IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉතාලි කෙල්ල හැඬූ කඳුලෙන්

 ෆේස් බුක් වෙතින් සොයාගත් ආදරය අහිමිවීමෙන් හඩා වැළපෙන තරුණියක් හා තම දියණියට අහිමි වූ ආදරය නිසා හිතින් හඩන මව්පියන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් මිලාන් නගරයෙන් වාර්තා වේ .

ඇය අවුරුදු 22ක තරුණියකි .ඇගේ මව්පියන් අවුරුදු 26ක සිට මිලාන් නගරයේ ජිවත් වෙති . ඉතාලියේ ජිවත් වෙමින් ඉහළ ඉතාලි අධ්‍යාපනයක් ලද ඇයට ද බොහෝ මිතුරු මිතුරියෝ සිටිති . ඇගෙ ෆේස් බුක් ගිණුමේ  සිය ගණනක් මිතුරු මිතුරියන් සිටියත් මෙයට වසර දෙකකට පෙර හමු වූ කඩවසම් තරුණයකු වූ හෝමාගම තරුණයෙක් ඇයට සුවිශේෂී චරිතයක් විය.

ෆේස්බුක් ඔස්සේ පෙම් සුව විදින තම දියණියගේ වෙනස හදුනා ගැනීමට මව්පියන්ට වැඩිකල් ගත නොවිය. ඇයද ඔහු පිළිබධ දන්නා  සියලු දේ මව්පියන්ට සැළ කළේය. ඇගෙ මව්පියන් ද සොයාගත් කරුණු අනුව හෝමාගම තරුණයාගේ මව්පියන්ට කතා කළේය . මෙම ආදර සම්බන්ධයට ඔවුන්ගේ ද විරුද්ධත්වයක් නොවිය. ඒ අනුව මෙයට වසරකට පෙර තරුණයාට ඉතාලියට එන්න වාසනාව උදාවිය. ඇගේ මව්පියන් නිත්‍යනුකුලව ඔහු  ඉතාලියට ගෙනැවිත් ඉදුම් හිටුම් රැකියාවක් ඇතුළු සියලු දේ සපයා දුන්නේ විවාහයට පෙර යම් ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීම සදහය. ඒ අතර දෙදෙනාගේ ආදරය තවත් දළු ලා වැඩෙන්නට විය.

එකට ගමන් බිමන් ගියෝය. තවත් සති කිහිපයකින් ඔවුන්ගේ විවාහයට දින නියම විය. අගේ මව්පියෝ කොළඹ තරු පංතියේ සුපිරි හෝටලයක් තම දියණියගේ විවාහය සදහා වෙන් කළහ. එහෙත් කරුමයක මහත, තම දියණියට ෆේස්බුක් ආදරය ගෙනා ඔවුන් විසින්ම ඉතාලියට ගෙනැවිත් සියලු දේ සොයා දුන් අනාගත බෑනා පැදුරටත් නොකියා අතුරුදන් වී ඇත. ඔහුගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිතය. ෆේස්බුක් පිටුව ද අලුත් වී නොමැත. ෆේස් බුක් ප්‍රේමයේ කටුකත්වය විදින ඇය හඩා වැටෙන්නීය.                 



අදහස් (0)

ඉතාලි කෙල්ල හැඬූ කඳුලෙන්

සමන්ති Tuesday, 31 December 2013 05:34 AM

කොල්ලා කෙල්ලගේ සේසත අරන් මාරුවෙන්න ඇති . (නදී)

:       0       0

චින්තක 2 Tuesday, 31 December 2013 06:57 AM

දැන් මේ රටේ මිනිස්සු ලංකාවේ අය ගැන මොනවාද හිතන්නේ ? මොහුව ලංකාවේ දී අත් අඩංගුවට ගත හැකියි පැමිණිලි කලොත්. (නදී)

:       0       0

ගයාන් Tuesday, 31 December 2013 07:09 AM

මේකට වැරදි ෆේස් බුක් එකද ? (නදී)

:       0       0

සඳුනි Tuesday, 31 December 2013 07:20 AM

ඕනෑම තරුණියක තම වටිනාකම ගැන අවබෝධයෙන් කටයුතු කල යුතුයි. (නදී)

