IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉන්දියාවට පරාජය වන හේතුව වටහාගන්න බෑ - මැතිව්ස්

මෑත කාලයේදී ඉන්දීය පිලට එරෙහිව තරග කිරීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කිසියම් මානසික පසුබෑමකට ලක්වන බව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිගනී.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා පිල කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසු මැතිව්ස් මෙසේ පැවසීය.

”ඉන්දියාව ගොඩාක් ශක්තිමත් කණ්ඩායමක් කියලා අපි දැනගෙන හිටියා. ඒ ගැන අපි කතාකරලයි තිබුණේ”

”අප ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළ යුතුව තිබුණත් අපට එය කරගන්න බැරිවුණා. ඒත් මේ විදිහට දිගින් දිගටම ඉන්දියාවට පරාජය වෙනඑක නම් මොන හේතුවද කියන්න මට තේරෙන්නේ නෑ” යයිද මැතිව්ස් පැවසීය.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නායකයා පවසා සිටියේ අවසන් පූර්ව වටයට පිවිසීම තම කණ්ඩායමේ මූලික ඉලක්කය වූ හෙයින් මෙම පරාජය සම්න්ධයෙන් තමන් ලැජ්ජාවට පත්නොවන බවයි.

”තරගයක් දීමට නම් අපට ලකුණු 250 ක් වත්  ඕනෑකර තිබුණා. ඒත් කිසිම දෙයක් අපේ වාසියට සිදුවුනේ නෑ. කාසියේ වාසියත් අපට හරස් වුණා” යයි 26 හැවිරිදි ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.

වඩාත්ම වැදගත් තරගයේදී ලසිත් මාලිංගගෙන් අපේක්‍ෂිත සේවය ඉටු නොවීම සම්බන්ධයෙන් මාලිංග විවේචනය කිරීමට මැතිව්ස් ඉදිරිපත් නොවීය.

”ඔහුගේ හොඳම උපක‍්‍රමය තමයි පන්දුව ආපිට දෝලනය කිරීම. ඒත් එංගලන්තයේ දේශගුණික තත්ත්වයන් වල පන්දුව ආපිට දෝලනය වන්නේ නෑ”

”ඒත් ඉන්දීය උප මහාද්වීපයේනම් පන්දුව හොඳින් ආපිට දෝලනය වෙනවා. කොහොම වුණත් නිදහසට කරුණු දක්වන්න අප උත්සාහ කරන්නේ නෑ” යයිද මැතිව්ස් පැවසීය.
”සිවුවැනි  ඕවරයේදීම ඩිල්ෂාන් ආබාධයකට ලක්වීම අපට විශාල පාඩුවක් වුණා. ඔහු ඒ වන විට ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් හිටියේ”

”ඊට පස්සේ එක දිගටම කඩුලූ වැටුණ නිසා අපට ඔලූව උස්සන්න බැරිවුණා” යයිද මැතිව්ස් පැවසීය.

”කොහොම වුණත් අවසන් පූර්ව තරගය පරාජය වුණ එක ගැනනම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ”
”පළමු තරගය පැරදුනාට පස්සේ අප අවසන් පූර්ව තරගයට ආවේ හොඳ සටනක් දීලා. ඒ නිසා එංගලන්තයට සහ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග කළ ආකාරය ගැන කී‍්‍රඩකයන්ට ගරුත්වය යන්න  ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය.

 



අදහස් (0)

ඉන්දියාවට පරාජය වන හේතුව වටහාගන්න බෑ - මැතිව්ස්

සංජු Saturday, 22 June 2013 09:48 AM

අපේ අර්ජුන මහත්තයගෙන් ඇයි උපදෙස් නොගන්නේ ...? අරවින්ද ? රොෂාන් මහානාම ? අටපත්තු ? අපේ හිටපු දක්ෂයෝ..(ස)

:       0       0

ගයන් Saturday, 22 June 2013 09:57 AM

අනේ අයි.පීඑල් යන්න එපා. රට ගැන හිතන්න. පුහුණුකරු අයින් කරන්න. පුහුණුකරු හදිසියකට 6 ගහපු කෙනෙක් නෙමේ. දැන් කාලේ තාක්ෂනය විතරක් නෙමේ බෝලෙට තදින් ගහන්නම ඕනේ.(නදී)

