IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉතාලි ධර්ම දූත සේවයට ගෘහ සේවා වීසා හරි නෑ

ඉතාලියේ ධර්ම දූත මෙහෙවරට වැඩම කරන ශ්‍රී ලංකා භික්ෂූනට පූජක වීසා  ලබා දිය හැකිදැයි සොයා බලන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.

දැනට ඉතාලි ගොස් සිටින බොහෝ හිමිවරුන් ගෘහ සේවකයන් වශයෙන් වීසා ලබා ගෙන ඇති බවත්,  එය භික්ෂූන් වහන්සේනමකට නොගැලපෙන බවත්, කතෝලික පූජකවරුන් සිය පදවියේ ගෞරවය රැකගෙන පූජක වීසා මත සීමාසහිත කාලයකට ඉතාලියට යන බවත් දැනගන්නට ඇත.

ගෘහ සේවකයන් ලෙස ධර්ම ප්‍රචාරයට යන භික්ෂූන් වහන්සේ ඉතාලියේ රැඳීසිටීමට හැකි වනුයේ හාම්පුතා වන ගෙහිමියාගේ හා ඉතාලි රජය වරින් වර ප්‍රකාශයට පත් කරන සහන අනුග්‍රහය මත පමණක් බවත් එහි සිටින ශ්‍රී ලාංකිකයෝ කියති.

පිළිගත් සංවිධානයකින් ධර්මදූත සේවයට යන බවට සහතිකයක් සමග ඉදිරිපත් කරන ලියැවිලි ගැන කොළඹ ඉතාලි තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා භික්ෂූන් හට පූජක වීසා ලබා දීමට උත්සාහ ගන්නා බව ද,   මෙවැනි තත්ත්වයක් ඇති බව  දැනගත්තේ ‘එසැණ‘ ඒ ගැන විමසූ විට බව ද අමුණුගම මහතා පැවසීය.



අදහස් (0)

ඉතාලි ධර්ම දූත සේවයට ගෘහ සේවා වීසා හරි නෑ

පෙරේරා Thursday, 09 May 2013 06:35 AM

ලංකාවේ ධර්ම දූත මෙහෙවරකට ඉතාලියේ පූජකවරුන්ට එන්න මොනම විසා එකක්වත් දෙයිද කියන එකයි සැක. (නි)

:       0       0

අනුර Thursday, 09 May 2013 02:26 PM

කොහොමත් ලංකාවේ නිලධාරීන් ඔවා දන්නේ නැහැ. නීති රීති දන්නා නිලදාරීන් වෙන රටකින් හරි ගෙන්න ගන්න වෙනවා.(ස)

:       0       0

චූලා Thursday, 09 May 2013 08:17 AM

අර සේනා,මේ සේනා හදාගෙන මෙහෙ පාරවල් ගානේ මරාගන්න හදන අය එහෙ හොර විආ වලින් ආගම පතුරුවන්න යනවා. මේ කුහක වැඩේට ඉතාලි රජය ඉඩ දෙන එපා. මොකෝ මෙහෙ පල්ලි වහන්න කියා කෑගහනවා නම් එහෙ කොහොමද පන්සල් අරින්න හදන්නේ. (නි)

:       0       0

ලසන්ත Thursday, 09 May 2013 08:19 AM

වැලේ වැල් නැති දුප්පත් රටක් වන අපේ රටට චිනයේ, ටිබෙට් වල ඉදන් හාමුදුරුවෝ ඇවිත් බුද්ධාගම රකින්න පන්සල් හදාගෙන දගලනවා. අපේ අය ලෝකේ 19 වැනි පොහොසත් රටට හොර වීසා හදාගෙන පනිනවා. (නි)

:       0       0

පද්මා Thursday, 09 May 2013 08:26 AM

මේ ඉතාලි රජයේ අවධානය පිණිසයි. සංචාරක,හෝ ගෘහ විසා මගින් පැමිණි අන්‍ය ආගමිකයින් රෝමවරුන් සහ උතුම් ස්පාටවරුන් රවටා,සන්තෝසම් ලබාදෙමින් පන්සල් හදා අන්‍ය ආගම්කරණයට ලක්කෙරේ.(මම මේක කිවුවේ ලංකාවේ සාපේක්ෂතා වාදේට අනුව....) (නි)

:       0       0

රානි Thursday, 09 May 2013 08:28 AM

ආ ඔය තියෙන්නේ.....මෙහාට කවුරුත් ඔය විදියට අවොත් කියන්නේ හරවාගන්න ආවා කියලා.මෙහෙන් එහෙට යනකොට කියන්නේ සත්‍ය අවබෝධ කරන්න යනවා කියලා. කොහොමද වැඩේ? අලුත්ම විසා එකක් හදුන්වා දෙන්න සත්‍යාවබෝධ කිරීමේ වීසා කියලා. (නි)

