IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


උතුරු මැද මහ ඇමැතිකමට අයිතිවාසිකම් කියති

උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී ජනතාව නිවැරදි තීන්දුවක් දී ඇතැයි ද එම තීරණයට අනුව මහා ඇමැති පත් කිරීමේ දී ජනාධිපතිවරයා මහජන මතයට අනුව කටයුතු කරනු ඇතැයි  තමන් අපෙක්ෂාකරන බව වනජිවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අනුරාධපුර මාධ්‍ය සාකච්ඡාවක දී  අද පැවැසීය. උතුරු මැද හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට වඩා වැඩි මනාප ඡන්ද ගනිමින් සැප්තැම්බර් 8 වැනි දා ඡන්දයේ දී වැඩිම මනාප ගත් අපෙක්ෂක වූ එස්.එම්. රංජිත්  මහතා ඔහුගේ බාල සහෝදරයාය. කෙසේ වූවද ජනාධිපතිවරයාගේ තීන්දුවට තමාත් තම සහෝදරයාත් එකඟ බවත් ඊට පිටස්තරව යාමට හැකියාවක් නැති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය. මේ අතර බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට හිතවත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් පැවැසුයේ වැඩි මනාපවලට වඩා පළපුරුදු කෙනකු පත් කළ යුතු බවයි. ඒ සඳහා හොඳම සුදුස්සා බර්ටි ප්‍රේමලාල් මහතා බව මැදවච්චිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් විජයරත්න මහතා කීවේය.



අදහස් (0)

උතුරු මැද මහ ඇමැතිකමට අයිතිවාසිකම් කියති

සිසිර කුමාර Tuesday, 11 September 2012 08:56 AM

කවුරු ආවත් අපිට නම් කමක් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 11 September 2012 08:57 AM

නියෝජ්‍ය මහ ඇමතිකමක් හදලා දීලා ප්‍රශ්ණය විසදන්න. ජනතා මනාපයට ඉඩදෙන එක තමයි හොදම විසදුම. (නි).

:       0       0

මාර්ටින් Tuesday, 11 September 2012 09:00 AM

මම නම් කියන්නේ අනිවාර්යෙන්ම එස් එම් ට මහඇමතිකම දියයුතුයි. ජනතා මනාපය සහ පැතුම එයයි. (නි)

:       0       0

වජිර Monday, 10 September 2012 06:55 PM

පව් නේද කියනදේ කරන්න ඕනනේ ....... (දී)

:       0       0

ලලිත් Monday, 10 September 2012 07:03 PM

අපිව රවට්ටනවද මන්දා. අපිවමනේ අන්දන්නෙන (දී)

:       0       0

රම්‍යා Monday, 10 September 2012 06:57 PM

ඇයි අත්අඩංගුවට නොගන්නේ? තරාතිරමක් නොබලා අත්අඩංගුවට ගන්න කියලා ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

රෝහණ Monday, 10 September 2012 07:09 PM

අල්ලන නම් එපා ඇමතිතුමා කල කිරෙයි .. (දී)

:       0       0

තනු Monday, 10 September 2012 07:04 PM

මෙචිචර දවස් පිස්තෝලේ රථ ගාලෙද තිබිල තියෙන්නේ රත්තරන් මාලෙයි පෝන් එකයි කොහේද දන්නෑ නේද වැඩෙ කියන්නේ පිස්තෝලේ හමිබවෙලා තියෙන්නේ මෙයාලගෙම කෙනෙකටමනේ (දී)

:       0       0

සරත් Tuesday, 11 September 2012 10:01 AM

වට්ටියෙන් පෙට්ටියට ගිය එකයි.. පෙට්ටියෙන් වට්ටියට ගිය එකයි..!!(නු)

:       0       0

ගාමිණී Monday, 10 September 2012 07:14 PM

වජිර , ඔබ හරි කියල මටත් හිතෙනවා . පව් රියැදුර නිකම් බොරු කියල පව් පුරවා ගන්නවා ......... (දී)

:       0       0

අමිල කටුනායක Monday, 10 September 2012 07:12 PM

එහෙනම් හමුදාවෙන්ම අල්ලයි (දී)