:       0       0

චන්දු Saturday, 22 June 2013 10:11 AM

අපේ සුපිරි ‍දෙන්නා ගැනම මට දුකයි‍. එක්කෙනෙක් 11000 ලකුණ ගත්තේ මාර රිස්ක් එකක් අරගෙන. ආධුනික‍යෙක් පළවෙනි ලකුණ ගන්නවා වගේ. මේ දෙන්නම දන්නේ තැලෙන යකඩේ උඩ පැන පැන තලන්න විතරයි‍ . පීඩනය දරාගෙන සෙල්ලම් කරන්න පුලුවන් වුනාට ඒක අනෙක් පැත්තට තල්ලු කරන්න දන්නේ නැ. අරවින්දගේ ලගටවත් මෙයාලට එන්න බෑ. 96 සෙමියෙදි අරවින්ද කරපු දේ... ලකුණු 10 වෙනකොට විකට් 2යි. 35ට 3යි. ගුරැසිංහ බෝල 16ට 1 ලකුණයි. අරවින්ද අන්දියාවේ උන් ලක්ෂෙකට වැඩිය කෑගහද්දි බෝල 47 ට 66ක් ගහනවා. ඊට පස්සේ අනෙක් අය කීය කීය හරි තලාගන්නවා. සංගා හරි මහේල හරි එක්කෙනෙක් අවධානම අරගෙන සෙල්ලම් කරානම් අන්දියාව ඉස්සරහා චූ යන්නේ නෑ. කුලා තිසරලත් බය නැතිව කීය කීයහරි තලනවා. (නදී)

:       0       0

අමල් Saturday, 22 June 2013 10:14 AM

ලබන අව්රුද්දෙ අයි.පී.එල්. ගහන්න බැරි වෙන නිසා මිසක් වෙන මොනවද? (ස)

:       0       0

රංග Saturday, 22 June 2013 10:25 AM

මේ ඔය ඉල්ලා අස්වෙනේ නැද්ද (අ)

:       0       0

දොන් Saturday, 22 June 2013 10:30 AM

එක තමයි මම දැකපු එපාම කරපු මැච් එක. ටෙස්ට් මැච් මීට වඩා හොඳට ගහනවා.(ස)

:       0       0

රංග Saturday, 22 June 2013 10:31 AM

දැන් අපිට අපේ රටේ ක්‍රීඩකයෝ කියලා අබිමානයෙන් කොහේ ගිහිලවත් කතාකරන්න බැහැ. ඔබ ඇතුළු සියළුම දෙනා දන්නවා හේතුව මොකක්ද කියලා. බයනැතුව දැන් පරද වුන එකේ ඔය ටිකත් කියලා දාන්න , එදා වැස්සා නම් මීට වැඩිය හොදයි. (නි)

:       0       0

අනුර Saturday, 22 June 2013 10:33 AM

යුද්දෙට නැති කඩුව කොස් කොස්කොටන්නද? (නදී)

:       0       0

රිනාස් Friday, 28 June 2013 01:52 PM

ඉන්දියාව එක්ක කවද්ද අන්තිමට දිනුවේ කියන්න බලන්න අයි.පී.එල්. වලින් පස්සේ ? (නි)

:       0       0

සුමන Saturday, 22 June 2013 11:01 AM

මුලික හේතුව අයි, පී, එල්, ඉන්දියාවට පරාද උනාම මෙයාලට ගෙවන ගාන වැඩිවෙනවා.(ස)

:       0       0

අජිත් විජේසිරි Saturday, 22 June 2013 11:01 AM

හේතුව තමයි අයි පී එල්... බලන අපටනම් තේරෙනවා හේතුව මොකද කියලා... අයි පී එල් නිසා ඔයාලයි ඉන්දියානුවනුයි අතර ඇති මිත්‍රත්වයත් එක් හේතුවක් විය හැකියි. කෝකටත් අර්ජුණ අරවින්ද වගේ ඉන්දියානුවන් අපි ඉදිරියේ දණ ගස්වපු ප්‍රවීණයන් මුන ගැහිලා උපදෙස් ටිකක් ගන්න. එතකොට ඔය ඉන්දියානුවන් ඉදිරියේ කකුල් වෙව්ලන එක ඇරිල යයි. ඉන්දියානු ක්‍රීඩකයන් එස් එල් පී එල් වලට එන්නෑ කවදාවත්. ඉතින් සල්ලි ගැන විතරක් හිතන්නැතිව අයි පී එල් ගිහින් අපේ හැකියාවන් ඔවුන් සොරා ගත් විට අපට අත්වන අවාසිය ගැනත් හිතන්න.(ස)

:       0       0

ජනක Saturday, 22 June 2013 11:06 AM

කුලසේකර කොච්චර හොඳට සෙල්ලම් කරන්න හැදුවත් එයාට වරදගත් උඩපන්දු අල්ලා ගන්න බැරී වීම නිසා අපිට ලෝක කුසලාන 2ක් අහිමි වුනා.එකක් 2011 ගෞතම් ගම්භීර් ගේ උඩපන්දුව,අනික ලඟදි තිබ්බ ටී20 මැච් එකේ මර්ලෝන් සමුඑල්ස් ගේ උඩපන්දුව. රට ගැන හිතලා සෙල්ලම් කරන්න (නි)

:       0       0

තුසිත නානායක්කාර Friday, 21 June 2013 10:39 PM

පන්දු 10ට ලකුණු 100ක් ගහන්න තිබුනත් මම කියන්නේ ලංකාව දිනනවා කියලා. නමුත් ඊයේ මැච් එක නම් කෑවාමයි. එංගලන්තේ ඉන්න ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දුන්න සපෝර්ට් එකටවත් ගරු කළේ නැති එක ගැන හරිම දුකයි. එයාලා ආවේ කොටින්ගෙන් ගුටි කාලා. ඔහොම ගියොත් ඉන්දියාවේ වගේ ඔයාලගේ ගෙවල් වලටත් ගල් ගහන දිනය වැඩි ඈතක නොවේ කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

