මලයාසියා යානයට එල්ල වූ මිසයිලය රුසියාවේ අගමැති වැඩ්මිලර් පූටින්ගේ ජෙට් යානය ඉලක්ක කැර ගත් මිසයිලයක් වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ යානයට මිසයිල ප්‍රහායර එල්ලවන අවස්ථාවේ රුසියන් ජනාධිපති පූටින් සිය නිල ජෙට් යානයෙන් බ්‍රසීලයේ සිට රුසියාවේ මොස්කව් වෙත යමින් සිටියේය. කඩා වැටුණු මලයාසියා යානය බොයිං 777 වර්ගයේ යානයකි. එහි දිග මීටර 63 කි. පූටින් ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි යානයේ දිග මීටර 55 කි. මලයාසියා යානයේ තටු දෙකේ දිග මීටර 61කි. පූටින් ගමන් කරමින් තිබූ යානයේ තටු දෙක අතර දිග මීටර 60කි.
විදෙස් මාධ්‍ය පවසන්නේ කඩා වැටුණු යානයේ ගමන් මාර්ගයත් පූටින්ගේ යානයේ ගමන් මාර්ගයත් එකිනෙකට ආසන්නයෙන් බොහෝ සෙයින් සමාන මාර්ගයක වූ බවයි. එසේ වුව ද පූටින්ගේ ආරක්ෂක අංශ පවසන්නේ පූටින් ගමන්ගන්නා මාර්ග හෝ වේලාවන් පිළිබඳ කිසිදු හෙළිදරව් කිරීමක් නොකළ බවයි.
කඩාවැටුණු යානය යුක්රේන රුසියා දේශසීමාව මගහැර පියාසර කිරීමට හැකියාව තිබිය දී එම මාර්ගය තෝරාගෙන ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
මගීන් ගමන්ගත් යානයක් විනාශ කිරීමේ ජාත්‍යන්තර අපරාධයට වගකිවයුත්තන්ට දඩුවම් කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස යුකේර්න අගමැති අර්සේනි යට්සර්න්‍යුක් ලෝක නායකයන්ගෙන් අද ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව හදපු පරිඝනයට ඇතුලු වෙලා ඇමෙරිකාව හදපු මෙහෙයුම් පද්ධතිය හොරෙන් ඩවුන්ලෝඩ් කරගෙන කොච්චර නම් ඇමරිකාවට බනිනවද? (නදී)
මෝඩ අදහස් දාන්න එපා. ප්‍රවෘත්තිය හරියට කියවන්න (නි)
බොහෝ ගුවන් යානා ආසියානු කලාපයේ සිට රුසියානු,යුක්රේන් දේශසීමාව හරහා යුරෝපයට පියාසර කරන්නේ එය කෙටිම සහ ඉන්ධන ඉතිරිකර ගැනීමට හැකි, පහසුම මාර්ගය නිසයි. (නි)
අපි හැමෝම ඇමරිකාවට බනිනවා තමයි. හැබැයි ඇමරිකාව නැත්නම් අපිටත් හොඳ හොඳ දේවල් වෙලා (නි)
පුටින්, ඔබ වාසනාවන්තයි (නි)
ඇමරිකන්කාරයෝ හොඳයි වගේම කපටියි. (නි)
මේ ප්‍රහාරයට භාවිතා කර තියෙන්නේ රුසියන් අවි. ලංකාවට උදවු කළ පළියට මේ වගේ වැඩක් කරපු රුසියාවට කඩේ යන්න එපා. මේ මියගිහින් තියෙන්නේ කිසිම සම්බන්ධයක් නැති අහිංසක මිනිස්සු.මේක මහා අපරාධයක්. (නි)
පිටබැද්දර ජයා මහත්මයා, ඒ වගේම තමයි රුසියාවයි,චීනයයි අපිට සහයෝගය නොදක්වනවා නම්, අපිට සිද්ධ වෙන්න තියෙන දේවල් වෙලා බොහෝ කල්. (නි)
අනේ මෝඩයිනේ යානය බිමදාල තියෙන්නේ රුසියාවට ආදාර කරන ත්‍රස්ත වාදියෝ. (නදී)
කවුද මේ ලුම්බිණි නමින් අදහස් දමන කෙනා? (නි)
රුසියාව ගැන ඔබ නොදන්නා දේ බොහොමයක් අන්තර්ජාලයෙන් දැනගන්ට පුළුවන්. මේක තනිකරම රුසියාවේ වැඩක්. (නදී)
