මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 20-17 ක තියුණු ජයක් ලැබූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 7-5 ක් ලෙස පෙරමුණේ සිටිය ද දෙවැනි අර්ධයේදී ඉසිපතන විදුහල පෙරමුණට පැමිණියේය.
ඉසිපතන විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ත‍්‍රිත්ව විදුහලට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
(●●)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකින් දැකපු හොද රගර් මැච් එකක්. දෙපිලේම ක්‍රීඩකයන් ඉතාම හොද විනයකින් යුතුව ක්‍රීඩා කිරීම අගය කළ යුතුමයි. මම ඉසිපතන විදුහලේ ආදී ශිෂ්‍යයෙක් ලෙස ඉතාම සතුටු වන අතර දෙපිලටම ජය වේවායි පතමි .. (නි)
පතන කියන්නේ රත්වෙන්න රත්වෙන දුවන යකඩ යකෙක්. පතන කියන්නේ රගර් පිටියේ ජීවයයි. පතනට ජය වේවා! මමත් ආදී පතනයෙක් (නි)
ගෝ පතන ගෝ (නි)
පතන මුලින් පැරදිලා පස්සෙ එකක් දෙකක් දිනුවට වැඩක් නැහැ (නි)
ගිර කටවහගත්තොත් හොඳයි (අ)
ලංකාවෙ රගර් ක්‍රීඩාවට හොඳම දක්ෂ ක්‍රීඩකයන් වැඩි හරියක් දායාද කළ විද්‍යාලයක් තමයි ඉසිපතන (නි)
පෙර හුරු තරග එහෙම උනාට පතාක යෝදයන්ව දනගස්වලා තියෙන්නේ ,රාජකීය,ට්‍රිත්ව, ෂා පීතර ,ෂා ජෝසේෆ්, පෙරහුරු තරගත් වඩා සැලකිලිමත් වියයුතුයි.(නදී)
පරක්කු වෙලා හරි හොදට සෙල්ලම් කරන එක ගැන ගොඩක් සතුට දැනේනේ ට්‍රිනිටියට ගහපු නිසා. (නි)
හැමදාම පරදින අයට හොද ආදර්ශයක්. (නි)