IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ඇමරිකානුවෝ ලොව දැවැන්තම බෝම්බය ඇෆ්ඝනිස්ථානයට අතහරිති

සී. එන්. එන්. (වොෂින්ටන්)
පරමාණු බෝම්බයට පමණක් දෙවැනි වන නමුත් ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්තම බෝම්බය ඇමරිකානු යුද හමුදාව විසින් අද (14 වැනිදා) අලුයම ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවරට මඳක් නැගෙනහිරට වන්නට පතිත කරන ලදි. ඇෆ්ඝනිස්ථානයේ වෙසෙන අයිසිස් ත්‍රස්තවාදීන්ගේ උමං මාර්ග ඉලක්ක කරමින් මෙම බෝම්බය පතිත කර තිබේ. 
ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි මෙවැනි ආයුධයක් යුද්ධයකදී භවිතා කර ඇත්තේ පළමු වතාවටය. 
ජී.බී.යූ.-43/බී යනුවෙන් නම්කර ඇති මෙම බෝම්බය දැවැන්ත යුද්ධෝපකරණ වලින් යුත් ගුවන් බෝම්බයක් (GBU-43/B Massive Ordnance Air Blast Bomb) වන අතර එහි අන්වර්ථ නාමය වන්නේ සියලු බෝම්බ වල මව හෙවත් (MOAB) යන්නයි. අඩි 30 දිගකින් යුත් මෙම බෝම්බයේ බර රාත්තල් 21,600 කි. 
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් මෙම බෝම්බය හෙළීම හඳුන්වා ඇත්තේ “තවත් සාර්ථක වැඩක්” යනුවෙනි. 
ඇෆ්ඝනිස්ථානයේ රඳවා ඇති ඇමරිකානු ගුවන් හමුදාවට අයත් MC - 130 වර්ගයේ ගුවන් යානයකින් මෙම බෝම්බය බිම හෙළා තිබේ. ඇමරිකානු බලධාරීන්ට අනුව මෙම බෝම්බයේ ඉලක්කය වී ඇත්තේ ඇෆ්ඝනිස්ථානයේ නගර්හාර් පළාතේ අචින් දිස්ත්‍රික්කයේ පිහිටි උමං සංකීර්ණය සහ එහි සිටින පිරිසයි. මෙම ප්‍රදේශය පාකිස්තානු දේශ සිමාවට ඉතාම ආසන්නයේ පිහිටියකි. 
 
