IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඉන්දියාව ලකුණු 21 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරයි

සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (21) පැවැති පළමු තරගයෙන් (දිවා/රාත‍්‍රි) ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 21 ක ජයක් ලැබූහ. ලකුණු 315 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට  ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 293 ක් පමණි. කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 151 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 133 ක් රැස්කරමින් සිය 14 වැනි එක්දින ශතකය වාර්තා කළේය. තිසර පෙරේරා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 28 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැුස්කරමින් ශ‍්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් විය. ඉන්දියාව  ඕවර 50 යේදී කඩුලූ 6 ට 314 (විරේන්ද්‍ර සෙවැග් 96, විරාට් කෝලි 106, සුරේෂ් රයිනා 50, මහේන්ද්‍ර සිං දෝනි 35, තිසර පෙරේරා 70/3) ශ‍්‍රී ලංකාව  ඕවර 50 යේදී කඩුලූ 9 ට 293 (උපුල් තරංග 28, කුමාර් සංගක්කාර 133, දිනේෂ් චන්දිමාල් 13, මහේල ජයවර්ධන 12, තිසර පෙරේරා 44, ලසිත් මාලිංග නොදැවී 19, ඉර්ෆාන් පතන් 37/2, උමේෂ් යාදේව් 76/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 46/2)



අදහස් (0)

ඉන්දියාව ලකුණු 21 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරයි

ජගත් Monday, 23 July 2012 10:43 AM

නියමයි සංගට සහ තිසරට සුභපැතම්... තිසර ආරම්භක පිතිකරු වශයෙන් එවන්න ඔනි......(ස.වි)

:       0       0

ප්‍රදීප ඉතාලි Saturday, 21 July 2012 11:57 PM

සංග තිසර ඇති විශිෂ්ටයි .හොද තරගයක් දුන්න .

:       0       0

ප්‍රදීප Saturday, 21 July 2012 11:57 PM

සංග පැරදුනාට කමක් නැහැ. උත්සාහය තමයි වඩා වඩා ගත්. ඔබට සුබ පැතුම් (දී)

:       0       0

ලේලන Sunday, 22 July 2012 12:15 AM

නියමයි

:       0       0

ඉන්දික දර්මසුරිය බණ්ඩාර Sunday, 22 July 2012 12:26 AM

අපි දිනුව වගේ තමයි සංග

:       0       0

අනුර Sunday, 22 July 2012 01:03 AM

අපි පැරදුනේ නැහැ.. ලස්සනට හමා ගියා.. ක්‍රීඩාව ඔහොම තමයි.. සංගා ඔයාට සුභ පැතුම්..!!(නු)

:       0       0

චමින්ද Tuesday, 24 July 2012 04:49 PM

දිනනදාට කොල්ලෝ ෂා නියමය කියලා කරවට මල් මාල දමනවා.. එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ මොකද්ද මේ කළේ අහනවා..

:       0       0

සුසන්ත Sunday, 22 July 2012 01:59 AM

ඔයාල සැමට තුණුරුවන්ගෙම සරණයි.. ඉදිරියට වාසනාව ලැබේවා..!! සංගා ඔයාට මගෙන් සුභ පැතුම්....!!! (නු)

:       0       0

සුභාශිණී Sunday, 22 July 2012 02:34 AM

පැරදුණත් තරගය බලපු අයට ගෞරවයක් දීලා... ඉතිරි තරග 4න් 3ක්වත් බලමු ළමයිනේ.... සුභ පැතුම්...!!(නු)

:       0       0

නිමංකා ජයසිංහ Sunday, 22 July 2012 02:59 AM

කණ්ඩායමේ දෙන්නයිනෙ ඉන්න සෙල්ලම් කරන්න.. අනෙක් අය ඉන්නෙ තරගය බලන්න විතරයි.. ඉතිං කොහොමද දිනන්නෙ..?(නු)

:       0       0

මධුර අසන්ත Monday, 23 July 2012 12:35 PM

මෙවැනි ක්‍රීඩකයොත් එක්ක තරග දිනන්න බැහැ. ශතක ලබාගන්න නම් පුලුවනි. එහෙමයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

රොහාන් Sunday, 22 July 2012 05:30 PM

සංගා,ඔයා කවදා වෙනකල් මේ වැඩේ කරන්නද? (නි)

