IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘ඇවිල්ල ඇවිල්ලා යහ පාලන රජය ඇවිල්ලා‘

අවුරුදු පන්  එකයි, යහ පාලන දින 100 යි  ජොයින්ට්  කරලා මේ  පාර    අපි   හයිබ්‍රිඩ්  අවුරුදු   පන්  එකක්   ගමු   කියලා අලි  බජාර්   එකට   අයිඩියා   එක දුන්නේ  බජට්   බුවාය. සොමි අයිඩියා   එක  කියලා   කියපු  අලි   බජාර්   එකේ  බිග්  බුවා   බජට්   අවුරුදු   පන්   එකට   ඕන කරන  අයිටම්ස්   ටික  සිලෙක්ට්   කරල පබ්ලික්   කළාය.

ලිස්සන ගහේ  නැගීම  ,කොට්ට පොර,ගම වටේ  දිවීම වගේ  අයිටම්ස්   එක්ක බජට්  බුවා  මොඩිපයි තරගයක් ද  එන්ටර්  කළා.   ඒ   කොත්තමල්ලි  ඇට ගණන්   කිරිමයි. කනා මුට්ටිය බිදිමත්   අවුරුදු පන්  එකට   එන්ටර් කරලා. අලුත්ම එක නමයේ  අලියට   හුලං   ගහලා   පිම්බිම.   අවුරුදු   පන්  එකට   රිපෝට්   කරන්න මීඩියා   බුවාලටත් ඉන්වයිට්   කරල තිබු  නිසා   මීඩියා   බුවාලත්   අවුරුදු  පන්  එකට   සෙට්  වුණා.

අම්මට  සිරි! යහ පාලන  ටොයියොයි   චින්තන බයියොයි වැඩේට   සෙට්  වෙලා   මීඩියා  බුවෙක්   කිය.

බජාර්  දෙකම  කොයි  වෙලාවේ   මරා  ගනියිද  දන්නේ  නෑයි   තවත්  මීඩියා   බුවෙක්   කිවේය.  කෝකටත්   කැමරා   සෙට්  කරගෙන  එවරෙඩි   එකේ   ඉමු  කියලා කිවේය.

මිඩියා   බුවෙක්   මොඩිපයි   තරඟයක්   කියලා පබ්ලික්  කරල  තිබුණු   කොත්තමල්ලි  ඇට   ගණන්  කිරිමේ  තරඟය  තියෙන  ස්පොට්  එක  පැත්තට   ගියා.

ගෑණු  පරාණ  10ක්  විතර  වැඩේට  සෙට්  වෙලා  ඉස්සරහ මේසය  උඩ   කොත්තමල්ලි   ග්‍රෑම්  250 පැකට්   එකයි   හිස්  පිඟන්   දෙකකුයි තියෙනවා. එක් කෙනාට  එක ගානේ  ජජ්බුවාලත්  10ක්   ඉන්නවා.

මේක  දැකපු  මීඩියා  බුවෙක්  කිවේ  මේකත්  මනාප  ඡන්ද   ගැනිල්ලට   සෙකන්ඩ්  වෙන්නේ  නෑ   කියලාය. වැඩේ  දිගට   ඇදෙන  නිසා   මිඩීයා   බුවාලා  එතනින්   මාරු වුණේ   තවත්  අලුත්  සබ්ජෙක්ට්   එකක් වන අලියට  හුලං  ගහනවා   බලන්නය.

අලියට   හුළං   පාර   ගහන්නේ  අපේ   ගිටාර්  ප්‍රේමයනේ  මිඩියා   බුවෙක්  කිහ.

මාර   ජොබ්   එකකට   නේ  බොස්   සෙට්වෙලා  ඉන්නේ  මිඩියා   බුවා  ගිටාර්   ප්‍රේමයත්  එක්ක  සෙට්   වුණේය. ”අපිට   හම්බවෙන්නේ  මේ  වාගේ   ලාන්තරස්   වැඩ   තමයි.බලපන්   මචං   මේ  බිම  වැටිලා   ඉන්නේ   පත සයිස්  අලියට   හුලං ගහල  කෙලින්   කරන්න  තමයි චැලෙන්ජ්   එක  .මේකට  බජට්   බුවාටටම  දැම්මේ  මං  වාෂ්ප වෙලාම යයි කියල හිතාගෙන අපේ   පරපුර   අලි   නැගිට්ට වන  එකනේ. මේ  ප්‍රේමය‍ෙන්  පස්ස බලන්නේ   අලියට   නැගිට්ටවලම තමයි” ගිටාර්  ප්‍රේමයා   මිඩියා   බුවාට   කිය.මිඩියා   බුවා   ගිටාර්  ප්‍රේමයට   ටටා   පාරක්   දාලා   එතනින්   මාරු  වුණේ   ලිස්සන ගහ තියෙන ස්පොට්  එකටය.