“අයිසිස් ත්‍රස්තවාදී සමග කරන සටන අපි ඉතාමත් බරපතළ ආකාරයටයි සලකන්නේ. ඔවුන්ව පරාජය කරන්න නම් ඔවුගේ මෙහෙයුම් ස්ථාන අහිමි කරන්න ඕනෑ. අපි දැන් කරලා තියෙන්නේ ඒකයි” යයි ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් මහතා පැවසීය. 
“මෙම උමං සංකීර්ණය නිසා අයිසිස් ත්‍රස්තවාදීන්ට තමන්ගේ මෙහෙයුම් කටයුතු නිසිපරිදි කරගැනීමටත් මෙහෙයුම් ස්ථාන අතරේ නිදහසේ එහා මෙහා යාමටත් අවස්ථාව තියෙනවා” යයිද ධවල මන්දිර මාධ්‍ය නිලධාරියා පැවසීය. 
ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ඇෆ්ඝනිස්ථානු තානාපති හම්දුල්ලා මොහිබ් මහතා සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ එක්සත් ජනපද විශේෂ කාර්ය සාධක බලකාය සහ ඇෆ්ඝන් හමුදා එක්ව අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව කරගෙන යන සටන පසුගිය සතියේ උත්සන්න වූ බවත් මෙම බෝම්බය පතිත කිරීම එහි ප්‍රතිඵලයක් බවත්ය. 
“එක්සත් ජනපද සහ ඇෆ්ඝන් හමුදාවලට ඉදිරියට යන්න බැරිවුණේ අයිසිස් ත්‍රස්තවාදීන් එම ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය වළදමා තිබුණ නිසයි. මේ බෝම්බය අතහැරියේ එම ප්‍රදේශය සුද්ධ කරගන්නයි” යයිද මොහිබ් මහතා පැවසීය.
මෙම ප්‍රහාරය සඳහා තමන් සිය අත්සන යොදා අනුමැතිය දුන්නේද යන්න ස්ථිරව ප්‍රකාශ කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා පැකිළුණේය. එහෙත් ඔහු කීවේ මෙවන් කතාවකි. 
“මොකක්ද සිද්ධ වෙන්නේ කියලා හැමෝම දන්නවා. මට කරන්න තියෙන්නේ හමුදාවලට අණ දීම සහ අනුමත කිරීම පමණයි” යයි ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවසීය. කෙසේ වෙතත් ඇමරිකානු හමුදා රඳවා ඇති ස්ථාන වලදී කිසියම් සීමාවක් දක්වා ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හමුදා අධිකාරීන් වෙත පවරා දී තිබේ. 
GBU - 43/B යනුවෙන් නම්කර ඇති මෙම බෝම්බය 2003 දී ඉරාක යුද්ධය වෙනුවෙන් නිෂ්පාදනය කළ එකකි. එහි විශේෂත්වය වන්නේ පොළොවට පතිත වීමට මොහොතකට පෙර එය පුපුරා යාමයි. එමගින් බෝම්බය පතිත වන ප්‍රදේශය වටා මහත් විනාශයක් කිරීමට මෙම බෝම්බයට පුළුවන. 
මෙම බෝම්බය මගින් වන අති මහත් විනාශය නිසා සටනකින් තොරවම යටත් වීමට තරම් සතුරා අඩපණ කළ හැකි ආකාරයෙන් එය සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් පොළව මතුපිට තිබෙන ආස්තරණය විනිවිද යමින් භූගත බංකර් වලට පවා පහර දීමේ හැකියාව මෙම බෝම්බයට තිබේ. 
රාත්තල් 21,600 ක බරකින් යුත් මෙම බෝම්බයේ පුපුරන ද්‍රව්‍ය රාත්තල් 18,000 කි. එය පුපුරා යාමේදී ඇතිවන බලපෑම න්‍යෂ්ඨික බෝම්බයක බලපෑමට මඳක් අඩුවෙන් පවතී.
කෙසේ වෙතත් මෙම බෝම්බය පිපිරීමෙන් ඇතිවූ විනාශය හෝ මරණ සංඛ්‍යාව තවමත් ගණන් බලා නැත. 


 



අදහස් (14)

ඇමරිකානුවෝ ලොව දැවැන්තම බෝම්බය ඇෆ්ඝනිස්ථානයට අතහරිති

සතයපාල Friday, 14 April 2017 04:15 AM

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදයට මුවා වෙලා කල තවත් අමානුෂික තිරිසන් ක්‍රියාවක් සමහර විට තමන්ගේ අලුත්ම අවිය අත්හදා බලන්න ත්‍රස්තවාදයට පාවිච්චි කරන්න ඇති මුලු මහත් මිනිස් සංහතියට එරෙහිව භාවිතා කරන මෙවැනි නින්දිත ක්‍රියාමාර්ග හෙලා දැකිය යුතුය.

:       930       862

nimallalitha Friday, 14 April 2017 04:23 AM

ආගමික අන්තවාදයෙන් පිස්සු වැටුණු බිහිසුණු ත්‍රස්තයන් කෙසේ හෝ මෙල්ල කල යුතුය. මේ නිසා විපතට පත්වෙන අහිංසකයන් ගැන කනගාටු විය යුතුය. එයටත් වඩා ප්‍රධානම කනගාටුදායක කරුණ වන්නේ බිහිසුණු ත්‍රස්තවාදීන් මෙල්ල කිරීමට මෙවැනි බිහිසුණු අවි යොදා ගන්න ලෝක කෙරුමන් ලොව සිටි බිහිසුනුම ත්‍රස්තවාදී කණ්ඩායම මෙල්ල කල අපේ වීරෝදාර රණවිරුවන් දන්ගෙඩියට යැවීමට කටයුතු කිරීමය.

:       20       290

mahee Friday, 14 April 2017 04:46 AM

මේක නරක වැඩක් හැටියට පතුරු ගැහෙයි. හැබැයි, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් කරන දරුණු කෘර මිනීමැරුම්, ඝාතන බැලුවහම මේ විදිහට මිසක් ඔවුන් මර්දනය කරන්නත් බැහැ.

