ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩිනමින් තීරණ ගෙන ඒවා මහජනතාවගේ යහපත් පිණිස ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද කොළඹ 07, ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සමුළුවක් අමතමින් පැවසීය.
"උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. මහ ඇමැතිගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව කටයුතු කරන්නේ කියලා. එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා.‘‘ යැයි කී අබේවර්ධන මහතා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි සිතන බවද කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නෙ ඇමතිතුමා ඒ කතාව නිවැරදිව වටහාගෙන නැහැ. සිංහලයන් උතුරෙන් එළවන්න කියන එක සිංහල ජාතියට විරුද්ධ දෙයක් නෙමෙයි කියලද ඔබතුමා කියන්නෙ. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු
උතුරු මහා ඇමති හරි .එයා පෙනී සිටින්නේ ජාතිය වෙනුවෙන් .මේ අයට ජාතියක් නැ (බ)
මෙයා විග්නේෂ්වරන්ට සුදුහුණු ගානවා මේවගේ අය නිසා තමයි විග්නේෂ්වරන්ලා බය නැතිව සිංහලයින්ට විරුද්ධව කතා කරන්නේ (බ)
ජාතිවාදය අවුස්සන මහඇමතිට නීතී ක්‍රියාත්මක නොවන්නේ මන්ද....? නැවත රට ඉලාම්ත්‍රස්තවාදයට ලිහිල් පිළිවෙතක් අනුගමනය කර රට ලබාගත් නිදහසට හානිවනවා නේද ....? අපේ එඩිතර රණවිරුවෝ ජීවිත දානය දුන්නේ අප වෙනුවෙන් නේද (බ)
ජාතිවාදීන්ට අවශ්‍ය පහසුකම් සැළසීම සංහිදියාව නොව. රාජ්‍ය අනුග්‍රහයෙන් ත්‍රස්තවාදය ශක්තිමත් කිරීමකි. ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔහු නීතිය ඉදිරියට ගෙනා යුතුයි.(ම)
ඇමති තුමා දේසපාලන බල පෙරේත කම අමතක කර හොද සිහියෙන් උතුරේ මහා ඇමැතිගේ ප්‍රකාශයන් කියවා බලා නියම අරුත වටහා ගතහොත් හොදයි.(ම)
අනේ දෙවියනේ! දැන් අපේ රටේ වෙන දේ දකිනකොට අපිට දුක හිතෙනවා. අපි ඉන්න රටවල් තමා පින්බිම් අවංකවම. (නි)
අනේ මහත්තයෝ වඳින්නම් ඕව කොන්ඩේ බැඳපු චීනුන්ට කියන්න. (ර)
දැන් හොඳට ඔප්පු වෙනවා ඇත්ත මොකක්ද කියලා
ඔබතුමාට නොතේරුනාට අපිට නම් හොඳට තේරෙනවා. (නි)
එහෙමනම් මොන බම්බුවකට ද සිංහල බෞද්ධ මිනිස්සු පන්නන්නේ? ඔයා තේරුම් ගන්න මහත්තයෝ බරපතලකම. අපිට පේනව වෙන්න යන දේ! (බ)
අනේ මේ වගේ ඇමතිවරු (බ)
ඔව් විගේන්ශ්වරන් මහත්තය කිව්වා තමයි එයා සිංහල ජනතාවට විරුද්ධව නෙමෙයි කටයුතු කරන්නේ කියල .නමුත් එයාගේ ක්‍රියාවෙන් එ්ක පෙන්නේ නැහැ මහත්තයෝ . (බ)
ඔවු ඔවු සහජීවනේ නාමෙන් කියන ඕනෑ දෙයකට එකඟ වෙන්න. දකුණේ කවුරුහරි ඔය කතා ටික කිව්වා නම් මෙලහකටත් හිරෙත් දාලා ජාතිවාදේ ඇවිස්සුවා කියලා. මේකට තමයි කියන්න නොම්මර එකේ සංහිඳියාව කියලා. (නි)
සංහිදියාවේ තරම මේ කතාවෙන් තේරෙනවා (නි)
විග්නේශ්වරන් ලිහලා පෙන්නපු මල්ල, ඔබලා බලන්න කියන්න එපා (නි)
අපිට සුදුලූනු පොඩිකරන්න නම් එපා (නි)
හා හා බටර් ගාන්න එපා (නි)