(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දීය රුපියල් 39 - 40 අතර වූ ලොකු ලූනු කිලෝ එකක තොග මිල මේ වන විට ඉන්දීය රුපියල් 20 - 21 අතර මිලකට පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දීය ලබන වසරේ මාර්තු 31 දක්වා ලොකු ලූනු අපනයනය නිල වශයෙන් තහනම් කර ඇතත් එම තහනම මීළඟ ඉන්දීය මහ මැතිවරණය පවත්වන තෙක් ඉවත් නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් ඉන්දියාවේ ලූනු මිල පහල ගියත් ඉන් ආසියාවේ ජනතාව පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ලොකු ලූනු අපනයනය තහනම හේතුවෙන් ආසියාවේ ලූනු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ආසියානු ජනතාව වැඩි වශයෙන් එළවලු මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ එළවලු මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.
පසුගිය මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ලොකු ලූනු මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් අපනයනය කර ඇති බවත් අපනයනය තහනම් කිරීමේ වේදනාව ආසියානු රටවලට තදින් දැනීමට පටන් ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියාවටත් ලූනු ප්‍රශ්නයක්:මිල සියයට 50ක් පහළට
de silva Thursday, 21 December 2023 08:19 AM
ලුණු මිල පහල වැටුනොත් ගොවියෝ වගාව නතර කරවී එවිට ලුණු මිල වැඩිවේවි , මොඩිට අකුලා ගන්න වේවි , රටක නිදහස් වෙළදාමට අනවශ්‍ය විදිහට ඇඟිලි ගැසීම අනුවන ක්‍රියාවකි
විජේ Thursday, 21 December 2023 11:16 AM
අපට මතක මෑත කාලයේ දඹුල්ල අවට ප්‍රදේශවල සරුසාර ලොකුලූනු වගාව ,එකටම ඔබින රටට ගැලපෙන ලොකුලූනු ප්‍රබේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදල බෙදල ගොය්යෝ යස අගේට ගොවිතැන කරා,අපේ නරුම පාලකයෝ අස්වැන්න නෙලන කාලෙට තොග පිටින් රටින් ගෙනාව ,පොහොර ප්‍රශ්න ඇතිකරා ,එදා තිබුන සරුසාර ලොකුලූනු ආර්ථිකේ විනාස කරා ,වෙන කවුරුත් නෙව මේ පාලකයෝම තමා,දැන් රටම හිගමනෙට වැටිලා ,ඉතින් මේ යක්කු රට දියුණු කරයිද අයිබෝන්,හීන තමයි