IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඉලක්කය ජනපති පූටින් ?

මලයාසියා යානයට එල්ල වූ මිසයිලය රුසියාවේ අගමැති වැඩ්මිලර් පූටින්ගේ ජෙට් යානය ඉලක්ක කැර ගත් මිසයිලයක් වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ යානයට මිසයිල ප්‍රහායර එල්ලවන අවස්ථාවේ රුසියන් ජනාධිපති පූටින් සිය නිල ජෙට් යානයෙන් බ්‍රසීලයේ සිට රුසියාවේ මොස්කව් වෙත යමින් සිටියේය. කඩා වැටුණු මලයාසියා යානය බොයිං 777 වර්ගයේ යානයකි. එහි දිග මීටර 63 කි. පූටින් ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි යානයේ දිග මීටර 55 කි. මලයාසියා යානයේ තටු දෙකේ දිග මීටර 61කි. පූටින් ගමන් කරමින් තිබූ යානයේ තටු දෙක අතර දිග මීටර 60කි.

විදෙස් මාධ්‍ය පවසන්නේ කඩා වැටුණු යානයේ ගමන් මාර්ගයත් පූටින්ගේ යානයේ ගමන් මාර්ගයත් එකිනෙකට ආසන්නයෙන් බොහෝ සෙයින් සමාන මාර්ගයක වූ බවයි. එසේ වුව ද පූටින්ගේ ආරක්ෂක අංශ පවසන්නේ පූටින් ගමන්ගන්නා මාර්ග හෝ වේලාවන් පිළිබඳ කිසිදු හෙළිදරව් කිරීමක් නොකළ බවයි.

කඩාවැටුණු යානය යුක්රේන රුසියා දේශසීමාව මගහැර පියාසර කිරීමට හැකියාව තිබිය දී එම මාර්ගය තෝරාගෙන ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මගීන් ගමන්ගත් යානයක් විනාශ කිරීමේ ජාත්‍යන්තර අපරාධයට වගකිවයුත්තන්ට දඩුවම් කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස යුකේර්න අගමැති අර්සේනි යට්සර්න්‍යුක් ලෝක නායකයන්ගෙන් අද ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

ඉලක්කය ජනපති පූටින් ?

ධනංජය Friday, 18 July 2014 11:44 AM

ඉන්දික හරි, ඇමරිකාවට පක්ෂ අය පෙන්වන්න හදන්නේ මේක රුසියාව කළ දෙයක් හැටියට. මේක ඇමරිකාවේ බොර දියේ මාලු බෑමක්! (නි)

:       0       0

ප්.හ අ ශාන්ත Saturday, 19 July 2014 11:11 AM

ලෝක බලවතුන් අතරින් පුටින් එක මිනිසකු විය හැක. ඔහුගේ වාසනාවට අහිංසකයන් 295 මිය යාම ලෝක විනාසයට සමාන කළ හැක ? (නදී)

:       0       0

සිල්වා Friday, 18 July 2014 10:29 PM

කවුද මේ ලුම්බිණි නමින් අදහස් දමන කෙනා? (නි)

:       0       0

දයා Friday, 18 July 2014 10:56 PM

මෝඩ අදහස් දාන්න එපා. ප්‍රවෘත්තිය හරියට කියවන්න (නි)

:       0       0

චමින්ද Friday, 18 July 2014 10:57 PM

බොහෝ ගුවන් යානා ආසියානු කලාපයේ සිට රුසියානු,යුක්රේන් දේශසීමාව හරහා යුරෝපයට පියාසර කරන්නේ එය කෙටිම සහ ඉන්ධන ඉතිරිකර ගැනීමට හැකි, පහසුම මාර්ගය නිසයි. (නි)

:       0       0

සනත් Saturday, 19 July 2014 12:56 PM

රුසියාව මේ වැඩේ කලා කියන්නෙ කොහොමද? කළු පෙට්ටිය තවම පරික්ෂා කරලත් නෑ. කොහොම හරි මේ ප්‍රහාරය පුටින්ව ඉලක්ක කල දෙයක් වෙන්න පුලුවන්. වැරදි ඔත්තුවක් නිසා මැලේසියානු යානය අවාසනාවන්ත වෙන්න ඇති.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 July 2014 11:32 PM