:       0       0

ජනක Thursday, 09 May 2013 08:31 AM

පිටිගල මිලානෝ, සත්‍ය සොයා ඉතාලිය‍ටමද යන්න ඕනෑ.ඉතාලි යාම වරදක් නොවේ.නමුත් මේ යන්නේ සත්‍ය සොයද මිල්ල සොයාද? මොකෝ සත්‍ය සොයා නම් ලෝක සිතියමේ සැප පිරුණු රටවල් හැර අන් දුක පිරුණු රටවල් වෙතයි යා යුත්තේ.. (නි)

:       0       0

පාල Thursday, 09 May 2013 08:33 AM

හාමුදුරුවෝ යන්නෙම යුරෝපෙට ඇමරිකාවට. ඇයි ලෝක සිතියමේ වෙන රටවල් නැද්ද? අපි දන්නවා රහස.ගියාට කමක් නැහැ සිවුර නැතුව යන්න.පුළුවන් නම් යන්නකෝ අප්‍රිකාව පැත්තට.ලතින් ඇමරිකාව පැත්තට... දුක සොයා.... (නි)

:       0       0

නීලා Thursday, 09 May 2013 08:34 AM

මේ හොර වීසා හදාගෙන යන්නේ මිල්ල සොයාද,ආගම පතුරවන්නද,අන්‍යාගමිකරණය කරන්නද,සල්ලි හොයාගනද,එහෙමත් නැතිනම් "සත්‍යාවබෝධ කරවන්නද" දන්නා කෙනෙක් කියා දෙන්න කොයි වචනේද හරි කියලා. (නි)

:       0       0

නීල් Thursday, 09 May 2013 08:47 AM

ඉතාලි පූජක වීසා භික්ෂුන්ට දී ශාසනය නැතිවෙනවා පමණක් නොව අනාගතයේ ලක්දිව ජෙරුසලමක් කිරීමට මග පෑදීමක් වියහැකියි (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 09 May 2013 09:23 AM

නිසාර්, මෙතැනදී කොහොමද මුදලින් හා බලහත්කාරයෙන් ආගම පැතිරවීමක් වෙන්නේ. ඒ රටේ තියෙන පන්සලකට මේ රටේ හාමුදුරුවරු වැඩම කළාට බලහත්කාරයෙන් පල්ලි කරලා පන්සල් හදල නැහැ, ඔයාලගේ කට්ටිය මෙහෙ කරනවා වගේ. (නි)

:       0       0

නිසාර් Wednesday, 08 May 2013 07:43 PM

ඔන්න බලන්න මුදලටයි, බලහත්කාරයෙනුයි ආගම් පතුරවන හැටි. මේවා කතාකරනකොට අපි ජාති වාදී කියනවා. (නි)

:       0       0

වින්සන් Wednesday, 08 May 2013 07:57 PM

මොකටද ඔය අය මෙහෙ එන්නේ. එයාලට වීසා දෙන්න එපා. ලංකාරාමයට වෙලා තියෙන දේ දන්නවද? ඉඩම බෙදා ගන්න බෞද්ධයෝ පොරකනවා.මේක කතෝලික රටක් කියලා අමතක වෙලා (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 May 2013 08:01 PM

සමහර ස්වාමින් වහන්සේලා මෙහෙ ඈවිත් බිස්නස් කරනකොට කොහොමද තනතුරේ ගෞරවය රැකෙන්නෙ.සමහර පන්සල් මේ වෙනකොට දෙකට බෙදිලා වෙන වෙනම පන්සල් හදාගෙන මරාගන්නවා. සමහර පන්සල් වල පාතාල නායකයො තමා ප්‍රධාන දායකයො. (නි)

:       0       0

ගාමිණී Wednesday, 08 May 2013 08:10 PM

වීසා ගැන කතා කරන්න පෙර , ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ආපසු යාවිද කියා විමසා බැලුවොත් හොඳයි නේද? (නි)

:       0       0

බිමල් , රෝමය Thursday, 09 May 2013 10:14 AM

රොමේ පැත්තේ හිමි නමක් ප්‍රංශයේ දේශපාලන රැකවරණ ඉල්ලා නොලැබුන විට යම් සංවිදානයක් මාර්ගයෙන් හොර විසා එකක් ගහ ගත්තා කියන්නේ ඇත්තද? (නි)

:       0       0

අශෝක Thursday, 09 May 2013 10:16 AM

හාමුදුරුවරු දැන් චණ්ඩි වෙලා තියෙන හැටි දැක්කහම අපිට කණගාටුවත් ඇතිවෙන්නේ (නි)