සනත් Saturday, 22 June 2013 11:14 AM

කෙනත් සමග මම එකඟයි.ඉස්සර ඉන්දියාව ලංකාව ඉදිරියේ දන ගස්සපු කොල්ලෝ අපිට හිටියේ.දැන් ඉන්නේ සල්ලි වලට නැමෙන ය.රන්ජි කුසලානෙ විතරක් ගහපු ඉන්දියාවේ කබ්බෝ අයි.පී.එල්. එකෙන් එලියට ගන්න හේතුව එක තමයි. එකට ඉන්දියාවට වරදක් කියන්න බෑ. අපේ පාලක මණ්ඩලය බලන්නෙත් එයාලගේ කුට්ටිය විතරයි. අර්ජුන වගේ බය නැති කෙනෙක් තමයි අපේ ක්‍රිකට් ලොක්කා වෙන්න ඕනේ. ඉන්දියාවේ ශ්‍රී නිවාසන් ලා මොන මගෝඩි කලත් රට වෙනුවෙන් ලොකු තීරණ ගන්නවා. අර රයිනා කියන එකා මැච් ෆික්ස් කරලත් තවම වැජඹෙන්නේ එකයි. රන්ජි කප් ගහපු ධවන්ලා, ජඩේජා ලා, අශ්වින්ලා අද ගවස්කාර්ලා ගේ කටේ පිහිටෙන් වර්ල්ඩ් ක්ලාස් වෙලා ඉන්නෙත් එකටයි. ඉස්සර සනාලා, අරවින්දලා, මුරලිලා පෙන්නපු වැඩ නිසා ඔය එක කටක්වත් අපිට එරෙහි වුණේ නෑ...එකට අද...කුලේ විතරයි මේ පාර අවශ්‍ය වෙලාවට සුදුසු දේ කලේ. දැන් ඉතින් බටහිර ඉන්දීය කොදෙව්වවලට ගිහිල්ලත් මොනවා කර ගනීද දැන් නෑ.(ස)

:       0       0

සුදේෂ් Saturday, 22 June 2013 11:14 AM

අලුතෙන් ගිවිසුම් වලට ගන්න ක්‍රීඩකයන්ට කොන්දේසියක් දාන්න ඕන අවුරුදු 10යනකම් කිසිම විදේශික රටක තරඟාවලියකට සහභාගී වෙන්න බැහැ කියලා. (ස)

:       0       0

නිලිපුල් Saturday, 22 June 2013 11:40 AM

අනේ මුන් ලකුණක් දෙකක ගහනකොට හුරේ තියන්නත් හරක් ඉන්නවානේ, අයි.පී.එල්.ගහනකොට මේ අය කොහෙද හිටියේ (අ)

:       0       0

පබුදු Saturday, 22 June 2013 11:39 AM

හේතුව:දුර්වල නායකත්වය (අ)

:       0       0

රවිදු Friday, 21 June 2013 11:29 PM

ඉන්දියාවට එරෙහිව පුහුණු තරගයෙදී කාලගුණය හොදට තිබිලත්, 300 ගානක් ගහලත් පරාජය වුනා. (නි)

:       0       0

සංගීත් Friday, 21 June 2013 11:33 PM

''ඒත් මේ විදිහට දිගින් දිගටම ඉන්දියාවට පරාජය වෙනඑක නම් මොන හේතුවද කියන්න මට තේරෙන්නේ නෑ” යන ප්‍රකාශේයේම තියෙනවා ඕකට උත්තරේ....නායකයෙකුගෙන් ඇසිය යුතු කතාවක් නොවෙයි මේ. (නි)

:       0       0

ලංකා Friday, 21 June 2013 11:36 PM

අනේ මට තේරෙන්නේ නැහැ අනේ.....මල විකාර (නි)

:       0       0

සේරා Saturday, 22 June 2013 12:15 PM

මෙන්න කෙළෙහි ගුණ දන්නා අය.. අයි.පි. එල් එකෙන් ගත්ත දේවල් වලට තමයි මේ දුන්නේ. (ස)

:       0       0

රවිනාත් Friday, 21 June 2013 11:35 PM

වෙන මොන හේතුවක් වත් නෙමෙයි මැතිව්ස්, අයි.පී.එල්. සල්ලි තමයි. ඉන්දියාව සහ එහෙ ප්‍රේක්ෂකයෝ තරහ කරගෙන කොහොමද අයි.පී.එල්. ගහන්නේ? ඔයාලා දැන් ඉන්දියාවේ වීරයෝනේ. ලංකාව පුංචි රටක්. එච්චර හිතන්න එපා. අපි තරහ නැහැ. අපි කොහොමත් මැච් බලන්නෙත් නැහැ. (නි)

