IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇති බව ඔහු කීවෙය.

මින් විදේශ රැකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව හය ලක්ෂ අටදහස් නවසිය විසි පහකි. එය විදේශවලට ගොස් ඇති මුළු සංඛ්‍යාවෙන් සියයට 24ක පමණ ප්‍රතිශතයකි.

පසුගිය 2022 වසරේදී තුන් ලක්ෂ එකොළොස් දහස් දෙසිය හැට නවයක් ද පසුගිය වසරේදී දෙලක්ෂ අනූ හත්දහස් හයසිය පනස් හය දෙනකු ද විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇති බව මහාචාර්යවරයා කීවේය.

පසුගිය 2023 වර්ෂයේදී විදේශ රැකියා සඳහා පිටව ගිය අයගෙන් සියයට හැත්තෑවක් පමණ වෘත්තීය වශයෙන් ඉහළ සුදුසුකම් සහිත ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිස් බව පවසන වසන්ත අතුකෝරල මහතා පසුගිය වර්ෂයේදී විදේශ රැකියා සඳහා ගිය අය අතුරින් සියයට 34ක් වයස 25-34 අතර අය බවද ප්‍රකාශ කළේය.

පසුගිය වසර දෙකේදී විදේස් ගතවූ පිරිසෙන් සියයට පනස් පහක් පිරිමි ද සියයට 45 ක් ගැහැනු අය ද වෙති.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය වසර දෙකේදී නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දහ අට ලක්ෂ විසි දහස් හාරසිය හැත්තෑ නවයකි.

ආර්ථික අගහිඟකම් සහ අපේක්ෂා භංගත්වය යනාදී කාරණා හේතුවෙන් මෙම පිරිස මෙසේ විදේශවලට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (31)

උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා

RAVIN Monday, 22 April 2024 05:53 AM

මේක තමයි දේශ හිතෛෂී දේශමාමක එකම දේකට පමණක්ම විශේෂඥ 225ක් රටට කරපු සෙත... තවතවත් ලක ලැහැස්ති වෙන්නේ තම පුරුද්ද රැකගැනීමට පමණයි.

:       5       43

පැරකුම් Monday, 22 April 2024 06:03 AM

පවතින දේශපාලන ක්‍රමය යටතේ මෙසේ සිදුවීම පුදුමයට කරුණක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ....

:       6       37

Perera Monday, 22 April 2024 06:43 AM

රාජපක්ෂලාට උගතුන්ගෙන් වැඩක් නෑ... රටේ නූගත් මෝඩයින් ඉතුරුවෙන තරමට උන්ට හොඳයි.....

:       8       56

අරවින්ද මොනරවිල Monday, 22 April 2024 06:53 AM

ඔය උගතුන්ගන් බහුතරයක් ගෝඨාභය බලයට ගෙන එන්න වැඩ කල හා ඡන්ද දුන්න අය විය යුතුයී. ඒ උගතුන්ට රට හැර යන්න සිදුවුණේ තමන් පත්කර ගත්ත ආණ්ඩුවේ අමන තකතීරු ප්‍රතිපත්ති හා වැඩපිළිවල නිසා බව පැහැදිලියි. ඒක එහෙම උනේ ඔවුන් පටු අරමුණුක හා කිසිදා ඉටුකළ නොහැකි ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළක් ගැන විශ්වාසය තැබුව නිසයි.ඊළග ඡන්දයේ දී රටේ ජීවත්වෙලා ඉන්න ජනතාවත් නිවැරදි ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළක් ඇති දේශපාලන පක්ෂයක් බලයට ගෙන නොආවොත් යන්න තැනක් හොයා ගන්න සිදු වනු ඇත.

:       6       39

nanda Monday, 22 April 2024 07:04 AM

උගතුන් පමණක් නොව අනෙක් සෑම කොටසක්ම මේ ආණ්ඩුව නිසා රට එපාවෙලා හැකි සෑම කෙනෙක්ම රට යන්න බලන්නේ.

:       6       33

සදාසොත්ති ලංකෝනිස් Monday, 22 April 2024 07:41 AM

නිෂ්පාදන ආර්ථිකයකට වඩා ආනයන ආර්ථිකයක් පතන දේශපාලුවො හැම දෙයක්ම රේගු ආදායම් හා විදෙස් ශ්‍රමිකයන් ගෙනුත් සංචාරක කර්මාන්තයෙනුත් රටේ සංවර්ධනය පතනවා මෙයින් රැකියා ප්‍රශ්නය විසදීමට හැකියාව නැහැ රටේ තිබුන කර්මාන්තශාලා බොහොමයක් වැසීගොස් රැකියා අහිමි වුනා සමහරක් දේශපාලන පක්ෂය පුද්ගලික අංශයේ දේපොළ රාජසන්තක (ශෝබනේට ජනතා අයිතියට පත්කරනවා කියනවා) කරන නිසා බොහොමයක් දෙනා ව්‍යාපාර ආරම්භ කරන්න කැමති නැහැ එවැනි තත්වයක් යටතේ ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්

:       3       23

Lalla Monday, 22 April 2024 07:44 AM

අපේක්ෂා භංගත්වයට හේතුවුනේ මොන කරුණුද? සමීක්ෂණයක් කරල තොරතුරු දෙන්න රජය කවදාවත්ම කැමැති නෑ නේද? කාලකන්නි පවුල්වාදී දේශපාලනය ලංකාව විනාශ කලා.අදටත් එසේමයි.ඒ නිසාම තරුණ උගතුන්ට රට එපාවුනා. ආසියාවට ආර්ථික සමෘද්ධිය ලැබෙන විට අපි හිටපු තැනින් අගාධයකට වැට්ටුවේ කාලකන්නි දේශපාලක පවුල් කීපයක් එකතුව නේද?පරිපාලන සේවය දේශපාලනීකරණය කර නිලධාරීන් දූෂිත තත්ත්වයට ආවට වගකියන්න ඕනත් දේශපාලන නායකත්වය... පවුල්වාදය අතුගාල දමන තෙක් සහ අනවශ්‍ය ලෙස විශාල දේශපාලන ව්‍යුහය අඩුකරන තෙක් රට ගොඩ නගන්න බෑ.

:       2       27

සුබ අනාගතයේ සෞභාග්‍යය දැක්මMonday, 22 April 2024 04:15 PM

ඔබේ අදහස සම්පූර්ණයෙන්ම නිවැරැදියි අතීතයේ නොමනා ක්‍රියාවන් සිදුකරන විට ඒවා නවතන්න පරිපාලන සේවයේ නිලධාරින් කටයුතු කළා මේ තත්වය 70 පත්වූ රජයට ඉවසුමක් නැති නිසා මුලින්ම සෙනේට් සභාව නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කළා ඊළඟට නිලධාරින් මට්ටුකරන්න දිසාපාලන අධිකාරිය කියලා අටමඟලයක් අටවාගෙන දේශපාලුවෝ පවරාගත්තා. එතැනින් පටන්ගත් පිරිහීම 1987 පළාත් සභා ආරම්භය සමග සීඝ්‍රයෙන් උග්‍ර වුණා. ඔය අතරේ ප්‍රේමදාස ජනාධිපති ඔහුගේ හිතවතුන් සිටි දැනුමෙන් පහළම මට්ටමේ සිටි පළාත් පාලන පරිපාලන සේවයේ නිලධාරින් රාජ්‍ය පරිපාලන සේවය සඳහා අන්තර්ග්‍රහණය කිරීමෙන් එතෙක් වටිනා ජාතික මෙහෙවරක් කළ රාජ්‍ය පරිපාලන සේවයේ ගරුත්වය නැතිවීම සමග එම නිලධාරීන් කිසිදාක මොන්ටිසෝරියකටවත් නොගිය දේශපාලුවන්ට දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටීමත් සමග රාජ්‍ය සේවයේ පිරිහීමක් සමග රටේ සංවර්ධනය නැත්තටම නැතිවුණා.. උදාහරණයක් හැටියට දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමැති හා ලේකම් ඇතුළු පිරිසම රිමාන්ඩ් ගතවීම පෙන්වා දෙන්න පුළුවන්... එම තත්වය වෙනස් කරන තුරුත් පරිපාලන සේවයෙන් දේශපාලන ගැත්තෝ ඉවත්කරන තුරුත් මේ රට නම් කෙසේවත් (වයිමාටවත්) හදන්න නම් බැහැ...

:       1       10

Nimal Monday, 22 April 2024 07:52 AM

විසිපන් ලක්ෂයක් නොවේ.. කෝටි දෙකහමාරක්ම මේ රට එපා වෙලා. විදේශගත වෙන්න ක්‍රමයක් නැතිව ඉන්නේ...

:       6       93

පිටරටවැසියා Monday, 22 April 2024 08:21 AM

ආර්ථික සමෘද්ධිමත් වීම සහ අපේක්ෂා සඵල වීම වගේ දේවල් අදාළ වෙන්නෙ දියවන්නාවේ ඉන්න 226 ටම විතරයි.

:       4       52

වජිර Monday, 22 April 2024 08:23 AM

ඒ කියන්නේ රටේ ජනග්‍රහණයෙන් 10% කට වැඩියෙන් විතර රට අත්හැරලා ගිහිල්ල , එත් බය වෙන්න එපා ,රනිල්ව තව 10 සැරයක් විතර දිනේවොව්ත් ඔය කට්ටිය රට හොයාගෙන එයි

:       20       34

himal Monday, 22 April 2024 08:54 AM

අනේ මන්දා ඉතිං, මහ බැංකු වාර්තාවේ මෙහෙම තියෙනවා, අරහෙම තියෙනවා කියලා කියන්නෙ නැතුව ඒ ගැන හොඳ විශ්ලේෂණයක් දෙන්න බැරිද මේ මහාචාර්යවරයාට රටට දැන ගන්න?

:       5       44

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 April 2024 09:02 AM

මේ තරම් විශාල බුද්ධිමතුන් පිරිසක් රටෙන් ගියා කියන්නේ සුළුපටු පාඩුවක් නොවේ.නිදහස් අධ්‍යාපනයෙන් උගත් බොහෝ දෙනා තමන්ගේ රටෙන් තම අධ්‍යාපනය සඳහා වැයවූ ජාතික ධනය වෙනුවෙන් මව් රටට සේවය කිරීමට සිටියත්,ඔවුන් රට හැරදා යාමට හේතුවුනේ,රට හොරා කා බංකොලොත් කළ සමහර දේශපාලනඥයන් නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඒත්,මේ සා විනාශයක් කළ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවක් තවමත් පෙනෙන්නට නැත.පුදුමයි ඒත් ඇත්තයි.

:       8       60

DosaMonday, 22 April 2024 01:39 PM

නිදහස් අධ්‍යාපනයක් කියලා නෑ හලො. වරිපනම් ආදායම් බදු, ජීඑස්ටී වැට්, ස්කුල් ෆීස් අරව මෙව තියෙන්නෙ එවාට තමයි

:       3       22

sudda Monday, 22 April 2024 09:07 AM

මේ මහාචාර්ය වරයා එක්තරා පක්ෂයකට කඩේ යන්නෙක් බව ප්‍රකට කරුණක්. එනිසා මෙයා මේ ඉලක්කම් ටික එයාගේ වාසියට කරකවා ඇත. බොරු පල බොරු හා සංඛ්‍යාන බොරු වශයෙන් බොරු වර්ග 3 ක් පවතින බව කියනවනේ.

:       43       37

සත්‍ය ගවේෂී.Monday, 22 April 2024 09:51 AM

අනේ සුද්දා දන්න ඉටි ගෙඩිය. තමන්ගේ තරමට තමයි තමන්ට වැටහෙන්නේ. නිකං ගොන් කතා කියන්න එපා.

:       11       18

SUDDAMonday, 22 April 2024 04:06 PM

සත්‍ය ගවේෂී බලාගෙන පරිස්සමට වාඩි වෙන්න මොකද මොලේ තැලෙන්න පුළුවනි. ඒ එක්කම මම මෙතැන කියල තියෙන්නේ ඔයා කඩේ යන පක්ෂය ගැන නෙවෙයි. නමුත් ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් හා අවබෝධයකුත් ඔහේට නැති බව පෙනෙනවා. ඒක අර කුලියට මිනීමරණ අයට වැරැදිලා ඉලක්ක නොවන අය මරනවා වගේ වැඩක්...!

