IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉන්දියාව ශූරයන්ගේ කුසලාන දිනයි

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් පැවැති අවසන් ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. එජ්බැස්ටන්හිදී ඊයේ (23 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ සත්කාරක එංගලන්තය පිලට එරෙහිව ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි.

එංගලන්ත පිලේ පස්වැනි කඩුල්ලේ සිට අටවැනි කඩුල්ල දක්වා කඩුලූ 4 ක් ලකුණු 4 ක් තුළ බිඳ වැටීම පරාජයට ප‍්‍රධාන හේතුව බවට පත්විය. 

ලකුණු 46 කට කඩුලූ 4 ක් බිඳ වැටී සිටියදී එඔයින් මෝගන් (33) සහ රවී බොපරා (30) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් පවත්වමින් එංගලන්තය ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. 

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විරාට් කෝලි පන්දු 34 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.

රවින්ද්‍ර ජඬේජා ඉනිමේ අවසන්  ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 25 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් අන්තර්ගත කරමින් නොදැවී ලකුණු 33 ක් රැස්කිරීමට සමත් විය. 

ශීකර් දාවන් පන්දු 24 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 31 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල විය.
රවී බොපරා ඉනිමේ 13 වැනි  ඕවරයේ දෙවැනි සහ හයවැනි පන්දුවලදී සුරේෂ් රයිනා (01) සහ මහේන්ද්‍ර සිං දෝනි (0) දවා ගනිමින් එංගලන්ත පිල පියවර කීපයක් ඉදිරියට ගැනීමට සමත් විය. එම කඩුල්ල දෙකත් සමග ඉන්දියාව ලකුණු 66 කට කඩුලූ 5 ක් බවට පත්විය.

ක‍්‍රීඩාංගණයට පෙරවරුවේ සිට වර්ෂාව ඇදහැලීම නිසා එංගලන්ත වේලාවෙන් පස්වරු 4.20 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 8.40 ට පමණ ඉනිමක්  ඕවර 20 ක තරගයක් ලෙස තරගය ආරම්භ වුව ද, හත්වැනි  ඕවරය යවමින් සිටියදී දෙවැනි වරටත් වර්ෂාව ඇදහැලීම නිසා පැයකට ආසන්න කාලයක් තරගය අත්හිටුවීමට සිදුවිය. ඒ වන විට ඉන්දීය පිල  ඕවර 6.2 කදී එක කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

ඉනිමක්  ඕවර 20 ක් වූ මෙම තරගයේ පළමු  ඕවර හතර අධිවේගි  ඕවර විය.  ඕවර දෙකක් පිතිකරු අධිවේගි  ඕවර වූ අතර එම  ඕවර දෙක  ඕනෑම අවස්ථාවක ලබාගත හැකිවිය. පන්දු යවන්නකුට උපරිම යැවිය හැකි වූයේ  ඕවර 4 ක් පමණි.

 

ලකුණු පුවරුව

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම

ඉන්දියා කණ්ඩායම් ඉනිම

රෝහිත් ශර්මා - ප. බ්‍රෝඞ්        9
ශීකාර් ධාවන් - ඇ. ටෙ‍්‍රඞ්වෙල් ප. බොපාරා    31
විරාට් කෝලි - ඇ. බොපාරා ප. ඇන්ඩර්සන්    43
දිනේශ් කාර්තික් - ඇ. මෝගන් ප. ටෙ‍්‍රඞ්වෙල්    6
සුරේෂ් රයිනා - ඇ. කුක් ප. බොපාරා    1
මහේන්ද්‍ර සිං දෝනි - ඇ. ටෙ‍්‍රඞ්වෙල් ප. බොපාරා    0
රවින්ද්‍ර ජදේජා - නොදැවී    33
රවිචන්ද්‍රන් අශ්වින් - දුවද්දී දැවී ගියා    1
බුවනේශ්වර් කුමාර් - නොදැවී    1
අතිරේක             7
එකතුව  ඕවර 20 කදී කඩුලූ 7ක් දැවී    129

