IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඇඹිලිපිටි කතගේ ඉල්ලීමට අගමැති කන්දෙයි

තම සැමියා වන ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන පොලිසියට සම්බන්ධ කාරණයක දී සැකකටයුතු ලෙස මරණයට පත්වීමේ සිද්ධියෙන් පසු ආරක්ෂාව ඉල්ලා ඔහුගේ බිරිය ශෂිකා නිශාමනී මුණසිංහ කළ පැමිණිල්ලට සහයෝගය දක්වන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති පොලිස්පතිගෙන් ඉල්ලා ඇත.

ජංගම වෙළෙන්ඳියන්, ආබාධිත පුද්ගලයන්, ත්‍රී රෝද රියදුරන් ඇතුළු විවිධ වේෂයන්ගෙන් පැමිණෙන පිරිස් තමන් සිටින ස්ථානය පිළිබඳ අවට වැසියන්ගෙන් තොරතුරු විමසන බවත් ඇතැමුන් නිවසටම පැමිණ තොරතුරු විමසන බවත් ඇය ජනපති, අගමැති ඇතුළු පිරිසට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

තම සැමියාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරීවරයා මේ වනවිට ඇප මත මුදා හැරීමෙන් පසු යළි සේවයේ යොදවා ඇති බවත් සෙසු සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති නිසා තමාගේ මෙන්ම තම දියණියන් දෙදෙනාගේ ජීවිතවලට තර්ජන එල්ලවන බවට සැකයක් ඇති බවත් ඇය කළ පැමිණිල්ලේ දැක්වේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, නීතිපති, පොලිස්පති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසකට මෙම පැමිණිල්ලේ පිටපත් යොමු කළද මේ වනතුරු ප්‍රතිචාර දක්වා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවද ඇය කියන්නීය.

ශෂිකා නිශාමනීගේ සැමියා වන සුමිත් ප්‍රසන්න පසුගිය ජනවාරි 8 වැනිදා ඇඹිලිපිටිය නගරයේ ගොඩනැගිල්ලක පැවැති සාදයකදී පොලිසිය හා සාදයට පැමිණ සිටි අය අතර ඇතිවූ ගැටුමක් අතරතුරදී ගොඩනැගිල්ලේ ඉහළ මහලකින් වැටී මිය ගියේය. 



අදහස් (0)

ඇඹිලිපිටි කතගේ ඉල්ලීමට අගමැති කන්දෙයි

සිරි Monday, 10 October 2016 09:57 AM

ලොක්කට පිටපත් ඇරියට එයා දැන ගන්නේ පත්තරෙන්නේ, එ්නිසා තව ටිකක් ඉවසන්න. (බ)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 10 October 2016 10:11 AM

අපට දැන් විශ්වාස කරන්න පුළුවන් අගමැති තුමා විතරයි. (බ)

:       0       0

ඉසුරු Monday, 10 October 2016 07:43 AM

ධාර්මික ප්‍රභූ පුතා ආරක්ෂකයෙක්ට පහරදීල ලු. එ්ක ගැනත් අපේ අගමැතිතුමාගේ අවධානය යොමු වෙලාලු. (බ)

:       0       0

විජය Monday, 10 October 2016 09:19 AM

ඔන්න ඒකාබද්ධ විපක්ෂයට ලකුණු ගන්න වෙලාවක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 277 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1002 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 205 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1027 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 401 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1044 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site