:       0       0

ග්‍රාම්‍යා Tuesday, 31 December 2013 07:26 AM

මෙතන වෙන මොකක් හෝ අභිරහස් සිදුවීමක් තියෙන්න බැරිද? මේ තරුණයාගේ ඉතාලි මිත්‍රයෝ නැද්ද? මේ සිදුවීමේ තොරතුරු ලබා දීම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමක්. ලංකාවේ නම කැත නොකර ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම ඒ අයටත් හොඳයි නේද? පහුගිය දවස් වල ලංකාවේ අය කරපු ලොකු හොරකම් කීපයක්ම අහු උනා නේද? අන්තිමට රස්සා කරන අයටම නේද ඒවගෙන් කරදර. . (නදී)

:       0       0

ෂාමේන් Tuesday, 31 December 2013 07:52 AM

ගම්‍යා කියපු දේ හරි.(නදී)

:       0       0

මනෝජ් Tuesday, 31 December 2013 07:56 AM

ඕකට තමා කියන්නේ කරුමක්කරකම කියලා.(නදී)

:       0       0

ප්‍රේම් Tuesday, 31 December 2013 08:18 AM

ගයාන් ඔයා හරි.(නදී)

:       0       0

අක්ෂි Tuesday, 31 December 2013 08:40 AM

පවු කාරයන්ට පින දෙන්න බැහැ. තමන්ට මනුස්සයෙක් වෙන්න අත දුන්න ඇයව අත ඇරලා වෙන කෙනෙක් පස්සේ ගියා නම් බේරුනා කියලා හිතන්න තියෙන්නේ. කොහොම වුනත් හේතුව හොයන එක හැම දේටම වැදගත්. පොලිසියට පුළුවන් බැංකු ගිණුම් පාවිච්චි කරන තැන් දැනගන්න. ඇත්ත ආදරේ කියන එක අද හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ මිනිස්සු පිරිහිලා නිසයි. (නදී)

:       0       0

අල්විස් Tuesday, 31 December 2013 08:41 AM

ෆේස් බුක් එකෙන් ආදරය හොයන එකයි වැරැද්ද. (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 31 December 2013 09:18 AM

ලංකාවේ කොයි පලාතේ කෙනෙක්ද? (නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 31 December 2013 09:22 AM

බුදුන් හැර තව කෙනෙකුගේ සිත තේරුම් ගන්න කිසි කෙනෙක් ලොව බිහිවී නොමැත ලොව සැමදේම වෙනස් වෙන සුළු බවම දෙසුවේ ඒ නිසාය.(නදී)

:       0       0

ශාන්ත හෝමාගම Tuesday, 31 December 2013 09:31 AM

රිස්වාන් , ඇස් පේන්නේ නැද්ද ? මෙයා හෝමාගම , අපේ පැත්තේ එක්කෙනෙක් , අපේ පැත්තේ කොල්ලෝ ඔහොම තමයි.(නදී)

:       0       0

අනුරංග Tuesday, 31 December 2013 09:32 AM

ලංකාව කියලා ගෑ වුනත් ඇති ඉවරවෙන්නෙ හොරකමකින්. (නදී)

:       0       0

රෝමා Tuesday, 31 December 2013 09:43 AM

රිස්වාන් එයා හෝමාගම කෙනෙක් කියලා කියනවා.(නදී)

:       0       0

ශානිකා බුද්ධි Tuesday, 31 December 2013 09:43 AM

මෙහි වරද පේස් බුක් වත් ලංකාවේ මිනිසුන්ගේවත් නෙමෙයි. සියලු මනුස්සයෝ වැරදි කරනවා. වරද මනුස්සයන් තුල තියන පාපයයි. (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 31 December 2013 10:04 AM

රිස්වාන් හෝමාගම තියෙන්නේ කොහෙද කියල තවම දන්නේ නැද්ද? (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 31 December 2013 10:49 AM

තරුණිය ගැන කණගාටුයි. වරද පේස් බුක් අඩවිය නොවේ යයි මම සිතමි.(නදී)

:       0       0

කුමාර පතිරාජ. කුවේට් Tuesday, 31 December 2013 11:21 AM

අපි මේ ගැන ටිකක් අවබෝදයකින් බලන්න ඕනේ. පලවෙනියෙන් කොල්ලගෙ ගෙදරින් දැනගන්න ඕනේ එයා කරදරයක් නැතුව ඉන්නවද කියලා. මොකද දැන් මිනිහෙක් මරන්න පොඩි වැරද්දක් ඇති. දෙවැන්න දැන් කොල්ලා ආයේ ඇවිත් අරහෙම වුනා මෙහෙම වුනා කීවොත් නැවත බාරගන්නවද? (නදී)

