IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය අගමැති එන්නේ වෙසක් සැමරුම් උත්සවයට පමණයි - ජනපති

තමන්ගේ නිල ආරාධනයක් පරිදි මෙම මැයි මස දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (29) පෙරවරුවේ එක් වෙමිනි.


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන්නේ රටේ කොටස් අයිති කර ගැනීමට ගිවිසුම් අත්සන් තැබීමට බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා මෙම සියලු ප්‍රචාර ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාර බව ද කියා සිටියේය.


අද ශ්‍රී ලංකාවට සෑම රටකම මිත්‍රශීලි සහයෝගය හිමිව තිබෙන බව  පැවසූ ජනාධිපතිවරයා ඒ තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් බවට ගොඩනැඟිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් ප්‍රකාශ කළේය.


ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

 

(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (14)

ඉන්දීය අගමැති එන්නේ වෙසක් සැමරුම් උත්සවයට පමණයි - ජනපති

සත්‍යපාල Saturday, 29 April 2017 11:25 AM

මේ පුද්ගලයා කියන කිසිවක් මිනිස්සු විශ්වාසය කරන්නේ නෑ . මේ වගේ පොරොන්දු කියක් කිව්වද?. නිකන් කටට එන එකක් කියනවා. ජනාධිපති කෙනෙක් නොවේ ග්‍රාමසේවක කියල තවමත් හිතාගෙන ඉන්නෙ....

:       87       713

Pradeep Liyanage Saturday, 29 April 2017 12:47 PM

ඔය කිව්වට දඹුලු ගිහිල්ලා තලගොයිත් මරයිද දන්නේ නෑ.

:       8       85

arschloch Saturday, 29 April 2017 01:04 PM

ඔව් ඉතින් කොච්චර කිව්වත් සිංහලයගේ මෝඩකම් නේ... කොයිවෙලෙත් කියන්නේ මෛත්‍රීපාල මහත්තයා හොඳ බවත්, රනිල් මහත්තයා හොඳ නැති විදිහටනේ? එහෙනම් බාරගන්න පරදේසක්කාරයින්ව...

:       178       317

Missaka Saturday, 29 April 2017 03:59 PM

පස්සේ ඉතින් පත්තරෙන්නේ දකින්නේ හිටන් !!!

:       0       1

lalith Saturday, 29 April 2017 04:12 PM

කලබල වෙන්න එපා ඒක විහිළුවක්... නැතිනම් එතුමාගේ පුද්ගලික මතය.

:       0       6

Danuska Saturday, 29 April 2017 06:14 PM

අපේ රටට වෙලා තියෙන දේ ගැන දුකයි... දේශපාලකයෝ රට විකුණනවා. කවුරුවත් වැඩක් නැහැ... 225 ම වැඩක් නැහැ.

:       0       0

nimallalitha Sunday, 30 April 2017 02:54 AM

එක්කෙනෙක් 1987 ඇවිල්ල කරපු වැඩේ සහ මේ රටට වෙච්ච විනාසය මතක ඇතිනේ. දැන් 2017 ඔය එන්නෙත් හොඳකට නොවේ. ඒගොල්ලන්ට කීකරු චුටි මල්ලියෙක් කර ගැනීමට. සිංහලයා දේසපාලනයට ගැතිවෙලා කරන තරමක් කරන්නේ මෝඩ කමනේ. සිංහල අයිතිය,බෞද්ධ අයිතිය විනාශ වෙනවා බලාගෙන සිටින එක්සත් ජාතින් මහා ලොකුවට වෙසක් දිනය සමරනවා.

:       0       17

sisira Sunday, 30 April 2017 04:10 AM

ඔය මෝදී මෙහෙ ඇවිත් වෙසක් වෙස් මුහුණ දාගෙන අපේ රටේ මිනිස්සු රවටන්න හිතුවාමදී. අර එයාගේ රටේ ඉන්න 750,000 තරම් තවමත් අත්වැසුම් භාවිත කරන්න දෙන්නේ නැතුව වන්සක්කාර මිනිසුන්ගේ අසූචි හා මල මුත්‍රා අපවහනය කරන අහිංසක හරිජන දාලිත් මිනිසුන් විඳින අපා දුක ගැන හොයල බලන්න කියන්න මෙහෙ ඇවිත් බොරු වෙසක් පාර්ට් දාන්නේ නැතුව.

:       0       2

sisira Sunday, 30 April 2017 04:12 AM

මේ වසරේ වෙසක් සමරන්නේ ත්‍රිකුණාමලයේද ජනපති තුමෝ ?

:       0       26

ලුම්බිණි Sunday, 30 April 2017 06:33 AM

රජීව් ගාන්ධිට සලකපු විදියට ඉන්දියන් අගමැති කෙනෙක් මෙහි එන එකත් පුදුමයක්....

:       0       1

susantha Sunday, 30 April 2017 06:36 AM

ආ... ඇත්තටමද? ඔව් ඉතින් රනිල් උන්නැහේ ඔක්කොම ගිවිසුම් ගහල නේ අවේ. දැන් ඉතින් මොකුත් අත්සන් කරන්න නැහැ තමයි.

:       0       1

k.s,t, Sunday, 30 April 2017 08:14 AM

ඔය ඉස්කෝලෙ ළමයාගේ මූනේ කළු මොකද?

:       0       2

imesh Sunday, 30 April 2017 02:11 PM

අත්සන් ක්රාන්නේ මොකටද? දැනටමත් ඕනේ තරම් ඔය ඉන්නේ. මේ පත්තරෙන්ම බලන්නගන්න පුළුවන් ජනාධිපති තුමාට කොච්චර පිටරටින් ඇවිල්ල වැඩ කරනවද කියල. අපිට රටට එන්න විදිහක් නෑ... රස්සාවල් නැහැ.

:       0       0

Senarath Sunday, 30 April 2017 02:16 PM

මෝදි එන්නේ වෙසක් කුඩු බලන්න වෙන්නේ ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 552 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 743 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1296 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 565 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1288 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 651 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2162 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site