:       0       0

සහන Friday, 21 June 2013 11:38 PM

ඔයා කියන සමහර දේවල් හොදයි බංගලාදේශ කණ්ඩායමේ නායකයාට කියන්න. (නි)

:       0       0

මධූෂා Saturday, 22 June 2013 12:19 PM

මෙයාලට මේක තේරුම්ගන්න බැරිද? හේතුව තමා අයි.පි.එල්. අයි.පී.එල් ගහනකම් ලංකාවට ඕක තමා වෙන්නේ. (ස)

:       0       0

රාජිත Friday, 21 June 2013 11:39 PM

''එංගලන්තයේ දේශගුණික තත්ත්වයන් වල පන්දුව ආපිට දෝලනය වන්නේ නෑ” එතකොට ඉන්දියාව යුරෝපයේ රටක්ද ? (නි)

:       0       0

අනිල් Friday, 21 June 2013 11:42 PM

හිතගන්න බැරිදෙයක් නැහැ ඔතන.තියෙන්නේ අදක්ෂතාවයයි ,ඉන්න දක්ෂයන්ගේ තියෙන දුර්වල තැන් ඉන්දියාවේ ක්‍රීඩකයෝ හොදට තේරුම් අරගෙන ක්‍රීඩා කිරීමයි. (නි)

:       0       0

කෙනත් Friday, 21 June 2013 11:41 PM

වෙන මොකවත් නොවෙයි. අයි.පී.එල්. යනකොට දුර දක්නා නුවනින් අර්ජුන ඕක කිව්වේ නැද්ද? දැන් අපිට ක්‍රීඩා රහස් නැහැ, එයාලා ඔක්කොම දන්නවා අපේ ක්‍රීඩකයෝ ගැන. අනෙක මානසිකව අපි එයාලගේ සල්ලි වලට යට වෙන නිසා අපිට අභිමානයක් නැහැ. ඉන් උත්සාහය හීන වෙනවා. අර්ජුනලා අරවින්දලා සනාලා ගහන කාලේ ඉන්දියාව අපි ඉදිරියේ අසරණයි. ඒ කාලේ සනාට ඉන්දියානු පන්දු යවන්නන් කජු කිරි කොල්ලෝ වගේ, දැන් අපිට ඒ හයිය නැති වෙලා. උසමහත 'වී' ශේප් තිබුනට අද කොල්ලන්ට එදා අර්ජුනලා වගේ හයිය මදි, අධිෂ්ටානය මදි. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ තීරණයක් ගන්න ඕනෑ, අයි.පී.එල්. යන එක නවත්වනකම් ලංකාව ගහන තරග බලන්න යන්න එපා හැමෝම. (නි)

:       0       0

මහින්ද වික්‍රමරත්න Saturday, 22 June 2013 12:28 PM

මල්ලි ! සල්ලි සල්ලි සල්ලි !(ස)

:       0       0

පහන් Friday, 21 June 2013 11:42 PM

සියලු දෙනාම ගොස් අර්ජුන රණතුන්ගගෙන් උපදෙස් ගන්න ,අරවින්ද හමුවන්න පීඩනයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා අහගන්න (නි)

:       0       0

සදරුවන් Friday, 21 June 2013 11:51 PM

මේක ක්‍රීඩාවක්. ආගමක් අදහනවා වගේ දඟලන්න එපා.අවසන් මහා තරඟ කියපුවම මහා ලොකුවට හිතනවා.පරාජයට හේතුව ඒකයි.ලෝක කුසලාන අවසන් මහා තරඟය පැරදුනේ පලවෙනි ඕවර 5 ඇතුලතදී ලකුණු 9 පමණක් ලබා ගැනීමත් ඉන්දියානුවන්ගේ මුලු ලකුණු තිස් ගනනකදී ගෞතම් ගාම්භීර් ලබාදුන්නු උඩපන්දුව කුලසේකර අතහැරීමත් නිසයි.එම කඩුල්ලත් දැවී ගියා නම් ලකුණු තිස්ගනනකට ප්‍රබලම කඩුලු 3 ක්? (නි)

:       0       0

චමින්ද ජයනාත් Friday, 21 June 2013 11:51 PM

අර ඉස්සර සනත් වගේ වැලේ වැල් නැතිවෙන්න නෙලන්න ගත්තා නම් එක තරගයකදි බය නැතුව ඔය ඉන්දියාවට පරාජය වෙන මානසිකත්වය ඉබේම නැති වෙනව. මට නම් පේන්නෙ දැන් අපේ අයට සැප වැඩි වෙලා කියන එකයි. (නි)

:       0       0

ලලින් Friday, 21 June 2013 11:58 PM

ලංකාවේ ටීම් එකට වෙලා තියෙන දේ අපිටත් හිතා ගන්න බැහැ. (නි)

:       0       0

මාධව Saturday, 22 June 2013 12:03 AM

අපිට නම් හිතා ගන්න පුළුවන්. අයි.පී.එල්. ගිය නිසා ආයේ අපට ඉන්දියාවත් එක්ක කිසිම තීරණාත්මක තරඟයක් දෙන්න බැහැ. (නි)

