
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇවිදින කැරකෝප්පුවක් ලෙස ලෝකයේ ප්‍රචලිතව තිබූ ලංකාවේ ප්‍රතිරූපය ඉහලට ඔසවා ගිය ඔක්තෝබරය වන විට ඩොලර් බිලියන 2.3 ක සංචාරක ආදායමක් ඉපැයීමට සමත් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් විජිත හේරත් මහතා මෙසේද කීය. කලාපීය මෙන්ම ආර්ථික වශයෙන් අභියෝග වලට මුහුණ දුන් අවස්ථාවක් මේ.ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ලෝකයේ ඔසවා තබමින් ආර්ථික,දේශපාලන, සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා අප අමාත්‍යංශය මෙහෙයවනවා.රට ඒ තත්ත්වයට ගෙන ඒම සඳහා අප කෙටි කාලයක් තුළ විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා.අපේ රටේ කීර්ති නාමය මෙන්ම ප්‍රතිරූපය පසුගිය කාලයේ ලෝකය ඉදිරියේ සම්පූර්ණයෙන්ම බිඳවට්ටා තිබුණා.
මානව හිමිකම් උල්ලංඝනය කර අපේ රට මුළුමනින්ම ඇවිදින කැරකෝප්පුවක් බවට ලෝකය පුරාම ප්‍රචලිත වී තිබුණා.වත්මන් ආණ්ඩුවේ උර මත පැටවී තිබෙන්නේ.වත්මන් ආණ්ඩුවේ උර මත පැටවී තිබෙන්නේ එවැනි රටක ප්‍රතිරූපය ගොඩනැගීමයි. අද වන විට වෙනස් වන ලෝකයට ගැලපෙන ලෙස අපේ රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd