IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉන්දියාව කඩුලූ 8 කින් කොදෙව් පිල පරදවයි

රවින්ද්‍ර ජදේජාගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් ශිකාර් ධවාන්ගේ (නොදැවී 102) ශතකයත් නිසා ලන්ඩන්  ඕවල් පිටියේදී අද (11 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 8 කින් පරාජය කරමින් පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 234 ක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම  ඕවර 39.1 ක් අවසානයේදී කඩුලූ 8 කට ලකුණු 236 ක් ලබා සිය ඉලක්කය කරා අවතීර්ණ වූයේ තරගාවලියේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබාගනිමිනි. ඉන්දීය පිල මේ වනවිට දකුණු අපි‍්‍රකානු පිල සහ කොදෙව් පිල පරාජය කරමින් ජයග‍්‍රහණ දෙකක් ලබා සිටී.

ඉන්දීය පිල වෙනුවෙන් පිට පිටම දෙවැනි ශතකයත් ලබාගත් ශිකාර් ධවාන්, පන්දු 107 කට මුහුණ දෙමින් සිය ශතකයට හතරේ පහර 10 ක් සහ හයේ පහරක්ද ඇතුළත් කළේය.

තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ධවාන් සහ දිනේෂ් කාර්තික් කිසිදු අපහසුතාවකින් තොරව තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ. හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කළ දිනේෂ් කාර්තික්, පන්දු 54 කට මුහුණ දෙමින්ලකුණු 51 ක් ලබාගත්තේය.

වමතින් දග පන්දු යවන කී‍්‍රඩක රවින්ද්‍ර ජදේජා කොදෙව් පිලට තර්ජනයක් වූ නමුත් සටන්කාමී පිතිහරඹයක නිරත වූ ඩැරන් සැමීගේ අර්ධ ශතකය නිසා කොදෙව් කී‍්‍රඩකයෝ නියමිත  ඕවර 50 නිමාවේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 233 ක් ලබාගත්හ.

ඉනිමේ නිමාවට  ඕවර 5 ක් මෑතින් සිටියදී, ලකුණු 182 කට කඩුලූ 9 ක් බිඳ වැටීමෙන් අසරණව සිටි කොදෙව් පිලට නොතිබූ බලාපොරොත්තුවක් ගෙන දීමට කොදෙව් පිලේ හිටපු නායක ඩැරන් සැමී සහ කෙමර් රෝච් සමත් වූහ. මෙම පිතිකරුවන් දෙදෙනා ඉනිමේ අවසන් පන්දු 27 කින් ලකුණු 51 ක් උදුරා ගැනීමට සමත් වූ නමුත් එම ලකුණු 51 න් කෙමර් රෝච් ලබාගත්තේ එක ලකුණක් පමණි. ඉතිරි ලකුණු 50 ටම දායකත්වය දැරූ ඩැරන් සැමීගෙනි.

කෙසේ වෙතත් සෙසු පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් සැමීගේ උත්සාහය අපතේ ගියේය.

පන්දු 35 කට මුහුණ දුන් සැමී අලංකාර හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකු-ණු 56 ක් ලබාගත්තේය. ඩැරන් සැමීට කොදෙව් පිලේ නායකත්වය මෙන්ම කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි වූ නමුත් ඔහු අද තරගයට කී‍්‍රඩා කළේ ඩිනේෂ් රැම්ඞීන් තරග තහනමකට ලක්වූ හෙයිනි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය පිල පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර මුලූ ලකුණු සංඛ්‍යාව 25 ක් වෙද්දී කොදෙව් පිලේ ප‍්‍රබලතම පිතිකරුවා වන කි‍්‍රස් ගේල් පිටියෙන් ඉවත් කිරීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය. පන්දු 18 කට මුහුණ දුන් ගේල් හතරේ පහර 4 ක්ද සමගින් ලකුණු 21 ක් ලබා සිටියදී පිත්තේ පිටත දාරයේ වැදී ඉහළ ගිය පන්දුව පළමු ස්ලිප් සිටි උස කී‍්‍රඩකයකු වූ රවිචන්ද්‍රන් අශ්වින් විසින් පහසුවෙන්ම රැකගන්නා ලදි.

කෙසේ වෙතත් ගේල්ගේ සහායක ආරම්භක පිතිකරුවා වූ ජොන්සන් චාල්ස් පන්දු 55 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 60 ක් ලබාගත් හෙයින් 25 වැනි  ඕවරය වන විට කොදෙව් පිලට තරමක් හිස එසවීමට හැකිවිය.

එසේ වුවත් 34 වැනි  ඕවරයේ සිට  ඕවර 11 කදී ලකුණු 42 කට කොදෙව් කඩුලූ 5 ක් දවාගත් ඉන්දීය පන්දු යවන්නෝ කොදෙව් පිල නැවතත් අමාරුවේ දැමූහ. රවීන්ද්‍ර ජදේජා, නිලකුණු  ඕවර 2 ක් ද සමගින් ලකුණු 36 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.