:       0       0

තුෂාර Saturday, 22 June 2013 12:36 AM

පව් අනේ ඔයා.... ටිකක් කල්පනා කරලා බලන්න ටීම් එකම එකතුවෙලා.මැච් බලන අපිටයි ගහන්න ඕනෑ. (නි)

:       0       0

මාටින් Saturday, 22 June 2013 12:41 AM

පරාජයට හේතුව ඔයා දන්නේ නැති වුනාට, සමහරවිට වෙනත් අය දන්නවා ඇති .... (නි)

:       0       0

ශිරෝමි Saturday, 22 June 2013 01:07 PM

අනේ ඇත්තටම රටට ආදරයක් තියෙනෙවා නං අයි.පි. එල් යන්න එපා ආයෙත් (අ)

:       0       0

දිනේෂ් Saturday, 22 June 2013 01:07 PM

අපේ උන්ට සැප වෙඩි වෙලා.අයි.පී.එල් සැප....මට .දැන් මැච් බලන එක එපා වෙලා .....අපි නිකන් කරන්ට් බිල....කනවා (අ)

:       0       0

රුවන් Saturday, 22 June 2013 01:16 AM

මුල ඉඳලම ටෙස්ට් මැච් එකක් වගේ අල්ලපු නිසයි පරාද වුනේ (නි)

:       0       0

චාමි Saturday, 22 June 2013 01:25 AM

ඔබ හරි. මම හිතන්නේ ඉන්දියන් ටීම් එකත් එක්ක අපි සෙල්ලම් කරද්දී ගොඩක් හිතනවා. එහෙම කරන්න එපා. (නි)

:       0       0

කසුන් Saturday, 22 June 2013 01:27 AM

පව්! (නි)

:       0       0

සුනිල් Saturday, 22 June 2013 02:01 AM

මොනවද ඔබ කියන ඔය බොළඳ කතා? ලංකා කණ්ඩායමේ ඉන්න වැඩි දෙනෙක්ගේ හැටි අපිට නම් තේරුම් ගිහින් බොහෝ කාලයක් වෙනවා. (නි)

:       0       0

ලලිත් Saturday, 22 June 2013 02:30 AM

මෙම පරාජයෙන් අධෛර්යමත් නොවන්න. ක්‍රිකට් ගැන දන්නා අය දන්නවා මොකද එදා වුනේ කියලා. ක්‍රිකට් ගහලා නැති ක්‍රිකට් බලන විතරක් අය ගැන දුකයි. එයාලට ඕනෑ හැම තරඟයම දිනන්න. නමුත් කාලගුණය, තණ තිල්ලේ හැසිරීම, ආබාධයන්ට ලක්වීම වගේ දේවලුත් සමහර තණ තීරු වලදී කාසියේ වාසිය පවා තීරණාත්මකයි. ක්‍රිකට් වල ස්වභාවය අනුව අපිද ඊට මුහුණ දෙනු මිස පරාජය වූ විට කණ්ඩායමට ක්‍රීඩකයන්ට දොස් කීමෙන් පලක් නොවේ. අප දිනූ තරග වලදී අප ලද සතුට මෙන්ම පරාජයේදී ලබන වේදනාවද අප අපේ ක්‍රීඩකයන් සමග බෙදා ගතයුතුය. ඔවුන්ද කිසි දවසක පරාජය වීමට ක්‍රිකට් නොගසනු ඇත. ඔබලා සිදුවූ අඩුපාඩු මගහරවාගන මීළඟ තරඟාවලියට සුදානම් වෙන්න. ක්‍රිකට් වලට ආදරය කරන අප සැම ඔබ සමගයි. (නි)

:       0       0

සනා Saturday, 22 June 2013 02:39 AM

මේවා මෙහෙම වෙන එක හරි නැහැ (නි)

:       0       0

සනත් ඉන්දික Saturday, 22 June 2013 03:28 AM

""ඉන්දියාවට පරාජය වන හේතුව වටහාගන්න බෑ මැතිව්ස්"" නායකයෙක් කියන්න වටිනා කතාවක්ද මේ කියන්නේ? (නි)

:       0       0

ගයාන් පෙරේරා Saturday, 22 June 2013 03:32 AM

ඉන්දියාවට අපි පරදින්න හේතුව තමයි අපේ අය අයි.පි.එල් සඳහා ක්‍රීඩා කිරීම. ඊළඟ පාරවත් අයි. පි. එල් යන්න එපා. එතකොට අපිට පුලුවන් ඉන්දියාවටත් ගහන්න. ජය වේවා..! (නි)

:       0       0

අපි සහ අපි Saturday, 22 June 2013 10:40 PM

ෂ්......... මැතිවිස් ,කෑ ගහන්න එපා. ලංකාවේ කව්රුත් ඕක දන්නෙ නැහැ තාම (නි)