:       0       0

චතුරිකා Wednesday, 08 May 2013 08:44 PM

එතකොට ධර්ම දුත කියලා ගිහිල්ල තිබෙන්නේ නීති විරෝධී වීසා වලින්ද? (නි)

:       0       0

සම්සුදීන්. Wednesday, 08 May 2013 08:45 PM

හාමුදුරුවරුත් හොර වැඩ කරලා තියෙනවා එහෙනම්? (නි)

:       0       0

රංගි Wednesday, 08 May 2013 09:04 PM

ඉතාලියේ නීතයාණුකූලව ආගමික ආයතන වලට වීසා ලබා ගත හැකියි. ඒක බෞද්ධ කතෝලික කියලා වෙනසක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

කමල් Thursday, 09 May 2013 03:36 PM

මේ ගැන ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය සමඟ එක්වී වැඩ කටයුත්තක් ඇරඹිය යුතු වෙනවා. එම සේවයට වැඩම කරන ස්වාමින් වහන්සේ අයත් මහනායක ස්වාමින් වහන්සේගෙන් ලිපියක් සමඟ අයදුම් කර පූජ්‍ය පක්ශයට අයත් වීසාවක් ලබාගත හැකියැයි සිතනවා. සාමාන්‍යයෙන් මෙම වීසාවක් ලැබෙන්නේ වසර 2 කටයි. ඊට පසු අළුත් කළ යුතුයි. කතෝලික පූජකවරු සිටින්නේ වසර කිහිපයකට පමණයි, ඊට පසු අළුත් කෙනෙක් ඒ තැනට එනවා. මේ විදිහට මහනායක හිමිවරුත් සම්බන්ධ කර වැඩපිළිවෙළක් සාදා ස්වාමින්වහන්සේලා ඉතාලියට වැඩම කෙරෙව්වොත් හොඳයි. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 08 May 2013 09:13 PM

දැන් හෝ දැනගත්තා නම් එය නිවැරදි කිරීමට කටයුතු කරන්න (නි)

:       0       0

චන්දානන්ද හිමි Wednesday, 08 May 2013 09:40 PM

පූජක කියන නමත් වැරදියි. පූජක කියන්නේ දෙවියන්ට පූජා පැවැත්වීමට අතරමැදියෙක් වෙන කෙනා. හාමුදුරුවන් එසේ නොවේ . තමන්ගේ ගුණ නිසා පූජාවලට සුදුසු වෙන කෙනා කියන අරුතෙන්, හාමුදුරුවන්ට යෙදෙන්නේ පූජ්‍ය නම් වදන වේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 08 May 2013 09:58 PM

හාමුදුරුවන් ඉතාලි ගිහින් කරන දේවල් සොයා බලා වීසා දෙනවා නම් යහපත්. (නි)

:       0       0

තුසිත Wednesday, 08 May 2013 10:04 PM

ඒක හොදයි (නි)

:       0       0

පාලිත Wednesday, 08 May 2013 10:49 PM

ගිහින් කරන්නේ ගෘහ සේවයද? ධර්ම දූත සේවයද?(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 08 May 2013 10:54 PM

භික්ෂූන් වහන්සේලට පූජක වීසා ලබා දෙනවා කිව්වොත් සමහරවිට ගොඩක් තරුණයොත් මහන දම් පුරන්න බැරි නැහැ (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 08 May 2013 11:43 PM

අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. නැත්නම් අපේ හාමුදුරුවරු කවම කවදාවත් ලංකාවට වැඩම කරන්නේ නැහැ (නි)

:       0       0

සුදේෂ් Thursday, 09 May 2013 12:46 PM

සමහර මිනිස්සුන්ගේ බොරු පුරාජේරු.(ස)

:       0       0

කුමාර Thursday, 09 May 2013 12:43 AM

මොන වීසා හැදුවත් සමහරුන්ගේ හොර වැඩ නම් නවත්වන්න බැරිවෙයි (නි)

:       0       0

කුමාර-රෝමේ Thursday, 09 May 2013 12:45 AM

එකට නියම නිදසුන ගම්මදගම පියදාසෙ.(නදී)

:       0       0

ඩී. උපුල් Thursday, 09 May 2013 12:53 PM

සුද්දන්ව නිවනට දක්කාගෙන යන්න දඟලන අපේ හාමුදුරුවරු මුලින්ම ලංකාවේ ජීවත්වෙන දුප්පතුන්ගේ සසර දුක නිවාගන්න වැඩ පිළිවෙලක් සකස් කළොත් තමයි හොඳ. (නි)

