ඇමැතිවරුන් නව දෙනකු හා නිලධාරීන් පිරිසක් පසුගිය කාලයේ ගුවන් හමුදා හෙලිකොප්ටරවලින් ගමන් කර ඇත්තේ ජනපති හෝ අගමැතිගේ ඇරැයුමින් බවත්, එම ගමන් වෙනුවෙන් අදාල ආයතනවලින් මුදල් ගෙවා ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක ඇමැතිවරුන් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මුදල් නොගෙවා ගුවන් හමුදා යානා පාවිච්චි කර නැති බවයි.
රාජ්‍ය ඇමැති විජේවර්ධන මහතා කරුණු පැහැදිලිකරමින් කියා සිටියේ එම ඇමැතිවරුන් හෝ නිලධාරීන් වෙනුවෙන් යානා වෙන් කර ගත් ආයතන මුදල් ගෙවා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරුන් හෝ නිලධාරීන් වෙනුවෙන් යානා වෙන්කර ගත් ආයතන වලට මුදල් ගෙවා ඇත්තේ කවුද කියලත් අපිට කියන්න (නි)
කලින්, ඔය චෝදනාවට හිටපු ජනපතිනියගේ නමත් ඇඳා ගෙන තිබුන නමුත් දැන් එතුමිය ගැන වචනයක්වත් සඳහන් කර නැහැ.මොකද්ද වුනේ එතුමියගේ ගුවන් ගමන් වලට ? (හේ)
ඔබතුමාලා කියන්න, අපි අහගෙන ඉන්නම් (නි)
ආයතන මුදල් ගෙව්වා කියන්නේ පුද්ගලික ආයතන වෙන්න බැහැනේ. රජයේ ආයතන වලින් ගෙවන්නේ ඇමතිවරුන්ගේ පුද්ගලික මුදල් නොවේ නේද? (නි)
ඔච්චර කඩිනමින් ගිහින් කළ දෙයක් නම් රටේ පේන්න නැහැ. අන්තිමට ඕවට ගෙවලා තියෙන්නෙත් රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි (නි)
මේවට අපි ඉතින් මොනවා කියන්නද? (නි)
හදිසි රාජකාරි සඳහා (ජාතික ආපදා වැනි) ඒවට ගියා නම් ගැටළුවක් නෑ.(හේ)
ඊයේ එක කතාවක්. අද තව කතාවක්. දැන් මේ දෙකෙන් කොයි එකද ඇත්ත?(හේ)
ලොකු අයට ඇම එන්නේ නොපෙනෙන තැන වලින්. එකට වගකියන්න වෙන්නේ ඉපදෙන්න ඉන්න ළමයාගේ සිට. ඇම කෑමට පෙර සහ ඇම කෑවට පසු එයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් වගඋත්තර ගන්න ක්‍රමයක් හදමු. (නි)
අපි ඔබතුමන්ට ගොඩක් ගරුකරනවා (නි)