කඩුලු වැටීම:  
1-19, 2-50, 3-64, 4-66, 5-66, 6-113, 7-119

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්

පන්දු යැවීම:
ජේම්ස් ඇන්ඩර්සන් : 4-0-24-1, ස්ටුවට් බ්‍රෝඞ් : 4-0-26-1, ටිම් බ්‍රෙස්නන් : 4-0-39-0, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් : 4-0-25-1, රවී බොපාරා : 4-1-20-3

 

එංගලන්ත කණ්ඩායම් ඉනිම

ඇලිස්ටෙයාර් කුක් - ඇ. අශ්වින් ප. යාදව්    2
ඉයන් බෙල් - ස්ට. දෝන ප. ජදේජා    13    
ජොනතන් ට්‍රොට් - ස්ට. දෝනි ප. අශ්වින්    20
ජෝ රූට් - ඇ. ඉෂාන්ත් ශර්මා ප. අශ්වින්    7
ඔයින් මෝගන් - ඇ. අශ්වින් ප. ඉෂාන්ත් ශර්මා    33
රවී බොපාරා - ඇ. අශ්වින් ප. ඉෂාන්ත් ශර්මා    30
ජෝ බට්ලර් - ප. ජදේජා    0
ටිම් බ්‍රෙස්නන් - දුවද්දී දැවී ගියා    2
ස්ටුවට් බ්‍රෝඞ් - නොදැවී    7
ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් – නොදැවී    5
අතිරේක             5
එකතුව  ඕවර 20 කදී කඩුලූ 8ක් දැවී    124

කඩුලු වැටීම:  
1-3, 2-28, 3-40, 4-46, 5-110, 6-110, 7-112, 8-113

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
ජේම්ස් ඇන්ඩර්සන්

පන්දු යැවීම:
බුවනේශ්වර් කුමාර් : 3-0-19-0, උමේෂ් යාදව් : 2-0-10-1, රවින්ද්‍ර ජදේජා : 4-0-24-2, රවිචන්ද්‍රන් අශ්වින් : 4-1-15-2, ඉෂාන්ත් ශර්මා : 4-0-36-2, සුරේෂ් රයිනා : 3-0-19-0

 

විරාට් කෝලි



අදහස් (0)

ඉන්දියාව ශූරයන්ගේ කුසලාන දිනයි

රවිනාත් Monday, 24 June 2013 11:07 PM

ඔයාලා තවම අර දෙවන පෙළ කණ්ඩායම ක්‍රීඩා කරන මැච් බලනවද? අපි නම් නැවැත්තුවා.අර අමුතු බෝල දාන කෙනා ගිය පාර ඕවර් දෙකකදී ටීම් එකයි රටයි වික්කට පස්සේ අපේ උණ නම් හොඳ වුනා. මට නම් දුම් පානයෙන් මිදුන විට දැනුන සැහැල්ලුව වගේ සතුටක් සැහැල්ලුවක් දැනෙනවා.මදුරංග ටීම් එකට දෙන්න ඕනෑ මානසික ප්‍රතිකාර නෙමෙයි. සල්ලි සල්ලි (නි)

:       0       0

හුසේන් Monday, 24 June 2013 10:24 AM

අපේ අය වගේ නෙමෙයි, එංගලන්තේ තරඟයක් දීලයි පැරදුනේ.ඔවුන් අපේ අයට වඩා හොඳට බැට් කළේ, ලෝක පූජිතයි එත් ආත්ම ශක්තියක් නැති අපේ බැට්ස්මන්ලට හොඳ පාඩමක් උගන්නලයි. දක්ෂකම වගේම ආත්ම විශ්වාසය, සටන්කාමිත්වය ක්‍රීඩකයෙකුට අත්‍යාවශ්‍යයි. අපේ ක්‍රීඩකයින්ට අවාසනාවකට නැත්තෙත් ඒවමයි. (නි)

:       0       0

නන්ද Monday, 24 June 2013 11:20 AM

අයි පී එල් ග්‍රහණය නිසා සමහර ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ ඉන්දියාව දිනවන්න බව සමහර විදේශීය විචාරකයොත් නොකිය කියනවා. අපේ ටීම් එකෙත් දෙතුන් දෙනෙක් සෙල්ලම් කරන්නේ එහෙමනේ. මේ රාමුව තුල ඉන්දියාව පරද්දන්න ලේසි වෙන්නේ නැහැ . (නි)