අපි හැමෝම ඇමරිකාවට බනිනවා තමයි. හැබැයි ඇමරිකාව නැත්නම් අපිටත් හොඳ හොඳ දේවල් වෙලා (නි)

:       0       0

රජීව Saturday, 19 July 2014 12:12 AM

පුටින්, ඔබ වාසනාවන්තයි (නි)

:       0       0

කමල් Friday, 18 July 2014 12:25 PM

ඇමරිකාව රුසියාවට බයයි වගේ. (නි)

:       0       0

ගිහාන් Friday, 18 July 2014 12:50 PM

කමල්, ඔබ කියන දේ තමයි ඇත්ත. රුසියාව සිටින තාක්කල් අපි වගේ පුංචි රටවලට ඔලුව උස්සලා ඉන්න පුළුවන්. (නි)

:       0       0

ඡායා Saturday, 19 July 2014 02:46 PM

දන්නේ නැහැ මේකේ සුල මුල. කැමතියි මුල ඉදල කතාව දැන ගන්න. කියන්න කව්රුහරි සරලව මගේ ලෝක දේශපාලන ඤාණය අන්තිමයි. එ්ත් දැන ගන්න ආසයි (නදී)

:       0       0

නිහාල් Friday, 18 July 2014 01:01 PM

ලෝකයේ බලවතුන් ගහ මරාගන්න බලනවා එයාලගේ පැවැත්මට. අසරණ මහජනතාවයි ජීවිත වලින් වන්දි ගෙවන්නේ. මියගිය අයගේ පවුල් වල සාමාජිකයින්ටයි අසාධාරනය වුණේ.ඒ අය වෙනුවෙන් අදටත් කතා නැහැ (නි)

:       0       0

අනුර Saturday, 19 July 2014 01:48 AM

ඇමරිකන්කාරයෝ හොඳයි වගේම කපටියි. (නි)

:       0       0

අශාන් Saturday, 19 July 2014 01:49 AM

මේ ප්‍රහාරයට භාවිතා කර තියෙන්නේ රුසියන් අවි. ලංකාවට උදවු කළ පළියට මේ වගේ වැඩක් කරපු රුසියාවට කඩේ යන්න එපා. මේ මියගිහින් තියෙන්නේ කිසිම සම්බන්ධයක් නැති අහිංසක මිනිස්සු.මේක මහා අපරාධයක්. (නි)

:       0       0

චමින්ද Saturday, 19 July 2014 01:51 AM

පිටබැද්දර ජයා මහත්මයා, ඒ වගේම තමයි රුසියාවයි,චීනයයි අපිට සහයෝගය නොදක්වනවා නම්, අපිට සිද්ධ වෙන්න තියෙන දේවල් වෙලා බොහෝ කල්. (නි)

:       0       0

ලුම්බිණි Friday, 18 July 2014 01:43 PM

මම නම් කියන්නේ මේ ප්‍රශ්නයට තනිකරම වගකියන්න ඕනෑ රුසියාව. යුක්රේන් වලින් කොටසක් තනිකරම බලෙන් අල්ලාගෙන මදිවට දැන් තව තව ලෝකෙට එක එක කතා කියන්නත් එනවා (නි)

:       0       0

සිල්පා Saturday, 19 July 2014 02:59 AM

අනේ මෝඩයිනේ යානය බිමදාල තියෙන්නේ රුසියාවට ආදාර කරන ත්‍රස්ත වාදියෝ. (නදී)

:       0       0

මාලි Saturday, 19 July 2014 04:04 AM

ඇමරිකාව හදපු පරිඝනයට ඇතුලු වෙලා ඇමෙරිකාව හදපු මෙහෙයුම් පද්ධතිය හොරෙන් ඩවුන්ලෝඩ් කරගෙන කොච්චර නම් ඇමරිකාවට බනිනවද? (නදී)

:       0       0

පෙරේරා Friday, 18 July 2014 02:31 PM

දැන් මොනවද මේ කතා? (නි)