:       0       0

කුමාර Thursday, 09 May 2013 12:47 AM

මට නම් මේ ඉතාලියේ හොද යහපත් හාමුදුරුවරු ඉන්නේ 2 ,3 දෙනයි. (නි)

:       0       0

කුමාර Thursday, 09 May 2013 12:50 AM

ඒ වැඩේ නම් ඇත්තටම ගැලපෙන්නේ නැහැ තමයි (දී)

:       0       0

පැතුම් Thursday, 09 May 2013 01:10 AM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ... (නි)

:       0       0

මංජු Thursday, 09 May 2013 01:13 AM

අනේ අපේ ස්වාමින් වහන්සේලා එතකොට ඒ අයගේ ධර්මේ ප්‍රචාරය කරන්න යන්නේ ගෙවල්වල වැඩ කරලද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ ... (නි)

:       0       0

සම්මික් Thursday, 09 May 2013 01:22 AM

මෙහෙ ඉන්න හාමුදුරුවන්ගෙන් 3 දෙනෙකුට විතරයි පුජක විසා තියෙන්නේ. අනිත් ඔක්කොටම තියෙන්නේ ගෘහසේවා වීසා තමයි. ඒ වගේම කතෝලික පුජකවරුන්ට යුරෝ450ක් දීමනාවක් දෙනවා මාසෙකට. ඒකත් හාමුදුරුවන්ට හම්බුවෙන්නේ නැහැ. පුලුවන් නම් ඒකත් හදලා දෙන්න (නි)

:       0       0

සුනිල් වෙරෝනා Thursday, 09 May 2013 01:46 AM

ඉතාම හොද දෙයක්. අවුරුදු දෙකකට සීමා කළා නම් කාලය ගොඩක් වටිනවා. එතකොට ඔය ජොබ් කරන හාමුදුරුවන්ට තමා ප්‍රශ්නේ. කොහම වුණත් ඉක්මනින්ම මේ දේ කළොත් පින්. (නි)

:       0       0

මානවි Thursday, 09 May 2013 01:56 AM

අපේ සමහර හාමුදුරුවරු ඉතාලි ඇවිත් කරන්නේ ගෘහසේවක වැඩ තමයි. මොකද සමහර හාමුදුරුවරු සිවුර ගලවා මෙහෙ ගෘහ වැඩට අදින කෝට් එක ඇදගෙන සුපර් මාර්කට් වල ඉන්නවා දැකපු අය ඉන්නවා. හුගක් හාමුරුවරු මෙහෙ එන්නේ ධර්මය දේශනා කරන්න නෙමෙයි, සැප ගන්න බලාගෙන.

:       0       0

මා.උපරතන හිමි .ස්වීඩන් Thursday, 09 May 2013 02:05 AM

යුරෝපා සංගමේ රටවල් සියල්ල පිළිගන්න පොදු එකගතා ගිවිසුමක් මගින් මේ ගැටලුවට පිළියම් යොදන්නේ නම් හොඳයි. මොකද යුරෝපා සංගමේ රටවල සිටින බොහෝ හිමිවරුන් මේ ගැටලුවට මුහුණ පා සිටිති. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 May 2013 03:44 AM

'විටෙක මා තල ඇටයකින් දවස ගෙව්වෙමි, කෘෂ වූ ශරීරයේ සිරස පිරිමැද්ද විට වියලි හම් කැබලි සහ කෙස් අතට ගැලවුණි, අඩ පනව වීදි අයිනේ වැතිර තිබුණු මගේ ශරීරයට සෙම් සොටු සහ මුත්‍ර වලින් සංග්‍රහ ලැබිණ. නමුත් මේ කිසිවකින් නොසැලී මා සත්‍ය සොයා ඉදිරියටම ගියෙමි'. ඒ නිසා වීසා වර්ගය කුමක් වුවත් ලාබාපෙක්ෂාවෙන් හා මාන්නයෙන් තොරව යන ගමන යන්න. (නි)

:       0       0

කුමාර Thursday, 09 May 2013 01:27 PM

මොන සල්ලිද මෙහෙ ඉන්න ය මාසෙට යූරෝ 1500 පන්නල හොයනවා. (ස)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Thursday, 09 May 2013 01:37 PM

අනේ හාමුදුරුවනේ, කොන්ගෝ රටට වැඩම කර ඔවුන්ට ධර්මය පසක් කර දෙන්න. මෙලොව අපාගාත වී ඇති ඔවුන්ව නිවන් මාර්ගයට යොමු කරන්න. එවිට සසර ඔවුන්ට දිගු වන්නේ නැති වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 291 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 196 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 332 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1027 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2814 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site