:       48       305

ravin Friday, 14 April 2017 05:19 AM

ඇමෙරිකාවෙන්නේ කලේ. එ හින්ද මුළු ලෝකෙම විඳගන්න ඕනේ. මේ ක්‍රියාව වැරදී වෙනින් මොනයම්ම රටක් කලානම් තමයි .

:       91       136

ර0ග Friday, 14 April 2017 07:08 AM

එක එක වර්ගයේ ආයුධ ටෙස්ට් කරනව.....

:       55       104

siri Friday, 14 April 2017 08:33 AM

උන් කරනකොට හොදයි. අපි කලානම් වැරදියි."අන්තෝ ජටා බහි ජටා"

:       50       113

nihal Friday, 14 April 2017 08:40 AM

ලෝකයේ දරුනුම බෝම්බය ත්‍රස්තවාදීන් හෙලන ගමන් අපිට කියන්නේ ත්‍රස්ත මර්දන පනත ඉවත්කරන්න කියල.

:       0       176

ධම්ම Friday, 14 April 2017 09:56 AM

අල්කයිඩා, බින් ලාඩන්, අයි එස්, එම් ඕ ඒ බී, ආදී සියල්ල ඇමෙරිකානු නිෂ්පාදනවේ.

:       25       51

Nandalal de Silva - France Friday, 14 April 2017 10:08 AM

දෙවියන්ගේ නාමයෙන් බෝම්බ දමා ලක්ෂ ගණන් අසරණ මිනිස් ජීවිත බිල්ලට ගන්නා, විශාල දේපළ, මිළ කල නොහැකි පුරා වස්තු විනාශකරන, අවියෙන් බලය ලබා ගැනීමට තැත් කරන ත්‍රස්තවාදීන්ට දියහැකි උපරිම දඬුවම් දීමට කවරෙකු හෝ ඉදිරිපත් නොවුවහොත්, මුළු ලෝකයම ඔවුන් සතු වෙන බව සහතිකයි. රුසියාව, ඉරාණය වැනි රටවල් එලි පිටම ත්‍රස්ත සංවිධානවලට අවි සහ බිලියන ගණනින් මුදල් සපයමින් නීත්‍යනුකුලව පිහිටුවා ගත් රාජ්‍යයන් පෙරලා දැමීමට ගන්නා උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට ලෝක බලවතා මෙවැනි අන්දමට ඉදිරිපත්වීම පුදුමයට කරුණක් නොවෙයි.......

:       571       317

සෙනෙවි Friday, 14 April 2017 11:07 AM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුධුරුවන්ගේ! ඇමරිකාව තමයි අල්කයිඩා සහ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය බිහි කිරීමට මූලිකව කටයුතු කලේ. බෝම්බයත් උන්ගේම නිපැයුමක්. මේවාට ප්‍රතිඋත්තර ලෙස සැප්තැම්බර් 11 වගේ ප්‍රහාරයකට ලක් උනාම පස්ස බිම ඇනෙනවා !

:       69       201

ගයාන් ප්‍රියන්ත Friday, 14 April 2017 01:03 PM

ඇමෙරිකාව ගැහුවේ මුස්ලිම් අන්තවාදයට. ඒක නිසා මම නම් නරකක් කියන් නෑ.

:       109       468

sunil wijesena Saturday, 15 April 2017 06:27 AM

ඇමෙරිකානුවන්ගේ දරුවෝ නේද මේ...?

:       0       0

namal Saturday, 15 April 2017 06:56 PM

සෙනෙවි මෝඩ කතා කියන්න එපා... අයි.එස් එකට සහය දෙන්නේ අරාබි මුස්ලිම් රටවල්.. තමන්ට දියුණු රටකට යන්න බැරිවුනා කියල 9/11 වගේ දේවල් ගැන ප්‍රාර්ථනා කරන්න එපා..

:       122       0

RISHARD Monday, 17 April 2017 02:02 PM

ඔප්පු කරන්න සාධක නැහැ. මොකද මැරෙන්නේ වැඩිපුරම අරාබි මිනිස්සු?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 963 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 897 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1561 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 619 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1379 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 696 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site