දහතුන් වසරකට පෙර ඉතාලියට ආ ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවේ සිටින මව සොයයි.ඔහු තම මව දැක නැත.මීගමු රෝහලේදී 1972.11.28 වැනිදා උපන් බව පමණක් ඔහු දනී.
මවගේ නම හෙට්ටිආරච්චිගේ සීලවතී බවත් ඇය මහරගම උපන් බවත් හෙට්ට්ආරච්චිගේ හේමන්ත නම් ඇගේ පුත්‍රයා පවසයි.
තමා උපදින විට මවගේ වයස අවුරුදු 18 ක් බවද ඔහු කියයි.
තම මව්පියන් පිළිබද ඊට වඩා කිසිත් නොදන්නා බවත් ඔවුන් සොයා ගැනීමට උදව් පතන බවත් ඔහු ඉතාලියේ බ්‍රෙසියා නුවර සිට ලංකාදීපයට කිහිපවරක්ම කතා කළේය.
ඇය ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් විද්‍යුත් ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් අම්මාව දැක ගැනීමට ලැබේවා! මේ පුද්ගලයාගේ වයස අවුරුදු 41 ක් විය යුතුයි. ඔහු ඉතාලියට ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 28 දී නේද? (නි)
අම්මාත් පසුව වෙනත් රටකට ගියාද දන්නෙ නැහැ (නි)
අම්මා මහරගමදී 1954 දී ඉපදුනා කියලා දන්නවා නම් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අම්මාගේ උප්පැන්න සහතිකය හොයාගෙන විස්තර හොයාගන්න පුළුවන් නේද? (නි)
මෙයා අවුරුදු 28 ක් ලංකාවේ ඉද්දි අම්ම ගැන හොයා බලන්න හිතුනේ නැද්ද ? (නදී)
අනේ පුතේ ! ඔබට දැන් අවුරුදු 32 කි.වැදු මව කෙසේ වෙතත් හැදු මව් සමග ඉතිරි කාලයත් ගත කරන්න.ඒක තමා ලොකුම ආදර්ශය මේ රටේ සිදුවී හා සිද්ධවෙන දේවල් ගැන අසන විට ! (අ)
ගාමිණී -සිරි, අනේ මේ කෙනාගේ දැන් වයස අවුරුදු 32 ක් කියලා ගණන් හදපු විදිය පැහැදිලි කරන්න පුලුවන්ද ? (නි)
ඇයි එයා ලංකාවේ ඉන්නකොට අම්මාව සෙව්වේ නැත්තේ? (නි)
ඔහු අවුරුදු 28ක් ලංකාවේ සිටියා නම් මව නොහඳුනන්නේ කොහොමද? මව සෙවීමට කලින් උත්සාහ නොකළේ මොකද? (නි)
මේක දැන් විලාසිතාවක් වෙලා වගේ. තමන් වැදු මව සොයල ලංකාවට එන එකයි. ලංකාවෙන් පිටත්වෙලා මව සොයන එකයි. අනික අවුරුදු 13 කියන්නේ ලොකු කාලයක් නැහැ. නමුත් මව සොයන කිසිකෙනෙක් කවදාවත් පියා ගැන හොයල බලල නැහැ. මේකෙන්ම පේනවා මවු-පිය සෙනෙහස කොහොමද කියලා. (නදී)
මට නම් පිස්සු වගේ මේකේ කමෙන්ට්ස් කියවල. (අ)
දෙය්යෝ දනී අපි නොදනී නේද? (අ)
මේක මහා අපබ්‍රංස කතාවක් නේ අප්පා.. (අ)