IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා පොලිසිය ලෙඩ දරුවකුගේ ආසාව ඉටු කරයි

මොළේ පිලිකාවක් හේතුවෙන් දෑස් අඳ දරුවකුගේ බලවත් ආශාවක් ඉටු කර දීමට  ඇමරිකාවේ වොෂින්ටන් නුවර අසල පොලීසියක්  ක‍්‍රියා කෙළේය. හැන්කොක් ස්ටීවන්හට (13)  මිතුරන්ද නොමැත.   පාසල් ඇරි නිවසට පැමිණි වෙලේ පටන් තම ඵකම ආශාව වන පොලිස් නිළධාරියෙකූ වීම පිලිබඳව ඔහු තම මවත් පියත් සමග නිතර නිතර කතා කරයි. රෝගි දරුවාගේ නොනිමි ආශාව කන වැටුණු  ස්වෙචිඡා සංවිධානයක් ඵම නගරයේ පොලිස් ප‍්‍රධානින් සමග සාකච්ඡා කෙළේය. හනි හනිකට ඔහුට සරිලන පොලිස් නිල ඇඳුමක් සුදානමි කළ පොලිස් ප්‍රධානත්වයෙන්  රෝගි දරුවාගේ  ආශාව ඉටු කළහ. පොලිස් මුලස්ථානයට ගිය දරුවා පලපුරුදු පොලිස් නිළධාරින් පිරිසක් මැද ආධුනිකයෙක් විය.  ඔවුන් පැය 12කටත් වැඩි කාලයක් ගත කරමින් පොලිස් රාජකාරිය පිලිබඳව කුඩා දරුවාට කියාදුන්හ. තම ජිවීතයේ තිබු ඵකම ආශාව ඉටු කරගත් දරුවා ගෙදර පැමිණ මහත් සතූටීන් කල් ගෙවයි.



අදහස් (0)

ඇමෙරිකා පොලිසිය ලෙඩ දරුවකුගේ ආසාව ඉටු කරයි

යොහාන් Tuesday, 02 October 2012 02:28 PM

ළමයාගේ ආසාව සන්සිදවීම ගැන සංතෝෂයි... සමහර විට දරැවා ඔයින්ම සුව වෙලා ඇති..!(නු)

:       0       0

සරත් Tuesday, 02 October 2012 02:23 PM

උතුම් පින්කමක්, දරුවා සුවපත් වේවි (ස)

:       0       0

ද සිල්වා Tuesday, 02 October 2012 02:29 PM

ලංකාවෙ සමහර පොලිසිවල ළමයි පැය දොළහක් තිබ්බොත් ඒ ළමයා රටේ තියෙන හැම නරක වචනයක්ම ඉගෙන ගනීවි..!(නු)

:       0       0

තිලක් Wednesday, 03 October 2012 08:48 AM

කොහොමහරි පොලිසියට බනින්න පුළුවන් වුණා නම් අපේ මිනිස්සුන්ට ඊට වැඩිය දෙයක් නැහැ (නි)

:       0       0

අමරා Tuesday, 02 October 2012 09:11 PM

දෑසට කදුලු නැගෙන අනුවේදනීය පුවතක්. (නි)

:       0       0

හේවගේ Tuesday, 02 October 2012 03:00 PM

වෙනස් ආකල්ප වෙනස් ජීවිතයකට...!(නු)

:       0       0

ගුණරතන හිමි Tuesday, 02 October 2012 03:09 PM

අගය කළ යුතු වැඩක්.. (නු)

:       0       0

අසින්ත Tuesday, 02 October 2012 03:13 PM

සිරි.. මේ පුතාව දාල තියෙන්නේ මිනිසුන්ව පුදුම කරන්න නෙමයි.. පුංචි දරුවෙකුගේ අහිංසක ආශාවක් ඉටුකරන්න ඔය වගේ අකාරුණික මිනිසුන් අතර ඉන්න උතුම් කරුණාවන්ත මිනිසුන් කොටසක් කරපු උතුම් දෙයක්... අපේ මිනිසුන්ටත් හොද ආදර්ශයක් කරගන්නයි.. ඔයාට පුදුම හිතෙන දේවල් බලන්න නෙමෙයි..!(නු)

