වයඹ බිම් අගලක් නැති පනස්දහසකට ලබන ඔක්තෝබර මාසයට පෙර ඉඩම් ඔප්පු පනස්දහසක් පිරිනැමීමට යයි.
වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා වයඹ පලාත් ඉඩම් නිලධරයින්ට අද (06) උපදෙස් දුන්නේ එම ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීට පියවර ගන්නා ලෙසයි.
මේ සඳහා ඉඩම් අමාත්‍යාංශ ලේකම්,මැනුම්පති හා ඉඩම් කොමිසමේ විධායක අධ්‍යක්ෂකගේ සහයෝග ලැබෙන බව මහ ඇමැති කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 50000 ට වයඹින් නෙමෙයි උතුරෙන් නැගෙනහිරින් නොමිලේ ඉඩම් දුන්න නම් කොච්චර වටිනවද ? මහා ආණ්ඩුවේ වැඩ පිළිවෙලක් විදියට උතුරෙන් ඉඩම් දෙන්න .. වයඹින් නෙමෙයි .. බිම් අඟලක් නෑ කියන්නේ ඡන්ද හිමි නාම ලේඛනේ නැති කට්ටියත් ගොඩක් ඇති. වයඹ ජනතාවගෙන් පවුල් 50000 කට බිම් අඟලක් වත් නෑ කියන්නේ ලජ්ජා වෙන්න ඕන කාරණයක්. මහවැලිය වගේ උතුරෙන් ඉඩම් දෙන්න. (නදී)
මම නම් හරිම සතුටුයි ඒ වැඩේට (නි)
සමහර දේවල් කෙරෙන්නේ ප්‍රසිද්ධියට පමණයි. උදාහරණයක් කියන්නම්. කොළඹ පළාතේ නිවාස යෝජනා ක්‍රම අලුත් වැඩියා ප්‍රතිසංස්කරණ ආදිය සඳහා බර ගණනක් වෙන් කරලා තිබෙනවා යයි ලඟදි පළවුනා. එයින් එකක් තමයි බත්තරමුල්ල ජයවඩනගම නිවාස සංකීරණය. පුළුවන් නම් ගිහිල්ල බලන්න මෙහි එක නිවසක් වත් ඔය කියන විදියට ප්‍රතිසංස්කරණය කරන්න ඕන මට්ටමකද කියලා. බහුතරයක් නිවාස හිමියන් තමන්ගේ පුද්ගලික මුදලින් ඒවා ඉතා අලංකාර විදියට ගොඩ නගාගෙන තිබෙනවා. නමුත් පළවූ පුවත දකින කට්ටිය හිතන්නේ මෙහි ඉන්න මිනිස්සුන් මුඩුක්කු වගේ ගෙවල් පේලි වල ඉන්නවා. අනේ කොච්චර දෙයක් දෙයක් ද ඒවා අලුත්වැඩියා කරලා දෙන එක කියලා. මේ නිවාස සංකීර්ණයේ ඉන්නේ මධ්‍යම පාන්තික රජයේ සහ පුද්ගලික ආයතන වල සේවය කරන වෘත්තිකයන්.(අ)
කියන්නේ නම් බිමි අඟලක්වත් නෑ කියලයි. දුන්නට පස්සෙ එන්නෙ ප්‍රාඩෝ වලින් කෝටිපතියො. (අ)
අනේ දයාසිරි මහත්තයෝ, එහෙ තියන ගොඩාක් ඉඩම් වලට නිරවුල් ඔප්පු නැහැ. අක්කර 22න් 50න් එකයි,අක්කර 8න් 20න් එකයි වගේ ඒවා තමා තියෙන්නේ. පහුගිය කුලියාපිටිය දැයට කිරුල වෙලාවෙත් ඉල්ලීමක් කළා ගම්මු එකතු වෙලා මේවට නියමිත ඔප්පු ලබා දීල නිරවුල් කරලා දෙන්න කියලා. අපේ තියන ඉඩම් නිරවුල් කරලා දෙන්නත් පියවර ගන්න මෙය ඔබතුමාගේ නෙත ගැටේවා! (නදී)
මේක තවත් ජිල්මාර්ට් එකක් (නදී)
ඉතාම හොඳ වැඩක්. (නි)
කැලේ ඉන්න අලි, කොටි,වලස්සු එක්ක වුණත් ජීවත්වෙන්න පුළුවන් රුවන්ලා වගේ අයට නම් ඉඩම් ඕනෑ වෙන එකක් නැහැ තමයි. නමුත් දුප්පතෙකුට ඉඩම් කෑල්ලක් ලබාදීමට කටයුතු කරන එක ලොකු පිනක් (නි)
මේ වගේ දේවල් අහන්නත් ආසයි. හැබැයි වනාන්තර නම් කපන්න දෙන්න එපා (නි)
මෙයානෙ අලියෙක්ගේ පිට උඩ ඉදගෙන ඉස්සර සින්දු කිව්වේ (නදී)
මේ රුවන් නමින් අදහස් දමන්නේ කිසිදෙයක් තේරුම් නොගන්නා පණ්ඩිතයෙක් වගෙයි. ඉඩම් අඟලක් නැති කෙනෙකුට ඉඩමක් ලැබෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? මනුස්සයෙක් විදිහට හිතන්න පුරුදුවෙන්න. (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රථිඵලයක් (නදී)
ඡන්ද ගුන්ඩු (නදී)
කලබල වෙන්න එපා,මේක තවත් යෝජනාවක් පමණයිනේ (නි)
මෙතුමාගේ පුද්ගලික දේපලක්ද දන්නේ නැහැ දෙන්න හදන්නේ. වයඹ විතරද නිවාස නැති අය ඉන්නේ? මේ දේ උනොත් අනාගතයට වනාන්තර නැතිවෙනවා විතරක් නොවේ අසරණ සතා, සිව්පාවන්ටද උන්හිටිතැන් අහිමිවෙනවා. මිහිමඩල අයිති මිනිසාට පමණක් නොවේ. අලි මිනිස් ගැටුමට හේතුවත් සතුන්ට අයිති වනාන්තර මිනිසා විසින් ජනාවාස ඉදිකිරීමයි. (නදී)
වැඩේ කෙරුනට පස්සෙම මේ ගැන ප්‍රසිද්ධ කළා නම් තවත් හොඳයි (නි)
හරිම සතුටුයි (නි)
හතර වටේම ගෙවල් ගහගෙන ලංකාව කාන්තාරයක් නොකර මහල් නිවාස ක්‍රමයක් ගෙනෙන්න. නැත්නම් 50,000 කට දෙන්න තව අක්කර කීයක වනාන්තර කපන්න වෙයිද? පරිසරය විනාශ නොකර කරන ඕනෑම දෙයකට එකඟයි..!! සතුටුයි..!! (නි)
ජය වේවා! (නි)
මේක කියන විදියටම වෙනවා නම් හොඳයි (නි)
කොච්චර හොඳද? (නි)