පනාමුර පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දුන් බව කියන ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම් කේ අමිල රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා කියයි.
සතර අගතියෙන් තොරව සියලු දෙනාට එක සමානව සේවය සලසන ලෙසත් ඔහු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ භාරකරු මිස අයිතිකරු නොවන බවත් මිහිඳු මාහිමියන් දේවානම් පියතිස්ස රජුට දුන් අවවාදය ඔහුට ද ගැළපෙන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
ආගමික නායකයන්ගෙන් හා අත්දැකීම් ඇති පැරණි දේශපාලනඥයන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් ඔහුට අවවාද කළේය.
සභාපතිගේ අධාකරුවෝ 300ක් පමණ අධිකරණ භූමියට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය ගැන අපි විශ්වාස කරනවා (දී)
ලංකාවේ ඉන්නේ විගසින් අතීතය අමතක කරන මිනිස්සු (දී)
දේශපාලකයින්ට වෙනමම ආචාර ධර්ම පද්ධතියක් හදන්න (නි)
මොකටද ඔය ප්‍රදේශීය සභාපතිවරු. (ත)
ලංකාව දියුණු කරන්න වැඩ කරන්න (දී)
කොහෙන්ද මේ සෙනග ආවේ? (නි)
අනේ මන්දා
ලංකාවේ දේශපාලය ගැන මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
මේ ප්‍රාදේශීය මන්ත්‍රීගේ හෙන්චයියලා ඒ කියන්නේ ඔහුට කඩේ යන 300 ක් පමණ ඇවිල්ල සිටියාලු . මන්ත්‍රී මෙහෙමනම් ඔහු පසු පස ඔහුට නයට කඩේ යන හෙන්චයියලා ගැන මොන කතාද?(නදී)
මේ ....අර දකුණේ මරපු "චන්ඩි මල්ලිගේ" අහිංසක කොලුපැට්ටා නේද ?(නදී)
අපරාදේ කියන්න බැහැ. අගේට උපදෙස් අරන් තව පොලිස් නිලදරුවන් දෙතුන් දෙනෙකුගේ ඔලුත් පලාවිද දන්නෙ නැහැ(නි)
තාත්තා ගිය අඩිපාරෙම යන්න. ඉදිරි සබරගමුව පළාත් සබාවට තෝරා ගැනීමට සියල්ල සම්පුර්ණයි. එබට සුභ පැතුම්.(නදී)
අධාරකරුවෝ 300ක් කියන්නේ හරක් රංචුවක් වෙන්න ඕනා.(නදී)