:       0       0

නුවන්. නවසීලන්තය Tuesday, 31 December 2013 12:15 PM

කෙල්ලගේ ඉතාලි කොල්ල, අපේ කොල්ලව ඉස්සුවා වෙන්න බැරිද...? (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 31 December 2013 12:24 PM

හෝමාගම කීවට කව්ද දන්නේ මේක ඇත්තද නැද්ද කියලා. මේවගේ කට්ටිය කවදාවත් ෆේස්බුක් එකේ ඇත්ත ලිපිනය සදහන් කරන්නේ නැහැ,ඔක්කොම දාන්නේ බොරු තොරතුරු. (ත)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 31 December 2013 01:20 PM

දරුවෝ තව දුරක් ගියානම් මීටත් වඩා දුකයි නේද ? හිත හදාගන්න ඔයාගේ ජිවිතේ බේරුනා එක ගැන හිතල . (දිල්)

:       0       0

පෙරුමාල් Tuesday, 31 December 2013 01:21 PM

ෆේස් බුක් එකට විරුද්ධව කතා කරන්න එපා. (දිල්)

:       0       0

ස්ටැන්ලි Tuesday, 31 December 2013 01:23 PM

මේක ආරම්භයක් විතරයි. ආදරය විතරක් නෙවෙයි දේශපාලනික ආගමික ව්‍යාපාරික වශයෙන් හුගක් ගැටලු ඇතිවෙන්න පහසුම තැනක් ෆේස්බුක් කියන්නේ. කිසිම වාරණයක් නැතිව ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තියෙන නිසා තව තවත් අලුත් ගැටලු ඉදිරියේදී නිර්මාණය වේවි. ෆේස්බුක් ස්කයිප් නොමිලේ අන්තර්ජාලය හරහා ලැබුනට පසුබිමේ තියෙන්නේ ව්‍යාපාරික ක්‍රියාවලියක්. තමන්ගේ සීමාවේ ඉඳගෙන කටයුතු කරනවානම් ගැටලුවක් නැහැ. (දිල්)

:       0       0

බුද්ධි Tuesday, 31 December 2013 01:43 PM

සමහර අය අදහස් දල තියෙන ඒවා දැක්කම විහිළුවක් වගේ හිතෙනවා.(දිල්)

:       0       0

රොෂෙල් Thursday, 02 January 2014 11:41 PM

මේ තරම් බොලඳ දෙයක් නෙමෙයි මෙතන සිද්ද වුනේ. මේකේ ලොකු අතීත කතාවක් තියනවා. (නදී)

:       0       0

උපාලි සුමිත් හේවාවසම් Friday, 03 January 2014 06:19 PM

මේ මිනිහා අල්ලන්න ඕනේ.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 30 December 2013 09:27 PM

මට ගිය මාසයේ ඉතාලි ගිය කොල්ලෙක් හමු වුනා. එයා ඒ තරුණියකට දරුවෙක් දීලා දැන් ලංකාවට මාරු වෙලා. වීරකමක් කළා වගේ උජාරුවෙන් කතාකරනවා.(නදී)

:       0       0

පාරා Monday, 30 December 2013 09:28 PM

පේස් බුක් කියන්නේ, බොරු බුක් කියලා දන්නෙම නැද්ද? කව්ද විශ්වාස කරන්නේ. මොඩ වෙන්න එපා ළමයිනේ.(නදී)

:       0       0

කැන්ඩි විකි Monday, 30 December 2013 09:37 PM

මේ වගේ ගුණමකුවන් ඒ ගැහැණු ළමයාගෙන් වෙන් වුන එක හොඳයි.(නදී)

:       0       0

ජීවක Monday, 30 December 2013 09:37 PM

අනේ බෞද්ධ අපි නම් මෙහෙම කොරන්නේ නැහැ.(නදී)

:       0       0

සරත් Monday, 30 December 2013 09:52 PM

පිරිමි කමටත් නිගාවක්. ඉතාලි යන්න කෙල්ලක් අමාරුවේ දාපු ගොන් නාම්බෙක්.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 31 December 2013 04:03 PM

වෙන්නප්පුව ගැන ලියන අයට මම කියන්නේ මේ නරුමයා හෝමාගම වූ පලියට හෝමාගම සියලුම දෙනා මේ වගේ කියල කියන්න තරම් වෙන්නප්පුවේ මම මෝඩත් නැහැ ,කුහකත් නැහැ.(නදී)