:       7       12

Chandana Monday, 22 April 2024 10:56 AM

නිදහස් අධ්‍යාපනය දිය යුත්තේ අත්‍යාවශ්‍ය කොටසක පමණි. මුදල් ඇති අයත් මෙයින් ගොඩ යනවා වගේම උගතුන් වූ පසු රට හැර යාමද සිදුවේ.

:       2       18

Gamini Monday, 22 April 2024 12:49 PM

මේ රට ගියා කියන උගතුන්ගෙන් වැඩිපුරම කරන්නේ කම්කරු රැකියා

:       24       16

ගමේ එකාලා Monday, 22 April 2024 01:13 PM

උගතුන්ට කරකියා ගන්ඩ දෙයක් නැති නිසා රට අතහැර ගියා

:       2       18

ගමේ එකාලා Monday, 22 April 2024 01:18 PM

උගතුන්ට විතරක් නෙවෙයි දැන් කාටත් රට එපා වෙන තැනට පත් කෙරුවේ කාලකන්නි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ .පරම්පරා ගාණකට ඇති වෙන්ඩ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා හම්බ කරගත්තුවා තියෙන නිසා උන්ට නම් අවුලක් නැහැ .

:       2       18

රාජරත්න Monday, 22 April 2024 01:47 PM

මහබැංකු වාර්තා කියන්නෙම හොරට හදන වාර්තා. ඒවා ඇත්ත නෙවෙයි. ලෝකෙට පරකාසෙ කරන්න, ආධාර ගන්න, බොරු දත්ත දාලා ඔව්වා හදන්න මහබැංකුවෙ කස්ටිය පනදාගෙන වැඩ හැම අවුරුද්දෙම. ඒවා පදනම් කරගෙන නිගමන දෙන මේ මහාචාර්යවරයා ගැන කවර කතාද? දන්නෝ දනිති මෙයා ගැන පේරාදෙනියෙ.

:       15       12

Deepal Nirosh Monday, 22 April 2024 01:48 PM

මේ රට ගිය සංඛ්‍යාවට අදාළ උගතුන් පමණක් නොවෙයි, ඔවුනොවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූවන්, උගතුන් නොවුවත් රැකියා සඳහා විදේශගත වූවන් යනාදී මෙකී නොකී සියළු දෙනාම අයත්. මහාචාර්යතුමා සිද්ධිය තමන්ට අවශ්‍ය ආකාරයට විශ්ලේෂණය කරල තියනවා. එපමණයි. කියන්නා කෙසේ කිවුව ද......

:       2       19

Sugathadasa Monday, 22 April 2024 01:58 PM

දුප්පත් මිනිස්සු වැඩිපුර ගෙවන බද්දෙන් නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවය ලබාදුන් ජාතිය තමන්ගේ අම්මයි තාත්තයි වගේ බව මේ අය දැනගත යුතුයි. දැන් ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ කුඩා කාලයේ කිසිවක් නොදුන් රටවලට සේවය කිරීමට ය. මෙසේ දුෂ්කර කාලවලදී මවට පියාට සේවය නොකර පව්කම් කරති. දිනක මේ පව්වල අස්වැන්න ඔවුන්ට ලැබේවි. කිසිවෙකු අවුරුදු 100ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් නොවන අතර අවුරුදු 75ක් හෝ 80ක් ජීවත් විය හැක.

:       15       11

සුමිත් Monday, 22 April 2024 04:16 PM

නිකන් හරි ඇමරිකාව, එංගලන්තය, නවසිලන්තය, කැනඩාව කිව්වොත් අපි ලංකාවේ ඕනෑම කෙනෙක්ට වීසා දෙනවා. කැමැති කෙනෙක් එන්න කියලා... එදායින් පස්සේ අපේ රටේ ඉතිරි වෙන්නේ වයසක අය විතරයි. ඔක්කෝම රට දාලා යාවි..!

