කන්ටේනර තුනක් හදිසියේ නතර කළ මාදම්පේ පොලිසිය එහි ඇති භාණ්ඩ ගැන පරීක්ෂණයක් ඇරැඹීය.
එම කන්ටේනරවල ඊයම් බෝල ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒවා ප්‍රවාහනයට බලපත්‍ර තිබේදැයි පරීක්ෂා කරන බලන බව ද ඔහු පවසයි.
කන්ටේනර තුනක් හදිසියේ නතර කළ මාදම්පේ පොලිසිය එහි ඇති භාණ්ඩ ගැන පරීක්ෂණයක් ඇරැඹීය.
එම කන්ටේනරවල ඊයම් බෝල ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒවා ප්‍රවාහනයට බලපත්‍ර තිබේදැයි පරීක්ෂා කරන බලන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්තියාම යම් යම් දේවල් නිෂ්පාදනයට සුදානම් වෙනවාවද්ද? (නි)
මෙම ඊයම් බෝල කාලයක් එල් ටී ටී ඊ එකෙන් පාවිච්චි කරා මනුස්ස ඝාතන බෝම්බ සෑදීමට. වැඩි දුර සොයා බැලිය යුතු කරුණක් කවුරුන් හටද ? මොනවා කිරීමටද ? සපයන්නේ කවුරුන්ද ? කියා. (ස)
මාදම්පේ පොලිසියට ප්‍රණාමය , හොඳ පෙරනිමිතක්, රේගුවේ වැඩ හොඳින් පැහැදිලිය , කන්ටේනර් වරායෙන් පිට කිරීමට පෙර විවෘත කර බැලීමේ ක්‍රමයක් අනිවාර්ය විය යුතුමය, මේය කලින් වතාවක මා ලියා ඇත , රට විරුවන් විසින් තම පවුල් වලට එවන කුඩා පෙට්ටි විවෘත කර සියටුම බඩු එලියට ඇද බලා දහස් ගණන්වලින් අයකිරීම ගැන අවන්කවම රේගුවත් රජයත් ලජ්ජවිය යුතුය, ( මෙම ක්‍රියාව හිගන්නාගේ පාත්තරයට හෙනහුරා වැටීමකි ) මෙම හෙනහුරා කෝ?......බලධාරීන්ගේ නෙත් ඇරේවා,.......පලකලොත් ලංකදිපයටත් තුති,... (ස)
ඔය ඊයම් බෝලත් අර ග්‍රීස් ටින් වගේ වෙන්න පුළුවනි, මහත්තයෝ ඔන්න වැඩ පෙන්වනවා නම් හොද වෙලාව සේරමටික තලලා බලන්න ඇතුලේ තියෙන්නේ ඇත්තටම මොනවද කියලා.තවත් කුඩු කිලෝ 236 වෙන්න බැරි නැහැ ..?(දිල්)
අයෙත් බෝම්බ හදන්නද ඊයම් බෝල ගෙනත් තියෙන්නේ.. හැමදාම බඩු අහු වෙනවා විතරයි.. ඒවාට වෙච්ච දෙයක් නෑ.. එතකොට අර ලදී අහු උන කෝටි 80ක කුඩු වලට මොකද උනේ? (ස)
