උකුවෙළ ප්‍රාදේශිය සභා ලේකම් අද උදේ රාජකාරියට පැමිණෙද්දී ඔහුගේ පුටුවේ පොල්පිත්තක් බැඳ තිබුණැයි ප්‍රාදේශීය සභා ආරංචි කියයි.
ප්‍රාදේශිය සභා නිලධාරීන්ගේ කඹ ඇදීම සහ පරිපාලන කටයුතු අඩාල වී ඇති නිසා තමන් මෙම ක්‍රියාව කළේයැයි ප්‍රාදේශිය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) ජයන්ත මුණවීර මහතා කියයි.
මෙවැනි පුවත් මාධ්‍යයේ පළකර ප්‍රශ්න ඇති නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රී කාංචන රත්නසුරිය මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම පිළිගැනීමක් (නි)
අපි ජනතාවක් හැටියට තරයේ අදිටන් කරගනිමු මින් පසුවවත් දේශපාලන පොල්පිති කාටවත් ඡන්දය නොදී ඉන්න. අපි බලමු එහෙමහරි අපේ දරු පැටවුන්ට රටක් ඉතිරි කරන්න. (නි)
පොල්පිති බැදලවත් ඔය අය හදන්න බැහැ. ඒ ය පත් කෙරපු අපිටයි පොලොප්තිතෙන් ගහන්න ඔනී.(නදී)
ඔය පුටුවේ පොල්පිත්තක් වගේ හිටියත් කාලසීමාව ඉවරවෙනකොට හොද සරු පොල්ගහක් වෙලා තමයි යන්නේ. (නි)
කොල්ලෝ ඔය පොල් පිත්ත අරන් වරකෝ ලිපට දාන්න. ලයිට් බිලත් ගණන් ගිය කාලේ..... (නි)
පොල් පිත්තක් නෙවෙයි, අද කාලේ ඉන්න සමහරුන්ට 'අං තට්ටුවක්' තමයි බදින්න වෙන්නේ. (නි)
පාර්ලිමේන්තුවේ පුටුවලටත් පොල්පිති බැන්දට වරදක් නැහැ කියල විදුලි බිලේ විවාදය දැක්කට පස්සේ අනේ මටත් හිතුනා. (නදී)
දේශපාලකයන්ගෙයි පොල්පිත්තෙයි වෙනස තියෙන්නේ පොල්පිත්තට පන නැති එක විතරයි. ක්‍රියාවෙන් දෙකම එකයි.(නදී)
ඔහුගේ සේවය මෙකෙන් පෙනෙනවා. කවුරු කළත් නියම වැඩක්.(නදී)
දිය වන්නාවේ පැත්තෙත් පුටු ටිකක් තියනවා පොල් පිති බදින්න .(නදී)
අර පාර්ලිමන්තුවේත් තියෙනවා පුටුවක්. අන්න ඒකෙත් පොල්පිත්තක් තියන්න බැරිද? පුළුවන් නම් මම පුටුව මොකක්ද කියලා කියන්නම්. (නි)
ජර මර අස්සේ බර කරත්ත කිවුවලු... (නි)
ප්‍රාදේශීය සභා,පළාත් සභා , දිස්ත්‍රික්, අමාත්‍යංශ ලේකම්ලාගෙන් වැඩි දෙනෙක්ම වැඩක් කරනවට වැඩිය නොකරන පොල්පිත්තොම තමයි. (නි)
ලොකු ලොකු පුටුවලත් පොල් පිති බදින්න ඕනෑ (නි)
දේශපාලනේ පොල්පිති නේන්නම් හෑමතෑනම ඉන්නේ අලුතින් මොනවට බඳිනවද?(නදී)
පොල් පිත්තක් ගන්නේ කාට ගහන්නද? (නදී)
අපිටත් සමහර විට පොල්පිතිතුමා හොදයි කියලා හිතෙන වෙලාවන් තියනවා!(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඒ කියන්නේ ඒ වගේ නිලදාරීන් පොල්පිත්තට සමාන කරලාද? (නි)
හරියට වැඩක් නොකරනවා නම් පොල්පිති නෙමෙයි, පඹයෙක් තිබ්බත් වරදක් නැහැ (නි)
පොල්පිත්තක් බැදලා මදි (නි)
ඔව් ඉතින් දේශපාලඥයො නම් පොල්පිත්තකිනුත් කපා ගන්න පුළුවන්. (නි)
ඇයි අනේ තණකොළ ටිකක්? (නි)