:       0       0

ෂෆීක් Tuesday, 11 September 2012 10:10 AM

එකම පවුලේ අයටනේ අපේ අය බෙදිලා ඡන්දෙ දීලා තියෙන්නෙ..!!(නු)

:       0       0

මංජු Monday, 10 September 2012 07:21 PM

මාර වැඩේනේ පිස්තෝලෙත් හම්බවෙලා තියන්නේ ඇමතිගේ රියදුරාට. (දී)

:       0       0

සුජාන් Monday, 10 September 2012 07:23 PM

ඔව් කියන දේ කරන්ඩ වෙනවනේ නැත්නම් රස්සාව නැතිවෙනවනේ.අනේමේ අයට ගිය රට (දී)

:       0       0

රාළහාමි Monday, 10 September 2012 07:22 PM

ඊළඟට කියයි මේජර් වරයාත් රථ ගාලේ ලිස්සල වැටිලා තුවාල උනේ කියල. (දී)

:       0       0

වාසල Tuesday, 11 September 2012 03:22 PM

ඔය මූණු දේකේ විතරයි වෙනස තියෙන්නේ........ (ස)

:       0       0

උපුල් Monday, 10 September 2012 07:37 PM

බොරුවක්ද මන්දා (දී)

:       0       0

ආ.. Monday, 10 September 2012 07:33 PM

කාට අහුලා ගන්නද දන්නේ නැහැ දාල ගියේ (දී)

:       0       0

මෝහමෙඩ් Monday, 10 September 2012 07:47 PM

ටෙලිනට්‍යකට හොඳ කතාවක්. (දී)

:       0       0

ඉලංගකෝන් Tuesday, 11 September 2012 11:04 AM

මහජන මනාපයට තැන දෙමු. (නි)

:       0       0

කුමාර Monday, 10 September 2012 07:54 PM

මේවට අපි අදහස් දැම්මට වැඩක් නැ.අන්තිමට මේජර් කියයි මම හිතලා මටම ඔලුව පැලෙන්න ගහගත්තා කියල.ඕක අහිංසකයෙක් අතින් උනානම් බලන්න තිබුන අතපය කඩලා, ගෙවල් ගිනි තියලා, තව අහල පහල කිහිප දෙනෙකුටත් ගහල, අනේ.........අහිංසක අපි මේවා කාටද කියන්නේ.''අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ' (දී)

:       0       0

මේරි Tuesday, 11 September 2012 03:37 PM

මැරෙනකල්ම ඉන්න කැමති අයත් ඉන්න එකේ ඉතිං.....? තණ්හාය ජායතී ශෝකෝ කිවුවලු. (නි)

:       0       0

නිශාන් Sunday, 16 September 2012 08:02 PM

ඔන්න ඔහෙ ඕක දීලා දාලා, අනුන්ගෙ පවු කරගහන්නෙ නැතුව, පැත්තකට වෙලා යන තැනකට පිනක් දහමක් කරගන්න සර්. (නි)

:       0       0

රාජා Tuesday, 11 September 2012 11:08 AM

වැඩි මනාප ගත්තා කියන්නේ මහජනතාව වැඩියෙන් කැමති එයාට. එහෙමනන් මහ ඇමතිකම එයාටයි දිය යුත්තේ. (ස)

:       0       0

අමන්දා Tuesday, 11 September 2012 11:27 AM

මෙවර මහ ඇමති කම පො‍ලොන්නරුවට දිය යුතුයි (ස)

:       0       0

ෂාන් Monday, 10 September 2012 08:31 PM

ලංකාවේ මිනිස්සු කන්නේ තණකොළ කියලද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

අජිත් ප්‍රංශය Monday, 10 September 2012 08:41 PM

පුතා නුඹ කැලණියට ආලෝකයක් .(නු)

:       0       0

පූජ්‍ය ගම්මැදගම චන්දාජා්ති හිමි Monday, 10 September 2012 08:49 PM

ගමේ අප්පුහාමිගෙ පුතා වුනානම් වැඩේ බලන්න තිබුනා...(නු)

:       0       0

රූපවතී Monday, 10 September 2012 09:07 PM

අපිට මේවා පෙනෙනකොට දත්මිටි කැවෙනවා (නි)