:       0       0

ධම්මික Wednesday, 03 October 2012 09:04 AM

අකලන්කගේ අදහස හරියටම හරි ,,, (ස)

:       0       0

සේනානායක Tuesday, 02 October 2012 03:30 PM

මොනවා උනත් රෝගී දරුවෙකු‍ සැනසවීම අගය කරනවා (ස)

:       0       0

උදිත් Tuesday, 02 October 2012 03:44 PM

දෑස අන්දයි කියලා නේද තියෙන්නේ , මගෙද මන්දා අන්දා !!!! (ස)

:       0       0

රංජන Tuesday, 02 October 2012 03:47 PM

ලංකාවේ පොලීසියත් ඔය ව‍ගේ හොඳයි (ස)

:       0       0

පරාක්‍රම Tuesday, 02 October 2012 10:05 PM

ඇමරිකාවෙ පොලිසියට ලංකාවෙ පොලිසිය කිට්ටු කරන්නවත් බැහැ.. ලංකාවෙ පොලිසිය ඒ තරම්ම බලවත්.. මොනවටද දන්නවාද? ජරාවට..!(නු)

:       0       0

ජනක Tuesday, 02 October 2012 03:55 PM

ලෝකේ උතුම් මිනිසුන් ඉන්නවා කියන්නේ ඒකයි (ස)

:       0       0

සුගත් Tuesday, 02 October 2012 03:56 PM

අසින්ත මම ඔබ සමග එකඟයි , කවදාකහරි අපේ රටේ පොලීසියට මේ වගේ දෙයන් කරයිද කියලා බලාගෙන ඉමු (ස)

:       0       0

ආනන්ද Wednesday, 03 October 2012 09:29 AM

අපෝ ලංකාවේ සමහර පොලීසි ළමයින්ට සලකපු අවස්ථා මෙහෙමද. ඒවා තමයි නියම රේකෝඩ්ස්. ළමයෙක්ම නොවුනත් කටුනායකදි,රත්මලානෙදි සලකපු සැලකිල්ල කොහොමද. (ස)

:       0       0

සුඳා Tuesday, 02 October 2012 04:29 PM

ඇත්තටම ලොකු පිනක් මේක, ලොකු ආදර්ශයක් හැමෝටම , දරුවන්ගේ අහිංසක සිතුවිලි දන්න මිනිස්සු හරි අඩුයි (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 02 October 2012 04:30 PM

බලන්න ඒ පොඩි දරුවගේ හිතේ තියෙන සතුට අපිට මූණෙන් පේනවා.. අනික පොලිස් නිළධාරින්ගේ කරුණාවන්ත බව.....හැමටම ආදර්ශයක්. රෝගියෙකුට කායික සුවයට වඩා මානසික සුවය බෙහෙවින් බලපානවා ,රෝගයක් සුව වීමට. මේ ළමයත් දැන් අසීමිත මානසික සුවයක් විදිනා ඇති. අපේ අයටත් හොද ආදර්ශයක්. (ස)

:       0       0

හිල්මි Tuesday, 02 October 2012 04:54 PM

සිරි මොනවද මේ දොඩවන්නේ? සමහරවිට ලංකාවේ පොලිසියක කෙනෙක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ති Tuesday, 02 October 2012 05:24 PM

