ෆේස් බුක් වෙතින් සොයාගත් ආදරය අහිමිවීමෙන් හඩා වැළපෙන තරුණියක් හා තම දියණියට අහිමි වූ ආදරය නිසා හිතින් හඩන මව්පියන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් මිලාන් නගරයෙන් වාර්තා වේ .
ඇය අවුරුදු 22ක තරුණියකි .ඇගේ මව්පියන් අවුරුදු 26ක සිට මිලාන් නගරයේ ජිවත් වෙති . ඉතාලියේ ජිවත් වෙමින් ඉහළ ඉතාලි අධ්‍යාපනයක් ලද ඇයට ද බොහෝ මිතුරු මිතුරියෝ සිටිති . ඇගෙ ෆේස් බුක් ගිණුමේ සිය ගණනක් මිතුරු මිතුරියන් සිටියත් මෙයට වසර දෙකකට පෙර හමු වූ කඩවසම් තරුණයකු වූ හෝමාගම තරුණයෙක් ඇයට සුවිශේෂී චරිතයක් විය.
ෆේස්බුක් ඔස්සේ පෙම් සුව විදින තම දියණියගේ වෙනස හදුනා ගැනීමට මව්පියන්ට වැඩිකල් ගත නොවිය. ඇයද ඔහු පිළිබධ දන්නා සියලු දේ මව්පියන්ට සැළ කළේය. ඇගෙ මව්පියන් ද සොයාගත් කරුණු අනුව හෝමාගම තරුණයාගේ මව්පියන්ට කතා කළේය . මෙම ආදර සම්බන්ධයට ඔවුන්ගේ ද විරුද්ධත්වයක් නොවිය. ඒ අනුව මෙයට වසරකට පෙර තරුණයාට ඉතාලියට එන්න වාසනාව උදාවිය. ඇගේ මව්පියන් නිත්‍යනුකුලව ඔහු ඉතාලියට ගෙනැවිත් ඉදුම් හිටුම් රැකියාවක් ඇතුළු සියලු දේ සපයා දුන්නේ විවාහයට පෙර යම් ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීම සදහය. ඒ අතර දෙදෙනාගේ ආදරය තවත් දළු ලා වැඩෙන්නට විය.
එකට ගමන් බිමන් ගියෝය. තවත් සති කිහිපයකින් ඔවුන්ගේ විවාහයට දින නියම විය. අගේ මව්පියෝ කොළඹ තරු පංතියේ සුපිරි හෝටලයක් තම දියණියගේ විවාහය සදහා වෙන් කළහ. එහෙත් කරුමයක මහත, තම දියණියට ෆේස්බුක් ආදරය ගෙනා ඔවුන් විසින්ම ඉතාලියට ගෙනැවිත් සියලු දේ සොයා දුන් අනාගත බෑනා පැදුරටත් නොකියා අතුරුදන් වී ඇත. ඔහුගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිතය. ෆේස්බුක් පිටුව ද අලුත් වී නොමැත. ෆේස් බුක් ප්‍රේමයේ කටුකත්වය විදින ඇය හඩා වැටෙන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ ගැන ටිකක් අවබෝදයකින් බලන්න ඕනේ. පලවෙනියෙන් කොල්ලගෙ ගෙදරින් දැනගන්න ඕනේ එයා කරදරයක් නැතුව ඉන්නවද කියලා. මොකද දැන් මිනිහෙක් මරන්න පොඩි වැරද්දක් ඇති. දෙවැන්න දැන් කොල්ලා ආයේ ඇවිත් අරහෙම වුනා මෙහෙම වුනා කීවොත් නැවත බාරගන්නවද? (නදී)
ගයාන් ඔයා හරි.(නදී)
පවු කාරයන්ට පින දෙන්න බැහැ. තමන්ට මනුස්සයෙක් වෙන්න අත දුන්න ඇයව අත ඇරලා වෙන කෙනෙක් පස්සේ ගියා නම් බේරුනා කියලා හිතන්න තියෙන්නේ. කොහොම වුනත් හේතුව හොයන එක හැම දේටම වැදගත්. පොලිසියට පුළුවන් බැංකු ගිණුම් පාවිච්චි කරන තැන් දැනගන්න. ඇත්ත ආදරේ කියන එක අද හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ මිනිස්සු පිරිහිලා නිසයි. (නදී)
