ඉන්දියාවේ සිරගත කැර සිටින ශ්‍රී ලාංකික ධිවරයින්ට ලැබෙන අල්ප පහසුකම් වලට එරෙහිව උපවාසයේ යෙදීමට තමන් සුදානම් යැයි ත්‍රිකුණාමලයේ රඳවා සිටින ඉන්දියා ධිවරයෝ 142 ක් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාට ලිපියක් යවමින් කියති.
බන්ධනාගාර කොමසාරිස් මගින් මේ ලිපිය ඔවුන් යවා ඇත.
ශ්‍රී ලංකාවේ සිර ගෙදරදී තමනට මුලික පහසුකම් හා දුරකතන ඇමැතුම් සලසන බවත් එහෙත් එම තත්ත්වය ඉන්දියාවේදී ශ්‍රී ලාංකික සිරකරුවන්ට නොලැබෙන බවත් ඔවුහු කියති.
හුවමාරු ක්‍රමය යටතේ දෙරටේ ධිවරයන් හා යාත්‍රා මුදා හරින්නැයිද ඔවුහු ජයලලිතාගෙන් ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ යන්න හිතෙනවා.(නදී)
ලංකාවේ වගේ.ඉන්දියාවේ මිනිස්සු.සාර ධර්ම අදුරන්නේ නැති බව කොහොමත් අපි දන්නා දෙයක්නේ. අපේ රටේ මිනිස්සු වෙනත් රටවල අයට සලකන එක හොද දෙයක්. නමුත් ඒ අය අපිට සලකන්නේ වහල්ලුන්ට වගේ.(නදී)
ඉන්දීය ධීවරයින්ට අපේ හිරේත් සැපයි. (නදී)
පුළුවන් නම් ඔය නෝනට හොඳ පාඩමක් උගන්වන විදියක් බලන්නකෝ? (නදී)
ඔය මහත්වරු ටික නිදහස් වෙලා ඉන්දියාවට පා තැබූ ගමන් කියාවි, බලපෑම් මත එවැනිදේ කියන්න සිදු උනා, එයාලට සැලකුවේ ඉතා අමානුෂික විදියට, ලංකාව තුල දෙමළ ජනතාවට සලකන හැටි මින් පැහැදිලි වෙන බවත් වැනි දේ. මේ විදියට නොකීවොත් එය පුදුමයට කාරණාවකි. (නදී)
ඔන්න ලංකාවේ වැදගත්කම, කෝ කෝ යු. එන් එක. කෝ මානව හිමිකම්, නිදිද? (නදී)
ධීවර ඇමති මොකද කරන්නේ.(නදී)
වෛරය සංසිඳුවන්න හොඳ අවස්ථාවක් (ත)
ලියුම බලලා ජයලලිතාට අනුකම්පා හිතෙයි කියල හිතනවද? එයාට හදවතක් නෑ. (ත)