ඉන්දියා ගෘහ සේවිකාවන් සෞදි අරාබියට පැමිණෙන්නේ නම් සෞදි රියාල් 1200 (රුපියල් 41681.16) ක වැටුපක් ගෙවීමට තීරණය කර ඇති බව සෞදි අරාබියේ ජාතික රැකියා බදවා ගැනීමේ කමිටුව (රියාද්) සෞදි පුවත් පත් වලට අදහස් දක්වයි.
ඉන්දියා කාන්තාවන් මෙරට ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කරනුයේ ඉතා අතලොස්සකි.
එම පුවත් පත් සදහන් කරනුයේ නව සෞදි කම්කරු නීතිය අනුව ඉන්දියා කාන්තාවක් මෙරට ගෘහ සේවිකාවක් ලෙස පැමිනෙන්නේ නම් අය සදහා සෑම දිනකම විවේක කාලයක් සමග වාර්ෂිකව දින 15 ක හෝ ද්වි වාර්ෂිකව දින 30 ක නිවාඩුවක් ලබාදීමටත් ඉන්දියාවට යෑමට ඒමට ගුවන් ටිකට් පත නොමිලේ ලබාදීමටත් සෑම මසකම අවසානයේ අයගේ වැටුප සෞදි බැංකුවක තැන්පත් කර ඒ බව කම්කරු අමාත්‍යංශයට දන්වා කැමැත්ත මත ඉන්දියා බැංකුවකට යැවීමටත් ක්‍රියා කරන බව එම පුවත්පත කියයි
නව කම්කරු ගිවිසුම ප්‍රකාරව වයස අවරුදු 25 සිට 50 දක්වා වූ ඉන්දියා කාන්තාවන් පමණක් සෞදියට ගෙන්වීමට තීරණය කර ඇති අතර සෞදි අරාබියට පැමිණීමට පෙර ගෘහස්ත පාලනය පිළිබද විශේෂ පුහුණුවක් ලබාදීමටද ඉන්දියා කම්කරු ආයතන පොරොන්දුවී ඇත .
කෙසේ වුවද ඉන්දියා රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත වයස 25 ට නොඅඩු කිසිදු කාන්තාවක් වෙදෙස් රටක ගෘහසේවිකාවන් ලෙස නොයවන බවද සදහන් වේ,
මෙම ඉන්දියා සහ සෞදි අරාබියා නව ගිවිසුම මගින් බොහෝදුරට ශ්‍රී ලාංකික කාන්තාවන් සදහා කිසියම් අභියෝගයක් එල්ල විය හැකි අතරම සෞදියට ශ්‍රී ලාංකික කාන්තාවන් ලබා ගැනීමේ යම් පසු බෑමක් ඇතිවිය හැකිය,
සෞදි ශ්‍රී ලංකා ගිවිසුම් ප්‍රකාරව මෙතෙක් ශ්‍රී ලාංකික කාන්තාවකට ගෙවනුයේ සෞදි රියාල් 1000 කට (රුපියල් 34734.3 ) අඩු වැටුපකි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියා සේවකයිනට වැඩි පඩි
රචි බාලසුරිය Thursday, 24 July 2014 12:10 PM
දෙනාට දශකයකට පෙරසිටම ඉන්දියානු කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් යෙදවීම ඉන්දීය රජය අනුමත කළේ ලැබෙන රක්ෂණයත් වැටුපත් අනුව. එනිසා ඉන්දියානු කාන්තාවන් වෙනුවෙන් වැඩි වෙටුපක් ගෙවීම ඉස්සරත් බොහෝ මැදපෙරදිග රටවල සිදුවුණා . (නි)
දේශාන් Thursday, 24 July 2014 12:14 PM
ඉතින් ගෙවපුදෙන්! අපේ රටේ කාන්තාවන්ට යහපත් කර්මාන්ත හා ව්‍යාපාරික පුහුණුවක් ලබාදී ඔවුන් අපේ රටට ශක්තියක් වී රට දියුණු කිරීමට දායක කරගන්න අපි මේක අවස්ථාවක් කරගනිමු. අපි මොකටද ආඩම්බරකාර අවස්ථාවාදී අරාබිකරයින්ට දර-දිය අදින්න, වහල්කම් කරන්න අපේ නංගිලා අම්මලා යවන්නේ? (නි)
රජින්ද Thursday, 24 July 2014 06:46 AM
මෙතන තියෙන්නේ වෙන දෙයක්. ඉන්දිරා ඝාන්දී මැතිනිය තම රටේ කාන්තාවන්ට දුන් නිසි ගෞවරවය ආපස්සට හැරවීමක් මේ. (නදී)
නුවන් Thursday, 24 July 2014 06:50 AM
අපේ රටේ කාන්තාවන් වහලුන් වගේ රට රටට යවනවට වඩා රට ඇතුළේ රැකියා අංශය දියුණු කරන්න බැරිද? රට හැමතැනම මහාමාර්ග හැදුවට රැකියා අංශය එකම තැන! (නි)
ජයලත් Thursday, 24 July 2014 06:55 AM
ඉන්දියාවට මොනවා වෙලාද මන්දා? මොන රටක් වුණත් තමන්ගේ රටේ අම්මලා, සහෝදරියන් සෞදිය වගේ රටක වහල් සේවයට යවන එකට මම නම් එකඟ නැහැ. මොකද මම මේකේ ඇතුළු පැත්ත ගැන දන්නවා (නි)
කමල් Thursday, 24 July 2014 01:38 PM
අපේ අය කරන සොරකම් වගේ වැඩවල හැටියට පඩි වැඩියෙන් දෙයිද? (නි)
වසන්ති Thursday, 24 July 2014 07:31 AM
අපි ගෘහ සේවිකා වෘත්තිය සඳහා සේවකයින් පිටරට ඇරීම තහනම් කරමු. අරාබියට ගැහැණු අරින්ඩ එපා. (නදී)
ධම්ම Thursday, 24 July 2014 07:54 AM
දැන් ලංකාවෙන් යවන්නේ ගෘහ පාලිකාවෝනේ. ඉතින් එයාලා තීරණය කරන්න ඇති ගෘහ සේවිකාවෝ ඉන්දියාවෙන් ගෙන්වන්න.(අ)
ඉම්රාන් Thursday, 24 July 2014 07:54 AM
අනේ ඔය රටට අපේ කට්ටිය ගෙදර දොරේ වැඩවලටනම් යවන්ඩ එපා..අරබිකාරයෝ හරි ඔලුවෙන් ඉන්නේ..සමහර අය නම් ඇත්තටම හරි හොඳයි ලු..(අ).