:       0       0

විදුර Monday, 23 July 2012 05:29 PM

මේ දෝනි, හිතන්න එපා අපි පැරදුනා කියලා.ඔහොම යන්.සංගා ඉන්න කල් අපිට මල් තමයි. (නි)

:       0       0

ලක්ෂිත Sunday, 22 July 2012 07:40 AM

නියමයි. අපි පරාද නෑ. අපේ කණ්ඩායම තමයි දිණුවේ. (ත)

:       0       0

අමිල Monday, 23 July 2012 01:00 PM

සංගා එහෙමවත් නොගැහුවා නම් අපේ කට්ටිය ඔක්කොම 100ක් වෙද්දි දැවී ගිහින් ඉවරයි. (නි)

:       0       0

කුමාර Sunday, 22 July 2012 08:02 AM

බලන්න අදහස් දක්වල තියෙන කට්ටිය හැමෝම වගේ 'පැරදුනත් උත්සාහය අගය කරලා තියෙනවා" ඉන්දියාව ඉන්දියාවේදී පැරදුනානම්. කූමට තියෙයිද. කොහොමද රටවල් 2 කේ වෙනස (දී)

:       0       0

kosa Sunday, 22 July 2012 06:58 PM

කුලසේකර ඔයා හිටියානම් අපි අනිවාර්යෙන්ම දිනනවා. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. අනෙක් තරග 4ට සහභාගී වෙන්නට ලැබේවා. (අ)

:       0       0

කුමාර Sunday, 22 July 2012 08:03 AM

මැතිව්ස් මීට වැඩිය පීඩනයෙන් මිදිලා සෙල්ලම් කළානම් හොදයි. නැත්නම් එතැනට තිසරව එවුවා නම් හරිනේ. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 22 July 2012 08:07 AM

අපි දීනුව වගේ තමයි සංග (දී)

:       0       0

සිසිර Sunday, 22 July 2012 08:36 AM

හොද තරගයක් දීලයි පැරදුන ? එත් අනික් ක්‍රීඩකයන් තමන්ගේ වගකීම ඉටු කරාද ?

:       0       0

රම් Sunday, 22 July 2012 08:36 AM

තව ට්ක්කක් පඩිය වැඩි කරමුද ? (දී)

:       0       0

පාලිත Sunday, 22 July 2012 08:48 AM

සංගා ඔය පහර නොගැහුවනම් අපි දිනුම්. (නි)

:       0       0

අමිල Monday, 23 July 2012 01:44 PM

අනිත් පිතිකරුවන් ගැන අපිට දුකයි. (නි)

:       0       0

සපුමල් Sunday, 22 July 2012 09:54 AM

හොද තරගයක් . එත් පන්දු යැවීම හා රැකීම අසාර්ථකයි. තව ලකුණු 30 නොදී හිටියනම් අපි දිනුම් (දී)

:       0       0

රනසිරි Sunday, 22 July 2012 09:55 AM

කෝ මේ රුවන් කලපගේ ???????????? (දී)

:       0       0

සුදා Monday, 23 July 2012 06:52 PM

@ප්ලේ බෝයි, මැතිව්ස් පාකිස්ථාන මැච් එක දිනවනකොට නම් හොඳයි නේද.. එතකොට වගකීම ගත්තා...එකක් පරදිනකොට ඕගොල්ලන්ට කරපු ඔක්කොම හොඳ අමතකයි නේද... (නි)

:       0       0

එච්.පෙරේරා Sunday, 22 July 2012 10:09 AM

අභියෝගාත්මක පරාජයක්. සුබ පැතුම්............!!!!!! (සවි)

:       0       0

චමින්ද බණ්ඩාර Sunday, 22 July 2012 10:28 AM

කමක් නැහැ කට්ටිය හොද තරගයක් දුන්න (දී)

:       0       0

චානුක Sunday, 22 July 2012 10:44 AM

පරාජය උනත් දුක නේ හොද තරගයක් දීලනේ .සංග ,තිසර තමන්ගේ වගකීම ඉටු කලා වගේ අනිත් ක්‍රීඩකයොත් එයාලගේ වගකීම ඉටු කලානම් ඊයේ තරගය අපි දිනුන්නේ .අවුලක් නැ ක්‍රීඩාව කියන්නේ ඕකයි . (දී)

