(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව සියලු නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට බඳවා ගැනිමේ පරිපාටියද උල්ලංඝනය කරමින් සේවකයන් 25 දෙනකු බඳවා ගෙන ඇති බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා පවසයි.
උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරියද තවමත් පේෂල ජයරත්න මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරුන් උතුරු මැද පළාත් සභාව තම පුද්ගලික බුදලයක් ලෙස සිතා ගෙන අයුතු පත්විම් ලබාදීමත් වක්‍රව පළාත් සභාවේ පාලනය සියතට ගෙන සිටින බවතට ඔහු චෝදනා කරයි.
අනුරාධපුර සම්බන්ධිකරණ කාර්යාලයේදි අද(22) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසිය.
‘‘ඉදිරි මැතිවරණයේ දී ජන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තම හිතවතුනට පත්වීම් ලබාදීම දිගින් දිගටම සිදුකරමින් පවතිනවා. මේ වන විට යළිත් පසු ගිය සතියේදී උතුරුමැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නීති විරෝධී ලෙස 25දෙනකු බඳවා ගෙන තිබෙනවා. ඉදිරියේදී මෙම පත්වීම් සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට වග උත්තර බැදීමට සිදුවනවා.
මේ පිලිබදව ඉදිරියේදී මිට එරෙහිව නීතිමය පියවර ගන්නවා දේශපාලකයන්ගේ නීතිවිරෝධී වැඩ වලට සහය වී පත්වීම් ලබාදුන් නිලධාරීන්ට නිතිය ඉදිරියට යාමට සිදුවන බවද මෙහිදි රංජිත් මහතා පැවසිය.
මේ පිළිබදව උතුරුමැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති කිත්සිරි විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරිම සදහා විධිමත් පරිදි 16දෙනකු බඳවා ගත් බවත් ඔවුන් බඳවාගනු ලැබුවේ ඉල්ලුම්පත් කැඳවා විධිමත් පරිදි සම්මුඛ පරීක්ෂණ තබා බවත් ය.
මේ සදහා කිසිම දේශපාලන මැදිහත්වීමක් සිදුව නැති බවත් පරීක්ෂණ මණ්ඩලවල තීරණය අනුව සුදුසුකම් ඇති අය තෝරා ගත් බවත් ඔහු කීය.
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘උතුරු මැද හොර පත්වීම් දීලා‘ - එස්.එම්.රංජිත්
wishwa Monday, 23 October 2017 01:46 PM
අතේ හිටිය පූසා ඇරලා ඉසෝ ඉසෝ කිව්වා වගේ වැඩක් නේ ඔහෙට වෙලා තියෙන්නේ... කමක් නෑ... වැරදි කරපු අයට විරුද්ධව නඩුවක්වත් දැම්මොත් නේද හොඳ?