:       0       0

රිස්වාන් - සවුදි Monday, 10 September 2012 09:17 PM

මෙම පුවතේ මාතෘකාව එකක්. අදහස් වෙන ඒවා. (නි)

:       0       0

තිලක් Tuesday, 11 September 2012 04:12 PM

ඔය කරන විදියට කරන්න.පලපුරුද්ද ඕනි නෑ... (ස)

:       0       0

වෙනුර Tuesday, 11 September 2012 11:11 PM

පවු අනේ. ඔන්න ඕක එයාටම දීලා දාන්න. (නි)

:       0       0

නසාර් Tuesday, 11 September 2012 11:55 AM

පුහුණු කරන්න කෙනෙක් නැතිව යනවා..(නු)

:       0       0

හේමන්ත Monday, 10 September 2012 09:23 PM

මෙයාලගේ මහජනයාට සේවය කරන්න තියෙන උනන්දුව දෝර ගලනවා...!!(නු)

:       0       0

සංජය Monday, 10 September 2012 09:25 PM

පළපුරුදු අය හොයන්න ඕන නම් ඡන්දය තියලා හරියන්නේ නැහැනේ.!(නු)

:       0       0

අරෝෂා Wednesday, 12 September 2012 12:56 PM

ජනතාමතයට ගරු කරන්න.චන්දය කියන්නේ ජනමතය මිසක් නියෝගයක් නෙමෙයිනේ..(ස).

:       0       0

පාලි Monday, 10 September 2012 09:45 PM

කටේ තියෙන නරි වාදන් රෙද්ද පල්ලේ බේරෙනවා කියන්නේ ඕකට තමයි (ස)

:       0       0

ආලෝක Monday, 10 September 2012 09:55 PM

කොහෙද යන්නේ මල්ලේ පොල්...!!(නු)

:       0       0

අමිල කටුනායක Monday, 10 September 2012 09:57 PM

කට්ටියට කලින් ප්‍රවෘත්තියත් එක්ක ප්‍රතිචාර මාරු වෙලා වගෙයි. (නි)

:       0       0

ජයා Wednesday, 12 September 2012 12:46 AM

බර්ටිට දෙනවට අපි කැමති නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 10 September 2012 10:07 PM

මුලින් නම් කිවුවේ පවුල් වල අයට නාමයෝජනා දෙන්නේ නැහැ කියලා නේද? (නි)

:       0       0

සුමුදු Tuesday, 11 September 2012 12:21 PM

අනුරාධපුර අය ඉල්ලන්නේ වෙනසක්.ඒ වෙනස දෙන එක බලධාරීන්ගේ යුතුකමක්..(ස)

:       0       0

උපාලි Monday, 10 September 2012 10:07 PM

ඒක තමයි සංජය.

:       0       0

සරත් Monday, 10 September 2012 10:14 PM

කොහේ හරි ඉන්න කොල්ලෙක් ආමි එකේ කාටහරි අතක් ඉස්සුවොත් ලොරි පුරවලා ඇවිල්ලා ගහන්නේ,ආමි එකෙන්. ඇයි ඒ වගේ මෙයාට හොදට නෙලන්න බැරි? (නි)

:       0       0

අනුර Monday, 10 September 2012 10:31 PM

දිනලත් පොරකනවනේ. රට ගැන නේද පළමුව හිතන්න ඕනෑ. (නි)

:       0       0

මධු Wednesday, 12 September 2012 01:30 PM

මනාප වැඩියෙන් ගත් කෙනෙතුට මිස, මිය යනතෙක් සිටින කෙනෙකුට මෙම තනතුර නොදිය යුතුයි. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Monday, 10 September 2012 10:48 PM

ඔව් ආලෝක. යන්නේ කොහෙද මල්ලේ පොල්. නින්ද ගිහිල්ල වගෙයි කට්ටියට. (නි)

:       0       0

රාජා Tuesday, 11 September 2012 12:46 PM

අනේ එයාගේ තැන දෙන්න එයාට. (නි)