:       0       0

පෙරේරා Sunday, 23 June 2013 10:24 PM

මොනවද මේ අධිවේගී ඕවර් කියන්නේ? (නි)

:       0       0

සුරා Tuesday, 25 June 2013 03:45 AM

ඉන්දියාව කප් එක ගත්තේ ඒ අයගේ දක්ෂතාවය නිසා. අපේ අයත් නරක නැහැ.අපිට ටොස් එක තමා හරහට හිටියේ. ඉන්දියාවටත් තව පොඩ්ඩෙන් අපිට වෙච්ච වැඩේ තමා වෙන්නේ.ඉන්දියාවට අපේ සුභ පැතුම්! වෙස්ට් ඉන්දීස් වලදී අපි අනිවාර්යයෙන් කප් එක උස්සනවා.ටී ටුවෙන්ටි ශුරයෝයි වල්ඩ් කප් ශුරයෝයි දෙකේම අනු ශුරයෝ වන අපියි නේ ගහන්නේ. අපි දිනනවා ඒකාන්තයෙන්ම. (නි)

:       0       0

පෙරේරා Tuesday, 25 June 2013 11:33 AM

එංගලන්තෙට අතට ගත්ත එක කටට දාගන්න බැරි වුණා. ක්‍රිකට් ඔහොම තමයි. සමන්ත, මම දන්නවා අධිවේගී කියලා කියන්නේ පවර් ප්ලේ කියලා.නමුත් ඒකට ඊට වඩා ගැලපෙන වචනයක් හද ගන්න ඕනෑ.. (නි)

:       0       0

සඳරුවන් Sunday, 23 June 2013 11:37 PM

එංගලන්තෙට ජයවේවා ! සාම්බාරු කාරයෝ පැරදෙවා ! (අ)

:       0       0

මහේන්ද්‍ර Monday, 24 June 2013 12:16 PM

ඉන්දියාව කුසලානය ගන්න කියලා මම ඉන්දියාවට සුබ පතනවා! (නි)

:       0       0

බණ්ඩා Monday, 24 June 2013 12:15 AM

එදත් සුරයා අදත් සුරයා... ඉන්දියාවට ජයවේවා! (නි)

:       0       0

මධුරංග Monday, 24 June 2013 12:35 PM

දැන් මොන දෙවල් කථා කළත් ඵල‍ක් නෑ. ඉන්දියාව කප් ඒක අරන් ඉවරයි. අපෙ කණ්ඩායමට ආයෙමත් හිතන්න හුගාක් දේ මෙම කුසලානයෙන් ඉතිරි කළා. මගෙ දැනුමට අනුව නම් අපිට හොද මානසික ෙවෙද්‍ය වරෙයෙකුගෙ සේවාව ඉක්මනටම අවශ්‍ය වෙනවා. මන්ද අප කණ්ඩායමේ මානසිකව තත්වය හුගාක් වැටිලා ඉවරයි. ඉන්දියාව ඉදිරියේ ලොකු පීඩනයක් අරන් ක්‍රිඩා කරනවා. අනිත් කරුණ නම් අයි.පී.එල්. තරග වලට සහභාගිවීම දැන්වත් නතර කළ යුතුයි. ඉන්දියාව යනු කපටි නරියෙක්. ඔවුන් අයි.පී.එල්. මුදල් වලින් සෑම රටකම ක්‍රිකට් විනාශ කරලා ඉවරයි. ඒයාලා ක්‍රිකට් බලවතුන් වෙලා අයි.සී.සී එකත් පාලනය කරන තත්වයට පත්වී අවසානයි. මෙවා අරපුන මහත්මයා මුල ඉදන්ම කිව්වා. ඒත් කාටවත් ඒවා පිළිගන්න මොළයක් තිබ්බෙ නෑ. (ස)