රට විරුවන් විසින් තම පවුල් වලට එවන කුඩා පෙට්ටි විවෘත කර සියලුම බඩු එලියට ඇද බලා දහස් ගණන් වලින් අයකිරීම ගැන අවංකවම රේගුවත් රජයත් ලැජ්ජාවිය යුතුය. ඇත්තම කියනවා නම් රජය තමා වැඩියෙන්ම ලැජ්ජා වෙන්න ඕනා. රේගුව කරන්නෙ රාජකාරිය. අවු 5ක් පාර්ලිමේන්තුවේ කාලෙ කනවට බදු නැති වාහන සහ ලෝකෙ කිසිම රටක නැති පහසුකම්. අවු 5ක් 10ක් නෙවෙයි 30ක් පිටරටවල කඹුරලා එනකොට වාහනයක් නෙවෙයි මෝටර් සයිකලේක කෑල්ලක් ගෙනාවත් බදුගහන රටක්. ගේන වර්ග මීටරේ පෙට්ටියටත් ලෝකෙ නැති නීති දානවා. ඒ වුණාට කථාව පටන්ගන්නෙ නම් රටවිරුවෝ කියලා. (නදී)
මොනවා නමුත් කලින් අල්ලපු ගොඩක් කන්ටේනර් ගැන දැන් කාගෙවත් කතාබහේ නැහැ. දැන් ඒවා තියෙන්නේ කොහෙද දන්නෙ නැහැ (නි)
මංගල ඔයා හරි... මහලොකුවට පම්පෝරි ගැහුවට විදේශ රැකියා කරන අයට කිසිම සහනයක් අපේ රජයකින් ලැබිල නැහැ. අපි බඩු පෙට්ටියක් යැව්වොත් රටේ නැති නීති කියල ටැක්ස් ගහනවා නැතිවෙනකන්. නමුත් කුණු අල,ලුණු ,පරිප්පු, වගේ කන්ටේනර් ගණන් රේගුවෙන් පිටවෙනවා හෙනයක් නැතිව. ඔය ඊයම් බෝල ඇතුලේ කුඩුද කියල කව්ද දන්නේ? (අ)
ඔය අල්ලන කන්ටේනර් පොටෝ ගහලා පත්තරේ දානකල් විතරයි. රේගුවෙන් තහනම් කලොත් කව්රු හරි ලොක්කෙක් දෙනවා ලියුමක් වහාම නිදහස් කරන්න කියලා.,,උදාහරණ නම් අර රේගුවෙන් තහනම් කල ළූණු කන්ටේනර් දෙකක් ඔය උඩරට පළාතේදී අහු උනේ තෝරද්දී මේ ඊයේ පෙරේදා, ඒ වගේ ඕවත් යනවා ඇති.කොටි ලංකාවට හොරෙන් අහසයාත්‍රා ගෙනාකොට තව මොන කතාද? අර කිව්වා වගේ අපේ බඩු පෙට්ටිය නම් ඔක්කොම එලියට දමනකල් බලන්නවත් එන්නේ නැහැ රේගුවේ මහත්වරු. (අ)
දැන් ව්‍යාපාර කරන්නේ, බොහෝ අය කන්ටේනර් වලින් වගෙයි (නි)
සමහර රටවල රේගුව පාවිච්චි කරනවා කන්ටේනරය පිටින්ම ස්කෑන් කළ හැකි, ස්කෑන් යන්ත්‍ර. එවැනි යන්ත්‍ර ලංකාවේ රේගුවට තිබෙනවාද දන්නේ නැහැ. (නි)
චතුරංග, දැන් ඒ ගැන හිතලා වැඩක් නැහැ. (නි)
මංගල, ඔබගේ අදහස් ප්‍රකාශය ඉතාම නිවැරදියි. පුද්ගලිකවම මා දන්නා කරුණු ඔබ ඉදිරිපත් කිරීමත් ඔබට හා එය පල කිරීම ගැන ලන්කාදීපයටත් ස්තුතිය. (නදී)
මගේ හිතවතුන් කීපදෙනෙක් කීප දෙනෙක් රේගු නිළධාරීන්. මුලදි බයිසිකලයක්වත් තිබුණේ නැහැ.පස්සේ බලනකොට පොල්වතු ,පැජරෝ. මෙහෙම උනේ කෙසේද? ඔය වගේ පැන්නිලි වලින්ම තමා. මගේ රටට දෙවියන්ගේම පිහිටයි. දේශපාලකයොත් එහෙන් ගහනවා කෝටි ගනන්. (ස)