:       0       0

දසුන් Saturday, 22 June 2013 03:55 AM

මැතිව්ස් වුණත් ලකුණු 2 ගහලා ගියා නම් ඔය දේ අද කියන්නේ නැහැ. අපි නොදන්නා ක්‍රිකට් වලට අපි ඔබලාට ගරු කරනවා. නමුත් ඕනෑවට වඩා හේතු කාරනා කියන විට අපිටත් ටිකක් තරහා යනවා මැතිව්ස් මහත්තයෝ (නි)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 02:06 PM

ඉන්දියාව කියන්නේ අපේ ලොකු අයියා නේද? පුළුවන් තරම් පැරදෙන්න. ඔයාලගේ ගෙවල් වලට එක ගලක් ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ (නි)

:       0       0

දම්-ලෝන්දොන් Saturday, 22 June 2013 04:13 AM

ඔබ කණ්ඩායම ඕවල් වල ඕස්ට්‍රේලියාවට ඉතා හොදින් සෙල්ලම් කළා. තරග දිනවන ජයසුරියල දෙන්නෙක් විතර අපිට අවශ්‍යයි (නි)

:       0       0

දිනේෂ් එකනයකේ Saturday, 22 June 2013 02:20 PM

අපි නම් හේතුව දන්නවා , දන්නේ නැත්නම් අපෙන් අහන්න අපි කියලා දෙන්නම්. ඉන්දියා එක්ක මැච් එකක් ගහද්දි හැම තිස්සෙම අපේ කට්ටිය බැට් කරන්නේ ඇත පය බැදලා දාලා වගේ. හේතුව හැමෝම දන්නවා. (නි)

:       0       0

මහේෂ් Saturday, 22 June 2013 04:34 AM

ඇත්තටම අපට හිතෙන්නේ සියලුම දෙනා ලංකාව පාවාදුන්නා වගේ හැගීමක්. මන්දයත් තවදුරටත් ඒ අයි.පී.එල්. ක්‍රීඩා කොන්ත්‍රාත් තබා ගැනීමේ අරමුණ මත.අපි තමයි දන්නේ අපි කොච්චර රාජකාරි පසක තියලා මෙම තරග නරඹන්න ඇවිත් අපේ කොල්ලෝ වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ගුටිකාගෙන තරග නැරඹුවාද කියලා. අපි හැම ලකුනක් ගානෙම දාන හැම බෝලයක් ගානෙම කෑගැහුවා යටිගිරියෙන් අපේ උන් ධෛර්යමත් කරන්න. ඒත් ඒ සියල්ල වතුරේ ගියා වගේ. (නි)

:       0       0

මහානාම Saturday, 22 June 2013 04:37 AM

ඉන්දියාවේ මිනිස්සු වගේ පැරදිලා ආවාම ක්‍රිඩකයන්ගේ ගෙවල් කුඩුකරන ක්‍රමය අපේ රටේ ක්‍රීඩා ලෝලීන් අනුගමනය නොකරන හීන්දා, ඕවා අමතක කරලා එන අවුරුද්දේ අයි.පී.එල් යන්න ලැහැස්ති වෙන්න. (නි)

:       0       0

ගිහාන් Saturday, 22 June 2013 04:43 AM

කොළඹදී බෝම්බ පුපුරන කාලෙත් අපේ අය ක්‍රිකට් ගහලා දිනලා තියෙනවා. ඔය සමහර අය කියනවා වගේ කොටි එහෙ පිස්සු නැටුව නිසා අපි පරාජය වුනා කියන එක හොදයි කොන්ඩේ බැදපු චීනේ මහත්තුරුන්ට කියන්න. (නි)

:       0       0

කමිනි Saturday, 22 June 2013 04:43 AM

ක්‍රිකට් ගහන්න ආධාර හා තාක්ෂණය චිනෙන් ඉල්ලගනිමුද ? (නි)

:       0       0

රීටා Saturday, 22 June 2013 04:48 AM

මැතීව්ස් , මාලිංග , දිල්ෂාන් ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායම ඔක්කොම හරිම සුපිරියි. අපි තමා නරක..... (නි)

:       0       0

පසන් Saturday, 22 June 2013 04:51 AM

ලංකාවට ආවම කුක්කු බෝතෙලේ ගානේ කටේ ගහන්න ඕනෑ...අපේ ක්‍රිකට් බබාලාගේ. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 23 June 2013 12:09 PM

ඔය වගේ තරගයකදී,මහේල,සංගක්කාර,දිල්ෂාන් වගේ පුහුණු නායකයෙක් දානවා නම් නේද හොද? අපට නම් බලන්න එපා වුනා. ලන්ඩන් ඉදලා මොන තරම් දුරද අපි ගියේ? (නි)

:       0       0

පහන් Saturday, 22 June 2013 05:08 AM

දාන දාන බොලේ කණුවෙ වැදීයන්... ගහන ගහන පාර අතේ රැදීයන්... කෝලිකුට්ටු කෙනා ඒකෙන් දැවීයන් .... අපට නොලැබූ දේ සුද්දට ලැබීයන් ... (නි)