:       0       0

මධුරංග Monday, 24 June 2013 12:34 PM

දැන් මොන දෙවල් කථා කළත් ඵල‍ක් නෑ. ඉන්දියාව කප් එක අරන් ඉවරයි. අපේ කණ්ඩායමට ආයෙමත් හිතන්න හුගාක් දේ මෙම කුසලානයෙන් ඉතිරි කළා. මගෙ දැනුමට අනුව නම් අපිට හොද මානසික වෛද්‍යවරෙයෙකුගෙ සේවාව ඉක්මනටම අවශ්‍ය වෙනවා. මන්ද අප කණ්ඩායමේ මානසිකව තත්වය හුගාක් වැටිලා ඉවරයි. ඉන්දියාව ඉදිරියේ ලොකු පීඩනයක් අරන් ක්‍රිඩා කරනවා. අනිත් කරුණ නම් අයි.පී.එල්. තරග වලට සහභාගිවීම දැන්වත් නතර කළ යුතුයි. ඉන්දියාව අයි.පී.එල්. මුදල් වලින් සෑම රටකම ක්‍රිකට් විනාශ කරලා ඉවරයි. එයාලා ක්‍රිකට් බලවතුන් වෙලා අයි.සී.සී එකත් පාලනය කරන තත්වයට පත්වී අවසානයි. මෙවා අර්ජුන මහත්මයා මුල ඉදන්ම කිව්වා. ඒත් කාටවත් ඒවා පිළිගන්න මොළයක් තිබ්බෙ නැහැ. (නි)

:       0       0

ගාමිණි Monday, 24 June 2013 01:54 AM

එංගලන්තෙත් කෑව නේද එහෙනං නියම සුරයෝ තමා ඉන්දියාව ලංකාවට බැ කීවට ඔය ගෙහෙව්වේ හොදට ඉන්දියාව (අ)

:       0       0

සහන Monday, 24 June 2013 02:28 AM

එංගලන්තෙට මෙහෙම වුනා නම් අපි පරාජය වුනා එක අහන්න දෙයක් දැයි අසමින් අපේ අය එන පාර අයි.පී.එල් යන්න ලැහැස්ති වෙන්න. (අ)

:       0       0

ලංකා Monday, 24 June 2013 02:30 AM

ඉන්දියාව ශුරයන් බව සැබෑය. ඒ ඔවුන් තමාගේ ප්‍රධානම අභියෝගය මුදල් බලයෙන් යටපත් කර ගැනීම හේතුවෙනි. (නි)

:       0       0

ගිහාන් Monday, 24 June 2013 12:51 PM

සමින්ද මහත්තයෝ.... ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ගේ හොදකම බලාගන්න තිබ්බා ඒ අය බැරිවෙලා වත් පැරදුනානම්. (නදී)

:       0       0

මහවැලි Sunday, 23 June 2013 04:53 PM

පවතින වැසි සහිත කාලගුණය අනුව පෙනෙන්නේ ඉන්දියාව සහ එංගලන්තය සම සුරයන් වීමේ සම්භාවිතාවක් ඇති බවය. (නි)

:       0       0

සමින්ද Monday, 24 June 2013 06:55 AM

ඉන්දියාව දිනන්න හේතුව මුළු රටම ඔවුන්ට එක සිතින් සුබ පතනවා. ඒත් අපේ රටේ ගොඩක් අය බලාගෙන ඉන්නේ අපි පරදිනකන්. අනිත් අතට අයි.පී.එල්. පරාද වෙන්න හේතුවක් නම් පාකිස්තාන් අය අයි.පී.එල්. යන්නේ නැහැනේ. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 24 June 2013 06:57 AM

ලංකා, මොන පිස්සුද ? අපේ කට්ටියටත් චපාති දෙක ගානේ දෙමු දවසට (නි)

:       0       0

සමන්ත Monday, 24 June 2013 07:02 AM

පෙරේරා" අධිවේගී ඕවර කියන්නේ පවර් ප්ලේ වලට (නි)

:       0       0

ෂරෝමි Monday, 24 June 2013 02:21 PM

අයි. පී. එල්. වලට අපේ අය ඉන්දියා යනකම් . ඉන්දියාව කප් උස්සයි. (ස)