ඇමිඩන්  ෂෝටක්  ගහගෙන  ලිස්සන  ගහට  නගින්න පුල්  ට්‍රයි ය

මීට ඉස්සර  මං   මේකේ  කොඩිය උස්සලා. කොහොමද    හැමදාම  ගිටාර්   ප්‍රේමයත්   මේකටම නේ හොම්බ දාන්න ආවේ. මේ  සැරේ ආතල්   ජොබ්  ඌට   සෙට්  කරා වැඩකාරයා  නම්  අලියට  හුලං ගල  පුම්බල පෙන්නපන්  කියලා   දැන්  පොර   එකට   පුල්   ට්‍රයි   එක  දෙනවා. මේ පාර    එක්කෝ   ලිස්න ගහේ   කොඩිය උස්සනවා   නැත්නම්   ගම  හරහා   මැරතන්   එකේ   කප්  ගන්නවා. දෙකෙන්  එකක්   ෂුවර්  කියලා   අැම්ඩන්  බුවා  මිඩියා  පොරට   කිවේ   ජොලි  මුඩ්   එකෙන්ය.

මිඩියා   පොර  එතන  බැන්න  කොට   හොට් නිවුස්  එකක්  ආවේය. හොට් නිවුස් ආවේ   මිඩියා  පොරගේ   හැන්ඩ් පෝන්  එකටය.

මීඩියා   පොර   ෂේප්   එකේ   මාරුවුණේ  කොට්ට පොර   ගැස්පිය  තියෙන  ස්පොට්  එක  ළඟටය.

අම්මට සිරි !  හක්  බෙල්ලයි  විප්ලව  අනුරයයි ලී   කොටය උඩ  මරාගන්න සයිස්  එකට   කොට්ට වලින්   ගුස්පිය   පටන්ගෙනය. හක්  බෙල්ලා   දීස  ජන්තුවා  වාගේ   කොට්ටයෙන්  විප්ලව  අනුරයට   තොල  හපාගෙන  ඇටෑක්   දෙනවා   මිඩියා පොර    දැක්කේය. පට් පට් ගාලා   කැමරාවෙන්   පින්තුර   ගත්  මිඩියා    බුවා   සීන්   එක  මිඩියා    කන්තෝරුවවටත්   රිපෝට්   කළේය. කොට්ට පොර   ගුස්පිය  සැරේටම   නැගලා යනවනේ. හක්බෙල්ලා   දිලා   ඇදපු   පාරකින්   විප්ලව  අනුරයා  ඩෝං   ගාලා  බිමට  පාත් වුණා.

ඊළඟට   ලී කොට   නැග්ගේ ජෝන්  අයියයි, බඩා කොටයි. බඩා  කොටා   දිගට    හරහට   කොට්ටෙන්   ජෝන්  අයියට    බැස්ටිය  දෙනවාය. ජෝන්  අයියා, සිම්පල්   එකේ බඩා  කොටාගේ    ගුස්පි  පාරවල්   ෂේප්   කරනවාය. හිටපු   ගමන්   බඩා කොටගේ   පාරක්   මිස්පයර්   වෙලා    බැලැන්ස්   එක  අප්සෙට්   වෙලා   බඩා   කොටාත් බිමට   පාත්  වුණා.    

මිඩියා    බුවා    මේ  සීන්   එක බලාගෙන   ඉදිද්දී   ස්ටේජ්  එක  පැත්තේන්   ඇහුණු   මියුසික්   පාර   නිසා  ඒ  පැත්තට  මාරු   වුණා.

මියුසික්  පාර   දෙන්නනේ   ඩිලාගේ   ගෘප්   එක. ඩිලා   මීට    ඉස්සරනේ  වයිට්   ලෝටස්   කියලා  මියුසික්    ගෘප්   එකක්  ගහපු   පොරක්   නිසා   මියුසික්   පාරත්   නැගලා   යනවාය.

