ. (නි)
මෙචචර කල් සමස්ත ජනතාවම සතුටු වුනේ ප්‍රේමදාස සහ ප්‍රබාකරන් මැරුණම විතරයි. ඒත් ඉදිරියේදී ඊට වැඩි විනාසයක් කරන අය මැරුණු දවසට ඔය දෙන්නටම වඩා රටම සතුටු වෙනවා. බලන්න බොරුද කියලා.(නදී)
ඔය පොල් ටික ගාලා, තෙල් ටිකක් හින්දලා, කරෝල කෑල්ලක් බැදගෙන කෑවා නම් හොදයි මීට වැඩිය (නි)
මේගොල්ල නිසා තමයි අරගොල්ල පවතින්නේ. අපි නිසා නොවෙයි. (නදී)
මේ වගේ දේවල්වලට දෙවියොත් උදව් කලොත්, අනේ දෙවියනේ ඔබ වහන්සේටත් ඉතින් දෙවියන්ගේම පිහිට තමා (නි)
මේ අපගේ ශ්‍රී ලංකාව.(නදී)
නන්දලාල් මහතා හරි.(නදී)
හොඳ මිනිසුන් පමණි දේවල පන්සල් වලට යෙන්නේ,අනික් ය ඉරිසි පවුකාරයෝ නිසා, (අ)
කාන්තා බලමණ්ඩලයට කරන්න තිබුනේ ඕක නොවෙයි , (අ)
අනේ මාලක පුතාට යක්ෂය ආවේශ කරන්න එපා . ඔහොම ඉන්න දෙන්න.(නදී)
දමයන්ති පෙරේරා කියන්නේ ඇමැතිතුමාගේ ලෙක්ම් කෙනෙක් බද්‍රකාලී මෑණියන්ට දුක හිතෙයි අහිංසක මිනිස්සු (අ)
පොල් ගහන්න තවත් කවුරුවත් නැද්ද (අ)
මිත්‍යා දුෂ්ටික අඩු බුද්දියෙන් හෙබි තුන්වන ලෝකයේ රටවලට තමා වෛ වාරණ දෙවිගොල්ලන් බැහැල මිනිසුන්ව ගොනාට අන්දවන්නේ....දියුනු රටවලට මේ වගේ ලේ උරා බොන,ඔවු ඔලු,අතපය තිබෙන එකම දෙවියෙක්වත්වත් බහින්නේ නැහැ ....මිනිසුනේ හිතට වහල් නොවී බුද්ධියටතැන දෙන්න. (අ)
කාන්තා බල මණ්ඩලය එකතු වෙලා පොල්ගෙඩි ගැහුවා නම් දෙවියෝ බලන්න ඉඩ තිබුණා.(නදී)
කාන්තා බල මන්ඩලය ඔය ඔක්කොම එකතු වෙලා පොල් ලෙලි ගැහුවා නම් ඔයිට වඩා හොදයි.(නදී)
කාලි කියන්නෙත් කාන්තාවක්. ඇමතිගේ වැඩ අනුමත නොකලත් කාන්තාවන්ට දේවාලයට ගොස් පොල් ගහන්න ඇති අයිතිය පිළිගන්න ඕනෑ.චතුර මහත්තයෝ, ගැහැනුන්ට වැඩ තියෙන්නේ ගෙවල්වල විතරක් නොවේ. හෝදලා වතුර බොන්නේ දරුවන් ලැබීමටයි. මේ කාන්තාවන් ගියේ එහෙම දේකට නොවන නිසා හෝදලා වතුර බොන්න නැතුව ඇති. (දී)
නෑ ජගත් මොන කුළඟනද "මරඟන සමිතිය" .(නදී)
(මදුවා මන්චතී බාලෝ යාව පාපන්ච පච්චතී-යදාච පච්චතී පාපන් අතබාලෝ දුක්ඛං නිගච්චතී). පව් කරනකොට මිහිරියි, විපාක විඳිනකොට මිහිරි නෑ. කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. ඒක යක්ෂයන්ට ප්‍රේතයන්ට,දෙවියන්ට,බ්‍රහ්මයන්ටවත් වලක්වන්න බෑ. ලොව්තුරා බුදුන්ටත් කර්මය පඩිසන් දුන්නනම් පෘතක්ජන අපි ගැන කවර කතාද?(නදී)
මහා කෝවිලේ පූසාරි නම් ඇමති තුමා එක්ක තරහ වෙලා ඉන්නේ ඒ නිසා පුතාට පිහිට ලබා දේවිද දන්නේ නේ?(නදී)
