IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය අගමැතිගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් - විශ්ව විද්‍යාල ආචාර්යවරු

(විනීතා ගමගේ, නිමල් අල්ගෙවත්ත සහ අමල් වික්‍රමරත්න)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් යැයි, ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ එක්  ජනකොටසක් පමණක් ප්‍රසිද්ධ මහජන හමුවකදී ඇමතීම වැරදි පූර්වාදර්ශයක් බවත් ඉන්දීය අගමැතිවරයාගේ කතාව උඩරට දමිළ ජනතාවට හැර රටේ අන් ජනකොටස් සදහා  අදාළ නොවන බවත් එම නිවේදනයේ සඳහන් වේ. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නෝර්වුඩ් හිදී කළ ප්‍රකාශය පිළිබඳ බලවත් අප්‍රසාදය පළකරන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතාගේ අත්සනින් නිකුත් කරන ලද එම නිවේදනයේ විශේෂයෙන් සඳහන් වන තවත් කරුණු 5 කි. 

  • ඉන්දියානු වතු දෙමළ  ජනතාව ඉන්දීය සංස්කෘතිය පවත්වාගෙන යන බව පවසමින් එයට අනුබල දීම සහ එකී ජනතාව මෙරට සංස්කෘතියට අවශෝෂණය වීම අධෛර්යමත් කිරීමකි. ඉන්දීය සංස්කෘතිය මෙරට පවත්වාගෙන යෑමේ  කිසිදු අවශ්‍යතාවක් අපි නොදකිමු. තව ඉන්දීය අගමැතිවරයාගේ මේ අදහස් වත්මන් රජය ක්‍රියාවට නංවනවායැයි පවසන සංහිඳියා ප්‍රතිපත්තිවලටද පටහැනිය. 
  • වතු දෙමළ  ජනතාව ඉන්දියානු සම්භවයක් ඇති ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් ලෙස හැඳින්වීම ඉතා වැරදි ප්‍රකාශයකි. එමගින් උඩරට වතු දෙමළ ජනතාව තුළ  වැරදි මානසික තත්වයක් ගොඩ නැඟේ. එම ජනතාව ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් නොව ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වෙති.  
  • ඉන්දීය අගමැතිතුමාගේ සමස්ථ කතාව තුළින් ගම්‍ය වන්නේ  ඔහු  ශ්‍රී ලංකාවේ වතු දෙමළ  ජනතාව සැලකුවේ අසල්වැසි විදේශ රටක ජන කොටසක් ලෙස නොව ඉන්දියාවේ ප්‍රත්‍යන්ත ප්‍රාන්තයක ජන කොටසක් ලෙස බවයි. දකුණු ආසියානු රටක දේශපාලන නායකයකු සිය ජන්ද දායකයන් අමතමින් විවිධ පොරොන්දු ලබා දෙන ආකාරයටම ඉන්දීය අගමැතිවරයාද නෝර්වුඩ්හිදී විවිධ ප්‍රකාශ නිකුත් කළේය.
  • ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා ඒකරාශී වූ එම රැස්වීමේ දී ඉන්දීය අග්‍රාමාත්‍යාවරයා කළ  ප්‍රකාශ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට උල්පන්දම් දීමක් ලෙස ද අපි හඳුනා ගනිමු.  ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතියට බද්ධ නොවූ ඉන්දීය ඩයස්පෝරාවක් ශ්‍රී ලංකාවේ කඳුකරයේ පවත්වාගෙන යෑමේ ඉන්දීය උවමනාව අනාගත ශ්‍රී ලංකාවේ තවත් බෙදුම්වාදී ප්‍රශ්නයකට මූල බීජ සපයන බව අපගේ වැටහීමයි. 
  • ඉන්දීය දේශපාලන සහ ඔත්තු සේවා මගින් බිහි කළ සහ නඩත්තු කළ උතුරේ ත්‍රස්තවාදී කණ්ඩායම් නිසා ශ්‍රී ලංකාවේ සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාව දස දහස් ගණනක් මියගොස් අතිමහත් දේපළ හානියක් සිදු විය. උතුරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් කඳුකරයේ කිසිදිනක හෝ ඇති නොවීමට වග බලා ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි



අදහස් (17)

ඉන්දීය අගමැතිගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් - විශ්ව විද්‍යාල ආචාර්යවරු

kumar (galf) Sunday, 14 May 2017 05:27 AM

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ කතාව 100% හරි. හැබැයි මේ දාන අදහස් පලකරන එකකුත් නෑ,... මොකද දැනටම ලංකාවට එන ඉන්දියානු බලපෑම් උත්සන්න වෙලා....

:       0       36

සුමිත් Sunday, 14 May 2017 05:30 AM

ඇත්තනේ කතාව..... මිනිස්සුන්ට කිව්වේ ජාත්‍යන්තර වෙසක් උත්සවේකට එනවා කියලනේ. ඇවිත් වෙන දෙයක්නේ කළේ...

:       0       26

kumar (galf) Sunday, 14 May 2017 05:34 AM

අපේ අය රෑට වැටිච්ච වලේ දවල්ටත් ඕනා කමින්ම පනින්න හරි දක්ෂයිනේ....

:       0       48

ලුම්බිණි Sunday, 14 May 2017 05:57 AM

වතු දෙමළ ජනතාව ඉන්දීය සංස්කෘතිය පවත්වාගෙන යන එක වරදක් වෙන්නේ කොහොමද? විදෙස් රටවල වෙසෙන සිංහලයන් සිංහල සංස්කෘතිය එම රට වල පවත්වා ගෙන යන එකත් වරදක්ද?