:       0       0

මිනිපෙ Friday, 18 July 2014 03:26 PM

අහිංසක මිනිසුන් මරාදැමු පුටින්ව වීරයෙකු ලෙස නම්කරන්නේ ඇයි.බටහිරට තම චණ්ඩිකම පෙන්වන්න වෙන ක්‍රමයක් නැද්ද?.මේ ගුවන් යානයේ අපේ කව්රුහරි හිටයනම්,ඔයගොල්ලන් මොකද කියන්නේ.මොනවා ලබාගත්තත් වැඩක් නැ ..අහිංසක මිනිසුන් මරලා.(අ)

:       0       0

පද්මිණි Saturday, 19 July 2014 05:07 AM

රුසියාව ගැන ඔබ නොදන්නා දේ බොහොමයක් අන්තර්ජාලයෙන් දැනගන්ට පුළුවන්. මේක තනිකරම රුසියාවේ වැඩක්. (නදී)

:       0       0

සමන්ත Saturday, 19 July 2014 05:32 AM

ලංකාවට උදව් කරන එක අශාන්ට, දරාගන්න බැරුව වගේ..! අශාන් කඩේ යන්නේ කාටද..? (අ)

:       0       0

දම්මි Friday, 18 July 2014 04:39 PM

ලෝකයේම වාසනාවට පුටින් බේරුනේ (නි)

:       0       0

කණිෂ්ක Friday, 18 July 2014 04:56 PM

පූටින් හරිම වාසනාවන්තයෙක් (නි)

:       0       0

රූපවතී Friday, 18 July 2014 05:40 PM

රුසියාව පිටින් යන්න, යුක්රේනය විසින් කරන ලද දෙයක් වියහැකියි. (නි)

:       0       0

තාරක Friday, 18 July 2014 06:18 PM

ලුම්බිණි දන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ලක්සිත Friday, 18 July 2014 06:51 PM

කට්ටියගේ කතා බලනකොට හිනාත් යනවා (නි)

:       0       0

ලක්ෂණ Saturday, 19 July 2014 08:12 AM

රුසියාවට සහ පුටින්ට ජය වේවා! (අ)

:       0       0

රංග Friday, 18 July 2014 07:11 PM

පුටින් කියන්නේ සැබෑ වීරයෙක්. ඇමෙරිකාව කියන්නේ කපටි රටක්. කමල් කියන්න වගේ අපේ රටට බලපෑම් එන්නේ යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් (නි)

:       0       0

මංජුල Friday, 18 July 2014 07:19 PM

රුසියාව නම් මේ වගේ වැඩක් කරයි කියලා මම හිතන්නෙ නැහැ (නි)

:       0       0

සුසන්ත Friday, 18 July 2014 09:20 PM

ලුම්බිණි, ඔයාගේ ලෝක දේශපාලනය ගැන තිබෙන දැනුම බොහොම මදි වගෙයි පෙනෙන්නේ. අපි විශ්වාස නොකරන දේවල් ලෝක දේශපාලනයේ සිද්ධ වෙනවා (නි)

:       0       0

බමුණු Saturday, 19 July 2014 09:51 AM

"හැබැයි ඇමරිකාව නැත්නම් අපිටත් හොඳ හොඳ දේවල් වෙලා" අනේ ඒ මොනවද කියල කියන්නකෝ (නදී)

:       0       0

ඉන්දික Friday, 18 July 2014 11:38 AM

රුසියාවේ ජනාධිපති පුටින් කොන්ද කෙලින් තබාගෙන කතාකරන කෙනෙක්. ඇමෙරිකාවට මේ පුටින් ජනාධිපති හරිම හිසරදයක් වෙලා තියෙන්නේ. රුසියාව, චීනය වගේ බලවත් රටවල් යුරෝපා රටවලට හරි කරදරයක්. මොකද යුරෝපා රටවල් වලට ඕනෑ විදියට නටන්න බැහැනේ. (නි)

:       0       0

හෂාන් Friday, 18 July 2014 11:42 AM

එතුමා වාසනාවන්තයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 905 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 413 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 272 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 819 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 710 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site