:       0       8

Kumara Monday, 22 April 2024 04:51 PM

මෙම විශ්ලේෂණය මගින් අවධානයට යොමු නොකරන පැත්තක් පවතියි. විදේශගතවූ ශ්‍රී ලාංකිකයින් පුර්ණ වශයෙන් ශ්‍රී ලංකාව හැර ගියේද යන්නයි. බහුතරයක් විදේශ ගතව ඇත්තේ ආර්ථික ගැටලු නිසායි. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරනු ලබන බොහෝමයක් විදේශ ගතව ඇත්තේ තමන්ගේ රැකියාවෙන් ඉල්ලා අස්වී නොවේ. ඔවුන් රජය මගින් ලබාදී ඇති පස් අවුරුදු නිවාඩු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විදේශගතව ඇත. තවත් පිරිසක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විදේශගතව තිබේ. ටිකක් සිතා බලන්න විශේෂඥ වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාවේ තරම් රෝගීන් පිරිසක් බටහිර රටවල සිටිනවාද කියලා. මහබැංකු වාර්ථාවේ සඳහන් වන දේ මීට වඩා පුළුල්ව අවධානයට යොමු කිරීමක් මෙහිදී සිදුකර නොමැත...

:       1       8

අමල් Monday, 22 April 2024 04:59 PM

මෙයා අන්ධ කයිප්පු කාලාද කොහේද? ලංකාවේ මුළු ජනගහනය මිලියන 22යි. ඒකෙන් 1/8ක් (මිලියන 2.56ක්) රටගිහින් කියලා හිතන අපි පව්..! මේ වාගේ අයට තමයි සමාජ ජාලා නියාමන පනත ක්‍රියාත්මක කරන්න ඕනේ. මේවගේ අය ඉන්න ඕනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ නෙමෙයි, හන්තානේ සාරවත් තණකොළ බිමක. අපි නොදන්නා වසන්ත...!

:       5       12

Sampath DiasMonday, 22 April 2024 11:02 PM

හරියටම හරි. මේ සංඛ්‍යා දත්ත බොරු බව පැහැදිලිව පෙනි පෙනී තමන්ගේ පක්ෂයට කඩේ යන අය පෙන්නන්න හදන්නේම මේ රට විනාසයි. මේක දාලා යන එක තමා හරිම දේ කියලයි. මේ රට විනාශ කරන්නේ කිසිම ඇහිල්ලක්, බැලිල්ලක් නැතිව තමන්ගේ පක්ෂයට කඩේ යන හරක් තමයි. ඉන්දියාවෙ ඕන මිනිහෙක් තමන්ගේ රට කිව්වාම පපුවට අත තියාගන්නවා.. මෙහෙ අය බලා ඉන්නේ තමන්ගේ රටට කෙල වෙනකල්.. දේශපාලකයෝ විතරක් නෙවෙයි මේ රට විනාශ කලේ... රටට වඩා තමන්ගේ පක්ෂයට කඩේ යන හරක්...!

:       0       1

සනූ Monday, 22 April 2024 05:56 PM

හොඳට ඉගෙනගෙන රාජ්‍ය සේවයට ගියාට වැඩක් නෑ ඉතින්.. අන්තිමට වැඩ කරන්න වෙන්නේ දේශපාලකයින්ට ගොට්ට අල්ලන රාජ්‍ය පරිපාලන සේවයේ ඈයෝ යටතේ...!

:       1       10

nimal Monday, 22 April 2024 10:36 PM

මට එපාවෙන්නේ මේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු නිසා. මේ කාලකණ්ණි පාලකයෝ පත්කරන්නේ ඔය පිස්සු මිනිස්සු.. මොකක්හරි ලණුවක් කාලා ඕන ගොනෙක් උඩින්ම දිනනවා.

:       0       0

chandima Tuesday, 23 April 2024 12:49 AM

ඔය ගියාට විදේශ විනිමය එවයිනේ එතකොට නම් රට විරුවෝ කියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 1747 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 1369 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 2395 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 3695 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 985 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 516 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 491 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1991 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site