:       0       0

නික් Saturday, 22 June 2013 05:37 AM

වෘත්තීයමය ක්‍රිකට් කණ්ඩායමක් ඔය විදියට අසාමාන්‍ය විදියට බය වෙලා ඉන්නේ නැහැ. පුහුණුකරුවන්,කළමණාකරුවන් ඒවාට විසදුම් සොයා ගත යුතුයි. මතකනේ දුලිප් මෙන්ඩිස්ලා වයිට්මෝර්ලා 96 කරපුවා. ඔය ඉන්දියන් භීතිකාව මහා මෝඩ බයක් විදියටයි මට නම් පේන්නේ. (නි)

:       0       0

සුදේශ් Saturday, 22 June 2013 06:17 AM

ඔබ හොද නායකයෙක්. නමුත් ඉන්දියන් පිතිකරුවෝ සහ පන්දු යවන්නෝ ඉතා හොද තලයකට ඇවිල්ලා අයි.පී.එල්. වලින් පස්සේ (නි)

:       0       0

බමුණූආරච්චි Saturday, 22 June 2013 06:40 AM

හේතුව තමයි අහේතුව (නි)

:       0       0

රොෂාන් Saturday, 22 June 2013 03:27 PM

මෙයාලා අයි.පී.එල්. යන එක නවත්වපු දවසට අපිට පුළුවන් ඉන්දියාව පරාජය කරන්න (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 22 June 2013 03:32 PM

කෙනත්ගෙ කතාවත් එක්ක මව අතීතයට ගීයා.ඒ වගේ කාලයක් ආයේ කවදා ඒවිද ? කෙනෙත්ගේ කතාවට 100% ක් මම එකඟයි. (ස)

:       0       0

කාංචන Saturday, 22 June 2013 07:24 AM

හොඳට අයි.පී.එල්. ගහපන්න. එතකොට තේරේවි (නි)

:       0       0

සරත් ආනන්ද Saturday, 22 June 2013 07:41 AM

බලන අපිට නම් තේරෙනවා වෙලා තියෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

යොහාන් Saturday, 22 June 2013 07:44 AM

හේතුව තමයි අයි.පී.එල්.... (නි)

:       0       0

අබේ Saturday, 22 June 2013 07:46 AM

අනේ පව් තොත්ත බබා ඊ පී එල් එකෙන් ලැබුණු සල්ලි වලින් කිරි ටිකක් බොන්න.(ස)

:       0       0

සංජු Saturday, 22 June 2013 08:13 AM

මම මේක දැන් කීප වතාවක්ම කිවා. මේ පාර මම අන්තිම වතාවට උපදෙස් දෙනවා. වෘත්තීයමය ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩකයන්ගේ තනි තීරණ වල ඉන්න එපා. හොදම උදාහරණය තමා අයි.පි.එල් ලසිත් මාලිංගට දිගට හරහට ගැහුවා අයි.පී.එල් එකේ. අපේ ක්‍රීඩකයන්ගේ තාක්ෂනය දැනටමත් ඉන්දියාව උදුරාගෙන. එදා මේද තුර සියලුම තරග පටිගත කරලා තියනවා සියලුම ක්‍රීඩකයන්ගේ දුර්වල තැන් පන්දු යවන ආකාරය සියල්ල අදීක්ෂණය කරලා තමා ඉන්දියානු කණ්ඩායම ජාතියන්තර තරග වලට එන්නේ හොදින් සෑම කන්ඩායමකටම මුනුන දෙන්න. බටහිර ඉන්දීය ක්‍රිස් ගයාලේ ඉන්දියාවත් එක්ක තරගයේ ලකුණ ලබා ගත්තේ නැහැ. අයි.පී.එල් ගහපු ගැහිල්ල කොහොමද?(නදී)

:       0       0

දිනේෂ් Saturday, 22 June 2013 08:13 AM

ඉන්දියාව පරාජය කරලා කොහොමද ඊ ලග පාර අයි.පී.එල් යන්නේ.(නදී)  

:       0       0

පසිදු Saturday, 22 June 2013 08:13 AM

ඇත්තටම කිව්වොත් වගකීමකින් ක්‍රීඩා නොකිරීමයි හේතුව. දහස් ගණනක් මිනිස්සු නුඹලා වෙනුවෙන් සුසුම් හෙලන එක නුඹලා හරියට වටහාගෙන නැහැ. අනිත් දේ ඉන්දියාව තමන්ගේ ස්ථාවරයෙන් සෙල්ලම් කරනකොට උන්ට බැනලා වැඩකුත් නැහැ. ඇත්තටම කියෙන් කී දෙනාටද ඔයාලා තරගයක් දිනනවමයි කියලා ස්ථිරව කියන්න පුලුවන්? කොහොම වුනත් ඔයිට වඩා නම් වඩා වගකිමක් තියෙන්න ඕනෑ ඕනෑම වැඩක. (නි)

:       0       0

කුරුවිට Tuesday, 25 June 2013 01:31 PM

අපට නම් ක්‍රිකට් බලන්නත් අප්පිරියයි (නි)