:       0       0

ශිරෝමි පිළියන්දල Monday, 24 June 2013 02:25 PM

ඉන්දියාවට හිටපු ලොකුම අභියෝගය තමඊ අපි. එයලා සල්ලි වලට අපිව අරගෙනනේ තියෙන්නේ. එව්වට තමයි කියන්නේ මාස්ටේර් ප්ලෑන් කියාලා. කවදා අපේ ගොන්නුන්ට මෙව්වා තේරෙයිද දන්නේ නෑ (අ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 June 2013 02:31 PM

නවසීලන්තයත් එක්ක තිබ්බ පළමු තරඟය අම්පයර්ල අපිට නැතිකරා . එකෙන් අපිට අරධ අවසන් තරගෙට ඉන්දියාව අහුවුණා නැත්නම් අවසන් තරගයට ආවත් අපිට දිනන්න තිබුන. (අ)

:       0       0

ශ්‍රී Monday, 24 June 2013 08:01 AM

දෝනි  රැවුල  කොන්ඩේ  කපාගෙන  මහත්මයෙක්  වගේ  ඉදී  දැන්. ඉන්ටර්නැෂනල්  තරගයක්  තිබුනොත්  කොන්ඩේ  රැවුල  සම්පුර්ණ තට්ටයක් කරගෙන හෝ සම්පුර්ණ කොන්ඩේ රැවුල  වවාගෙන තාපසයෙක් මෙන් ඉන්නා ඔබ අප  දකින  දෝනි  නොපෙනෙන දෙවියන් බාර  හාර  විශ්වාස  කර  ඒ  විශ්වාසේ  තුලම  ජීවත්වෙන  කෙනෙකුදැයි  මට  සිතේ (නි) 

:       0       0

සුර Tuesday, 25 June 2013 04:24 PM

අපි අනිවාර්යයෙන් දිනනවා. මෙතන හුඟ දෙනෙක් දන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාතික තලයට එන්න අවුරුදු 10ක් 15ක් විතර කිසිම විවේකයක් නැතුව තමන්ට අවශ්‍ය දේ කාගන්න බීගන්න බැරුව තමන්ගේ අම්මා තාත්තා එක්ක හරියට ආශ්‍රයක් නැතුව දූ දරුවෝ ගෑනි ගැන බලන්නේ නැතුව අමුතු ජීවිතයක් ගත කරන්නේ කියලා...ඊට පස්සෙත් අන්තර්ජාතික වුනාම හැමදාම ප්‍රැක්ටිසුයි මැචුයි. අනික ඒ මිනිස්සුන්ගේ හැකියාවට තව සිය ගුණයක් සල්ලි හම්බවුනත් මම නම් ආසයි. මට බැරි වුනාට මට නැති වුනාට කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

සුරා Tuesday, 25 June 2013 04:26 PM

ලංකාවේ හරි කුහක මිනිස්සු ගොඩක් ලංකාදීප ඔන්ලයින් බලනවා වගේ. (නි)

:       0       0

ගාමිණී Sunday, 23 June 2013 06:44 PM

ඒක හොදයි දිනනවට වඩා (නි)

:       0       0

නන්දා Tuesday, 25 June 2013 09:55 AM

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අපේ රටේදීම අපිව පරද්දලා 20/20 කුසලානය ගත්ත එකේ, අපේ අය එහෙට ගීහිල්ලා හොද ගේමක් දෙන්න වෙයි.(නදී)

:       0       0

ප්‍රියා Tuesday, 25 June 2013 09:58 AM

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තමන්ගේ රටේ දී තරඟ දීනීමත් ප්‍රශ්නයක් වෙලා. පිටදී මොන කතාද ?(නදී)

:       0       0

කුරුවිට Tuesday, 25 June 2013 01:40 PM

විලි ලැජිජයි හලෝ අපට දොනි බොල් දැම්මේ පුලවන්නම් දිනපල්ලා කියලා.(නදී)

:       0       0

සුනිල් ලන්ඩන් Sunday, 23 June 2013 07:34 PM

වහින එකම හොදා.සෙල්ලම් කරත් එංගලන්තේ දිනේවා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 494 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 496 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 150 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1476 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1117 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 438 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site