සෞදි අරාබියේ තබුක් ප‍්‍රදේශයේ විශ්ව විද්‍යාල හා අනිකුත් ආයතන පිරිසිදු කරන්නන් වශයෙන් කොලඹ එක්තරා විදේශ රැකියා ආයතනයකින් ගෙන්වන ලද ශ්‍රී ලාංකිකයින් 33 කට අධික පිරිසක් අමාරුවේ වැටී සිටිති.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත කිසිදු පහසුකමක්, රැකියාවක්, ඇතුළු ආහාර පාන පවා නොමැතිව විවිධ දුෂ්කරතා මධ්‍යයයේ කල්ගෙවන බව සිට කිලෝමීටර් 2000 ක දුරකින් පිහිටි තබුක් ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ආයතනය රුපියල් අසුදහසේ සිට එක් ලක්ස දස දහස දක්වා එක් පුද්ගලයකුගෙන් අය කරගෙන සෞදි අරාබියට එවා ඇති මෙම පිරිසට පැමිණ දි සිට මාස තුනක් කිසිදු වැටුපක් ලබා නොදී ඇති අතර නවාතැන් පහසුකම් හෝ අනිකුත් වරප‍්‍රසාදද කිසිවක් නොමැතිව පැය 16 ක කාලයක් රැකියාවේ යෙදි සිටීමට සිදු වී ඇති බවද කියති. විශේෂයෙන්ම මෙම පිරිසට ආහාර පාන ලබා ගැනීමට මුදල් ලබා නොදීමේ හේතු මත මුස්ලිම් දේවස්ථාන සහ අනිකුත් ප‍්‍රසිද්ධ ස්ථානවල රැදි සිටිමින් අන්නට අතපා ආහාර පාන ලබා ගැනීඹ සිදු වී ඇති බවද පවසයි. මේ හේතුව නිසාම දැනට රැුකියාව කිරීමෙන් වැලකී සිටින මෙම පිරිස ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කලද මෙතෙක් කිසිදු පිළිතුරක් නැති බවද පවසයි. මේ පිරිසට අමතරව කාන්තාවන් 11 දෙනෙකුද විශ්ව විද්‍යාල පිරිසිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් එම ආයතනය වෙත ම ගෙනවිත් ඇති අතර මෙම ආයතනයේ බලධාරින් විසින් එම කාන්තාවන් සෞදි රියාල් 28000 සිට 300000 දක්වා විශාල මුදලකට විවිධ නිවෙස්වල මෙහෙකාරකම් සඳහා විකුණා ඇති බව පවසයි. මෙම කාන්තාවන් ගිවිසුම් ප‍්‍රකාරව මාසික වැටුප වශයෙන් සෞදි රියාල් 650 ක් වුවද දැනට ලබා දෙනුයේ සෞදි රියල් 45000 ක් පමණක් බවද පවසයි.
කෙසේ වුවද මෙම පිරිස ශ්‍රී ලංකා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනුයේ සියළුම දෙනා මෙම දුශ්කරතාවයෙන් මුදවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.
මෙම තිස්දෙනා තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව පොලිස්පතිට ලියුමක්ද යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහ සේවිකාවන් සහ කම්කරුවන් මෙහෙ එවන එක වහාම නවත්වන්න කටයුතු කරන්න, ඔවුන්ට මෙහෙ ගෙවන්නේ ඉතාමත්ම අඩු වැටුපක්.(නදී)
විදේශ සේවා නියුක්තිකාර්යාංශයෙන් පිට රට රැකියාවලට යන අයගෙන් ඔවුන්ට ලැබෙන්න තිබෙන ගස්තුව නම් නොවරදවාම ලබා ගන්නවා එහෙත් යන යට සෙතක් සැලසීමට කිසිම දෙයක් කරන්නේ නැහේ. රට යවන එජෙන්සි කාරයෝත් එක්ක හැමදේම විසඳ ගන්න ක්‍රම මෙම නිලධාරීන් හොඳින් දන්නවා. මුදල් වලට යටවෙලා මෙම නිලධාරීන් ඕනෙම දෙයක් කරන්න ලැහැස්ති. නීති රීති ඔක්කොම අපිටයි. විදේශ සේවා කාර්යාලය හැමදේම දන්නවා. අපේ රට එන අයත් කොහම හරි රට එන්න හදනවා මිසක් යමක් එන්න ඉස්සර හොයලා බලන්නේ නැහේ. (අ)
ලංකාවේ ඒජන්සි කාරයෝ බ්රෝකර්ලා එකතු වෙලා ගම්බද ගෑනුන්ට රට යවන්න කියල කොළඹ ගෙනත් කරන පාහර වැඩ. මේවයේ ලියන්න බැහැ. රට යන්න කලින් තුන් හතර වතාවක් දූෂණය වෙනවා මේ අසරණ කාන්තාවෝ.බලධාරියෝ ප්‍රකාස නිකුත් කරනවා. මෙන්න මේවා තමයි තිරිසන් වැඩ.(නදී)