"යකෙකුට" පිහිට වෙන්නේ "යක්කු"ම තමා. (නදී)
"කුළඟන" සමිතියේ නෙමෙයි නේ? (නදී)
පොල් ටික ඔය ඔලුගෙඩිවලම ගහ ගත්තානම් නරකද? (ත)
බද්‍ර කාලි මෑණියනි පරෙස්සම් වෙනවනම් දැන් හොදේ (අ)
යක්කුන්ට කඩේ යන්නෙත් යක්කුම තමා . මර්වින් සිල්වා මහතාට සහ ඔහුගේ පුතාට සියලුම යකුන්ගේ පිහිටාදරය ලේබෙව පතමි . (අ)
මේ ගැහැනුන්ට ගෙවල් වල වැඩ නැද්ද? (නදී)
පුසාරිතුමනි, ළඟටම එන එකේ රට ජාතිය වෙනුවෙන් ලොකු පිනක් කරගන්න. (නදී)
මේ වගේ අයට දෙයියෝ පිහිටවුනත් අනුකම්පා කරලා අර අහිංසක අය ගැන බලන්නේ සක්කරයද? මේවා පොල් ගොඩියටත් අවනම්බුයි.(නදී)
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.(නදී)
එහෙනම් වරුණ එයට කියන්න පානදුරේ කෝවිලට යන්න කියල (අ)
කාලි මෑණියෝ ලගට යන්න ලැජ්ජාවේ බැරුව වෙන්න ඇති .(අ)
1578 දී පරංගි විනාශ කල මේ දේවාලයේ පාදම මත ගොඩනැගු කතෝලික පල්ලිය බිඳ නැවත දෙවොල ගොඩනැගුවේ සීතාවක රාජසිංහ රජුයි. ඒ ඉපැරණි ඊශ්වරම් දෙවොල් පහෙන් හතරක්ම ලක්දිව පිහිටීමත් එයින් එකක් මුන්නේශ්වරම් වීමත් නිසයි. රාවණ යුගය දක්වාම මෙහි මුඛපරම්පරාගත ඉතිහාසය දිවෙන බැවින් අපේ අයියානායක දෙයියන් සමග රාම ගෙන ආ ශිව පාර්වතී සංකල්පය මුහුන් කල තැන මෙතැනයි. නමුත් ඒ ගැන රාමට දොස් කිව නොහැක්කේ ලංකාව හා රාජ්‍යත්වය පාවාදුන්නේ එක බඩවැල කඩාගෙන ආ තමන්ගේම උන් නිසයි. අද දක්වාම රාජ්‍යත්වය හිස එසවීම වළක්වන්නෙත් ඒ අයමයි. (අ)
අර පැත්තේ සභා මන්ත්‍රී ඇප ලබා එළියට පැමිණ අයියානායක දේවාලයට ගොස් පොල් ගැසුවේය. මේ පැත්තේ මෙන්න මෙයා භද්‍රකාලී දේවාලවල දී දේව කන්නලව් කර පොල් ගැසීය. අපිට නම් අනේ පොල් ගෙඩිය ගොඩාක් වටිනවා. (අ)
කට්ටියට කීයක් ගෙව්වද දන්නේ නැහැ .දුර ඉදල එන්නත් ඕනනේ.මේ දවස් වල පොල් වලට හොද ඉල්ලුමක් තියනවා වගේ. (අ)
ඔය දමයන්ති පෙරේරා කියන කෙනත් හොද අම්මණ්ඩි කෙනෙක් තම,අම්මෝ එයාගේ ඔක්කොම යාලුවෝ මැති ඇමැති,පතල,සල්ලි කාරයෝ තමා (අ)
අනේ මේ ගෑනුන්ට වෙන වැඩ නැද්ද. අපේ ගෙදර එළුවව් දෙනවා බද්‍ර කලි මෑණියනි කල අපරදවල්ට දඬුවම් දෙන්ඩ.(අ)
අපිට දැන් ගහන්න ඕනි ගල් මේගොල්ලන්ට (අ)
දමයන්ති ඔයාට නම් ලොකු කුට්ටියක් ලැබිලා වගේ නේද ? බලාගෙන , පෙරේතයන්ට කඩේ ගියාම යක්කු ගල් ගහනවා හොඳේ (අ)
මේ අයට දෙවියෝ බලයිද?(නදී)