(යොහාන් භාසුර)
වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන් වරායෙන් නිදහස් කරගෙන විවෘත වෙළෙදපොළේ අළෙවි කිරීමේ උත්සහයක් පවතින බවත් වරාය භාණ්ඩ ලංසුකරුවෝ පවසති.
වරාය අධිකාරිය ලබන පෙබරවාරි 28 වැනිදා පැවැත්වීමට නියමිත වෙන්දේසියට මෙම ඉස්සෝ කන්ටේනර් දෙක ලැයිස්තු ගතකර නොමැති බව කියන ලංසුකරුවෝ ඇමෙරිකාවෙන් ආනයනය කළ මෙම කන්ටේනර් දෙකේ ඉස්සෝ කිලෝග්‍රෑම් 50,000 ක් පමණ අඩංගු බව ද සදහන් කරති.
මෙම ඉස්සන් අඩංගු කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කරගැනීමට ව්‍යාපාරිකයෙක් යැයි කියන පුද්ගලයෙක්ට වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සහ ශ්‍රී ලංකා රේගුවේ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනකුගේ සහය ලැබී ඇති බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සත්ව ආහාර ලෙස හෝ වෙන්දේසි නොකර විනාශකරන මුවාවෙන් වරායෙන් රැගෙනයෑමෙන් රජයට අයවියයුතු විශාල බදු මුදලක් අහිමිවන බවත් ඔවුහු පවසති.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයක් නොමැතිව මෙවැනි ආහාර වෙලෙදපොළට නිකුත්වීම ජනතාවගේ සෞඛ්‍යයට දැඩි හානිකයක් වියහැකි බව ද වරාය භාණ්ඩ ලංසුකරුවෝ වැඩි දුරටත් සඳහන් කරති.
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන
මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’ඉස්සෝ කන්ටේනර් දෙකක් වරායෙන් පන්නන්න යයි’’
Kamal Koyrala Tuesday, 25 February 2025 12:24 PM
මේ සම්බන්ධව අදාළ බලධාරින්ට රජයට පැමිණිලි කර පුවත් පතේ පළ කළා නම් හොඳයි නේද?