IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉන්දියාව ලංකාවේ සහාය ඉල්ලයි

ඉන්දියාවේ ඇමරිකා හා ඊශ්‍රාලෙය තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමට සැළැසුම් සකස් කර ඇතැයි කියන ශ්‍රී ලංකාවේ පකිස්තාන තානාපති කාර්යාලයේ ඉහළ නිළධාරියෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහය ඉල්ලීමට යයි.

ඉන්දියාව හා ශී්‍රලංකාව අතර 2010 වසරේදී අත්සන් කෙරුණු නීති කටයුතු සම්බන්ධ අවබෝධතා ගිවිසුම අනුව මෙම කටයුතු සිදුකෙරෙනු ඇතැයි පැවසේ.

තමිල්නාඩු පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකුගෙන් ලද තොරතුරු මත ඉන්දියා බුද්ධි අංශය සිදුකළ පරීක්ෂණයකින් මෙසේ ඉන්දියාවේ ඇමරිකා හා ඊශ්‍රායෙල තානාපති කාර්යාල වලට ප්‍රහාරයක් එල්ල කිරීම පිළිඹද තතු හෙළිව ඇත.

ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ යවන ලද එම තානාපති කාර්යාලයන්ගේ ඡායාරූපයන්, තානාපතිවරුන්ගේ තොරතුරු ආදී දේ කොළඹ පකිස්තාන තානාපති කාර්යාලයේ පිහිටි පරිගණකයකින් භාගත කරගෙන ඇතැයිද අනාවරණය කර ගැනීමට ඉන්දියා බුද්ධි අංශ සමත්ව තිබේ.

තවද මැලේසියාවේ සිට ව්‍යාජ ගමන්බලපත් ආධාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවට ගෙන ඒමට කර ඇති සැළැස්මක් සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගත් ශී්‍රලංකා මුස්ලිම් ජාතිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් දැනගැනීමට හැකිව ඇත.

ඉන්දියා ආරංචි මාර්ග සදහන් කරන්නේ දිගු කලක සිට සිදුකෙරෙන මිනිස් ජාවාරමක තතුද මේ සමගම අනාවරණය වන්නට පටන්නෙ ඇති බවයි.

ඉන්දියාවේ බුද්ධි අංශ තොරතුරු තහවුරු කරමින් මැලේසියා ආරක්ෂක අංශ මිනිස් ජාවාරම්හි යෙදුණු මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.ඔහුද ශී්‍රලංකා ජාතිකයෙකි.

මෙම පුද්ගලයාද ඉන්දියාවට අවශ්‍යව සිටින්නෙකි.

ශී්‍රලංකා බළධාරීන්ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අරඹා තිබේ.

ඉන්දියාව චෝදනා කරන්නේ මේ සියලූ කටයුතු සිදුවන්නේ පකිස්තානයේ අභ්‍යන්තර බුද්ධි අංශයේ අනුදැනුම මත බවයි.නමුත් පකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.



අදහස් (0)

ඉන්දියාව ලංකාවේ සහාය ඉල්ලයි

නදී පෙරේරා Tuesday, 29 July 2014 01:07 PM

දෙමළ අය සිංහළයට විරුද්දව නැගිහිටින තැත් කලා නමුත් , සිංහළ දෙමළ කියන්නේ එකම ආගමක් දෙවිදිහකට අදහන එකම අලුත් අවුරුද්දක් සමරණ අපේ බුදුන් වගේම දෙමළ දෙවිවරු සහා සිංහළ දෙවිවරු අදහන ජන සමුහයක් ජාතිය කුමක් උවත් , ඉන්දියාව අපේ රටෙන් ඒ උදව්ව ඉල්ලනවා නම් රාජත් ද්‍රෝහීන් අපේ රටේ තියාගන්නේ නැතුව ඒරටට උදවු කලොත් හොදයි අපේ අදහස (අ)

:       0       0

සුරංග Monday, 28 July 2014 06:59 PM

මොනවද කියන්නේ , ඉක්මනටම බාර දෙන්න. (නි)