ගාමිණී - සිරි Thursday, 24 July 2014 08:08 AM
අපේ කෙල්ලෝ මොකටද ? සෞදියට අත පාන්නේ ! ඇයි.. චීනය තියෙන්නේ (අ).
කැලුම් Thursday, 24 July 2014 08:11 AM
මොනවා උනත් මේකට ඉන්දියාවේ රජය මැදිහත් වෙලා තියනවා.... අපේ කට්ටිය වගේ නෙමේ..(අ)
පෙරේරා Friday, 25 July 2014 08:24 AM
අපේ ලංකාවේ අයට මොළයක් නැහැ. කියන්නෙම මෝඩ කතා. (නි)
මංගල Thursday, 24 July 2014 08:27 AM
රටට ජාතියට ආගමට සහ තමන්ගේම අම්මටත් ආදරේ තියෙන ආත්මාභිමානයක් ඇති කිසිම කෙනෙක් අරාබියට ගැහැණු උදවියව ගෘහසේවයට යවන එක කිසිසේත්ම අනුමත කරන්නෙ නැහැ. (නදී)
චමින්ද- සෞදි අරාබිය Friday, 25 July 2014 08:45 AM
දේශාන් ඔබගේ ප්‍රතිචාරය මම අගය කරනවා. (ස)
සඳුන් පෙරේරා Friday, 25 July 2014 09:00 AM
ප්‍රශ්නයක් නැහැ. අපේ අය ඉන්දියාවට යවමු. කොහොමහරි සල්ලිනේ...! (නි)
සේන Thursday, 24 July 2014 09:24 AM
ඉන්දියාව හැම පැත්තෙන්ම ශක්තිමත් වෙනවා අපි ආපස්සට යනවා. (නදී)
දුම්මලසූරිය Friday, 25 July 2014 10:39 AM
ඇයි අපේ රජය මේ වගේ මිනිස්සු ඉස්සරහ අපේ කාන්තාවන්ව බාල්දු කරන්නේ? අපේ කාන්තාවන්ට තියන අතපයම නේද ඉන්දියාවේ කාන්තාවන්ටත් තියෙන්නේ? අපේ කාන්තාවන්ටත් ඒ කිව්ව අවස්ථා සහන ඒ විදියටම දෙන්නේ නැත්නම් ඇයි අපේ අයව උන්ගේ වැඩකාරකමට යවන්නේ? අනික අපේ කාන්තාවන් පවුල දියුණු කරන්න ..දරුවන්ට යහපත් හෙටක් හදන්න කියල රට ගියාට වෙන්නේ මොකක්ද?ඇය නැවත සියරට එද්දී ගෙදර තත්වය මොකක්ද? සැමියා බීමතට පුරුදු වෙලා. එහෙමත් නැත්නම් ඔහු තව බිරිදක් ගෙනත්...දරුවෝ සී සී කඩ ගිහින්....අවුරුදු 15..16 හිටි ගැහැණු දරුවා විවාහ වෙලා....තත්වය එසේනම් විදේශ ගතවන කාන්තාව දිනනවද? අයගේ මහන්සියට නිසි වටිනාකමක් ලැබිල තියනවද? මට හිතෙන හැටියට සිදුවෙන්නේ රටට ඩොලර් ලැබීම පමණයි... එහෙමනම් ඇයි අපි තවත් අපේ කාන්තාව රට යවල පවුල් ජීවිත අවුල් කරන්නේ........කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යැවීම සම්පුර්ණයෙන්ම නවතමු..(අ)
ග්‍රාම්‍යා Friday, 25 July 2014 01:36 AM
මෙතන තියෙන්නේ වෙන දෙයක්. අරාබිකාරයෝ බොලිවුඩ් චිත්‍රපටි බලනවා. ඉතින් ඊට පස්සේ තීරණය කරන්න ඇති ඉන්දීය කාන්තාවන්ට තැන දෙන්න ඊටත් පස්සේ. (නදී)
රොහාන් Thursday, 24 July 2014 10:56 AM
ඉන්දීය රජයේ ඉතා හොද තීරණයක්. ලගදීම ඉන්දියාවේ සමාජීය ප්‍රශ්න වැඩි වේවි. ඉන්දීය කාන්තාවන් ගණිකාවන් බවට පත් වේවි. (නදී)
චන්ද්‍රසිරි Thursday, 24 July 2014 10:56 AM
ඉන්දියාව විතරක් නෙමෙයි නේපාලය, පකිස්තානය වගේ රටවල පිටරට ගෙනියනවා නම් ඒ වෘත්තියට අදාලා පඩියක් තියෙනවා. (නදී)