ලංකාදීප, මේ විදියට ලියපු එකට ඔබට ස්තූතියි (නි)
කොටින්ම ගත්තොත් මේ වගේ දුක් විදින්නේ අපේ රටේ ඈත පළාත්වලින් රට යන අය, ඒ ගොල්ලෝ නගර වලට ආපුවම මුලින්ම අහුවෙන්නේ බ්රෝකර්ට, ඊළඟට එකගගෙන යනවා ඒජන්සියට. පස්සේ තමන්ගේ දේ ඔක්කොම උගස් කරලා ඒජන්සියට ගෙවනවා. ඊටපස්සේ වචන වලින් කියන්න බැරී තරමේ දුක් වලට මුහුණ දෙන්න වෙනවා, නොකා නොබී පැය 10 ක් 12ක් වැඩ කරන්න වෙනවා. හොදම විසදුම තමා මේ රටවලට අපේ ගැහැණු යවන එක සීමා කිරීම (නි)
තානාපතිවරු පත් කරන්නේ මේවට තමයි (නි)
මේ මිනිස්සුන්ට වෙලා තියෙන දේට වගකියන්න ඕනෑ විදෙස් රැකියා කාර්යාංශයයි. ඒකේ ලියාපදිංචි නොවුන රැකියා ඒජන්සියක් නම් ඒකටත් ඒගොල්ල වගකිව යුතුයි .කයිවාරු ගහන්නේ ලියා පදිංචි නැති රැකියා ඒජන්සි තහනම් කියලානේ. මේ අය ගිහින් තියෙන්නේ මුහුදෙන් ද/ එයාර් පෝට් එකේ හැංගිලා ඉඳලා පාස් පෝට් බලනකොට මේ අය අහු වුනේ නැද්ද? නීතියට පිටින් දැන් කාටවත් රට රැකියා වලට යන්න බැහැ. එනිසා මේ කට්ටිය ගැන බලන්න ඕනෑ ඔය කියන ආයතනයයි.රට විරුවෝ, ගෘහ පාලිකා, ඕවා පුහු කතා විතරයි (නි)
යන විට සල්ලි ගරාගන්න විදේශසේවා නියුක්ති කාර්යාංශයට බැරිවෙවිද , එහෙ තිබෙන ලංකා තානාපති කාර්යාලය දැනුවත් කොට, දුක්විඳින ශ්‍රී ලාංකිකයන්ගේ ටිකත්පත් සල්ලි ගෙවා අපහු මෙරටට ගෙන්න ගන්න ? (දී)
ඉම්රාන් ඔබ හරි.... (දී)
ලංකාවේ හිටියනම් වීරවිලට යන්න තිබුන. ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය කියන්නේ හොර ගුහාවක් (අ)
මේ අය සෞදියට එවන්න එපා. මෙයාල කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න කවුරු හරි පිහිට වෙන්න.(නදී)
සර් 650 වෙනුවට ලැබෙන වැටුප 450ක් ලෙස නිවැරදි වියු යුතුයි 4500 ක් ලෙස ලියවී තිබෙන්නේ මුද්‍රණ දෝෂයකිනි ....සමාවෙන්න.(නදී)
ඉක්මනට විසදුමක් දෙන්න පුලුවන්නම්...අර 650, 45000 නෙමේ 450 නේද?(නදී).
ඉතින් හොදයිනේ රියාල් 45000ක් දෙනවා නම් 650 ට? (නි)
කිසි කෙනෙක් සෞදි යන්න එපා. සෞදි යන අයට දැන දැන අමාරුවේ වැටුනට කවුරුත් පලි නැහැ මේ එක්කෙනෙක් වත් පත්තර බලන්නේ නැද්ද? විදේශ සේවා නියෝජිත කාර්යාලයේ නැද්ද අපි හැමදාම කියනවා ඕක තිරිසනුන්ගේ රටක් කියලා උන් මැරෙන්නේ පනුවෝ ගහලා.(නදී)
සෞදි යන අයට දැන දැන අමාරුවේ වැටුනට කවුරුත් පලි නැහැ.(නදී)
ඉම්තියාස් ඔයා මොනවද එක්සත් එමීර් රාජයේ කරන්නේ? මිනිස්සු රට රස්සාවලට යන්නේ තමුන්ගේ රටේ රස්සා නැති නිසාම නොව ඒක ඔයා ටිකක් තේරුම් ගත්තොත් හොඳයි. ඇමරිකන් අයත් අරාබි රටවල්වල රැකියා කරනවා. මෝඩ අදහස් පල කරන්න එපා. (නදී)
ඔයා මොන රටේද / එපා කියන්න කියන්න ඔය රටට යන්නේ නොදැනද? (නි)
මේ ඔයාලගේ රටේ රැකියා නැද්ද?
වහාම සාධාරණයක් කරන්න (දී)
මම වැඩ කරන ආයතනයත් තියෙන්නේ තබුක්වල. මේ අය ඉන්න හරිය දන්නවනම් මට උදව් කරන්න පුළුවන්. සෞදි වල උනත් කම්කරු නීතිය හොඳට ක්‍රියාත්මක වෙනවා. අපි හරියට පැමිණිල්ල කරොත් සහනයක් ගන්ඩ පුළුවන් වේවි. සුරේෂ්, ටබුක් ටිම නිවාස ව්‍යාපෘතිය , සෞදි අරාබියාව. (දී)
මොනවද පොලිස් පතිට කියන්නේ.(නදී)
අපේ ආගම අනුව මේ අයට පිහිට වෙන්න. (නි)
අපිටත් ඔතන මොකක් හරි කරන්න හදලා දෙන්න බැරිද? (නි)
මමත් කැමතියි යන්න (නි)