(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උසස් අධ්‍යාපනය සදහා විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මෙම මුදල අදාළ ඇපකරුවන්ගෙන් හෝ අයකර ගැනීමට කටයුතු කළයුතු බව කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරු මෙහිදී විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරින්ට පෙන්වා දුන්හ.
උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 ක පමණ පිරිසගෙන් අදාල හිඟ ගෙවීම් කර ඇත්තේ ආචාර්යවරුන් 84 දෙනකු පමණක් බවද එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවිය.
මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාසයක කාලයකදී දැනුවත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
මේ අතර විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ඇතැම් විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබදව අවධානය යොමු කළ කමිටුව පෙන්වා දුන්නේ ඉහළ ඉසඩ් අගයක් ලබා ගත් සිසුන්ට මෙමගින් අසාධාරණයක් වීමේ හැකියාවක් පවතින බවයි.
එම විෂයයන් සදහා උසස්පෙළ විභාගයේදීද ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා ඉසඩ් අගය ලබා දෙන බැවින් තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණයක් අනවශ්‍ය බව මෙහිදී අදහස් ඉදිරිපත් විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙස කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.
තවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගෙවීම් සහතික කිරීම සදහා පැමිණීම තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසටද කෝප් කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ කර ඇත.
මේ අතර විවිධ ආයතනවලින් අනීතික ලෙස ලබා දෙන ආචාර්ය, මහාචාර්ය තනතුරු සම්බන්ධයෙන්ද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මේ සදහා ක්‍රියාමාර්ග ගැනීමට කොමිෂන් සභාවට නෛතික ප්‍රතිපාදන නොමැති බවයි.
මෙවැනි කටයුතු හේතුවෙන් ආචාර්ය මහාචාර්ය තනතුරු පවා හෑල්ලුවට ලක්වන බැවින් කොමිෂන් සභාව මේ සදහා මැදිහත් විය යුතු බව කමිටුව අවධාරණය කළේය. මේ අනුව මේ සදහා කළ යුතු නෛතික වෙනස්කම් ඉදිරිපත් කරන ලෙසටද කමිටුව කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විමසීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 28 වැනි දා කැඳවනු ලැබුහ . මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉගෙන ගන්න රටගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියලා
Perakum Tuesday, 02 May 2023 10:32 PM
ඉගෙන ගන්න රටගිය සරසවි ඇදුරෝ පොලු තියන එක අද ඊයෙ දෙයක් නොවෙයි. මෙය සිදුවන්නේ අදාල සියලු පාර්ශවයන්ගේ අනුදැනුම හා ආශීර්වාදය ඇතුව බව ප්‍රසිද්ධ සත්‍යයකි. ඔය කියන කමිටු මොනව කිව්වත් පලක් නැත.
මැක්ස් Tuesday, 02 May 2023 10:49 PM
මුන්ගෙ පැටිකිරිය හොයා බැලුවොත් පහත සඳහන් ගති ලක්ෂණ සොයා ගැනීමට හැකි වනු ඇත. දූෂණ ව්රෝධය, උගතුන් පාලිමන්ට් යැවීම, සිස්ටම් චේන්ජ්, සමාජවාදය, මානව හිමිකම්. එසේම මෙම පල් හොරැ රැල දේශපාලන වශයෙන් ජවිපෙ හිතවතුන්.
Piyal weerasinghe Wednesday, 03 May 2023 06:58 AM
ඕවා ගැන එච්චර හිත්ගන්න එපා. අපි හම්බ කරන එකට බදු මුදල් වැඩි කරන්න .