:       0       0

චමින්ද Sunday, 22 July 2012 10:52 AM

හොඳ තරඟයක් තිබ්බ ඒ උනත් අපේ පිතිකරුවන්ට හොඳට පුහුණු වීම් කරන්න වෙනවා (දී)

:       0       0

සුරාජ් Sunday, 22 July 2012 10:55 AM

තිසර පෙරේරා = කුමාර ධර්මසේන (දී)

:       0       0

දිනේෂ් Sunday, 22 July 2012 11:10 AM

තිසර හොඳයි, සංගා හොඳයි........ (ස)

:       0       0

රුවන් Sunday, 22 July 2012 11:59 AM

මාලිංග බෝල් කෙරුවේ හරියට පුරුදු වෙන්න වගේ. (ස)

:       0       0

රුවන් Sunday, 22 July 2012 12:05 PM

ඉන්දියාව 314 ක් ගහල තිබුනත් මුල්පෙලේ පිතිකරුවන් ඉතාසෙමින් (සංගා ඇතුළුව) ලකුණු ගත්නිසා තමයි පැරදුනේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඒකට පලපුරුදු නැතිව නොවෙයිනේ. (ස)

:       0       0

ලලිත් Monday, 23 July 2012 07:44 PM

උත්සාහය හොදයි.ඉතුරු තරග ටික දිනමු. (නි)

:       0       0

රුවන් Sunday, 22 July 2012 12:13 PM

අපේ කණ්ඩායමට ගෙවනව වැඩියි. (ස)

:       0       0

යසන්ත Monday, 23 July 2012 07:48 PM

ක්‍රිකට් කියන්නෙත් රෙස්ලින් වගේ රගපාන ක්‍රීඩාවක්. ඕගොල්ලොත් හොදට කල්පනා කරලා බලන්නකෝ. (නි)

:       0       0

දිලුම් Sunday, 22 July 2012 12:24 PM

හැමෝටම හැමදාම ගහන්න බෑ තමයි. ඒත් අපේ පිතිකරුවෝ හත්දෙනාගෙන් දෙන්නෙක් විතරක් සෙල්ලම් කළාම මෙහෙම ඉලක්කයක් අතඇරෙන එක සාමාන්‍ය දෙයක්. (ස)

:       0       0

දිලුම් Sunday, 22 July 2012 12:33 PM

මාලින්ග කවදාවත් ඉන්දියාවට හොදට බොල් කරනනෙ නෑ. (ස)

:       0       0

අමිල Monday, 23 July 2012 07:12 AM

මම නෙවෙයි... මම නෙවෙයි.... (නි)

:       0       0

චතුරිකා Monday, 23 July 2012 02:59 PM

කමක් නෑ සංග. ඊලග එකේදී බලමු (දී)

:       0       0

ජයකොඩි Sunday, 22 July 2012 01:22 PM

ලංකාව පාවා දුන්නාවත් ද ? (ස)

:       0       0

සුරේශ් Monday, 23 July 2012 03:14 PM

හනේ මෙහෙමත් මිනිස්සු ... දිනුවානම් සංගට ඔහොම කියන්නේ නැනේ... අනෙත් අයට තිබුනේ සංග වටේ එකතු වෙලා ගහන්න ..නමුත් ඒ අය එහෙම කලේ නෑ..ඒකයි අපි පැරදුනේ.. සංග ඔහොමවත් නොගහ හිටියනම් අපිට 100 ක් වත් ගහන්න වෙන්නෑ......(ස)

:       0       0

සෙල්ලම් කොල්ලා Sunday, 22 July 2012 01:42 PM

මේ අදහස් දැම්මට වැඩක් නෑ. මොකද මේවා මහේලලා බලන එකක්යැ. ඒත් මටනම් හිතෙන්නේ ඉතුරු තරඟ ටිකත් ඔහොම තමයි කියලා. (ස)

:       0       0

අමිල Sunday, 22 July 2012 01:56 PM

සංගා හිටියේ නැත්නම් දිනන්න තිබුණා ලේසියෙන්ම (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 22 July 2012 02:02 PM

අපේ පිතිකරු ලැයිස්තුව බොහොම මනදගාමී (දී)

:       0       0

ජගත් ඉතාලි Sunday, 22 July 2012 02:34 PM

මහේල දිල්ෂාන් චන්දිමාල් වැඩ කෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site