:       0       0

අමිල Saturday, 22 June 2013 08:40 AM

සල්ලි කුට්ටි තමි හේතුව. මැතිව්ස් දන්නේ නැති උනාට ලංකාවේ බබලත් දන්නවා. (අ)

:       0       0

gayan Saturday, 22 June 2013 08:51 AM

මහේල සහ සංගා විතරක් තියාගෙන අනෙක් එවුන් අයින් කරලා දාපන් .මුන් එකෙක් වත් වැඩක් නැ.මුන් දැන් ෆෛනල් කියක් නම් කවද. අපි වැඩ පාඩු කරගෙන .නායකකමට මැතිව්ස හරි යන නෑ. ඕක අය .සංගාට දෙන්න.ගහන නැති එවුන් අයින් කරලා දාන්න. ටෙස්ට් මැච් වගේ වන් ඩේ ගහන්න බැ. හයක් හතරක් ගහන්න පන තියන එවුන් ටීම් එකට දාගන්න. (අ)

:       0       0

ඉන්ජි Saturday, 22 June 2013 09:08 AM

එක පිට එක කඩුලු යද්දිත් අපෙ අය කිසි ගානක් නැතිව පිස්සො වගේ ඕන තරම් මැච්වල ගහලා තියෙනවා. හැබැයි මේ මැච් එකෙදී ඔවර් 45දිත් විකට් 4යි ගිහින් තිබුනේ. කොහොමද මැතිව්ස් කියන්නේ එක පිට එක විකට් ගියා කියලා. ගහන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒකා ගහන්නෙ නැතිව කුලා, තිසර එවන්න ඕනා. අන්තිමට හිටිය අයත් ගැහුවෙ නැහැ. ගහන්න පුලුවන් දෙන්නට බැට් කරන්න දුන්නේ 47 ඔවර් එකේදී.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 22 June 2013 09:25 AM

පරාජයට හේතුව ලබන අප්‍රියෙල්වල ඉන්දියාවේදී වටහාගත හැකියි. (නදී)

:       0       0

අල්විස් Saturday, 22 June 2013 09:26 AM

තරඟ පරාද වෙලා රටට එන ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩා ලෝලීන් ගැහුවා. අපේ රටේ එහෙම කරන්නේ නැහැ කවදාවත්. අපි නිවාඩු දාගෙන කලින් ගෙදර ඇවිල්ල ටී.වී එක දිහා බලාගෙන ඉන්නේ මේවගේ කෙහෙල්මල් දකින්නද?(නදී)

:       0       0

වජිර-රෝමය Saturday, 22 June 2013 09:29 AM

ලබන අවුරුද්දෙත් අයි.පී.එල් යන්න එතකොට තෙරෙයි හේතුව. පව් බබාලා ටික.(නදී)

:       0       0

Gamini Saturday, 22 June 2013 04:46 PM

ඉන්දියාව පුහුණු තරගයෙන් හොඳ ආරම්භයකට මානසිකත්වයක් හදාගත්ත.අපේ අය එම තරඟය දිනන එක පසෙක තබා සේරමලට පන්දුවට පහර දෙන්න අවස්ථාව ලබාදීමට කියල ශතක දෙකක් අත හැර දැම්ම.එදා දිල් සහ කුසල් දිගටම ගැහුවනම් අපිට 400 උනත් එදා ගහන්න තිබුන. එහෙම වුණනම් ඉන්දියාව මානසිකව වට්ටන්න අපට තිබුන. ක්‍රීඩකයන්ට වඩා උපදේශකයන් අයි පී එල් ලබාගන්න කරපු සැලසුමක්ද කියලත් සැකයි. අඩු ගානේ එදා 400 විතර ගහල ඉන්දියාව පරදුවානම් අපටවත් සතුටු වෙන්න තිබුන එහෙම හරි ඉන්දියාව පරදපු එක ගැන.ඊට පස්සේ ඉන්දියානුවෝ ශතක දෙකක්ම ගහල හොඳ ආරම්භයක් ගත්ත. මොන දේකට වුණත් හොඳ ආරම්භයක් ජවයකි. නවසීලන්ත තරඟය අනිවාර්යයෙන් ජයගන්න තිබුන හොඳ සැලසුමක් තිබුනානම්.එක දින්නනම් අපි අද අවසන් මහා තරඟයේ.මොකද අප්‍රිකාව අපිට ලේසියෙන් පරදවන්න තිබුන. නායකයකු තුල ආත්ම විස්වාසය නැතිනම් කොහොමද කණ්ඩායමක් මෙහෙයවන්නේ? (අ)

:       0       0

සංජීව Saturday, 22 June 2013 09:34 AM

අපේ අය අයි.පී.එල් වල සෙල්ලම් කරනකම් ඉන්දියන් කණ්ඩායමට තර්ජනයක් වෙන විදියට සෙල්ලම් කරන්නේ නැද්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1065 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2098 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1008 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2452 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1708 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site