උගන්ඩාවේදී පැවැති ‘උගන්ඩා විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක දිනුක කරුණාරත්න සමත් විය. එහි අවසන් මහ තරගයේ දී දිනුක කරුණාරත්න විසින් ඉන්දීය ක‍්‍රීඩක සබන්කා දේශි තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරන ලදි. මෙම තරගාවලිය උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි.
අවසන් පූර්ව තරගයේ දී ඉතාලි ක‍්‍රීඩක ගේ‍්‍රසියෝ තරග වට 2-0ක් ලෙස පරාජයට පත් කරමින් දිනුක කරුණාරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
අපි‍්‍රකානු රටවල් හැරුණු කොට ඉන්දියාව, පාකිස්තානය යන රටවලින් ද මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වූහ. මෙම වසරේ දී බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව අත්කරගත් පළමු අන්තර්ජාතික ජයග‍්‍රහණය මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා.. ලංකාවෙ අපට ආඩම්බරයක්... ඔබගේ ජයග්‍රහණය...(නු)
ජයෙන් ජයම වේවා..(නු)
නියමයි නිලුක කරගෙන ඉන්න ඉදිරියටත්..!(නු)
නියමයි දිනුක ඔයාට පුළුවං.. සුභ පැතුම්...!(නු)
දිනුකට සුබ පතන අතර වගකිව යුත්තන්ගෙන් කරන ඉල්ලීම තමයි,මේවගේ සම්පත් රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමයි.දිනුකට මිට පෙර අසාදාරනකම් කිහිපයක් සිදු උනා. මින් ඉදිරියට එහෙම වෙන්න දෙන්න එපා .(නු)
අපේ සුභ පැතුම් ඔබට! (නි)
තවම අපි දිනුකට සළකනවා මදි. (නි)
කෝ අර නිලුකව කපලා ලකුනු දාගන්න ගිය අක්කා. එයාට දැන් තමන් ගැන මොනවද දන්නේ නැහැ හිතෙන්නේ.(නදී)