ඩිලාගේ   මියුසික්   එකට   සින්දු  පාර   දෙන්නේ   පානදුරේ   කුරාය. කුරාගේ  සින්දුවට   ඩාන්ස්    පාර   දුන්නේ   චින්තන   බජාර් එකෙන්   යහපාලන   බජාර්   එකට  ජම්පින්  ගැසු තවත්  පොරවල්   ටිකක්.

කුරාගේ   සින්දුව  අවුරදු   හතලිහක්   පරණ  සින්දුවක්   වුණාට   අලුතින්   වචන  දාලා

ඇවිල්ලා  ඇවිල්ලා   යහපාලන රජය  ඇවිල්ලා 

වරෙල්ලා  වරෙල්ලා  ඇමතිකමක්   ගන්ට   වරෙල්ලා

බන්දුලයා   හුල්ලනවා   ජෙල්පියාල  දෙස් තියනවා

කණ්ණාඩියා  ගිනි   පිඹිනවා    අපිට  ඇමැතිකම්   ලැබෙනවා

ඇවිල්ලා  ඇවිල්ලා   යහපාලන රජය  ඇවිල්ලා 

ගිය පාරත්  අපි   හිටියා    මේ පාරත්   අපි  ඉන්නවා

මෙදා  සැරෙන්   ජය  අපිටයි

එන්නැති වුන්  කුජිත වෙයි

ඇවිල්ල ඇවිල්ල යහපාලන රජය  ඇවිල්ලා

සින්දුවට   ඩාන්ස්   පාර   දාපු   බජාර් එකේ   අලි සොයිසා කැසිනෝ   අබය ආසනික්   යාපා   මාළු  අමරයා   නැගලා යන ඩාන්ස්   පාරක්   දානවා.

මේක  බලාගෙන   හිටපු   අලි   බජාර් එකේ    එවුන්ට  දැන්  මළ පැනලා. දෙකක්   දාගෙන  හිටපු   මතුගම   බුවා   ළඟ හිටපු    තවත්   අලි    බුවාට  කිවේ   ඩාන්ස්   පාර    දාන එවුන්ගෙන  එකෙන්ම   ඇදගෙන ඇවිල්ල   ගිනි   අව්වේ   දන ගස්සලා   තියන්න  හිතෙනවා     කියලය.  එතකොට   අලි  බුවා කිව්වේ   නසරානි  වැඩකිඩ   දාන්න ගිහින්   මාස  දෙකක්   විතර   ඇතුලේ   ඉදන්   කාපු   පරිප්පුව  මතක  නැද්ද කියලය.

ඒකත් ඇත්ත ඕක කරන්ට   ගිහිල්ල  අපේ   මහ එකා    මාව  තව පාරක්   ඇතුලෙම  තියයි. මහ  එකත්   එකක් ඉසස්ර   ඉදන්   තියෙන  අබ්ලික්  එකට     පස්සෙන්   එලවනවා   කියු  මතුගම   බුවා   ගින්සැරේ   ජිරාමාර්   වුනේය.

අලි   බජාර්  එකේ   පොරවල්   වලට   කොහොමත්   කුරාගේ  සින්දුව  දිරෙව්වේ  නෑ .

යකෝ  මුන්ට  එදත්   රජසැප  .අදත්   රජසැප  අපි  මේ  අවුරුදු 20 ක්  විතර   කට්ට කාල  කාල   යන්තම්   ගොඩ ගියා   විතරයි  අපේ  ලොක්කන්ට  පිස්සු    ඩබල්. යහපාලනය  කියලා  මුන්ව  සෙට්   කරගෙන   මාර   කරුමයක්    තමයි අපට   වෙලා   තියෙන්නෙ කියල අලි   බජාර්   එක  පුල්   අදෝනා   පාක්   දෙනවාය.

මේ   අඳෝනා   පාරවල්   අහගෙන ඉන්න  බැරිම  තැන මිඩියා    බුවා    එතනින්   ෂේප්   වුණේන   කහා  මුට්ටිය   බිඳින  ස්පොට්    එකටය. එල පව්සිය අත් දෙකෙන්   කනා  මුට්ටිය බිදින්න පොල්ලක්   අරගෙන    හතර   අතේම  වනනවා. පෝලිමේ   ජිනිවා   සමරා ගලේ බණ්ඩාරය, ගලගෙදර   සරා  නේකඩ්   දිසා   වගේ   පොරවල්   මුට්ටිය  බිදින්න   පුල්   ට්‍රයිය.