ලංකාවට උදව් කරන එක අශාන්ට, දරාගන්න බැරුව වගේ..! අශාන් කඩේ යන්නේ කාටද..? (අ)
රුසියාවට සහ පුටින්ට ජය වේවා! (අ)
"හැබැයි ඇමරිකාව නැත්නම් අපිටත් හොඳ හොඳ දේවල් වෙලා" අනේ ඒ මොනවද කියල කියන්නකෝ (නදී)
ලෝක බලවතුන් අතරින් පුටින් එක මිනිසකු විය හැක. ඔහුගේ වාසනාවට අහිංසකයන් 295 මිය යාම ලෝක විනාසයට සමාන කළ හැක ? (නදී)
රුසියාව මේ වැඩේ කලා කියන්නෙ කොහොමද? කළු පෙට්ටිය තවම පරික්ෂා කරලත් නෑ. කොහොම හරි මේ ප්‍රහාරය පුටින්ව ඉලක්ක කල දෙයක් වෙන්න පුලුවන්. වැරදි ඔත්තුවක් නිසා මැලේසියානු යානය අවාසනාවන්ත වෙන්න ඇති.(නදී)
දන්නේ නැහැ මේකේ සුල මුල. කැමතියි මුල ඉදල කතාව දැන ගන්න. කියන්න කව්රුහරි සරලව මගේ ලෝක දේශපාලන ඤාණය අන්තිමයි. එ්ත් දැන ගන්න ආසයි (නදී)
ලෝකයේම වාසනාවට පුටින් බේරුනේ (නි)
එතුමා වාසනාවන්තයි (නි)
ඉන්දික හරි, ඇමරිකාවට පක්ෂ අය පෙන්වන්න හදන්නේ මේක රුසියාව කළ දෙයක් හැටියට. මේක ඇමරිකාවේ බොර දියේ මාලු බෑමක්! (නි)
ඇමරිකාව රුසියාවට බයයි වගේ. (නි)
කමල්, ඔබ කියන දේ තමයි ඇත්ත. රුසියාව සිටින තාක්කල් අපි වගේ පුංචි රටවලට ඔලුව උස්සලා ඉන්න පුළුවන්. (නි)
ලෝකයේ බලවතුන් ගහ මරාගන්න බලනවා එයාලගේ පැවැත්මට. අසරණ මහජනතාවයි ජීවිත වලින් වන්දි ගෙවන්නේ. මියගිය අයගේ පවුල් වල සාමාජිකයින්ටයි අසාධාරනය වුණේ.ඒ අය වෙනුවෙන් අදටත් කතා නැහැ (නි)
මම නම් කියන්නේ මේ ප්‍රශ්නයට තනිකරම වගකියන්න ඕනෑ රුසියාව. යුක්රේන් වලින් කොටසක් තනිකරම බලෙන් අල්ලාගෙන මදිවට දැන් තව තව ලෝකෙට එක එක කතා කියන්නත් එනවා (නි)
දැන් මොනවද මේ කතා? (නි)
අහිංසක මිනිසුන් මරාදැමු පුටින්ව වීරයෙකු ලෙස නම්කරන්නේ ඇයි.බටහිරට තම චණ්ඩිකම පෙන්වන්න වෙන ක්‍රමයක් නැද්ද?.මේ ගුවන් යානයේ අපේ කව්රුහරි හිටයනම්,ඔයගොල්ලන් මොකද කියන්නේ.මොනවා ලබාගත්තත් වැඩක් නැ ..අහිංසක මිනිසුන් මරලා.(අ)
රුසියාවේ ජනාධිපති පුටින් කොන්ද කෙලින් තබාගෙන කතාකරන කෙනෙක්. ඇමෙරිකාවට මේ පුටින් ජනාධිපති හරිම හිසරදයක් වෙලා තියෙන්නේ. රුසියාව, චීනය වගේ බලවත් රටවල් යුරෝපා රටවලට හරි කරදරයක්. මොකද යුරෝපා රටවල් වලට ඕනෑ විදියට නටන්න බැහැනේ. (නි)
පූටින් හරිම වාසනාවන්තයෙක් (නි)
රුසියාව පිටින් යන්න, යුක්රේනය විසින් කරන ලද දෙයක් වියහැකියි. (නි)
ලුම්බිණි දන්න දෙයක් නැහැ. (නි)
කට්ටියගේ කතා බලනකොට හිනාත් යනවා (නි)
පුටින් කියන්නේ සැබෑ වීරයෙක්. ඇමෙරිකාව කියන්නේ කපටි රටක්. කමල් කියන්න වගේ අපේ රටට බලපෑම් එන්නේ යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් (නි)
රුසියාව නම් මේ වගේ වැඩක් කරයි කියලා මම හිතන්නෙ නැහැ (නි)
ලුම්බිණි, ඔයාගේ ලෝක දේශපාලනය ගැන තිබෙන දැනුම බොහොම මදි වගෙයි පෙනෙන්නේ. අපි විශ්වාස නොකරන දේවල් ලෝක දේශපාලනයේ සිද්ධ වෙනවා (නි)