ලකුණු පුවරුව

ඉන්දියා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම

ක‍්‍රිස් ගේල් - ඇ. අශ්වින් ප. කුමාර්   21 
ජොන්සන් චාිල්ස් - ක.මු.කළා ප. ජදේජා  60 
ඩැරන් බ‍්‍රාවෝ - ස්ට. දෝනි ප. අශ්වින්  35
මාලන් සැමුවෙල්ස් - ක.මු.කළා ප. ජදේජා  1
රැුම්නරේෂ් සර්වාන් - ඇ. දෝනි ප. ජදේජා  1
ඞ්වේන් බ‍්‍රාවෝ - ඇ. ජදේජා ප. යාදව්  25
කරන් පොලාඞ් - ඇ. කුමාර් ප. ඉෂාන්ත් ශර්මා  22 
ඩැරන් සැමී - නොදැවී 56
සුනිල් නරේන් - ඇ. කාර්තික් ප. ජදේජා  2
රවී රාම්පෝල් - ප. ජදේජා  2
කෙමාර් රෝචි - නොදැවී  0
අතිරේක      8
එකතුව  ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී  233

කඩුලු වැටීම : 1-25, 2-103, 3-105, 4-109, 5-109, 6-163, 7-171, 8-171, 9-182

පන්දු යැවීම : බුවනේශ්වර් කුමාර් : 8-0-32-1, උමේෂ් යාදව්  : 9-0-54-1, ඉෂාන්ත් ශර්මා : 10-1-43-1, රවිචන්ද්‍රන් අශ්වින් : 9-2-36-1, විරාට් කෝලි : 4-0-26-0, රවින්ද්‍ර ජදේජා : 10-2-36-5

ඉන්දියා කණ්ඩායම් ඉනිම

රෝහිත් ශර්මා - ඇ. චාල්ස් ප. නරේන්   52
ශීකාර් ධාවන් - නොදැවී  102
විරාට් කෝලි - ප. නරේන්  22
දිනේශ් කාර්තික් - නොදැවී  51
අතිරේක      9
එකතුව  ඕවර 39.1 කදී කඩුලූ 2ක් දැවී  236

කඩුලු වැටීම :  1-101, 2-127

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :  මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, බුවනේශ්වර් කුමාර්, සුරේෂ් රයිනා, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්

පන්දු යැවීම : කෙමාර් රෝචි : 6-0-47-0, රවී රාම්පෝල් : 6-0-28-0, සුනිල් නරේන් : 10-0-49-2, ඩැරන් සැමී : 4-0-23-0, ඞ්වේන් බ‍්‍රාවෝ : 5-0-36-0, මාලන් සැමුවෙල්ස් : 4-0-17-0, ක‍්‍රිස් ගේල් : 1-0-11-0, කරන් පොලාඞ් : 3.1-0-21-0
 

 



අදහස් (0)

ඉන්දියාව කඩුලූ 8 කින් කොදෙව් පිල පරදවයි

සඳරුවන් Tuesday, 11 June 2013 08:01 PM

ඔරිජිනල් ඉන්දියානුවෝ හින්දි කතාකරන අය. එයාලා ලංකාවට ලෙඩ දාන්නේ නෑ. ලෙඩ දාන්නේ සාම්බාරු කන දකුණු ඉන්දියානුවෝ. සාම්බාරු වල කිසිම ගුණයක් නෑ තනිකර වතුර. ඒ නිසා මොලේ වර්ධනයක් නෑ බත් ගොට්ටට කඩේ යනවා.(නදී)

:       0       0

සමීර සාලින්ද Tuesday, 11 June 2013 03:32 PM

අපිට ඕනි ඉන්දියාව පරදිනවා දකින්න.(ස)

:       0       0

චානක Tuesday, 11 June 2013 03:50 PM

ඉන්දියාව දිනනවට අකමැති එයාලා සැබැ දක්ෂයෝ හින්දනේ.(ස)

:       0       0

සංජු Wednesday, 12 June 2013 08:33 AM

මෙතන තාක්ෂණික ගැටලුවක් තිබෙනවා. ඔබ දන්නවා ඇති අයි.පී.එල්. එක. මෙතැනදී සිද්ද වුනේ ලෝකේ ඉන්න දක්ෂ පන්දු යවන්නන් සහ පන්දුවට පහරදෙන්නන් ගෙනල්ලා ඉන්දියානු ක්‍රීඩකයන්න්ට හොදට පුහුණු වීමක් ලබා දීම සහ ඔහුන්ගේ දුර්වලතා හදුනාගැනීම. දැන් ජාත්‍යන්තර තරග වලදී ඒක වාසිදායක තත්වයක් එම ක්‍රීඩකයන්ට (නි)

:       0       0

කළු Wednesday, 12 June 2013 01:50 PM

මොනවා උනත් මේ පාර කප් එක ගන්නෙ එන්ගලන්තෙ ඔන්න මන් නොකිව්වයි කියන්න එපා.(නදී)

:       0       0

අමිත් Wednesday, 12 June 2013 06:24 PM

ඉන්දිායව එන්නෙ නැතුව ඕනෑ රටක් ආවදෙන් (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 11 June 2013 06:12 PM

අපි ඉන්දියාව දිනනවට කැමති විජය රජු ආපු නිසායි (නි)

:       0       0

නීල් Tuesday, 11 June 2013 06:53 PM

ඇයි මේ කට්ටිය ඉන්දියාවට ආවඩන්නේ? අපි නම් කැමති ඉන්දියාව පරදිනවට (නි)

:       0       0

ලලිත් Wednesday, 12 June 2013 02:18 AM

සර්වාන්ගේ කයිවාරුව විතරයි. ලකුණු 2 ක් අරන් කප් එක ගන්නේ කොහොමද? අර ස්මිත් කෝ? එයාට මොකද වුනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1437 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 917 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1394 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 990 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 561 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1021 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site