:       238       1

Gayan Sunday, 14 May 2017 06:26 AM

හරියට හරි...ඉන්දියානු අගමැති ඇතුළු දකුණු ඉන්දියානු අය හැම වෙලාවේම හිතන්නේ ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා... ඉන්දියාව නිසා අපිට තවමත් කිසිම දෙයකින් හොඳක් වෙලා නැ...

:       1       85

sara Sunday, 14 May 2017 06:39 AM

මේක නැති ප්‍රශ්නයක් ඇති කරන්නයි හදන්නේ... වතුකරයේ මිනිස්සු ගැන මම හොඳින් දන්නා කෙනෙක්...ඒ හින්දා මේවා ගැන හොයන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි...

:       11       0

savant Sunday, 14 May 2017 06:54 AM

අපේ ලොක්ක පුටුව ලැබුණ ගමන් ගියේ දඹදිව වන්දනාවේ. එතුමයි නෝනයි දෙන්නම ඇන්දේ ඉන්දීය ඇඳුම්... ලංකාවේ ඇඳුම් නෙවෙයි. පරණ පින්තුර බලන්න. ඉතින් මෝදී මහත්මයා හිතන්න ඇති එයා මේ එන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයකට කියලා...

:       1       24

Ravindra Attanayake Sunday, 14 May 2017 07:06 AM

ඉන්දීය සංස්කෘතියක් පවත්වා ගැනීම අවශ්‍ය නොවන බව එම සංගමය කීවත් දවස පුරා ඉන්දීය සිනමා, රූපවාහිනී නාට්‍ය දර්ශනය, මුහුරත් උළෙලවල් පැවැත්වීම, ඉන්දීය සිනමා, ඇඳුම් හා විලාසිතා අනුකරණය, ඉන්දීය ගීත, ගායනා සියලු දේ ඈත අතීතයේ සිට මේ දක්වා කොපි කිරීම, ඉන්දීය හින්දු දෙවිවරු ඇදහීම් වැනි සියලුම දේවල් කල හැකිනම් වතුකරයේ ජනතාවට පමණක් ඉන්දීය සංස්කෘතියක් පවත්වා ගැනීමට කිසිඳු බාධාවක් තිබිය නොහැක....

:       5       15

saman Sunday, 14 May 2017 07:07 AM

බුද්ධිමත්ව බැලුවොත් කතාව නම් ඇත්ත තමා....

:       1       26

Rohitha Sunday, 14 May 2017 07:17 AM

අපේ කට්ටියට කොහොම කළත් වැඩක් නෑ... සහ හොඳක් නෑ. කොහොමහරි වැරැද්දක් තමයි හොයන්නේ. මොකද එහෙම නැත්නම් අපේ කට්ටියට නින්ද යන්නේ නෑ...

:       58       5

Ratnayake Sunday, 14 May 2017 07:19 AM

ඒත් තවත් එක් දේශපාලකයෙක්... ලාභ සහ පහසු සටන් පාඨය තමයි භාවිතා කරන්නේ...

:       10       2

siri Sunday, 14 May 2017 07:27 AM

ඔබතුමන්ලාගේ නිගමනය හා මම එකඟ වෙමි. නමුත් තියෙන ප්‍රශ්නය නම් එය මේ යහපාලනය මොන ආකාරයෙන් දකීද යන්නයි. මොකද ඒ අයට එක ඇසක්වත්, කනක්වත් තියේද යන්නයි.

:       3       38

nimallalitha Sunday, 14 May 2017 07:56 AM

අපේ උගතුන් සුළු පිරිසකට හෝ සත්‍යය අවබෝධ වීම සතුටට කරුණකි. නමුත් මේ සිංහල 8 සහ 10 සමත් අපි ඕනෑම සිංහල නොවුණ ජාතිවාදයකට මුහුණ දීමට සුදානම්. දේශපාලනයට මේවා තේරෙන්නේ නැතුවද .... එසේ නැතිනම් මේවා පේන්නේ නැතිද?

:       0       21

Chandra Sunday, 14 May 2017 08:27 AM

මා ජාතිවාදියෙක් නොවේ. උඩරට වෙසෙන සිංහල මිනිසුන්ගේ ඉඩම් මංකොල්ල කා සුද්දා වතු ඇතිකලා. එම නිසා එම ප්‍රදේශවල පාරම්පරික පදිංචි කරුවන්ටත් ඉඩම් ගෙවල් නැහැ. ඔවුන් ගැන බලන්න කවුරුවත්ම නැහැ. ඔවුන්ගෙන් සමහර පුද්ගලයින් වැඩ කරන්නේ මේ වතුවලම තමයි.

:       17       117

kumar (galf) Sunday, 14 May 2017 09:06 AM

ඉන්දියාවට බය වෙන්න එපා....

:       2       40

deebi Sunday, 14 May 2017 10:00 AM

ඉන්දියාවෙන් ලංකාවට සේවකයන් ගෙනත් තිබෙන්නේ එක්දහස් අටසිය ගණන්වලදී. දැන් ඉන්නේ හතරවෙනි පස්වෙනි පරම්පරාවල්. අපිට තවම බැරිවුණා. එ් අය ලාංකිකයන් වශයෙන් හිතන්න... අකල්පමය වෙනසක් ඇතිකරන්න.

:       17       8

පිටිගල මිලානෝ Sunday, 14 May 2017 12:23 PM

සිංහල අය හින්දි චිත්‍රපට බලන තරම දැක්කොත් නම් මෝදි බොලිවුඩයකුත් ලංකාවේ ස්ථාපනය කරයි නොමිලේ. වතුකරය අමතක කරලා සිංහලයන්ට පොරොන්දු දෙයි.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 524 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 111 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 267 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 309 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 383 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 680 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site