:       0       0

සුසන්ත Monday, 10 September 2012 11:04 PM

එස්.එම්.රංජිත් මහතාත් දේශපාලනට අත්පොත් තැබුවොත් තමයි පළපුරුදු දේශපාලකයෙකු වන්නට පුළුවන්. එහෙම නැත්තම් රට ඔක්කොම නුසුදුස්සන්ට අයිති වෙයි. මොකද පළපුරුද්ද කිය කියා අළුත් අයට එන්න දෙන්නේ නැති වෙයි. කොහොම වුණත් උතුරු මැද මහ ඇමතිකම වෙනස් විය යුතුමයි. ජනතා මනාපයට අවස්ථාව නොදී හිටියොත් රංජිත් ට මනාප දුන් ඡන්ච දායකයන් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්න එකක් නම් නෑහැ. ජනපතිතුමණි,මහජන මනාපයට ගරු කළ යුතු එක නේද විය යුත්තේ. (නි)

:       0       0

හර්ෂණ Monday, 10 September 2012 11:07 PM

මනාප වටින්නේ නැත්නම් මොන එහෙකටද අපේ සල්ලි නාස්ති කරලා ඡන්දයක් තිබ්බේ? (නි)

:       0       0

නිවන්ත Tuesday, 11 September 2012 01:09 PM

මම නම් කැමති රංජිත් මහත්තයට (නි)

:       0       0

උදය Thursday, 13 September 2012 09:00 PM

මේ එකම කට්ටියේ දෙපැත්ත නෙමෙයි, එකම කට්ටියම තමයි. (නි)

:       0       0

නිසල් Monday, 10 September 2012 11:54 PM

මේ පාර වැඩිම මනාප ගත්ත කෙනාට දීලා බලමු නේද? (නි)

:       0       0

සහන් Tuesday, 11 September 2012 12:29 AM

මේ ප්‍රතිචාර මොන ප්‍රවෘත්තියට එවපු ඒවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

චාමි Tuesday, 11 September 2012 12:46 AM

සංජයගේ කතාවට මමත් එකග වෙනවා. මොකද මනාප වැඩිය අරගෙන සුදුසු තැන නොදී ,වෙන කෙනෙකුට දීම වැරදියි. එතකොට තවත් කෙනෙකු කොහොමද පළපුරුද්ද ගන්නේ? (නි)

:       0       0

සමන්ත Friday, 14 September 2012 10:19 AM

දෙන්නම එකයි. ඒත් දැන් හිතෙනවා බර්ටි හොදයි කියලා. (නි)

:       0       0

ආනන්ද Tuesday, 11 September 2012 01:30 PM

සුමුදු,වෙනසක් ඉල්ලනවා නම් විපක්ෂය දිනන්න ඹ්නෑ. තිබුණු පාලනය දුර්වල නම් දිනුවෙ කොහොමද? මනාප ගත්ත හැටි දන්නෝ දනිතිනේ. (නි)

:       0       0

චිකී Tuesday, 11 September 2012 02:12 AM

මොනවද මේ එවලා තියෙන ප්‍රතිචාර? හෙඩ් ලයින් එක එකක්, ප්‍රතිචාර තව එකක්.ඔලුවත් මඤ්ඤං වෙනවා මගේ. (නි)

:       0       0

නිශ්ශංක - මැදවච්චිය Tuesday, 11 September 2012 03:06 AM

ආ... අපේ මන්ත්‍රීතුමාගේ පළපුරුද්ද ගැනත් ඉතිං අපි දන්නේ නැතිවයෑ? (නි)

:       0       0

සමන්ත Tuesday, 11 September 2012 01:48 PM

පළපුරුද්ද ගැන බල බලා හිටියොත් එයා මියගිය දවසකට පත් කරන්නේ කාවද? (නි)

:       0       0

ජයසිරි Tuesday, 11 September 2012 04:06 AM

ඉතිං මහ ඇමතිකම් දෙකක් හැදුවා නම් ඉවරනේ. (නි)

:       0       0

වරුණ Tuesday, 11 September 2012 07:37 AM

දැන් ඉතිං, ගිය හකුරට නාඩන්නේ, තියෙන හකුර රැකගන්නේ. (නි)

:       0       0

නදිශානි Monday, 17 September 2012 08:52 AM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 31 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 209 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 512 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 371 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 320 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1401 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site