:       0       0

සත්‍යයා Monday, 28 July 2014 07:22 PM

ඉන්දියාවට අවශ්‍ය තොරතුරු කලට වෙලාවට ලබා නොදුනහොත් ඉන්දියාවෙන් අපට කිසිම පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

කුමාරන් Tuesday, 29 July 2014 07:20 AM

සේනාව කියපු දේවල් 100% ක්ම ඇත්ත වගේ .(අ)

:       0       0

චමල් Monday, 28 July 2014 08:58 PM

හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ. මෙහෙත් දැන් පාකිස්තානේ කොටසක් . අපිටත් ඕනේ යුදෙව්වෝ නැති කරන්න (නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Monday, 28 July 2014 11:12 PM

ලංකාවෙ අන්තවාදී ත්‍රස්තවාදී සාමාජිකයන් නැහැ කියපු අය කෝ? (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 29 July 2014 08:35 AM

බොදුබලසේනාව ඕවකලින්ම කිව්වේ කට කහනවට නවෙයි.(අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 July 2014 03:39 AM

ඉන්දියාව කියන්නේ වෙලාවකට නැතත් අපිට ලඟින්ම ඉන්න අපේ අසල්වැසියා. එ් නිසා මේ වෙලාවේ සහයෝගය දුන්නොත් අනාගතේ දවසක අපිට සෑහෙන්න ප්‍රොයෝජනවත් වෙන්න පුළුවන් (නදී)

:       0       0

නිමල් ලලිතා Tuesday, 29 July 2014 03:47 AM

වැඩි සෙනෙහසේ ප්‍රතිපල දැන් පෙනෙනවනේ . ලංකාවටම කුඩු. සහ සරණගාතයන් මුවාවෙන් වැඩි හරියක් අන්තවාදීන්, ලංකාවේ සිට අසල්වැසි රටවලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාර සැලසුම්. බලය වෙනුවෙන් මරා ගන්න දේශපාලුවනි දැන්වත් සත්‍යය වටහා ගනිව්, මේ කියන්නේ මේ ගොල්ලන්ට පිරිත් නුල් බඳින හාමුදුරුවරුන්ටත් එක්ක.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 29 July 2014 03:59 AM

මැලේසියාවේ සිට කැන්දාගෙන ආ තවත් සුවිශේෂ පුද්ගලයෙකු ඉන්දියාවට ලබා ගන්න වසර 2ක කාලයක සිට උත්සාහ කලත් තවම වැඩක් උනේ නැහැ. ඉන්දියාවට අවශ්‍ය තොරතුරුවත් කලට වේලාවට ලබා නොදුන හොත් ඉන්දියාවෙන් අපට කිසිම පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නදී)

:       0       0

චින්තක Tuesday, 29 July 2014 04:52 AM

ඕක තේරුම් කරවන්න තමයි බොදුබල සේනාව උගුර ලේ රහ වෙනකම්, අපහාස විද විද කෑ ගැහුවේ (නදී)

:       0       0

වනිතා බෝගහකොටුව Tuesday, 29 July 2014 05:06 AM

පුලුවන්තරම් සහයෝගය දෙන්න (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ Tuesday, 29 July 2014 11:55 AM

මින් පෙන්නන්න හදන්නේ අපේ නැතිවෙන්න යන දේවල් ටිකවත් රැකගන්න කියලා මිසක් කාටවත් හිංසාවක් කරන්න කියලා නොවේ. (නි)

:       0       0

දිනේෂ් Monday, 28 July 2014 05:39 PM

දැන්වත් අපේ මිනිසුන්ට ඇස් ඇරෙයිද? (නි)

:       0       0

අසමසම Tuesday, 29 July 2014 12:58 PM

මෙතන මට තියෙන ප්‍රශ්නේ මෙකයි. ලංකාවට මානව හිමිකම් සම්බන්ධයෙන් සහාය නොදුන්නේ ඉන්දියාව, අපි දැන් ඉන්දියාවට මේ සම්බන්ධයෙන් සහාය දුන්නයි කියමුකෝ එතකොට ඉන්දියාව එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගත්ත වෙනවා අන්තිමේට අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ. මේවයේ ඇත්ත නැත්ත හරියට හොයල බලල කටයුතු කිරීම නුවනට හුරුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3620 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 642 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site