IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


උතුරු මැද සබේ පිරිසක් උසාවි කැඳවයි

රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් රජයේ ප‍්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තකරුවන් ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වගඋත්තරකරුවන්ට මේ මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු හා ජනතා  විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් මන්ත‍්‍රී  වසන්ත සමරසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින්  පෙත්සමක් ඉදිරිපත් කළේය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, මහ ඇමැති පේෂල ජයරත්න, පළාත් ඇමැතිවරුන් වන පුංචිබංඩා රත්නායක, කේ.එච්.නන්දසේන, අජිත් සමරකෝන්, එච්. බී.  සේමසිංහ, පළාත් ප‍්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යශයේ ලේකම් අනෝමා මානෙල් යන අය එසේ උසාවියට කැඳවනු ලැබ සිටිති.



අදහස් (0)

උතුරු මැද සබේ පිරිසක් උසාවි කැඳවයි

බිනුර Thursday, 06 October 2016 02:48 PM

කවුරුත් කලබල වෙන්න එපා.(හේ)

:       0       0

උදය Thursday, 06 October 2016 02:52 PM

එහෙම වෙන්න බෑ.(හේ)

:       0       0

රූපවතී Thursday, 06 October 2016 06:16 PM

මේ පාඨක ඔයාලා ලංකාවෙනේ ඉන්නේ. ටිකක් හොයලා බලන්න පළාත් සභා ඡන්දයක් ළඟ එනවද කියලා. එහෙම වුණාමත් ඔහොම සද්ද එනවාමයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 06 October 2016 09:25 PM

පරම්පරා තුන හතරකට මදි නොකියන්න හම්බකරගෙන ඉවරයි ගොඩක් අය. (නි)

:       0       0

ශාන්ත Thursday, 06 October 2016 10:44 PM

ඉතා හොඳයි. මේවා තමයි යහපාලනයේ අරමුණු. ගිය ආණ්ඩු කාලේ ඉතින් උසාවි ගිහින් වැඩක් නැහැනේ. ඒවාට උසාවි යන්න වෙලා තියෙන්නෙත් දැන්නේ. මීටපසු ශ්‍රී ලංකාවේ මේ වගේ සෙල්ලම් බැහැ. (නි)

:       0       0

සජී Friday, 07 October 2016 02:08 AM

දැන් එතකොට කවුද දන්නෙ නැහැ නේද වැරදි? (නි)

:       0       0

තිස්ස Friday, 07 October 2016 03:03 AM

මහින්දගෙන්,බැසිල්ගෙන් ඉගෙනගත් පාඩම් සමහරු තවමත් පාඩම් කරනවා වගෙයි (නි)

:       0       0

ස්නේහා Friday, 07 October 2016 03:39 AM

අනෙක් පළාත් සභා පිළිබදවත් සොයා බලා කටයුතු කරන්න පටන්ගනිමු. යට ගහන්න දෙන්න එපා. වයඹ පළාත් සභාවෙන් පටන් ගනිමු. බදු ගෙවන අසරණ ජනතාවට සාධාරණය ඉෂ්ට කරමු. (බ)

:       0       0

නිශාර්ඩ් Friday, 07 October 2016 03:43 AM

වත්මන් ආණ්ඩුවේ හෝ පෙර ආණ්ඩුවේ හෝ වේවා දුෂණ වංචා සිදුවෙලා තියෙනවනම් නඩු පවරලා හොරුන්ට දඬුවම් ලබා දිය යුතුයි. අඩුගානේ අනාගතයේදී දුෂණයෙන් තොර පාලනයක් තියේවි. අපේ ඉදිරි පරම්පරාවටත් යහපතක් සිදුවේවි. (බ)

:       0       0

ගගන Thursday, 06 October 2016 01:35 PM

අලුතෙන් හම්බවෙච්ච අවස්ථාවනේ..පාගා ගහල හිටු කියල..දැන් විදවපල්ලා..හොද වැඩේ. (බ)

:       0       0

රවී Thursday, 06 October 2016 02:10 PM

මේ ජේවීපී කාරන්ට පිස්සු අපි ඡන්දෙ දීල පත්කරපු නායකයින්ට විරුද්ධව අධිකරණයට නඩු ඉදිරිපත් කරනවා අපි වගේ කට වහගෙන,ඉන්නේ නැතුව මොකද අපි හොරුන්ට තමා ඡන්දෙ දෙන්නේ නැත්නම් අපිටත් වාසි නැනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 188 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 113 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 271 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 121 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 638 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1336 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site