(රන්ජන් කටුගම්පොළ)

ගෝඨගෝගම අරගලයේ  ක්‍රියාකාරී නීතිඥයකු වන නීතිඥ නුවන් බෝපගේ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන ලැදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව  පසුවට ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන්නේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණ.

නීතිඥ නුවන් බොපගෙ මහතා විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම වග උත්තරකරුවන් වශයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපති, කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති, මර්දාන පොලීසියේ ස්ථානාධිපති, ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

2022 වසරේ ජූලි 22වෙනි දින ගෝඨාගෝගම අරගල භූමියේ දී විරෝධතාවය නිරතව සිටියදී පොලිස් පිරිසක් පැමිණ පහරදී පසුව රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත මුදා හැරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ගොනුකොට ලැබ තිබීණ.