:       0       0

කුමාරි Monday, 30 December 2013 09:55 PM

ඔය කෙහෙල්මල් බුක් එක ගැන කියලා වැඩක් නැහැ. දැන් කෙපෙමණ ජීවිත නැතිවෙලා තියෙනවද? (නදී)

:       0       0

හාමිඩ්හසන් Monday, 30 December 2013 09:57 PM

ෆේස්බුක් හොද විදියට භාවිත කලා නම් කරදරයක් නෑ (දිල්)

:       0       0

පහන් Monday, 30 December 2013 10:00 PM

දෙයියෝ සාක්කි !!!(දිල්)

:       0       0

මාටින්ස් Wednesday, 01 January 2014 02:27 PM

පව් ඒ නංගි. (නදී)

:       0       0

රංගික ප්‍රතාප Friday, 03 January 2014 07:36 PM

අපි මිනිසුන් හැටියට කාවවත් රවට්ටන්න හොඳ නෑ.මැරෙන බව පසක් උනොත් ඕව කරන්නේ නැහැ.හැම දේම දැන ගන්න කොට කොට පරක්කු බව තේරවි. (දී)

:       0       0

අමිල Monday, 30 December 2013 10:25 PM

යාවජීව පව් කාරයෝ

:       0       0

අසංක Monday, 30 December 2013 10:27 PM

කෙල්ලගේ කරුමෙද , කොල්ලගේ කරුමෙද. අද කලේ කෙල්ලන්ට හොඳ කොල්ලෝ හොයාගන්ට බැරි විදිහිට අන්ද වෙලා තියන්නේ.උගත්කම තිබුනට ඔලුවක් නැහැ (දී)

:       0       0

පාතිමා Monday, 30 December 2013 11:34 PM

අහෝ දුකකි ඉරකි තිකකි දගරයකි.(නදී)

:       0       0

ප්‍රදීප් සුරංග Monday, 30 December 2013 11:56 PM

ඇති ඔයින් ගියා. ෆෙස් බුක් ආදර වන්තයො සමහර යුවතියන්ව අමාරුවේ දමා ඔවුන්ගෙ මුදල්ද රැගෙන පලා යති. මේවා අපේ අයට හොද පාඩම්. මේ වගෙ හොර ප්‍රේමවන්තයන්ගෙ විස්තර පුවත්පත් මගින් ප්‍රසිද්ද කරන්න.(නදී)

:       0       0

ශිරාන් මෙන්ඩිස් Monday, 30 December 2013 11:59 PM

ඔන්න මාමේ කොල්ලා පැනපි. (නදී)

:       0       0

ශාන් Tuesday, 31 December 2013 02:05 AM

මෙය පනින්න අමාරු රටක පදිංචිය ගන්න කරන ක්‍රමයක්. මේ වගේ සිද්ධි ඔස්ට්‍රලියාවේ නවසින්ලන්තයේ වගේම බටහිර රටවලත් වෙලා තියනවා. ඒ විතරක් නොවෙයි බැඳලා වෙන් වුණාම දේපලෙන් බාගයකුත් අරගෙන තමයි නවතින්නේ. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සුළු දෙනෙක් මේ ක්‍රමය කරන්නේ. එත් තායි හා පිලිපිනේ කෙල්ලෝ ගොඩක් අය මේ විදිහිට රට පනින්න බලන් ඉන්නවා.(නදී)

:       0       0

සිරීනා මාග්‍රට් Tuesday, 31 December 2013 02:45 AM

පව් අහිංසක කෙල්ලෝ. ලංකාවේ පිරිමි ඔහොම්ම මයි. (නදී)

:       0       0

තක්ෂිලා මධුභාෂිනී Tuesday, 31 December 2013 03:42 AM

පේස් බුක් වල ආදරවන්තයෝ කවදාද අවංක අය වුනේ.(නදී)

:       0       0

චීනු Tuesday, 31 December 2013 04:20 AM

මෙය තමයි පේස් බුක් එකේ ඇත්ත තත්වය. ගොඩක් ගැහැණු ලමයි ආදරය කරනවා පේස් බුක් එකෙන්. ඒත් අන්තිමට එය මුලාවක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 277 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 191 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1097 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 961 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 191 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1217 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site