(අංජුල මහික වීරරත්න)
ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශ දෙක ආශ්‍රිතව අපනයනය ඉලක්ක කර ගත් කෙසෙල් සැකසුම් කළාප දෙකක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දැනට රාජාංගනය හා යාපනය කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන දෙකක් ස්ථාපිත කර ඇත.
ඊට අමතරව සෙවනගල හා ඇඹිලිපිටිය කෙසෙල් වගා කරන ගොවීන්ගේ ඉල්ලීම පරිදි මෙම කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන ව්‍යාපෘති දෙක ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව සෙවනගල ප්‍රදේශයේ කැවෙන්ඩිෂ් නැමැති කෙසෙල් විශේෂයත්, ඇඹිලිපිටිය හා හම්බන්තොට ප්‍රදේශ ආශ්‍රිතව ඇඹුල් කෙසෙල් විශේෂයත් වගා කිරීමට සැලසුම් කර ඇත. මෙම වගාවන් දෙකම ආරම්භයේ දී අක්කර 200 බැගින් අක්කර 400ක වගා කෙරෙන අතර ඉන්පසුව එය අක්කර 800ක් දක්වා ව්‍යාප්ත කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.
මේ යටතේ වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට කෙසෙල් වගාව විද්‍යානුකූලව හා ජාත්‍යන්තර වෙළෙඳපොල ප්‍රමිතීන්ට අනුකූලව වගා කිරීමට අවශ්‍ය කෘෂි තාක්ෂණය හා නවීකරණ වැඩ පිළිවෙල මෙන්ම අලෙවි කර ගැනීමට අවශ්‍ය විදේශ වෙළෙඳපොල ද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ගොවීන් වෙත සපයනු ලබයි.
මීට අමතරව එම ව්‍යාපෘතිය විසින් ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර ද සපයනු ලබන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇඹිලිපිටියට-සෙවනගලට ඩොලර් ඉල්ලමක්
Silva Tuesday, 02 May 2023 01:47 PM
හරි කැලෑවල්වලට වැඩක් දෙන්න යන්නේ...
ලලිත් Tuesday, 02 May 2023 04:40 PM
ගොවියෙක් හැටියට තේරෙන්න සාමාජිකත්වය ගන්න ඕන කරන්නෙ පොහොට්ටුවෙද නැත්නම් ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේද එහෙමත් නැත්නම් කොතනද කියන්න