ෆේස් බුක් එකෙන් ආදරය හොයන එකයි වැරැද්ද. (නදී)
ලංකාවේ කොයි පලාතේ කෙනෙක්ද? (නදී)
බුදුන් හැර තව කෙනෙකුගේ සිත තේරුම් ගන්න කිසි කෙනෙක් ලොව බිහිවී නොමැත ලොව සැමදේම වෙනස් වෙන සුළු බවම දෙසුවේ ඒ නිසාය.(නදී)
රිස්වාන් , ඇස් පේන්නේ නැද්ද ? මෙයා හෝමාගම , අපේ පැත්තේ එක්කෙනෙක් , අපේ පැත්තේ කොල්ලෝ ඔහොම තමයි.(නදී)
ලංකාව කියලා ගෑ වුනත් ඇති ඉවරවෙන්නෙ හොරකමකින්. (නදී)
රිස්වාන් එයා හෝමාගම කෙනෙක් කියලා කියනවා.(නදී)
මෙහි වරද පේස් බුක් වත් ලංකාවේ මිනිසුන්ගේවත් නෙමෙයි. සියලු මනුස්සයෝ වැරදි කරනවා. වරද මනුස්සයන් තුල තියන පාපයයි. (නදී)
රිස්වාන් හෝමාගම තියෙන්නේ කොහෙද කියල තවම දන්නේ නැද්ද? (නදී)
තරුණිය ගැන කණගාටුයි. වරද පේස් බුක් අඩවිය නොවේ යයි මම සිතමි.(නදී)
ඕකට තමා කියන්නේ කරුමක්කරකම කියලා.(නදී)
කෙල්ලගේ ඉතාලි කොල්ල, අපේ කොල්ලව ඉස්සුවා වෙන්න බැරිද...? (නදී)
හෝමාගම කීවට කව්ද දන්නේ මේක ඇත්තද නැද්ද කියලා. මේවගේ කට්ටිය කවදාවත් ෆේස්බුක් එකේ ඇත්ත ලිපිනය සදහන් කරන්නේ නැහැ,ඔක්කොම දාන්නේ බොරු තොරතුරු. (ත)
දරුවෝ තව දුරක් ගියානම් මීටත් වඩා දුකයි නේද ? හිත හදාගන්න ඔයාගේ ජිවිතේ බේරුනා එක ගැන හිතල . (දිල්)
ෆේස් බුක් එකට විරුද්ධව කතා කරන්න එපා. (දිල්)
මේක ආරම්භයක් විතරයි. ආදරය විතරක් නෙවෙයි දේශපාලනික ආගමික ව්‍යාපාරික වශයෙන් හුගක් ගැටලු ඇතිවෙන්න පහසුම තැනක් ෆේස්බුක් කියන්නේ. කිසිම වාරණයක් නැතිව ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න හැකියාව තියෙන නිසා තව තවත් අලුත් ගැටලු ඉදිරියේදී නිර්මාණය වේවි. ෆේස්බුක් ස්කයිප් නොමිලේ අන්තර්ජාලය හරහා ලැබුනට පසුබිමේ තියෙන්නේ ව්‍යාපාරික ක්‍රියාවලියක්. තමන්ගේ සීමාවේ ඉඳගෙන කටයුතු කරනවානම් ගැටලුවක් නැහැ. (දිල්)
සමහර අය අදහස් දල තියෙන ඒවා දැක්කම විහිළුවක් වගේ හිතෙනවා.(දිල්)
වෙන්නප්පුව ගැන ලියන අයට මම කියන්නේ මේ නරුමයා හෝමාගම වූ පලියට හෝමාගම සියලුම දෙනා මේ වගේ කියල කියන්න තරම් වෙන්නප්පුවේ මම මෝඩත් නැහැ ,කුහකත් නැහැ.(නදී)
පව් ඒ නංගි. (නදී)
මේ තරම් බොලඳ දෙයක් නෙමෙයි මෙතන සිද්ද වුනේ. මේකේ ලොකු අතීත කතාවක් තියනවා. (නදී)
මේ මිනිහා අල්ලන්න ඕනේ.(නදී)
අපි මිනිසුන් හැටියට කාවවත් රවට්ටන්න හොඳ නෑ.මැරෙන බව පසක් උනොත් ඕව කරන්නේ නැහැ.හැම දේම දැන ගන්න කොට කොට පරක්කු බව තේරවි. (දී)
ඔන්න මාමේ කොල්ලා පැනපි. (නදී)
පේස් බුක් කියන්නේ, බොරු බුක් කියලා දන්නෙම නැද්ද? කව්ද විශ්වාස කරන්නේ. මොඩ වෙන්න එපා ළමයිනේ.(නදී)