මේ පුවතෙන් කියවෙන්න රෝගී දරුවෙක්ගේ පැතුමක් ඉටු කරපු හැටි. පොලිසිය හෝ වෙනත් ආයතනයක් එකතු වී කරපු මේ අගනා ක්‍රියාව උතුම් ක්‍රියාවක්. මේ ක්‍රියාවට පොලිසියේ සහය ලැබුණා පමණි. එය ක්‍රියාවේ යෙදෙවුවේ පැතුම් ඉටු කරන ආයතනයකින්. මුළු ලෝකයේම මෙවැනි ආයතන තියෙනවා. අපේ රටේ නොතිබුණු මෙවැනි ආයතනයක් එක කාන්තාවක් මුල් වී පටන් අරන් තියෙනවා. ඇය පිටරට ජීවත්වන කෙනෙක්. අපේ දරුවෝ ගැන සිතපු මේ ශ්‍රී ලංකික කාන්තාව අපේ රටටත් මේ අගනා සේවාව ගෙනවිත් තියනවා. එත් මාධ්‍ය ඒවාට දෙන ප්‍රචාරය මදි. ක්‍රිකට් තරගයක් හෝ දේශපාලන අමනයෙක්ගේ ක්‍රියාවක් නම් ඕනෑ තරම් පත්තරවල, ටීවී වල දමාවි. අකාලේ මේ ලෝකයෙන් සමුගෙන යන පුංචි දරුවන්ගේ පැතුම් ඉටු කරන්න අපේ ලංකාවෙත් 'මගේ පැතුම පදනම' 2009 වසරේ පිහිටුවා නිශ්ශබ්දව වැඩ කටයුතු කරගෙන යනවා. මුළු ශ්‍රී ලාංකික ජනතාවම එකතු වී මෙම පදනමට හැකිතාක් උදවු කරමු. ඔවුන් ගැන සොයා ගන්න පුළුවන් (www.mywishfoundation.org or facebook/mywishfoundation). (නි)

:       0       0

වාසනා Tuesday, 02 October 2012 05:53 PM

මගේ ඇස්දෙකට කදුළු ආවා , දරුවා මෙයින්ම සුවය ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 06:02 PM

නියම නිලදරුවෝ. (නි)

:       0       0

සිරි Tuesday, 02 October 2012 01:26 PM

මේකත් එතරම් පුදුම විය යුතු පුවතක්ද? පොලීසිය, සහ තවත් කොපමණක් නම් ආයතන වල රාජකාරි කරණ (මොළේ) ලෙඩ දරුවන්ගෙ ගණණ බලන්න.(ස)

:       0       0

වරුණ Tuesday, 02 October 2012 06:24 PM

කොහේ වුණත් පොලිස්කාරයො නම් මට පෙන්නන්න බැහැ. (නි)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 02 October 2012 01:27 PM

විශිෂ්ඨයි !! (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 02 October 2012 01:39 PM

මට අපේ වෙන්නප්පුව පොලිසිය මතක් උනා ඒකත් ඔයවගේම කරුනාවන්තයි.(ස)

:       0       0

බමුණුසිංහ Tuesday, 02 October 2012 06:51 PM

ඒකටත් එක්ක අපේ පොලිසිය. නේද? (නි)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 02 October 2012 01:41 PM

සමහර විට දරුවා මේකෙන්ම සුවය ලබන්නත් ඉඩ තියෙනවා (ස)

:       0       0

බමුණුසිංහ Tuesday, 02 October 2012 06:46 PM

පොලිසියට පැමිණීල්ලක් දාන්න යන අයගෙන් බෝල්පොයින්ට් පෑන පවා ඉල්ලගන්න අපේ පොලිසිය.... (නි)

:       0       0

ඩේව් Wednesday, 03 October 2012 05:38 AM

අපේ පැත්තේ පොලිසිය නම් කන්නත් දීලයි එවන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 01:50 PM

ඇත්තටම අගය කල යුතු ක්‍රියාවක් (ස)

:       0       0

නිරූ Tuesday, 02 October 2012 07:27 PM

ඇත්තටම හරිම හොද වැඩක්. හැබැයි මෙහෙම දේක වටිනාකමක් දන්නේ නැති මිනිස්සු මේවා කියවලා දාන අදහස් නම් අන්තිමයි. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 02 October 2012 01:55 PM

ඇයි අපේ රටෙත් පොලිස් නිලධාරීන් ජනතා සේවයට ඕනම වෙලාවක උදව් කරන්න සැදී පැහැදී ඉන්නවා..!(නු)

:       0       0

ප්‍රේම් Tuesday, 02 October 2012 02:16 PM

ලංකාවේ නම් ....බඩුම තමයි (ස).

:       0       0

අකලංක Tuesday, 02 October 2012 08:08 PM

සිරි, ඔයා පුටුවල වාඩිවෙද්දී පරිස්සමින් වාඩිවෙන්න. මොළය තැළෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 779 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 961 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 511 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 292 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 318 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 597 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site