අට මාසයක් තිස්සේ කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්ක දැඩි ඉඩෝරයකට මුහුණ දී අඩු ගණනේ 50,000ක් පමණ දෙනා දැඩි පීඩාවට පත්ව සිටිති.
මුලතිව් හා මන්නාරමේ තිස් දහසකට පමණ බීමට ජලය ද නැත.
ජලය සොයා බොහෝ දුර යා යුතු බව ගැමියෝ කියති.
යළි පදිංචි කළ 16,000ක් ද ඉඩොරයට අසුවී සිටිති.
ඉරණමඩුව ඇතුළු මහ වැව් සියල්ලම සිඳී පැලිවලම් පැලී ඇත.
බවුසර මගින් පානීය ජලය එන තුරු බොහෝ දෙනෙක් මග බලා සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට අවරුදු කීපයකට කලින් තාරක විද්‍යා අනුර පෙරේරා කියපු අනාවැකිය හරියගෙන එනවා වගෙයි (දී)
ප්‍රධාන ගංගා සතරකින් ජලය මුහුදට ගලාගෙන යනවා වර්ග සැතපුම් විසිදාහක් පමණක විශාලත්වයක් ඇති අපේ රටට ජලය බෙදා දීමේ ක්‍රම වේදයක් අපේ ඉංජිනේරු වරුන්ට බැරිද සිතා බලන්න (දී)
පුදුමේ කියන්නේ රටේ ඕන තැන් වලට නෙමෙයි වහින්නේ.(අ)
ඕකට බලියක් නැටුවොත් නරකද , එහෙම නම් මෙලහට වැහැලා (නදී)
අපේ දේශපාලකයෝ කට්ටිය දක්ෂ ඒවාට නෙමෙයි නිශාර්ඩ් ප්‍රිනා. ඒ අය හොඳටම දක්ෂ මුහුණ ලොකු කරලා දැන්වීම් ගහන්න, බෝර්ඩ් ලෑලි පාර පුරා එල්ලන්න, රෙදි බැනර් ගහන්න, බැන ගන්න, මහජනයා අපහසුතාවයට පත්කරමින් විශාල ආරක්ෂක සේනා රථ වටකරගෙන අපට තුවක්කු එල්ල කරමින් රූං ගාලා පාරේ යන්න... (නි)
සෑම අවුරුද්දකම මේ කාලයට වියළි කලාපයට දරුණු නියගයක් එනවා. මේ නිමාවෙන්නෙ ඔක්තොම්බර් මාසය වෙනකොට.මේ කාලයේදී වියළි කලාපයේ ගොවියො හේන සුද්ද කරනවා මාස් කන්නයට වගා කරන්න.මේ පීඩාව ප්‍රදේශයේ පාරම්පරික ජනතාවට අලුත් දෙයක් නොවේ.නමුත් මේ තත්වය අවමකර ගැනීම සදහා වගකිවයුත්තන් කළයුතු වන්නේ ගොඩවෙලා තියෙන වැව් අමුණු යථා තත්වයට පත්කොට පුළුවන් හැම වැවක්ම ස්ථිර වාරි මාර්ග ක්‍රමයකට සම්බන්ධ කිරීමයි.හැබැයි ඉතිං ඒක හරියට ප්‍රමිතියටම කරන්නන ඕනෑ.මම ඒහෙම කිවේ දන්නවනේ අපේ රටේ දේසපාලඤයන්ට සම්බන්ධ කොන්ත්‍රත් කාරයින්ගෙ වැඩවල තරම. (දී)
නිශාර්ඩ් ප්‍රිනා ඔයාගේ අදහස නම් බොහොම අගය කල යුතු එකක් නමුත් මේවා ක්‍රියාවට නංවන්න බැරි එක තමා අපේ අවාසනාව (දී)
කෝ අර දෙමල ජනතාව වෙනුවෙන් පපුව අල්ලගන ජාත්‍යන්තරයට දුක කියා කියා අඩනඅය (දී)
වැහි වතුර කොච්චරක් අපතේ ගලා යනවද ? ජලාශවල වතුර වැඩිඋනහම වාන් දොරටු ඇරලා කොච්චරක් වතුර මුහුදට ගාලා යන්ට සලස්වනවද ?. අපිට ඕන තරම් දක්ෂ වාරි ඉංජිනේරුවෝ ඉන්නවා. අධිවේගී මාර්ග ගන්ට නය ගන්නවා වගේ නය අරන් අලුතෙන් ජලය රැස්කරන ටැංකි හෝ පොඩි වැව් හදල, ජලය රැස් කරලා තියල කෘෂි කර්මාන්තය දියුණු කරන්ට සහ එදිනෙදා අවශ්‍යතාවයන්ට පාවිච්චි කරන්ට පුළුවන් මහා පරිමාණයේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්ට පුළුවන්නේ ජල කළමනාකරණය සම්බන්ධව කටයුතු කරන බලධාරීන්ට සහ නිලධරීන්ට. හැම මිනිහම අධිවේගී මාර්ගේ නොගියත් හැම මිනිහම ආහාර ගන්නවා. මෙය හොඳ ආයෝජනයක් වෙයි . එතකොට කෘෂිකර්මාන්තයත් දියුණු වේවි. රජයට සහ මිනිසුන්ට යහමින් මුදලුත් ලැබේවි. නය පියවන්ටත් හැකි වේවි. (දී)
දෙමල සන්ධානෙන් උදවු ඉල්ලා ගත්තනම් හරි.. (දී)
ගස් හොරෙන් කපන එක නවත්වන්න.පන්සල් වල නිධාන ගන්න එක නවත්වන්න.වැව් හින්දවලා නිධාන ගන්න අයට තරාතිරම නොබලා දඩුවම් දෙන්න (නි)
එක යුද්දයක් ඉවරවෙනකොට වෙන විදිහක යුද්දෙකට මුහුණ දීල වගේ. (දී)
පුදුම කරුමයක් කල මිනිස්සු (දී)
ක්‍රිකට් තරඟයක් තියන්න නියමයි (දී)
මිනිස්සු පව් අපිත් පුළුවන් අයුරින් සහාය දෙමු (දී)
පිස්සු හැදෙනවා (දී)
ඔබගේ ප්‍රශ්නය ඉක්මනින් විසදෙවා වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන (දී)
අදිවෙගියයි අපිට ඉස්සෙ ඉස්සලාම ඕනේ බිමට ජලය නොවෙයි (දී)
ඉස්සර මන්නාරම නයිට් මේල් එකට අනුරාධපුරයෙන් වතුර ටැංකියක් අමුණනවා. උදේ පාන්දර මන්නාරම ස්ටේෂන් එකේ ගැහැණු උදවිය කළගෙඩි, සෙම්බු, බාල්දි තියාගෙන පෝලිමේ ඉන්නවා. ඒ වතුර තනිකරම මඩ පාට වතුර. නමුත් සියලුදෙනාම ඒක ලොකු සම්පතක් හැටියට තමා සැළකුවේ. (නි)