අලි   බජාර්   එක  මුට්ටිය  බිදින  වැඩේ   භාරදිලා   තියෙන්නේ   චින්තන  බජාර්   එකටයි. බජට්   බුවා  බලාගෙන  ඉන්නේ  කව්රු  හරි  මුට්ටිය  බිඳන  කන්ය. වට්ටියේ   තියෙන්   හාල් මැස්සෝ  හෝදපු  වතුර  තියල බජට්  බුවා  රහසින්  බුවාට කිව්වා.

මුට්ටිය  බිදපු   ගමන්  මුන්ට   වෙන්නේ නාන්  තමයි   බජට්  බුවා   කිය.

මුට්ටිය  බිදින්න  පාරවල්   ට්‍රයි  එක  දෙනකෙට   එතනට   ආවේ  ඇනීය. ඇනි   ආපු   බව  ඇස්  දෙක  බැඳ ගෙන  ඉන්න  දිසාට  මැසෙජ්   එක ආපු  ගමන්ම  දිසා  හිමින්   සිරුවේ  එතනින්   ෂේප් වුණේය.

ඇනී   මේ  දවස්වල  ඉන්නේ   මාර   ජුවල්   එකේය.    ඇනිට  හු   පාර  දුන්  එවුන්   මාට්ටු කර  ගන්න ඇනී  ප්ලැනක්   හොයනවා.

ආපු  ගමන්  ඇහුවේ   ජොනි පනීගේ  එවුන්  මේ  පැත්තේ   කාල්  ගානවාද කියලයි. පිස්සු   ඩබල්  මේ   හතර මායිමට   එන්න බැරිවෙන  විදියට    වැඩේ   සෙට්   කරලා   තියෙන්නේ  කියලා ගලේබණ්ඩාරය  ඇනීට කිවේය.

ඔය ජානියගේ   පරණ ෆයිල්   එකක්   ජොනිපනී  ළඟ තියෙනා   කියලා  මට   නිවුස්  එකක්   ආවා. බලමුකො  මේ  සැරේ  මම  ඕක ඇතුලට   යවලා  තමයි   පස්සේ  බලන්නේ  කියලා  ඇනි කිවේය.

යහ පාලන  බජාර්  එකේ  අවුරුදු   පන්  එක ගැන  කණ්නාඩියාටත්  නිවුස්  එක ලැබිලා

නිවුස්   එකක්   අරගෙන  ජෙල්පියා   මීට්  වෙන්න  ගිය  කණ්ණාඩියා    කිව්වේ   අපි   පුල්   එකේ   ජනම්ස්ල ජොයින්ට්   කරගෙන ජනම්ස්ලා ජොයින්ට්  කරලා  කරන්න මාර   ගතම් එකේ  යනවා  ‍ජෙල්පියා කිහ.

පිස්සු පීකුදු :ජනම්ස්ලාගෙන්ම සීය සීය අරගෙන උන්ම  සල්ලි  වලින්   ඕක  සෙට්   කරතැකි . ඇයි  මං   ඉස්සර   කරෙත්   ඔය  සිස්ටම්   එකටනේ   කියලා   කණ්ණාඩියා  කිය.

ඔය වැඩේට   ඔස්තාර්   නිසා   කණ්ණාඩියාටම  කියල ඒක සෙට්   කරමු  කියල වාම  දේවයා   ජෙල්පියාට  කිය.

 



අදහස් (0)

‘ඇවිල්ල ඇවිල්ලා යහ පාලන රජය ඇවිල්ලා‘

දුමින්ද Friday, 17 April 2015 08:20 AM

ඇත්ත ,මේවා දැක්කම අඬන්නද, හිනා වෙන්නද නොහැකිය සිතා ගන්නට (නදී)

:       0       0

කීර්ති Saturday, 02 May 2015 08:18 AM

ගිහිල්ල ගිහිල්ලා හනික වරෙල්ලා (නි)

:       0       0

කුරුවිට Friday, 17 April 2015 12:00 PM

වරෙල්ල වරෙල්ලා කොත්තමල්ලි බොන්න වරෙල්ලා (නි)

:       0       0

විජිත Friday, 17 April 2015 01:02 PM

පිස්සු පීකුදුම තමයි ඉතින්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 89 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1345 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 953 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 542 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 360 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1317 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1097 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site