මේ වගේ ගුණමකුවන් ඒ ගැහැණු ළමයාගෙන් වෙන් වුන එක හොඳයි.(නදී)
අනේ බෞද්ධ අපි නම් මෙහෙම කොරන්නේ නැහැ.(නදී)
පිරිමි කමටත් නිගාවක්. ඉතාලි යන්න කෙල්ලක් අමාරුවේ දාපු ගොන් නාම්බෙක්.(නදී)
ඔය කෙහෙල්මල් බුක් එක ගැන කියලා වැඩක් නැහැ. දැන් කෙපෙමණ ජීවිත නැතිවෙලා තියෙනවද? (නදී)
ෆේස්බුක් හොද විදියට භාවිත කලා නම් කරදරයක් නෑ (දිල්)
දෙයියෝ සාක්කි !!!(දිල්)
යාවජීව පව් කාරයෝ
කෙල්ලගේ කරුමෙද , කොල්ලගේ කරුමෙද. අද කලේ කෙල්ලන්ට හොඳ කොල්ලෝ හොයාගන්ට බැරි විදිහිට අන්ද වෙලා තියන්නේ.උගත්කම තිබුනට ඔලුවක් නැහැ (දී)
අහෝ දුකකි ඉරකි තිකකි දගරයකි.(නදී)
ඇති ඔයින් ගියා. ෆෙස් බුක් ආදර වන්තයො සමහර යුවතියන්ව අමාරුවේ දමා ඔවුන්ගෙ මුදල්ද රැගෙන පලා යති. මේවා අපේ අයට හොද පාඩම්. මේ වගෙ හොර ප්‍රේමවන්තයන්ගෙ විස්තර පුවත්පත් මගින් ප්‍රසිද්ද කරන්න.(නදී)
මට ගිය මාසයේ ඉතාලි ගිය කොල්ලෙක් හමු වුනා. එයා ඒ තරුණියකට දරුවෙක් දීලා දැන් ලංකාවට මාරු වෙලා. වීරකමක් කළා වගේ උජාරුවෙන් කතාකරනවා.(නදී)
මෙය පනින්න අමාරු රටක පදිංචිය ගන්න කරන ක්‍රමයක්. මේ වගේ සිද්ධි ඔස්ට්‍රලියාවේ නවසින්ලන්තයේ වගේම බටහිර රටවලත් වෙලා තියනවා. ඒ විතරක් නොවෙයි බැඳලා වෙන් වුණාම දේපලෙන් බාගයකුත් අරගෙන තමයි නවතින්නේ. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සුළු දෙනෙක් මේ ක්‍රමය කරන්නේ. එත් තායි හා පිලිපිනේ කෙල්ලෝ ගොඩක් අය මේ විදිහිට රට පනින්න බලන් ඉන්නවා.(නදී)
පව් අහිංසක කෙල්ලෝ. ලංකාවේ පිරිමි ඔහොම්ම මයි. (නදී)
පේස් බුක් වල ආදරවන්තයෝ කවදාද අවංක අය වුනේ.(නදී)
මෙය තමයි පේස් බුක් එකේ ඇත්ත තත්වය. ගොඩක් ගැහැණු ලමයි ආදරය කරනවා පේස් බුක් එකෙන්. ඒත් අන්තිමට එය මුලාවක්.(නදී)
කොල්ලා කෙල්ලගේ සේසත අරන් මාරුවෙන්න ඇති . (නදී)
දැන් මේ රටේ මිනිස්සු ලංකාවේ අය ගැන මොනවාද හිතන්නේ ? මොහුව ලංකාවේ දී අත් අඩංගුවට ගත හැකියි පැමිණිලි කලොත්. (නදී)
මේකට වැරදි ෆේස් බුක් එකද ? (නදී)
ඕනෑම තරුණියක තම වටිනාකම ගැන අවබෝධයෙන් කටයුතු කල යුතුයි. (නදී)
මෙතන වෙන මොකක් හෝ අභිරහස් සිදුවීමක් තියෙන්න බැරිද? මේ තරුණයාගේ ඉතාලි මිත්‍රයෝ නැද්ද? මේ සිදුවීමේ තොරතුරු ලබා දීම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමක්. ලංකාවේ නම කැත නොකර ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම ඒ අයටත් හොඳයි නේද? පහුගිය දවස් වල ලංකාවේ අය කරපු ලොකු හොරකම් කීපයක්ම අහු උනා නේද? අන්තිමට රස්සා කරන අයටම නේද ඒවගෙන් කරදර. . (නදී)
ගම්‍යා කියපු දේ හරි.(නදී)