ශ්රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන්ගේ ප්‍රහාරයට ලක්වූ බහුදින යාත්‍රාව කල්පිටි ජැටියට ගෙන එනු ලැබීය. එහි බඳ, සීත කාමරය හා පියස්සට ද හානි කර තිබිණි.
ඉන්දියා ධීවරයන් අපේ මුහුදට අවුත් දැල් කපා මාළු කොල්ලකතියි කල්පිටිය බහුදින යාත්‍රා සංගමයේ සභාපති ඇන්ටන් කුසුම් රෙක්ස් කියයි.
තම බෝට්ටුවට සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ පහලොවක් බවත් රුපියල් ලක්ෂ 7ක පමණ දැල් කපා ඇති බවත්, දෙවියන්ට කීම හැර කළ යුතු වෙනත් දෙයක් නැති බවත් බෝට්ටු හිමිකරු සුරේෂ් සංජීව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කොයින්ද මාළු අපි යනවද මුහුදු . (ස)
ගයන්තගේ කතාව මම අනුමත කරනවා. (නි)
මොකද්ද ඒකට ගත්ත නිතිමය පියවර (දී)
අපේ නාවුක හමුදාව පිට මිනිසුන්ව බේර ගන්නවා. පිටින් ඇවිල්ලා ගහලා යන ඒවත් පොඩ්ඩක් බැළුවොත් හොදයි.(නදී)
අපේ රටේ ඉන්න සම'හරක්' හිතාගෙන ඉන්නේ ධීවරයො කියන්නේ පහළ පන්තියක් කියලා. මුහුද ආශ්‍රිතව ඉන්න මිනිස්සු මාලු අල්ලන්නේ නැතිව මූදෙ ගොයම් හිටවන්නද? මේ අදහස් වලිනුයි, අදහස් දාන්න තියෙන උනන්දුවෙනුයි පේනවා අපේ රටේ මිනිසුන්ගේ 'ඇත්ත' තත්වය. (නි)
අපරාදේ සල්ලි (දී)
මාටින් මාලු කනකොට මොන බෝට්ටුවෙන්ද ඇල්ලුවෙ කියලා හොයනවද.ඒ මිනිසුන්ගේ රැකියාවට ගරහන්න එපා.යොහාන්ට නම් තමන්ගේ කමක් නෑ වගේ..මේ වගේ මිනිස්සු ඉන්නකොට අපිට රටටම ඇවිත් ගහලා යයි.. (දී)
අල්ලපු පිටුව මුහුදේ අතරමං වුන පිරිසක් ගැන.නාවික හමුදාවට පින් ඔවුන්ව බේරාගත්තාට.බලපු අය පෝලිමට කමෙන්ට් කරලා නම් තියෙනවා.මේ පිටුවේ අපේම මිනිසුන්ට කරදරයක් වුන වෙලාවට අපිට ඇවිදින් ගහලා යන වෙලාවට ලියන්න දේවල් නෑ වගේ. (දී)
ජනපතිතුමනි දැන්මම මේකට පිලියමක් යොදන්න .තමිල්නාඩු කොටින්ගේ වැඩද මේ.. (දී)
ඉන්දියාවේ හරි ලංකාවේ හරි දෙගොල්ලොම කරන්නෙ සත්ත්ව ඝාතනයනේ. (නි)
ගෙදරට ඇවිත් ගහලා යනකම් බලා හිටියද? කමක් නැහැ ඉන්දියාව අපේ ලොකු අයියනේ.(නදී)
කාටද මේ දුක කියන්නේ (දී)
මේක බහු දින තියා ලංකාවේ පොකුනකටවත් දාන්න බැරි බෝට්ටු කබලක්නේ . (ස)
" මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් " කෝ එහෙම කියන කෙනා. (ස)
ඔයා විතරයි මේ ලිපිය කියවලා තියෙන්නේ ඒක කාගෙන්වත් ප්‍රතිචාර නැත්තේ.... (ස)
මුහුද මැදදි ගහනකොට වෙන මොනවා කරන්නද වරුණ... මොකද අපි ගියේ මාළු අල්ලන්නනේ... (ස)
කොටින්ගේ තවත් එක කුරුමානමක්.(නදී)
මෙහෙමත් මිනිස්සු (දී)
කෝ! මේකට ප්‍රතිචාර.(නදී)
ඔච්චර හරියක් කරලා යනකම් අපේ අය අත පය බැදගෙන බලාගෙන හිටියද?(නදී)